
(රන්ජන් කටුගම්පොල)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ 40ක් ගොනුකොට ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම 03 වැනි දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ලිඛිත දේශන ඇත්නම් එදින ගොනුකරන ලෙසද පාර්ශ්වකරුවන්ට වැඩිදුරටත් නියෝග කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණ.
‘ජන අරගල සංවිධානය’ ‘ස්වාධීන කණ්ඩායම්’ ‘ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය’ සහ ‘ඉලංගෙයි තමිල් අර සුකච්චි’ ඇතුළු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 40ක් ගොනු කොට ඇති පෙත්සමවල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd