(යොහාන් භාසුර සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමෙන් පසුව කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන්නේ යැයි දුම්රිය බලධාරීන් නිවේදනය කළ ද ජනතාවගේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මැදිහත්වීමෙන් අද (13) පස්වරුවේ දුම්රිය කීපයක් ධාවනය කිරීම කැපී පෙනුණි.
අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රියන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලුම දුම්රිය ස්ථානවලට අද (13) පස්වරුවේ දැනුම් දී තිබුණි.
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීම මෙයට හේතුව බවත් ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කර තිබුණි.
කොළඹ බලා ගමන් අරඹා ඇති දුම්රිය වෘත්තිය අවධානම දරමින් කොළඹට ගෙන ඒමට දුම්රිය ස්ථානාධිපතිවරු සූදානම් බවත් ඒ සඳහා මගීන්ගේ පූර්ණ සහයෝගය ලැබිය යුතු බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද පස්වරුවේ පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය ස්ථාන කීපයකට පහර දී ඇති බවත් එවැනි දේවලින් වැලකී දුම්රිය ධාවනයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටින බවත් කසුන් චාමර මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර ඊයේ පස්වරුවේ දුම්රිය මගීන්ගේ දැඩි ඉල්ලීම මත මාතර සිට දුම්රිය දෙකක් කොළඹට හා නුවරට ධාවනය කිරිමට මාතර දුම්රිය ස්ථානයේ බලධාරීන්ට සිදුවිය.
බස්නාහිර පලාතට ඇදිරි නීතිය පනවා ඇති නිසා දුම්රිය ධාවනය නොකරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මාතර දුම්රිය ස්ථානය වෙත දැනුම් දී තිබුණ ද, ඒ වන විටත් බෙලිඅත්ත සිට නුවර බලා යන දුම්රිය මාතර දුම්රිය ස්ථානයට පැමීණ තිබු නිසා විශාල පිරිසක් එම දුම්රිය ධාවනය කරවන ලෙසට මාතර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඒ.ප්‍රියන්ත මහතාට බලකර සිටියහ.
ඒ වන විටත් ප්‍රවේශ පත්‍ර ද නිකුත් කර තිබු නිසාත් දුම්රිය වෘත්තීය සමිති ද දුම්රිය ධාවනය කරවන ලෙස දැනුම් දී තිබු නිසාත් අදාල දුම්රිය ධාවනය කරවීමට මාතර දුම්රිය බලධාරීහූ පියවර ගත්හ.
මාතරින් පස්වරු 1.40 ට පිටත්ව විය යුතුව තිබු දුම්රිය මිනිත්තු 30 ක් ප්‍රමාද වී පස්වරු 2.10 ට නුවර බලා පිටත්ව ගිය අතර එම දුම්රියට මාතරදී අරගලයට සහභාගි වීම සඳහා විශාල පිරිසක් ගොඩවූහ.
ඉන් අනතුරුව පස්වරු 3.15 ට කොළඹ බලා තවත් දුම්රියක් ධාවනය කළ අතර ඒ සමගම යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මාතර දුම්රිය ස්ථානයේ ආරක්‍ෂාව කැඳවා තිබුණි.
ඡායාරූපය:
මාතර දුම්රිය ස්ථානයට දැඩි යුද හමුදාව ආරක්‍ෂාව යොදවා තිබූ ආකාරය.
(ඡායාරූපය: ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මාතරින් දුම්රිය දෙකක් එයි