මාධ්‍යවේදීන් කළ යුත්තේ නිලධරයන් කියන දේ වාර්තා කිරීම මිස ප්‍රශ්න ඇසීම නොවීම යැයි මාතලේ මහා දිසාපති නීල් ද අල්විස් මහතා සම්බන්ධිකරණ රැස්වීමේදී මාධ්‍යෙව්දීන්ට කීවේය.
වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් වෛද්‍ය වරියක කී කතාවක් පළාත් සභා ඇමැතිවරයකු වැරැදියැයි කී පසු දිසාපති මාධ්‍ය වේදීයකු ප්‍රශ්නයක් මතුකරද්දී දිසාපති එම නියෝගය කළේය.
ඉන්පසු මාධ්‍යවේදීහූ ඊට විරෝධය පළ කරමින් මාධ්‍ය වේදීහූ පිරිසක් නැගිට ආහ.
වකුගඩු රෝගීන් 1165 දෙනෙකු වාර්තා විය ඇති බව වෛද්‍යවරියක කීවාය.
එම තොරතුරු නිවැරැදි නොවන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී යසමාන්න මහතා දිගින් දිගමට ප්‍රශ්න කරන්න විය. මාධ්‍යවේදීන් නිවැරැදි තොරතුරු ලබා ගැනීම සදහා ගත් උත්සහායේදී දිසාපති පැවැසුයේ ‘‘එසේ ප්‍රශ්න ඇසීමට මාධ්‍ය වේදීන්ට අවරසයක් නැති බවයි.‘‘
කමිටුවේ සිදුවෙන දේ වාර්තා කිරීමට ඔවුනට හැකි බවත් තොරතුරක් අවශ්‍ය නම් රැස්වීමෙන් පසු නිලධරයන්ගෙන් එම තොරතුරු ලබා ගත හැකි බවත් ඔහු කීවේය.
මෙම කමිටුවට සහභාගී වූ දේශපාලඥයින්ගෙන් හා නිලධාරයන්ගෙන් ප්‍රශ්න අසා දැනගැනීමට මින් පෙර බාධාවක් නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකෙන් ටික උගන්ඩාවේ ක්‍රමයට ලංකාවත් ප්‍රවේශ වන සලකුණු (ම)
අපේ රටේ නිලදාරී වාදයක් නැහැනේ. (ම)
ඒ කියන්නේ ඒගොල්ලෝ පොල්ගහක් පෙන්නලා එකට දෙල්ගහ කිඋවොත් එ් විදියටම දාන්න කියලද ?
මගේ මතය- සියලු මාධ්‍ය ඉවත් කලොත් මිනිසුන්ගේ කාලය ශ්‍රමය ඵලයක් ඇති දෙයකට යෙදවිය හැක.ඔබම එය අත් හදා බලන්න.තරුණ ජීවිත ජංගම දුරකථන නිසා විනාශයට පත් වන හැටි බලන්න.ඒවා ඉවත් කර බලන්න.අනුකරණය නොකරන්න.බුද්ධියට ඉඩ දෙන්න. (රේ)
මේයාලට යිස්සෙල්ලා උගන්වන්න ඕන මාධ්‍යවේදීන් කියන්නේ කවුද කියල .(රේ)
දිසාපති තුමා මින් පස්සෙ සභා රැස්වීම් වාර්තා කරන්න මාධ්‍යවේදීන් වෙනුවට ඔබතුමාගේ පෞද්ගලික සහකාර මහත්මියට භාර කරන්න... ඇය එය හොඳින් කරාවි...(බ)