මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‍ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද නැද්ද යන්න සොයා දෙන්නැයි දේශපාලන පක්‍ෂ ඉල්ලීමක් කළහොත් සහතික ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සූදානම් යැයි එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය වැනි ව්‍යාපාරයනට සම්බන්ධ වූවන්ට නාමයෝජනා ලබා නොදිය යුතු බවට වන යෝජනාවලියකට සියලූ දේශපාලන පක්‍ෂ නායකයින් පසුගිය මාර්තු වේ අත්සන් කිරීම සුබවාදී බලාපොරොත්තුවක් බව ද සභාපතිවරයා කීවේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක දි මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ඒ කවුද කියලා දන්නවා? (නි)
කී දෙනෙකුට ලැබෙයිද දන්නෙ නැහැ (නි)
මත්ද්‍රව්‍ය පමණක් නොවේ, කිසිම මිනීමරු නඩුවක් සදහා ඇප ලබාගත් උදවියටද අපේක්ෂත්වය ලබා නොදිය යුතුයි.මොකද ඔප්පු කරන්න බැරි නිසා ගොඩක් දෙනා නීතියේ හිල් තුළින් රිංගා ඇප ලබාගෙන නැවත දේශපාලනය කරගෙන ඉන්නවා. ඒ වගේම මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කරන උදවිය ගැනද සළකා බැලිය යුතුයි. නමුත් පවතින දේශපාලන සංස්කෘතිය හා සමාජ පරිහානිය නිසා, දේශපාලනය කිරීමේදී මුදල් අධ්‍යාපනයට වඩා වැදගත් සහ දේශපාලනය කිරීමට කැමති ඉගෙනගත් උදවිය සමාජ සේවයට කැමති නැත. ඒ අනුව සුදුසු අපේක්ෂකයන් තේරීම් ඉතා අපහසුය. ඒ අනුව අපේක්ෂකයින් තේරීමේදී පිළිගත් ක්‍රමවේදයක හා නිර්ණායක තීරණය කිරීම ඉතා අපහසුයි (නි)
තවත් කිහිප දෙනෙකුට වාසියක් වෙන පොටක් පෑදෙන පාටයි. (නි)
ඇයි මත් ද්‍රව්‍ය විතරක්.අනෙකුත් කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න සහතිකේ ලබාදෙන්න කලින්.(ම)
එතකොට ස්ත්‍රී දුෂණ කරලාද කියලා හොයන්නේ කොහෙන්ද? බොරු කියනවාද නැද්ද කියලා හොයන්නේ කොහොමද? රටට ජාතියට ආදරේද කියලා හොයන්නත් එපැයි. ලේසි නැහැ වැඩේ. (නි)
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසු කම් ටිකක් හොයලා බැලුවනම්. (ර)
පළවෙනි සහතිකය ලැබෙන්නේ කාටද කියලා මට හිතාගන්න පුළුවන්. (නි)
සියලුම අපේක්ෂකයන්ගේ මුලික අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අපොස උ.පෙළ සමත් විය යුතුයි. කිසිම මත්ද්‍රව්‍ය හා සම්බන්ද කටයුත්තකට,ස්ත්‍රී දුෂණ ,පුද්ගල ඝාතන ඇතුළු සාහසික අපරාද සම්බන්ධ වැරදිකරුවකු වී නොතිබිය යුතු වගේම නීතියෙන් වරද කරුවකු නොවුනත් පොදු මහත් සමාජය විසින් අදාල අපේක්ෂකයා මත් ද්‍රව්‍ය හා සම්බන්ද කටයුතු වලට සම්බන්දව සිටි බව සක් සුදක් සේ දන්නේ නම් එම මහජන දත්ත වලට ගරු කිරීමක් ලෙස අපේක්ෂකයා නුසුදුසු පුද්ගලයකු ලෙස පිළිගත යුතුය.එසේ සිදුවුනොත් පමණයි i විනයක් හා පාලනයක් ඇති හොඳ මහජන නියෝජිතයන්ගේ සේවය රටට ලබා ගත හැකි වන්නේ. තව දුරත් සියලුම උගතුන් හොරු නොවේ යැයි අර්ථ කථනය කලද නොහැක. (නදී)
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය දන්නවා නම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය, ඒ මඟින් ඒ අය අත්අඩංගුවට ගන්න බැරි ඇයි? (නි)