මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහයෝගය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (03) රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
දේශපාලන ආරංචි කියනුයේ රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට එකඟ වීම ගැන මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ස්තුති කිරීමේ යෝජනාවක් එහි දී සම්මත කර ගත් බවයි. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී සන්ධානය ජයග්‍රහණය කර වීමේ යෝජනාවක් සම්මත කර ගත් බව ද එම ආරංචි සඳහන් කරයි.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් ද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දැනගන්නට තිබේ.
සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කළැයි කියන නිවේදනය ගැන ජනපතිගේ ස්ථාවරය විමසීමට ජනපති මාධ්‍ය අංශය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ව්‍යර්ත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට ඡන්දය දෙන එක හරි. මොකද එතුමා යුද්දය ඉවර කළා. මහින්ද දිනවීමෙන් වටේ ඉන්න හොරු ටික අායෙමත් එන එක නවතන්නේ කොහොමද ? මහින්ද කියන්නේ එක පුද්ගලයෙකු නොව සමාජ ක්‍රමයක් බව අපේ මිනිසුන්ට තේරෙන්නේ නැති එක දුකක් (නදී)
යහපාල මමත් මේ රටේ පය ගහල ජීවත්වෙන ඒ වගේම පිටරට ජීවත් වීමට වෘතීමය සුදුසුකම් තියෙන එ්ත් නොයන කෙනෙක්. එ්ත් මේ දේශපාලකයන්ට එදා මෙදා තුර කඩේ ගිහින් නැහැ. ඒකයි අපි දෙන්නගේ ප්‍රධාන වෙනස. (නදී)
කව්රු කොහෙන් කොහොම ආවත් උන වරද 17 වෙනිදට නිවැරදි කරගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා. (නදී)
මේ රටේ ගොඩක් උගතුන් ඉන්නවා එනිසා කවදාවත් හොරුන්ට කුඩු කාරයින්ට කැසිනෝ කාරයන්ට එන්න දෙන්නේ නැහැ.(නදී)
ජන 8 වුණේ කබලෙන් ලිපට වැටුන එක නේද ,චෞර රැජින සහ එජාප යෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තුවිය නොහැක, එම නිසා පුද්ගලයා ගැන නොසිතා රටගැන සිතමු, මහින්ද ගේ අඩුපාඩු තිබ්බත් සාපේක්ෂව මේ ඉන්නා අයට වඩා හොද බව පෙනේ (අ)
එ.ජා.ප. යේ හරි හමන් නායකත්වයක් තිබුනානම් මේ අවස්ථාව ඔවුන්ට වාසි සහගත ලෙස හරවාගන්න ඉඩ තිබුනා. දැනටත් අවස්ථාව තියෙනවා. කොහොම වුනත් ජේ.වී.පී. එක වර්ධනය වෙනවා (බ)
පිවිතුරු, අපි දකින සදාචාර වත් දේශපාලකයින්, සබැ මානව අයිතිවාසිකම් , අපේ ලංකාවටත් හිමිකිරීමට දායක වීම අපේ වගකීම. අසාධාරණයෙන් මිරිකුණු ප්‍රංශ ජනතාව 1789 දී රාජාණ්ඩුව නිම කළා. ලංකාව නැවත ඒ යුගය කරා ගෙනයාමට ඔබලා දරන උත්සාහය ගැන කණගාටුවක් ඇත. (අ)
