IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට මග පෙන්වයි

මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරයකුව සිටිය දී වත්මන් ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අතුරින් තෝරාගත් ප්‍රකාශයක් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ වෙළෙඳ දැන්වීමකට යොදා ගැනීම වළක්වාලන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා ඇත.

ජනපතිවරණයට නාමයෝජනා භාර දීමට පෙර දේශපාලනඥයකු විසින් වෙනත් අපේකෂකයකු සම්බන්ධයෙන් කළ ප්‍රකාශ එම අපේක්ෂකයාගේ ප්‍රවර්ධනය සඳහා උපයෝගි වන සේ වැඩසටහනක හෝ වෙළෙඳ දැන්වීමක දී ප්‍රකාශය කළ දේශපාලනඥයාගේ එකඟත්වයකින් තොරව පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.



අදහස් (0)

මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට මග පෙන්වයි

සසංක Thursday, 18 December 2014 05:13 AM

අජිත් කරුණාරත්න, ඉතින් ඒකනේ ඒ දාන්නේ. ඒ එදා එයාම කියපු දෙයක්නේ. අද අවුල් නිසා බනිනවා. ඉතින් ඒවත් දානවනේ. එදා ඒ කතාකරන්නේ මහින්ද මහත්තයාගේ උත්සවයක. ඉතින් ඒ උත්සවය ගැන පෙන්වන්න මහින්ද මතයට අයිතියක් තියනවනේ. (නි)

:       0       0

නිශාන් Thursday, 18 December 2014 05:38 AM

සමහරු හිතන්නේ ජනතාව මෝඩයි කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 18 December 2014 05:43 AM

මෛත්‍රිපාල මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා, මහින්ද ජනාධිපතිතුමා සමග පෞද්ගලික අමනාපයක් නැති බව සහ 2010 වන තුරු ඔහුගේ ක්‍රියාවන් අගයකරන බව. යුධ ජයග්‍රහණයේ හිමිකම දෙනබවත් ප්‍රකාශ කළා. එහෙත් මේ කතාව 2009-10 කාලයට අයත්. (නි)

:       0       0

පද්මිණි Thursday, 18 December 2014 06:37 AM

මේකනේ. වැඩිය ඕනෑ නැහැ. කලක් දීග කනකොට ර‍‍ඟේ දැනිලා දික්කසාද වෙන අය ගැන හිතන්නකෝ. ඉතින් කසාදෙට ඉස්සර කියපු කතා එතකොට කියනවාද? නැහැනේ. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 18 December 2014 06:42 AM

මාධ්‍යට බලපෑම් කළ යුතු නෑ. මැ.කෝ. වුනත් එහෙම කරන එක වැරදිය. මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියන අයම බලපෑම් කිරීම අපට නම් හරිම ප්‍රශ්ණයක්.(හේ)

:       0       0

සරත් පියසේන Thursday, 18 December 2014 07:01 AM

කියපු දෙවල් මතක් වෙනකොට ලැජ්ජා ඇති. ඒකට ජනමාධ්‍ය පළිද? (නි)

:       0       0

කස්තුරි Thursday, 18 December 2014 07:10 AM

මෙවැනි කතා ප්‍රසිද්ධ කිරීම වැලැක්වීම, මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අතිය පැහැරගැනීමක්. මේ අය බලයට එන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයතිය තහවරු කරනවා කියලා නේද. මෙවැනි දේ වලින් දේශපාලකයන්ගේ හරිම ස්වරුපය එලියට එනවා.(හේ)

:       0       0

දිල්රුක් Thursday, 18 December 2014 07:29 AM

ඉතින් එයාම කියපුවා කිවුවහම මොකද වෙන්නේ? (නි)

:       0       0

හසිත් Thursday, 18 December 2014 07:42 AM

එහෙම නම් නම් ඉතින් දැන් ඔය බල්ටි ගහපු හැමෝගෙම කටවල් වලින් ඉස්සර පිටවුණ ඒවා කොච්චර ඇද්ද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 December 2014 07:49 AM

සමහරු දන්න දෙයක් ඕනෑ කියන්න. මේක මාධ්‍ය වලින් කරපු දෙයක් නෙමෙයි (නි)

:       0       0

චමින්ද Thursday, 18 December 2014 02:22 AM

ඕවා අපිත් අනුමත නොකරන වැඩ . දැන් ජනතාව බුද්ධිමත්! (නි)

:       0       0

ප්‍රශාන්ත Thursday, 18 December 2014 02:30 AM

දේශපාලකයන් කරන ප්‍රකාශ දෙපැත්ත මාරුවුණාම මිනිසුන්ට ඒ දේශපාලකයන් ගැන දැනගන්න කලින් කළ ප්‍රකාශ දාන්න ඕනෑ.මේ රටේ දේශපාලනය පුද්ගලික වාසි තකා වෙනස්වෙන ස්වරූපයක් තියෙන්නේ.පක්ෂ වලට පත්වෙන්නේ මහජන ඡන්දෙන්. පාක්ෂිකයන්ගේ කැමැත්තට නොවෙයි. මේ දේශපාලනය වෙනස්විය යුතුයි. (නි)

:       0       0

ලසන්ත Thursday, 18 December 2014 02:47 AM

මේ වගේ වැඩ කරන එක වැරදියි. හැම දෙයකටම සදාචාරයක් කියලා දෙයක් තියෙන්න ඕනෑ. මොකද මීටවැඩිය ප්‍රකාශ කළ අය නැත්තේ නැහැ. මේ වගේ ප්‍රකාශ කරන එක වැරදියි (නි)

