
(අංජුල මහික වීරරත්න)
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් ද, එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මතය ද, නොඑසේ නම් රංගේ බණ්ඩාර මහතාගේ පෞද්ගලික මතය දැයි නොදන්නා නමුත් එම ප්‍රකාශය මගින් කෙරෙන යෝජනාව හෙලා දකින බවද එක්සත් ජනරජ පෙරමුණ සඳහන් කරයි.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගේ බණ්ඩාර කියන ඒවා කවුද ගණන් ගන්නේ.
සද්ධන්ත පක්ෂයකට ගිය කලක් අද ඉන්න පක්ෂයේ මහලේකම්? මහලේකම්කමටවත් සුදුස්සෙක්වත් නැතුව ඇති
දුෂිත දේසපාලුවන්ට යන එන මන් නැතිවෙන නිසා ඡන්දේ කල් දාන්ඩ ලූ.
ඔය එක එක පොලිස් බල්ලො බිරුවට ඔබතුමා ගණන් ගන්න ඕනේ නැහැ. උන්ගෙ හැටි ඔය. සද්දෙ විතරයි, හපාකන්න බැහැ