අපි ලංකාවේ නැති එක ගැන සන්තෝසයි. (අ)
මහින්ද පැත්ත මහින්දට යාවි. මයිත්‍රී පැත්ත යු.එන්.පී එකට යාවි. ජේ වී පී එක දෙගොල්ලන්වම පුතුරු ගහවී. දුශිතයෝ නැවතත් රජ වේවි . රටේ ජනතාවගේ බලාපොරොත්තු විනාස වේවි. වෙන මොනවද තවත් වෙන්න තියෙන්නේ. වැඩිම වුණොත් රට බංකොලොත් වේවි. ජනතාව හිඟමනට පත්වේවි. (අ)
අනේ මේ, ඔය මහින්ද පිලට අපේ යහපාල උන්නහෙවත් ගන්නකො. එයා එදා ඉඳන් හිටියේ ලොකු අමාරුවකින්. (අ)
පිවිතුරු යහපාල කට උඩ අරගෙන බලාගෙන ඉන්නේ ඊළඟ දේශපාලන වරදානය ලැබෙන කම්. පිට රට මිනිස්සුන්ට කළු සුද්දන් කියල බැනලා හරි හිත හදා ගන්නකො. නුගත් දේශපාලන බඩ ගෝස්තර කාරයන්ට ජීවත් වෙන්න සුදුසුම රට ලංකාව තමයි. (අ)
අපි මේ මොහොතේ කිසිවක් නොකියමු. විය යුතුදේ වෙලාවට සිදුවෙයි. තවත් ජනවාරි 8ක් ඉතිහාසයට එකතුවී නළුවෙකු නාට්‍යයෙන් සදහටම සමුගන්නා ආකාරයක් මනසේ මැවී පෙනේ. දැනට කිව හැක්කේ එපමණයි. (ර)
ජනවාරි 8 දුන් ජනතා තීන්දුව අගෝස්තු 17 වැනිදාත් දිය යුතුයි (අ)
මම නම් එක හිතින්ම මහින්ද මහත්තයට! (නි)
මාස තුනක් යනකොට කොළඹ කුණු ටිකවත් ඇදගන්න බැරිවුන යහපාලනය. මහින්ද හැර මේ රට ආශ්චර්යයක් කළ හැකි පුද්ගලයා කවුද ? කෝ අරගෙන කරලා පෙන්නුවාද? ලණු කාලා රට වනසන්න එපා. දැන්වත් රට ගැන හිතලා මහින්ද දිනවමු. නැත්නම් අවුරුදු පහක්ම කොත්තමල්ලි බොන්න වෙයි. (නදී)
මහින්ද ශ්‍රීලනිපයට වටිනවා මිසක් මහින්දට ශ්‍රීලනිපය වටින්නේ නැහැ. (නි)
හදවතේ කැකෑරෙන සිතිවිලි සමඟ පොරබදමින් අද නින්දට යන්නෙමි. නමුත් දහදුක් විදින ශ්‍රී ලාංකික පුරවැසියන් ගැන දැනෙන අනුකම්පාව කියා නිම කළ නොහැක. ඉදිරියටත් ප්‍රංශයේම ඉන්නට තීරණය කළෙමි. (නි)
මම සත්‍යගේ කීමට මුළුමනින්ම එකඟ වෙමි. අධික තණ්හාව නිසාම වැනසෙන දිනය ඉතාම ළඟයි! අගෝස්තු 17 ඉතිහාසගත වන්නේ ජනවාරි 08 ද අභිබවමිනි. එය දෙවියන් දැනටමත් තීරණයකොට හමාරය. (නි)
අපි මොන පැත්තද දැන් ගන්නේ? (නි)
මෛත්‍රී ජනපතිතුමනි, ඔබට මාගේ ස්තුතිය! (නි)
ඔබ තුමාට ජය නියතයි මහින්ද මැතිතුමනි. අපි සැමදා ඔබ සමගයි. දැන්වත් මේ රටේ මිනිස්සු බොරුවට නොරැවටී ඇත්ත තේරුම් ගනී. ඔබ අපේ ජාතික වීරයෙක්. (නදී)
අන්තිමේදී පරදින්නේ අපි (නි)
පිවිතුරු යහපාල නමින් පෙනීසිටින පුද්ගලයා හිතාගෙන ඉන්නේ එයා තමයි එකම දේශ හිතයිශියා කියලා. මෙයාට කියන්න තියෙන්නේ අර ඒකාලේ හිටපු සෙරෙප්පු සුප් කාරයෙක්ටත් වඩා අන්තයට ගිය කෙනෙක් කියායි. ඒක මෙහි මධයස්ථව අදහස් පලකල අයගෙන්ම පේනවා.(නදී)
සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ බොරු නේද එහෙනම්? (නදී)
සත්‍යා කියන පුද්ගලයා මනස පිළිබඳ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න (නි)
'අප්පොච්චි මළා' පක්ෂයේ අයට නව තත්ත්වය පිළිගැනීමට බැරි නම් ඒ අවස්ථාවාදීන් කළ යුත්තේ එජාපයට එකතුවීමයි. රට අස්ථාවර කිරීමට කැස කවන බටහිර හා මෙරට කුමන්ත්‍රණ කරුවනට ආධාර කරන මොවුනට ලබන ඡන්දයේ දී නිසි පිළිතුරු ලැබිය යුතුය. මෙරට සිවිල් සමාජයේ සංයුතිය ද මේ කාලය තුළ අපට තේරුම් ගත හැකි විය. (නදී)
1948 පටන් පරාජය වී ඇත්තේ බහුතර දේශපාලකයින් නොව ඡන්දදායකයින්ය (නි)
මේ අය මොනවා කිවුවත් කළත් ඡන්දදායකයා කරන දේ අගෝස්තු 18 වෙනිදාට බලාගන්න පුළුවන්.දැන් ඉස්සර වගේ නොවේ, පරිගණක තාක්ෂණය භාවිතා කරන තරුණ පරම්පරාවක් බිහිවී තිබෙන්නේ. සමහර වැඩිහිටි අයද පරිගණක හරහා ලෝකය සමඟ සම්බන්ධ වී ඇත. මොවුන් ඡන්දය දෙන්නේ පුද්ගලයා පක්ෂය පාට බලා නොව ප්‍රතිපත්ති සහ අනාගත වැඩපිළිවෙල, අතීතයේ දුන් පොරොන්දු ඉටුකළාද යන සාධක සැළකිල්ලට ගෙනය (නි)
අනේ සත්‍යයා, සත්‍යය ඇස්පනාපිට පෙනි පෙනී මොකද ඔයා අසත්‍යය ප්‍රකාශ කරන්නේ. (නි)
අවසාන විග්‍රහයේදී ජනතාවට සැබෑ වෙනසක් දැනිය යුතුයි . 67 වසරක පාලන ඉතිහාසයට නැවත ඉඩ නොදිය යුතුයි...රාජපක්ෂ ඇතුළු පසුගිය පාලක කල්ලියේ අභිප්‍රායන් හා දුෂ්ඨ වැඩ පිළිවෙලට නැවත ඉඩ නොදිය යුතුයි..පරාජය කළ යුතුමයි...(නදී)
අලුතින් ඇතිවූ වෙනස,ජනමතයට හැඩ ගැසීමක් කියලයි මට හිතෙන්නේ. එය කෘතිමව වෙනස් කල නොහැකි දෙයක් නිසා, අවසානයේ සිදු විය යුතු දෙය සිදු උනා. (නදී)
අපේ රටට ඕනෑ පක්ෂය දිනවන නායකයෙක් නොව රට දිනවන නායකයෙක්.එංගලන්තයේ ඉන්න අපිට මේ දුක වැඩියෙන් දැනෙනවා කියලයි සිතෙන්නේ. අපේ ජනතාව බුද්ධිමත් වුණොත් හොඳයි (නි)
බල තණ්හාව නිසා රටත් ජනතාවත් අනාථ කරන්න නම් එපා (නි)
ජාතියට එරෙහි කුමන්ත්‍රණ වලට මුහුණදීමට හැකි එකම නායකයා මහින්ද බව ජනතාව තේරුම්ගෙන ඇත (නි)
මේ පටළැවිල්ල ගැන, ලේ කෝප කරනොගෙන ඉවසීමෙන් බලාගෙන හිඳිමු. (නි)
සුසිල් කාලෙකට පෙර හොඳ දේශපාලන දැක්මක් සහිතව ඉඳලා ඒ වෙනුවෙන් ජනතා ප්‍රතිචාරයට පත්වුණා. එ්ත් මේපාර කොළඹින් පත්වෙයිද කියලත් සැකයි. ඒ තරමටම ජුගුප්සාජනක තත්වයට පත්වෙලා.(නදී)
ලංකාවේ වගේ දේශපාලනයක් තවත් කිසිම රටක නැතුව ඇති (නි)
සුසිල් ප්‍රේමජයන්තගේ යටිකුට්ටු වැඩක් මේක (නදී)
