ශ්‍රි ලංකාව තවත් සිම්බාබ්වේ රාජ්‍යයක් නොවීම සදහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා ලන්ඩනයේ ස්වාධින දේශපාලන සංසදයක් පිහිටුවා ගැනිණි.
එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සෙසු දේශපාලන පක්ෂද සිවිල් සංවිධානද මෙම සංසදය යටතේ ‘මෛත්‍රී සහාය කණ්ඩායම‘ නමින් එකමුතුවක් අරඹා ඇත.
විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී 31 වසරක් ගත වන විට 18 වැනි සංශෝධනය මගින් වත්මන් ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයිනට හා රජයේ ඇමැතිවරුනට හා ඔවුන්ගේ ගෝලබාලයනට නීතිය හා සාමය සිඳ බිඳ දැමීමේ හැකියාව ලැබී ඇතැයි පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය කියයි.
පොලිසිය නඩු ඇසීමේ පමණක් නොව තීන්දු දීමේ රාජකාරියද කරමින් නිතියෙන් පරිබාහිර ඝාතනවලට සම්බන්ධ බවද, පොලිසිය පාලකයන්ගේ දාසයන් වී ඇති බවද, ස්වාධින මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මක නොවන බවද, රජය අධිකරණයට ඇඟිලි ගසන බවද, ඇස්තමේන්තු ඉක්මවා රජය අති විශාල ලෙස මුදල් වැය කරන බවද, ආර්ථික අර්බුදයක් ඇති කර ඇති බවද එම සංසදය පවසයි.
මෛත්‍රිපාල සිරිසේන දිනවිය යුත්තේ ඇයිද කියා ශ්‍රී ලංකාවේ ඉන්නා තම නෑදෑ හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම ඔවුන්ගේ අරමුණයි.
මැතිවරණය පසුබිම්කොට ගනිමින් දැනට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවත්නා දේශපාලන වාතාවරණය පිලිබඳ සැලකිල්ලිමත්වීම අත්‍යාවශ්‍ය බවත් මෙවර මැතිවරණයේදී ඔවුනගේ වටිනා ඡන්දය ඥානාන්විතව පාවිච්චිකිරීම අත්‍යවශ්‍ය වන බවත් සිය ඥාතීන් වෙත දන්වා යැවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර අනෙකුත් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ සහ ඔවුනගේ සහභාගීත්වය ලබාගැනීමේ ප්‍රසිද්ධ රැස්වීමක් "ඉවසුවා ඇති එක්වෙමු වෙනසක් කරමු" නමින් ලබන ඉරුදින (28) ලන්ඩන් විට්න් ප්‍රජා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය.
සංවිධායකයෝ - 075 3664 7037 / 075 0619 2180
ෆේස්බුක් - https://www.facebook.com/SupportMaithriUK

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හොඳ නෑ කියන පලියටම සිරිසේන හොඳයි කියල වගකීමක් ගන්න පුළුවන් මොන මෝඩයටද ? (නදී)
මේ වෙලාවේ පාට පක්ෂ බේදයකින් තොරව මෛත්‍රී මහතාව ජනාධිපති කල යුතුයි.මේක රට ගැන හිතන මොහොතක්. (අ)
