‘මාතලේ දිස්ත්‍රිකකයේ මන්ත්‍රීවරුන්ගේ කුලල් කා ගැනීම නිසා දේශපාලනය කැඳ හැලියක් බවට පත්වෙලා. මැති ඇමැතිවරුන්ගේ වැඩ නිසා නිලධාරීන් වැඩ කරන්න බය වෙලා.පරණ අලුත් ඇමැතිවරුන් දේශපාලනය පටලවගෙන ඉන්නේ .මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය මේ නිසා කඩා වැටිලා යැයි‘ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතා අද (27) පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.
සභාපතිවරයා මෙසේද කීහ.
‘මේ කඹ ඇඳීම නතර කර සියලු දෙනා එක් විය යුතුයි.ජනාධිපතිවරණයත් ළඟ ඒනවා එයටත් මේවා ප්‍රශ්නයක් වේවි.මේ කුලල් කා ගැනීම් ජනතාවට දැන් සාපයක් වෙලා මේවාට උඩ ගෙඩි දෙන්න එපා‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසනුන් මිස මිනිසුන් කුලල් කා ගන්න බවක් මම නම් අහලා නැහැ.(බ)
ඔයගොල්ලෝ කුලල් කා ගන්නකොට අනිත් අය තමුන්ගේ බලය පතුරවනවා! (බ)
කොහෙත් ඔහොම තමයි.කරලියට එද්දී සුදුවත පෙරෝගෙන එන අය කරලියට ආවට පස්සේ තමයි පෙන්වන්නේ සුදුවතේ මඩ පැල්ලම (අ)
නුසුදුස්සන් ඔය තැන් වලට පත් කලාම කවර කතාද? (බ)