රට සුද්දෝ ඒ රටවල් වලම සුද්දන්ගේ සපත්තු ලෙව කකා ඉන්න. අපිත් රට රටවල් වල ගිහින් තියෙන නිසා ඇත්තටම ඒ රටවල් වල අපේ අය ජීවත් වෙන්නේ කොහොමද කියල දන්නවා. මෙහෙ වීරයෝ උනාට ඒ රටවල්වල ඉන්න ඕනේ දෙවෙනි පෙළක් විදියට. අපිට ඕනේ අපේ රට ගැන හිතන,කොන්ද පන තියෙන එඩිතර නායකයෙක් (නදී)
සත්‍යා, "දවල් හීන " දකිනවද? (නි)
මහින්ද මැතිතුමනි,ජය නියතයි! (නි)
ඇත්ත. අපි කලබල වෙන්න නරකයි (නි)
කම්බ හොරුන්ට සාපේක්ෂව ආර්. ප්‍රේමදාස - මහින්ද දෙන්න රටට, පොදු ජනයාට හොඳයි. (නදී)
දැන් මිනිසුන් බොහෝ බුද්ධිමත් බව සිතේ තබාගෙන කවුරුත් වැඩකළොත් හොඳයි (නි)
සත්‍යා කියනදේට මමත් එකඟයි (නි)
ජනපතිතුමනි,අපේ විශ්වාසය ඔබයි. (නි)
ජනවාරි 8 දා දක්වා අසු පිට නැග සිටි අය 9 වනදා බලාපොරොත්තු සුන්ව බැස ගියා සේ අගෝස්තු 18 වනදාටත් එසේම සිදුවේවි. (නදී)
අනේ මන්දා! මොන පැත්ත ගන්නද කියලා මට නම් හිතාගන්න බැහැ (නි)
සත්‍යා කියපුදේම තමයි මටත් හිතුනේ. (නි)
නම සත්‍යා වුණත් කියන්නේ බොරුනේ! (නි)
90න් පසු දේශපාලන වෙනස්කම් සිදුවුනේ රටේ යහපතට. මෙදාත් එහෙම තමයි. (නදී)
සිරි විකුම් සිතන හැටියට මැදමුලනට හෝයියා කියපු නැති කට්ටිය කොටි. මැදමුලනට දර පැලීම රෙදි සේදීම වලන් සේදීම කල උදවිය උපාසක අප්පුලා ! . (නදී)
සත්‍යා, සත්‍යය පිළිගන්න අකමැතියි වගේ. (නි)
මහින්ද සන්ධානයෙන් එන එක හොඳයි. හැබැයි පහුගිය ආණ්ඩුවේ ප්‍රසිද්ධ හොරුන්,කුඩු බිස්නස්, එතනෝල්කාරයන්ට නාමයෝජනා දුන්නොත් අපි ඡන්දෙ දෙන්නේ කාටද? ලිස්ට් එක එනතුරු බලාගෙන ඉඳිමු (නි)
සත්‍යයාගේ සත්‍ය ප්‍රකාශයට එකඟයි. (නි)
පිවිතුරු යහපාල කියන්නේ දේශපාලකයන්ට කඹුරා එයම බඩ ගොස්තරය කරගත් ලෝකයේ සෑම රටකින්ම විසා ප්‍රතික්ෂේප වුනේ යයි අනුමාන කල හැකි පුද්ගලයකි. එම නිසා ඔහු උගත්කම රටට බරක් නොකර පිටරට ගොස් හෝ යමක් උපයා ගන්නා ලාංකිකයාට ගරහයි. මේ පුද්ගලයාගේ දේශපාලන ඇම්මට බෙහෙත් නැත. (නදී)
අපිට නම් මේ දේවල් හොඳට තේරෙනවා (නි)
අපේ මහරජානෝ නැවත එනවා.. (නි)
එඩීගේ කතාව හරියට හරි (නදී)
ඡන්දයෙන් පැරදුන මහින්ද, නැවත ඉල්ලන්නේ නම් එහි ආදර්ශය කුමක්ද? සත්‍ය ඔබ නිවැරදි, "සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ " (නි)
මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ මැසිවිලි නගන එකේ තේරුම කියලා. පක්ෂයක් ඡන්දෙට යා යුත්තේ තමන්ගේ ස්ව ශක්තියෙන් සහ විශ්වාසයෙන් මිස විරුද්දවාදියාට නාම යෝජනා ලැබීම නොලැබීම මත නොවෙයි. ලැබුණු 62 ලක්ෂය ගැන විශ්වාස නම් මොකට හඬා වැලපෙනවද මන්දා. (නදී)
ඔව් කමල් දේශපාලක හොරකමේ යෙදෙන්න නම් ඉතින් පිටරට ගිහින් බැහැනේ . ඒකට ලංකාවේම ස්ථානගත වෙන්න ඕන. (නදී)
