ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අද (08) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.
පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් පමණක් ගමනාගමනයට විවෘතව ඇති නිසා එම පෙදෙස් ආශ්‍රිතව වාහන තදබදයක් ඇත.
අපේක්ෂකයන් 19 දෙනකු අද නාමයෝජනා බාර දීමට නියමිතය.
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තරඟ කරන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එන තුරු ඔවුන්ගේ ආධාරකරුවෝ රැසක් අවට රැස්ව සිටිති.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සහ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහත්වරු සමඟ මැතිවරණ දෙපාර්තමේන්තුවට ගියහ.
බත්තරමුල්ලේ සීලරතන හිමි සහ දුමින්ද නාගමුව මහතා ද නාමයෝජනා බාර දීමට පැමිණියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ගොඩ එන්නම බැරි වළක වැටී අවසානය. අපි අනුකම්පා කරන්නෙමු (නි)
මම නම් කියන්නේ සටන තියෙන්නේ බොරුව සහ සත්‍යය අතර. (නි)
පොදු අපේක්ෂක දිනනවා මෛත්‍රී ගේ දිනුම නියතයි ! (නදී)
බුද්ධි ,එහෙම වෙන්නේ නැතුව තියේවිද? (නි)
අපේ අවංක සහය මෛත්‍රීට (නදී)
ඔබේ හඬ අපේ ශක්තියයි (නි)
සිරිසේන හොඳ කෙනෙක්, ඔබට ජය නියතයි (නි)
ඔබගේ ජය නියත ජයක් (නි)
රජරට වීර නායකයාගේ ජය නියතය. ඔබට තෙරුවන් සරණ පතමු (නි)
මහින්ද රජතුමාට ජයෙන් ජය වේවා! (නි)
අපේ රට බේරා දුන් ජන පති තුමාට ජය වේවා (අ)
කට ඇරලා කොහොම කියන්නද රනිල් විධායක අගමැති වේවා කියල.(අ)
මහින්ද මහත්තයා දිනනවා ඒකාන්තයි........! (අ)
අනා ඔයා අනාගෙන ඉන්නේ ලංකාවේ ව්‍යවස්ථාවේ හැටියට විදායක අගමැති කෙනෙක් පත්වෙන්න බෑ. පොඩ්ඩක් හොයල බලන්න දන්නේ නැති නම් (නදී)
අපිත් කැමතියි මහින්ද දිනනවට. අඩුම ගානේ ඔය කාපට් පාරක් අයිනේ අපට හිඟා කන්න හරි පුළුවන්නේ. (නදී)
සාධාරණ,නීතිගරුක සමාජයක් උදෙසා නව ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
රනිල්ට ජය වේවා! (නි)
ආයු බෝවේවා මහරජාණෙනි .....! (නි)
මහින්ද සමඟ ජනතාව ඉන්නවා (නි)
සිරිසේන මහත්තයාට ජය..!!! (නි)
මහින්දට ඉඩදෙමු, වැරදි හදමු (නි)
වෛරය, ක්‍රෝධය, කුහකත්වය සහ ආත්මාර්ථකාමිත්වය රජ නොවේවා...! දේශය ජාතිය දිනේවා....! (නි)
ඔබේ ජය ඒකාන්තයි (නි)
නියත ජයක්... මෛත්‍රී යුගයක්.... (නි)
මෛත්‍රීට ජය වේවා! ජයෙන් ජයම වේවා! (නි)
මහින්ද මේ පාරත් දිනන්න ඕනේ. අපි කොහොමද මුල අමතක කරන්නේ ? (නදී)
කුරිරු ත්‍රස්ත වාදය නැති කරලා අප මව් බිමට සාමය උද කරදුන් සෙනදිපති වරයණනි මහින්ද ඔබේ ජය නියතයි (අ)
අනාගත ජනාධිපතිතුමාට ජය වේවා! මුළු ලංකාවම ඔබතුමා සමඟ ඉන්නවා.ජය වේවා! (අ)
මහින්ද මහත්තයා පරදිනනවා ඒකාන්තයි.(හේ)
මහින්ද මහත්තයා දිනනවා ඒකාන්තයි... (අ)
මෛත්‍රී.මෛත්‍රී.මෛත්‍රී. (අ)
ජයේ .. 9 වැනිදාට පරාජයේ (අ)
බොහෝ දෙනෙක් තවමත් හොරකමට ආවඩනවා වගෙයි පෙනෙන්නේ. (අ)
5හේ බලය අත හැරලා 12 හේ බලයට ආවඩන්නෝ කවුරුන්ද ඔවුන්ට අබ සරණයී.(අ)
අපේ මව් බිමට සෞභාග්‍යය උදාවේවා! (අ)
සාධාරණ මැතිවරණයක් පවත්වන්ට සැවොම දායක වෙන්න. මේ අවසාන අවස්ථාව.(හේ)
හැමතැනම කටවුට්, රට නොකවුට්, ඔබ ගෙටවුට් (නි)
මහත්මයාණෙනි, ඔබට ජය! (නි)
ප්‍රචණ්ඩකාරී නොවන, සාමයෙන් පිරි, ස්වාධීන ජනපතිවරණයක් වේවා! (නි)
අනාගත ජනාධිපතිතුමාට ජය වේවා! මුළු ලංකාවම ඔබතුමා සමඟ ඉන්නවා.ජය වේවා! (නි)
මහින්ද මහතාගේ ජය නියතයි. (නි)
කවුරු ජයගත්තත් ජනතාවගේ පරාජය නියතයි. (නි)
අසංග ! හීනෙන්ද. දැන්වත් අවදිවෙන්න (නදී)
කරට කර සටනක්. බල තුලනයක් සහිත රජයක් බිහිවේවා! අපේ මව් බිමට සෞභාග්‍යය උදාවේවා! (නදී)
මෛත්‍රී ඔබට ජය. රට බේරා ගැනීම ඔබ තුමාගේ අතේ. (නදී)
ඔබට ජය! (නි)
මෛත්‍රී මැතිඳුනි, ඔබට සියලු දෙවි රැකවරණ ලැබේවා! අපේ රටට ජය ලැබේවා! (නි)
අසංගලා දිහා බැලුවහම හොරු සමග හෙලුවෙන් නාටකයේ නලුවෝ මතක් උනා (නදී)
මහින්ද මහතාගේ ජය නියතයි (නි)
මොන දේ උනත් කවුරු එපා කිවුවත් අන්තිමේට මහින්ද රාජපක්ෂ දිනනවා.(නදී)
ඔයාගේ නුල් කා අතේද? (අ)
ඔබට ජය සිරිසේන. (අ)
ගියපාරත් අපි කීව ජෙනරාල් මැතිඳුනි ඔබට ජය කියල. අන්තිමට ලක්ෂ 20 කින් පරාද වුනා. (අ)
දිට්ට දම්මවේදනීය කර්මේ පඩිසන් නොදුන්නොත් පුදුමයි.(අ)
මෛත්‍රී ගේ පරාජය නියතයි. පරාජය වේවා!(අ)
මෛත්‍රී ! අපේ ජනාධිපති! (නි)
ජයෙන් ජයම වේවා.(හේ)