මාතලේ අලුවිහාරයේ සංගායනා පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු වීම නිසා පෙරහර කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි සංවිධායකයෝ කියති.
රාත්‍රී 11.30 වන විට පෙරහර මාතලේ මන්දණ්ඩාවලට ළඟා වී තිබුණු අතර වාහනයක නලා ශබ්දයක් නිසා අලියා කුලප්පු වූ බව නරඹන්නෝ කියති.
පෙරහර නැරඹීමට තනා තිබූ අට්ටාලයක් කඩා දමා ඇතත් කිසිවකුට අනතුරක් වී නැත. අලියා මෙල්ල කර ගැනීමට ඇත්ගොව්වෝ පැයක එක හමාරක් තිස්සේ වෙහෙසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඇතුන් පෙරටු කරගෙන පෙරහැරවල් පවත් වන්න කියා බුදුරජානන්වහන්සේ කිසිම දවසක දේශනා කර නැත , සත්ව හිංසනය බුදුදහමට පටහැනි වේ , අලි ඇතුන් ජිවත් විය යුත්තේ වනයේ මිස මහා මග නොවේ , මේ පෙරහැරවල යන්න සහ සල්ලිකාරයන්ගේ ලොකුකම රටට ප්‍රදර්ශනය කිරීම සදහා අලි පැටවුන් සොරකම් කිරීමට වනාන්තර වල ජිවත්වන අලි රංචු පිටින් වෙඩි තබා මරනු ලැබේ . අනේ නායක හාමුදුරු වරුනි පින්සිධවේවි පෙරහැර වල අලි ඇතුන් ගෙනයාම නතරකර දමන්න , (දී)
පාර්ලිමින්තුවේ ඉන්න අලි කුලප්පු කරන්න නගුට හැපුවත් බැහැනේ !!කරන්න තියෙන දේ එක විශ්ව විද්‍යාල කතාවක තියෙනවා.' අලියා ගාවට ගිහින් අලියෝ අලියෝ අර ගාල්ලේදී කොරපු දේ කරමුද? කියල අහන එක විතරය් !!ගාල්ලේදී කරපු දේ නම් ලියන්න බැහැ...හිතන්න !!චන්ද්‍ර (දී)
පෙරහැරවල් වල යන අලි ඇතුන් පිළිබඳ මිට වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත් මන්ද යත් මිනිස් ජිවිත විශාල වශයෙන් විනාශ වීමට හැකියාවක් මේ අලි කුලප්පු වීමෙන් සිදුවිය හැකියි (ස)
බෙර්ලින් සිල්වාගේ සත්ව කරුණාව ඇහුවම අැඬෙනවා , මහත්තයෝ අලි ඇතුන් එක්ක පෙරහැර කරපු ඉතිහාසය අවුරුදු දහස් ගානක් වෙනවා, අපි කවදාවත් මේ සතුන්ට හිරිහැර කලේ නැහැ. බුද්ධ වචනය පිරිත් කරලා මේ සතුන්ට ආශිර්වාද කරලා තමයි පෙරහරේ ගෙනියන්නේ. සමහර වෙලාවට මද කිපෙන්න පුළුවන්. නැත්නම් අැත් ගොව්වුවගේ හරි මිනිසුන්ගේ වරදින් හරි තමයි මේ සත්තු කුලප්පු වෙන්නේ. ඉතින් එ් වෙලාවට අල්ලලා ගැට ගහනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ,යුරෝපය ප්‍රමුක රටවල අමානුෂික විදියට පහර දෙමින් රේස් දුවවන අශ්වයෝ ගැන ඔය මහතුරුන්ගේ කටවල් ඇරෙන්නේ නැහැ. එ් වගේම බලු රේස් , ගොන් පොර , නරි දඩයම , තාරා දඩයම , කැන්ගරු දඩයම , එතකොට සර්කස් පෙන්නන්න හිරකරගෙන වද දෙන සතුන් ගැන මේ සත්ත්ව කරුණාව කොහෙද තියන්නේ ? මහත්තයෝ , අපේ මිනිස්සු අලි හදන්නේ දරුවෙක් හදන ගානට ආදරෙන් , පෙරහරේ ගෙනියන්නෙත් එ් තරම්ම ශ්‍රද්ධාවෙන් ,ගෟරවයෙන් , කරුණාවෙන්. (ස)
මාතලේ අලුවිහාරේ සිට පෙරහැර එන මාර්ගය මඟහැර යාමට කිසිම වෙනත් විකල්ප මගක් නොමැති නිසා දහස් ගණන් වාහන පැය තුන හතර මහමඟ හිර වෙන එක තමයි තිබෙන ප්‍රශ්නය වෙන්නේ (නි)
ද සිල්වා බෙර්ලින්----ඔබේ අදහසට මමත්එකගයි (දී)
වාහන වල ශබ්දයට සමහරවිට අලියා කලබල වෙන්න ඇති (නි)
පිටබැද්දර ජයාගේ අදහසට මම එකඟයි. (නි)
පෙර රජ දරුවන් විසින් අලින් පෙරහරේ ගෙනගියේ ඒ කාලයේ දියුණු තාක්ෂණයක් නොතිබුණ නිසානේ. දැන් අලි බර වැඩ වලට යොදන්නේ නැත්තේ ඊට වඩා ශක්තිමත් කාර්යක්ෂම මෙවලම් තිබෙන නිසා. ඉතින් ඇයි පෙරහැරට විතරක් මේ වෙනස කරන්න බැරි? වෙනසකට මේ කාලයයි. මේ මගේ අදහසයි. (නි)
කොහොමත් මේ දවස්වල කකුල් දෙකේ මිනිස්සුත් කුලප්පුවෙලානේ ඉන්නේ. (නි)
සමහරු කියන විදියට පොලිස් සුනඛයෝ පුහුණු කිරීමත් සත්ව හින්සනයක් නේද?
පිටබැදර ජයා මහතා , අලි අවුරුදු දහස් ගණනක සිට පෙරහරේ ගමන් කළ බව ඇත්ත. නමුත් දැනට ලංකාවේ මාර්ගවල තත්වය වෙනස් . ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි සම්පත ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්, පුද්ගලයන්ට අලින් ඇති කිරීම තහනම් කිරීමට නීති පැනවිය යුතුය. (නි)