රටට ආදරය කරන විදෙස්වල පදිංචි අය එදා වගේම අදත් සහය දෙන්නේ මහින්දට. හොඳම උදාහරණය ඒ රටවල නායක හාමුදුරුවරු කල ප්‍රකාශය. මේ සංවිධානය දේශපාලන හවුලක්නේ. එදත් මේ අය සහයදුන්නේ යූ එන පී එකට තමයි. (අ)
උදය අන්න ඒක තමා මේ මෛත්‍රීරිගේ,කරුණාවෙන් අන්ධ වෙලා තියෙන අයට නොදැනෙන දෙය. (අ)
මහා බ්‍රිතාන්‍යයේ ඉන්න බහුතරය ජනාදිපතිතුමා සමගයි. අට වෙනිදා ජයග්‍රහණය වලක්වන්න බැහැ. (අ)
මුළු රටම මෛත්‍රීට තමයි 60% කින් මෙවර ඡන්දෙ මෛත්‍රී දිනනවා රටේ යහපානලනයක් ඇතිකර සමුර්දිමත් රටක් අනාගත දරුවන්ට බාර කරනවා. (අ)
බුද්ධිමත්,රටට ආදරයකරන සියලු දෙනාගේ පැතුම මෛත්‍රී පාලනයක්.මෛත්‍රී මහාතාගේ ජය ස්ථීරයි.ජයවේවා..!(හේ)
ඉතාලියේ අපිත් වගකීම ඉටුකළෙමු. ඔබටත් ස්තුති කරන අතර අනිත් රටවල සහයෝගයත් ලැබේවා! (නි)
එංගලන්තයේ ( ඒ කියන්නේ ලන්ඩන් ඇතුළුව ) සිටින අතිබහුතරයක් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පක්ෂයි. (නි)
සිහින, ඔබ ඇත්තටම සිහින ලෝකයකයි ඉන්නේ.ඔය සිහිනය කවදාවත් ඇත්ත වෙන එකක් නොවෙයි.මමත් ඉන්නේ එංගලන්තයේ. මෙහෙ ඉන්න අයගෙන් 70% විතර ගරු මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට බරයි. අපි කාගේත් පැතුම එංගලන්තයත් අපේ රටත් අතර තිබෙන විරසකය අවසන් කරන උගත් බුද්ධිමත් ඒ වගේම වැදගත් නායකයෙක් අපේ රටට පත්කර ගැනීමයි. ඒ සඳහා ලංකාවේ ඉන්න අපේ සියලුම නෑදෑයින් දැනුවත් කරමින් තමයි ඉන්නේ. (නි)
නොබෝදා සිට ටික ටික දළුලා වැඩුණු මෙම සංවිධානය බිහිකිරීමේ භාරධුර කාර්යය කළ මූලිකයින්ට සහ ලන්ඩනයේ තරුණ කැළට මගේ ප්‍රණාමය! මෛත්‍රීයෙන් පිරුණු රටක් බිහිවේවා යන්න මගේ පැතුමයි. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
අපි ඇත්තම කතා කරමුකො. පොදු අපේක්ෂකතුමා ගැන සීයයට සියයක්ම විශ්වාසයක් අපිට නැහැ. එහෙමයි කියලා රට ඒකාධිපති ක්‍රමයකට ගෙනයන්න දෙන්න බැහැ. ඔය කියන විධායකය අවසන් කළත් නොකළත් පුද්ගලයා කාලෙන් කාලෙට වෙනස් කරනවා කියන්නෙ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ලන්ඩන් වල ඉන්න අපේ ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන් මේ කරන්නෙ හොඳ ක්‍රියාවක්. (නි)
ඔබ හිතනවද මෛත්‍රීට මේක කරගෙන යන්න වටේ ඉන්න අය වගේම ජාත්ත්‍යන්තර ප්‍රජාව ඉඩ දෙයි කියලා. අනිවාර්යෙන් මෛත්‍රීට වෙන්නේ දොන්ජුවන් ධර්මපාලට උන දේමයි. එතකොට අපි හොඳටම ප්‍රමාදයි (නදී)
මට හිතාගන්න පුළුවන් ගොඩක් දේවල් (නි)
සිල්වා,ලාල්, කොටි දඟලන කාලේ ඔයාලා කොහෙද හිටියේ? (නි)
මට නම් හිතෙන්නේ සමහරු දවල් සිහින දකිනවා කියලයි (නි)
