හර්ෂණ තුෂාර සිල්වා
ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද රාත්‍රී 8ට නිකුත් කළ අදාළ පූර්ව අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම කඳුකර බෑවුම් ප්‍රදේශ සහ නිර්මිත බෑවුම් ද මාතර දිස්ත්‍රික්කය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ හැකියාවක් ඇතැයි පූර්වයෙන් නම් කර ඇති ප්‍රදේශවලට ද අදාළ නිවේදනය වලංගු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාය ගිහින් යට වෙලා මැරුණත් බය වෙන්න හේතුවක් නැහැ. මැරිච්ච අයව වලලන්න යන්තම් අටෝපු ලෑලි ගැලවෙන නොම්මර එකේ මිනි පෙට්ටි හම්බු වේවි. පන්සලක හරි ඉස්කෝලෙක හරි දවස් දෙක තුනකට නවාතැන් හම්බු වේවි! කන්ඩ මොකුත් අහසින් පාත් වේවි!ඉතින් ඒ මදිද? ජයවේවා!
ආපදා කළමනාකරන අමාත්‍යාංශය අවදියෙන් සිටිනු මැනවි.