:       0       0

යසලාල් Thursday, 18 December 2014 03:02 AM

මැතිවරණ කොමසාරිස්තුමා හරි (නි)

:       0       0

බුද්ධි Thursday, 18 December 2014 03:28 AM

කට්ටියගේ නියම තත්වය දැනගන්න පරණ අලුත් කියලා වෙනසක් අවශ්‍ය නැත. මේවා දාන්න ඉඩදෙන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. (හේ)

:       0       0

අතුල සේනානායක Thursday, 18 December 2014 03:31 AM

කොමසාරිස් තුමා සාධාරණය කරලා තියනවා ඔබට ස්තුතියි.(හේ)

:       0       0

කැලුම් Thursday, 18 December 2014 03:35 AM

මාධ්‍යට මඟ පෙන්වීම හොදයි.කියපු දේ හරියට ක්‍රියාත්මක කරනවාද බලන්න.(හේ)

:       0       0

රුවන් පතිරණ Thursday, 18 December 2014 03:39 AM

ඔන්න මැකෝ්ගේ වැඩ.(හේ)

:       0       0

ධනුෂ්ක Wednesday, 17 December 2014 03:43 PM

මේ මාධය බලපෑම් නෙමෙයිද?(හේ)

:       0       0

සුගත් Thursday, 18 December 2014 03:56 AM

ඒ එදා. අපිත් ජනාධිපතිතුමාට සහයෝගය දැක්වුවා. මෙදා අපි මෛත්‍රීට සහයෝගය දක්වනවා. (නි)

:       0       0

දිලීප් Thursday, 18 December 2014 03:56 AM

මෙයද සදාචාරය? (නි)

:       0       0

ප්‍රසංග Thursday, 18 December 2014 04:05 AM

ජනතාව බුද්ධිමත්. මේ වගේ වැඩ කරන එක හොඳ නැහැ (නි)

:       0       0

කල්පි Thursday, 18 December 2014 04:10 AM

මැතිවරණ කොමසාරිස්තුමා කරන ලද සාධාරණ ක්‍රියාව අගය කරමි. මෙම අවස්ථාවේදී හිටපු ජනපති හා හිටපු සෞඛ්‍ය ඇමති දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් නිසා මෙහිදී තමාගේ ඡන්ද ව්‍යාපාරයට අනෙක් අයගේ පැරණි ප්‍රකාශයන් භාවිත කිරීම වැරදිය. (නි)

:       0       0

වික්ටර් Thursday, 18 December 2014 04:10 AM

මේ වැඩෙන් මෛත්‍රීපාල ගැනම තමයි වැරදි චිත්‍රයක් මතුවෙන්නේ. ඒ කාලේ මහින්දගේ හොඳ කිව්වා නම් ඒක කෙළින් පිළිඅරගෙන දැන් ඒ කතා වලංගු නොවෙන බව සාධක ඇතුව පෙන්නලා දුන්නා නම් තමයි හොඳ. (නි)

:       0       0

මාලන් Thursday, 18 December 2014 04:17 AM

මොනවා වුණත් සමහරු හදිසියේ ප්‍රතිපත්ති මාරුකළ විදිය ටිකක් කැතයි. ඒත් මම එයාට දෙනවා මේ පාර. පාරවල්ම හදලම බැහැනේ. අපිත් ගෙයක් දොරක් හදාගන්න ඕනෑ. මැරෙන්න කලින් මරුටියක්වත් ගන්න ඕනෑ. අපේ ගෙවලුත් ටයිල් කර ගන්න විදියක් බලන්න ඕනෑනේ. (නි)

:       0       0

රන්ජිත් Thursday, 18 December 2014 04:32 AM

ඔය කියන ඒවා ඇත්ත කියමු. ඒත් එයත් කළ දේ හරිද? (නි)

:       0       0

සත්‍යපාල Thursday, 18 December 2014 04:36 AM

ඕනෑම පුද්ගලයෙකුගේ ඡායාරූප,වීඩියෝ දර්ශන හා හඬපට එම පුද්ගලයාගේ අවසරයකින් තොරව භාවිතා කිරීම සදාචාරසම්පන්න ක්‍රියාවක් නොවෙයි කියලයි මම නම් කියන්නේ. එය රටේ පවත්නා නීතියටද අනුකූල නොවන කටයුත්තක් වන අතර මේ දිනවන සමහරුන් තම ප්‍රචාරක කටයුතු සඳහා මේ වැනි ක්‍රියාවන්හි යෙදෙන අයුරු රූපවාහිනි හා පුවත්පත්හි පළවෙන වෙළඳ දැන්වීම් වලින් දැකගත හැකිවන අතර මෙවැනි කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස්තුමන් මැදිහත්වීම අගය කළයුතු කටයුත්තක් වන අතර එය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඉවහල්වනු ඇත. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 18 December 2014 04:53 AM

එදා සුභදායී ලෙස කටයුතු කිරීම නිසා එම අදහස් ප්‍රකාශ කළා වෙන්න පුළුවන්. (නි)

:       0       0

සහන් Thursday, 18 December 2014 05:02 AM

මැතිවරණ කොමසාරිස්තුමා සමඟ මට එකඟවෙන්න බැහැ (නි)

:       0       0

සසංක Thursday, 18 December 2014 05:10 AM

ඉතින් ඕකෙම අනිත් පැත්ත කළා නම් ඉවරනේ (නි)

:       0       0

සුදෙල්මි Thursday, 18 December 2014 05:10 AM

එදා මෛත්‍රී කියපු දේ හරි නම් කරුණු තේරෙනකොට දැන් කියනදේත් හරි වෙන්න එපායැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site