IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාතරින් දේශබන්දුට දුන් නියෝගය

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් බැවින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්නැයි දන්වමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා ඔහුගේ රියදුරු මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය.

අධිකරණය යනු මහජනතාවගේ බලයෙන් පිහිටුවනු ලැබු ආයතනයක් බව ද කවුරුන් හෝ ඊට අභියෝග කරන්නේ නම් එය මහජන බලයට හා මහජන විශ්වාසය පළුදු කරන්නක් බව ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේය.

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරීපිට සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරවකු ජීවිතක්ෂයට පත්වු අතර ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ පොලීස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින 21 ක් රිමාන්ඩ් භාරයේ තබා ඉකුත් 10 වැනි දින ඇප ලබා දුන්නේය.

එහීදී ඔහු ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණ භූමියේ සිට මෝටර් රථයක නැගී යාම හේතුවෙන් අධිකරණ නියෝග කඩ කර අධිකරණයට අපහාස කොට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කලේය.

එහිදී සැකකාර දේශබන්ධු තෙන්නකෝන් මහතාට හා ඔහුගේ මෝටර් රථයේ රියදුරුට අද  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසී නිකුත් කෙරීණි.

ඒ අනුව දේශබන්ධු තෙනානකෝන් මහතා හා රියදුරු වන රොෂාන් ලක්ෂිත කරුණාරත්න යන අය අද උදෑසන 9.00 ට පමණ මාතර අධීකරණය ඉදිරිපිටට මෝටර් රථයෙන් පැමිණ ශරීර පරික්ෂාව සිදු කර සාමාන්‍ය පරිදි ඇතුළු වී අධිකරණ ශාලාවේ බංකුවක සවස 2.15 පමණ වන තෙක් අසුන් ගෙන සිටියේය.

ඉන් පසුව පැමිණිල්ල වෙනුවෙන් කරූණු ඉදිරිපත් කිරීමට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමීණී අතර නඩුව කැදවු අවස්ථාවේ දී මෙසේ කීය.

“පසුගිය 10 වැනිදා ඔබතුමා මෙම අධිකරණයේ දී ඇප සම්බන්ධව නියෝගයක් නිකුත් කළා.ඒ වෙලාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අද ඇවිත් නැහැ. ඔහු එදින මෙම ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් එලියට යද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටියා. ඒ වගේම වාහනයක් ගෙනල්ලා යන්න ඉල්ලුවා.එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔබතුමා නියෝගයක් ලබා දුන්නා.ඒ නියෝගය ලියපු පෑනේ තීන්ත වේලෙන්න කලින් මේ සැකකරුවන් ඒ නියෝගය උල්ලංඝනය කලා.

මම එදා ඔබ තුමා ඉදිරියේ ප්‍රකාශ කළ මෙම සිද්ධියේ ප්‍රකාශයක් දුන් මේ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ආරක්ෂාවක් ඉල්ලා සිටින බව. එම නිසා මෙම ප්‍රධාන සැකකරු සිටිය යුත්තේ සමාජ ගත කර නොව රිමාන්ඩ් භාරයේ බව මම ප්‍රකාශ කළා.කෙසේ වෙතත් ඔහුට ඇප හිමි වුණා.ඒ ඇප නියෝගය ප්‍රතිශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.



අදහස් (2)

මාතරින් දේශබන්දුට දුන් නියෝගය

Suneth Friday, 25 April 2025 07:31 PM

ලෙඩ සුනඛයින් ඇතුලේ තියන්න. නැත්තං අවට ඉන්න මිනිස්සුන්ට කරදරේ. පිස්සු බලු රෝගය වළකමු...!

:       0       3

fairoos Saturday, 26 April 2025 11:32 AM

සාක්ෂි නැතිකරන්න පුළුවන් ඇතුලේම හිටියා නම් හොඳයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site