සත්‍ය මහත්තයෝ,ලක්ෂ 58 ක ජනමතයේ නියම හිමිකරු මහින්ද මහත්මයා මිසක වෙන කෙනෙක් නෙමෙයි.ඉතින් එතුමාට නොලැබෙන නාම යෝජනා සන්ධානයේ කොහෙද තියෙන්නේ (නි)
මහින්ද අන්ධ භක්තියයන් නිසා රට අනතුරේ.රට අවශ්‍ය සැබෑ නායකයෙක් මිස කටවුට් නායකයෝ නොවෙයි (නි)
සත්‍ය මහත්තයෝ,අටලෝ දහම කැරකෙනවා.අද එක තැනක.හෙට තවත් තැනක.කම්පාවෙලා වැඩක් නැහැ. (නි)
මහින්ද ඇයි නැවත එන්නේ? (නි)
පද්මිණි,මටත් ඇත්තටම දැනුනේ ලංකාව ගැනත් ලංකාවාසී සාමාන්‍ය ජනතාව ගැනත් අපමණ දුකක්. දේශපාලකයෝ මෙතරම් කුහකවෙන රටක අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. මීළඟ පරම්පරාවවත් මේ ජරා දේශපාලනයට තිත තියලා උගත් තරුණ නායකත්ත්වයක් කරා ගොනුවේවා! (නි)
මහින්ද මහත්තයව දිනෙව්වේ නැත්නම් අපි ගහපු ගැහිලි අහුවෙලා අපි සේරම ඉවරයි (නදී)
මහින්දව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වටිනවා නම් නාම යෝජනා දෙන්න තිබුනේ සන්ධානයෙන් නොවෙයි, ඩාලි පාරේ තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නේද? එ්ක අත්සන් කරන්න උවමනා අනුර ප්‍රිය දර්ශන මහත්මයයි. මේක අත්සන් කළේ සන්ධානේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්තය නේද? (බ)
ලංකාවේ දේශපාලනයෙන් අවසානයේ හැමදාම වෙන්නේ මහජනයා අතරමං වෙන එක (නි)
සත්‍යයාගේ සත්‍ය ප්‍රකාශය මේ අදහස් දක්වා ඇත්තේ අර්ථය මතුපිටින් අරගෙනය. සත්‍යා කියනදේට මමත් එකඟයි.මහින්ද මැතිතුමනි,ජය නියතයි! (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
සාකච්ඡාවේ ප්‍රතිඵල මාධ්‍යයට දෙයිද? (නි)
තමාට ඉහලට යන්න දීපු ඉනිමගට(ජනතාවට) පයින් ගහපු අයට එහි විපාක දෙවියන්ගෙන් ලැබෙයි. ලැජ්ජයි,ලැජ්ජයි. (නදී)
මේ තීරුවේ වැඩියෙන්ම ලතවෙන්නේ, හඬා වැටෙන්නේ පද්මිණීලා බටගලලා වගේ කළු සුද්දොනේ.ඔයාලා අපිට පව් නොදී ඉන්න රටක වෙලා ඉන්නකෝ. මේ රටේ දේශපාලන වෙනස්කම් අවශ්‍ය වෙන්නේ මේ රටේ මේ පොළොවේ පයගහල ජීවත්වෙන මිනිසුන්ට. (නි)
අනේ අපි මොනවා කරන්නද ඉතින්? (නි)
මගේ රටට දළදා හිමි සරණයි. අපි තැබූ විස්වාසය නොවෙනස්ව පවතීවා.(නදී)
ඔය ඉනිමග ඉස්සුවේ කොටි සහ උන්ට කඩේ යන උන්දලා මිස රටේ මහා ජනයා නෙමේ. (නදී)
මේකේ අදහස් දන සමහර අයට ඕනේ එයාල පිටරටක ඉන්න බව කියාපාන්න. බොරු ෂෝ එපා. රටට අදෙරේ අය විතරක් අදහස් දැම්මම ඇති අපිට. (නදී)
අනාගත අගමැති විය යුත්තේ මහින්දද, රනිල්ද ? (නදී)
මමත් සත්‍යා සමග එකඟ වෙමි.(නදී)
ජය නියතයි! රට ගලවාගත් සැබෑ විරුවානනි (නදී)