IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෛත්‍රීට බෝම්බ තැබූ කොටියා දසවසක් හිරේ

මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ඇමැති සමයේ 2005 දී පොළොන්නරුවේදී ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයාට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා බරපතල වැඩ සහිත 10 වසරක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් නියම කළේය.

යාපනය, අච්චුවේලි කෝවිල්අඩියේ සිවරාජා ජෙනිවන් නොහොත් මොහම්මදු සුල්තාන් කාදර් මොහිදීන් නොහොත් සේනන් (30) නමැති කොටි සාමාජිකයාට මිය ගිය ඩබ්ලිව්.එම්.ප්‍රේමසිරි හා මුරලි නමැත්තන් සමග එක්ව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා 2005 දෙසැම්බර් හා 2006 ජනවාරි කාලය අතරතුරදී මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවට මෙම දඬුවම් නියම කෙරිණි.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් කැඩී ඒමෙන් පසු ඔහුට උදව්කරන අය ඝාතනය කිරීමේ සැලැස්ම යටතේ හිටපු ඇමැති හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කොටි නායකයන් නියම කර ඇත. අටවන එක් ක්ලේමෝ බෝම්බයක් වෙනුවෙන් රුපියල් 10,000ක් ගෙවීමටද සැලසුම් කළ බව අනාවරණය විය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ චේතිය ගුණසේකර මහතා පෙනී සිටියේය.

 

 

 



අදහස් (0)

මෛත්‍රීට බෝම්බ තැබූ කොටියා දසවසක් හිරේ

බන්දු Friday, 03 July 2015 11:36 AM

මහින්ද මහතා නොහිටින්න කොටිය මුළු රටටම බෝම්බ තියල. මේක දැන් ඉන්න එවුන්ට අමතකයි. (අ)

:       0       0

සරණපාල Friday, 03 July 2015 12:30 PM

හොද වැඩේ.දස වසරක් මදි වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site