
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒ ඒ ප්‍රදේශවල මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ රූප ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස්දී ඇත.
මෙවැනි රූප ප්‍රදර්ශන කිරීමෙන් සිදුවන්නේ නැති ආරවුල් නිර්මාණය වීම බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මෙවැනි දේවල් ඉවත් කිරීමට පොලිසියට බලය ඇතැයිද ඔහු කීවේය.
බොහෝ අපේක්ෂකයන් කාර්යාල වශයෙන් පවත්වාගෙන යන්නේ මඩු සහ කූඩාරම් බවත් මේවා කාර්යාල යන නමටත් නොගැලපෙන ඒවා බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
අපේක්ෂකයාගේ ලකුණ සහ රුව ඇතුළත් කර බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි කූඩාරම් පවත්වාගෙන යන බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 13134 ක් ස්ථාපනය කිරීමට නියමිතය.
COMMENTS
අපේ පැත්තේ සජබෙ කාර්යාල සියල්ලේම වාගේ ඒක දාන්න මුදල් දීපු පරාජිත අපේක්ෂකතුමෙක්ගේ මූණත් තහඩුව ගහලා තියෙනවා. බොහෝ ඒවා නිකන් අතුපැලවල, ඉටිරෙදි වැල් ඇදලා, නායකයා කතා කරන්නේ පරිසරය ගැන... නමුත් එන් පී පී කාර්යාල ඉතාම උසස් ගොඩනැගිලිවල අරඹා ඇත. අපේක්ෂක රූපය මිස වෙනත් අයගේ රූප නැත...