සකුණි දුවේ... ඔයයි ඔයාගේ 70% අද එංගලන්තේ ඉන්නේ මහින්ද මහත්තයට පින්සිද්දවෙන්න. නැත්නම් ඔයා අම්මගේ බඩේ ඉන්දැද්දීම කොටි බෝම්බ වලට අහුවෙලා අද ඔය ටික කියන්න මේ ලෝකේ නෑ. අම්මගෙන් ඉතිහාසේ අහගන්න. අපිනම් මැරිල ඉපදිලා නෑ. කොටි අපේ රට විනාෂ කරනකොට අපි හිටියේ ලංකාවේ. සමහරවිට ඔයාගේ අම්ම එංගලන්තේ හිටියද දන්නෙත් නෑ.මහින්ද මහත්තය හින්ද තමයි අද මේ විදිහට ජිවත් වෙන්න අපිට මේ රට ඉතුරු වෙලා තියෙන්නේ. (අ)
පැරිස් වලින් ඇරඹි සටන සාර්ථකත්වය කරා ගමන් කිරීම නවත්වන්න බැහැ (නි)
දුර තියෙනදේට වැඩිය ළඟ තියෙන දේ ගැන බලන එක අගෙයි... (නි)
ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට ඕනෑ නැහැ (නි)
රටට ආදරය කරන බුද්ධිමතුන් වන අපි මෛත්‍රීගේ පැත්තේ තමයි (නි)
රජය හැමදාම කොටියාව පෙන්නන්නද හදන්නේ? රටට වෙන විනාශය පේන්නේ නැද්ද ? (නදී)
රටේ මිනිසුන්ට කන්න අදින්න නැහැ.නර දුක් විදිනවා.උදේට තේ කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක් නැතිව යන පාසල් දරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා.එහෙව් රටේ විවිධ ප්‍රදේශ වල රජ මැදුරු 5-6 ගහගෙන හෙලිකොප්ටර් 5-6 ගෙන්වාගෙන,වෙන වෙනම ගුවන් නියමුවන් වෙන් කරගෙන යන ඒකාධිපති ගමන ගැන නම් කියන්න වචන නැහැ.(හේ)
මේ ඉන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ පිරිසක්. ලංකාවේ හරියට මොනවද වෙන්නේ දන්නේ නෑ.(හේ)
ඔය හවුලේ කොටිත් ඉන්නවද ?(හේ)
රටට ආදරය කරන බුද්ධිමතුන්? (හේ)
ඔය ඉන්නේ ගොඩ ඉදන් පිනන අය. (නදී)
ලන්ඩන් වල ඉන්න බහුතරය ජනාදිපතිතුමා සමගයි. මොන හවුලටවත් අට වෙනිදා ජයග්‍රහණය වලක්වන්න බැහැ. (නදී)
මාගේ පැතුම ධර්මිෂ්ට ජනධිපතිවරයකු ලැබේවා! මෛත්‍රී සිරිසේන මහතාට සෑම දෙවියන්ගේ පිහිටි ලැබේවා මුගාබි රජයක් අපිට අවශ්‍ය නැහැ. (අ)
ඔබ කැමති චන්ද්‍රිකා සහ රනිල් පන්තිය නම් මෛත්‍රීට ඡන්දය දෙන්න. ඔබ කැමති මහින්ද සහ සජිත් ප්‍රේමදාස පන්තිය නම් මහින්දට ඡන්දය දෙන්න. මතක තියා ගන්න ඔබ මෛත්‍රී දිනවන්නේ චන්ද්‍රිකා සහ රනිල් දිනවල සජිත්ව පරද්දන්න කියල. (අ)
බුද්දිමත් අය නියම තත්වය දන්නවා. අාණ්ඩුවට කඩේ යන්නේ තමන්ගේ බඩ පුරවා ගන්න. බංකොලොත් දේශපාලකයෝ මහින්දට. රට ආදරය කරන අය මෛත්‍රීට. (නදී)
ජයවේවා, ජයවේවා, මෛත්‍රී අපේ අනාගත ජනාධිපති තුමාට (නදී)
විදේශ ධර්මප්‍රචාරයේ යෙදෙන හිමිවරුන් ඒකාබද්ධ ප්‍රකාශනයක් මගින් කියා තිබුණා අහල අහල එපා වෙච්ච "විදේශ කුමන්ත්‍රණයක්" ගැන. මේ පිලිබඳ යථා තත්ත්වය එම ස්වාමීන් වහන්සේලා ට පහදා දෙන ලෙස ඔබ තුමන්ලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නදී)