මාතලේ දිස්ත්‍රික්කයේ සුළු මැතිවරණ නීති උල්ලංඝනයවීම් දකින්නට ඇතැයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
ලබන අට වැනිදා ඡන්දය නීරීක්ෂණය සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇරියුමින් පැමිණි නීරීක්ෂක කණ්ඩායම මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මීය හමුවී පැවැත්වු සාකච්ඡාවකදී පවසා සිටියේ නගරයේ ඇතැම් තැන්වල මැතිවරණ නීතී උල්ලංඝණය වන අයුරින් පෝස්ටර්,කටවුට්,බැනර් තැනින් තැන ප්‍රදර්ශනය කෙරෙන බවයි.
අද (06) මධ්‍යම රාත්‍රීයට පෙර ඒ සියල්ල ඉවත් කරන බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් චන්ද්‍ර කුමාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
8 වෙනිදා වෙනකොට ඕක දළුලා ලොකු වේවි. (ර)
අනිවාර්යයෙන්ම 8 වෙනිදාට ඔවුන් ඡන්ද දුෂණයේ යෙදෙන්න පුළුවන්.මොකද ඔවුන් දැනටම ඡන්ද නීති කඩා අවසානයි. (නි)
පොලිසිය ඉන්නේ නින්දේද? ජනාධිපතිතුමාගේ නමත් කැතකරනවා මේ දේශපාලකයෝ. මේකෙන් වෙන්නේ ඡන්දෙ දෙන අයත් ඡන්ද දීමෙන් වළකින එකයි (නි)