බ්‍රිතාන්‍ය නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිපිටදී කොටි හිතවාදීහු පිරිසක් උද්ඝෝෂණ පවත්වා ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සංවිධානය කළැයි කියන උද්ඝෝෂණයට ලන්ඩනයේ දෙමළ තරුණ තරුණියන් රැසක්ද සහභාගීවී ඇතැයි කියති. රාජපක්ෂ රජය මෙන්ම වත්මන් රජයද දෙමළ ජනයාට සහන සලසා දී නැතැයි කියමින් ඔවුහු උද්ඝෝෂණය කර ඇත.
මේ අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ හෙට (11) හමුවීමට නියමිතය.
ජනපති බිරිය, විදේශ ඇමැති මංගල සමරවීර, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා හා ජනපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිස් නෝනිස් යන පිරිසද බකිම්හැම් මාළිගයේදී රැජිණ හමුවීමේ අවස්ථාවට එක්වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් රැවටිල්ලක් විතරයි කියලා හිතෙන්නේ (දිල්)
නිකන් තේරුමත් නැති වැඩ මේවා (නි)
කොපමණ කලත් වැඩක් නැහැ. මේ රට දස දිසාවම එක විදියට පාලනය කරන්න. හැම විදේශිය රටක්ම ලක්රජයට බලකරනවා මිස. හැම වගකීමක්ම අපේ හිසමත පමණි. (ර)
එංගලන්තයේ තව වැඩි කාලයක් ඉන්න වීසා හදාගන්න වගෙයි කට්ටියගේ කල්පනාව (නි)
ඔය සමහරුන්ට නම් ඉතින් කීයක්හරි සාක්කුවේ දැම්මහම, ඕනෑම විරෝධතාවකට ගෙන්වා ගන්න පුළුවන්නේ. (නි)
මේ අය මෙවැනි උද්ඝෝෂණ කරන්නේ අරමුදල් රැස්කරගැනීමට මිස, ප්‍රශ්න විසඳා ගැනීමට නොවෙයි (නි)
මේ කොටි හිතවාදීන්ටත් පිස්සුද මන්දා? (නි)
අනේ! අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇයි මෙහෙම කියන්නේ? (නි)
අනේ! මේවා ඇහුවහම ලේ කෝපවෙනවා. (නි)
මොකට උද්ඝෝෂණ කරනවද කොටි? (නි)
අපේ රටේ හැමදෙයක්ම ලබාගෙන දැන් ඒ රටේ ඉඳගෙන අපේ රටට දොස් කියනවා. (නි)
ඔතන ඉන්න බ්‍රිතාන්‍ය පුරවැසියෝ කියන විදිහට ලංකාවේ වැඩ කරන්නේ නැහැ. අවශ්‍යත් නැහැ. (නි)
ඒත් මට නම් මහින්දට සමකරන්න වෙන කවුරුත් නැහැ (නි)
ඇයි අර එක මහත්තයෙක් කිව්වේ ඩයස්පෝරාව කියලා සංවිධානයක් නැහැ කියලා? නේද? එතකොට මේ ඉන්නේ කවුද? (නි)
උද්ගොෂකයන් ගේ ඇස පෙනීම දුර්වලයි. (ර)
මේ දෙදෙනා දෙවිදියක්.(හේ)