විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පතා 22 වැනි ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි.
අද ශ්‍රී ලංකාවට අවශ්‍ය යහ පාලනය උදාකිරීම සදහා ජන හිතකාමී නායකත්වයක් පත්කිරීමේ වැදගත්කම එකසත් රාජධානියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවීම සඳහා කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද මේ පන්සල තියෙන්නේ? ලන්ඩන් විල්ස්ඩන් හෝම් බේස් එක ලඟද? (නදී)
සාදු ! සාදු ! සාදු ! (නදී)
දැන් නම් මෙයාලට බුදුන්ගේ , දෙවියන්ගේ පිහිටක් නෑ වගෙයි (නදී)
දුෂණය, පවුල්වාදය, හොරකම, වංචාව, මර බිය දුරලා නිවහල් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අපි සියල්ල සැරසෙමු. බීලා රණ්ඩු කරගන්න සහ පාලකයන්ගේ ඥාතීන්ට සහ මිතුරන්ට ළමයි පිටරටවල ඉස්කෝලේ යවන්න පත්වීම් දෙන මේ රටවල විදේශ සේවය පිරිසිදු කරමු. මෛත්‍රියෙන් පිරිණු නිවහල් ධර්මිෂ්ට රටක් බිහි කරමු (නදී)
ලංකාවට ගිහින් කට්ටිය එක්ක පොදු අපේක්ෂක තුමා දිනවන්න වැඩකරන්න ඕන වෙලාවෙ මොනවටද ඔය පූජාවල් තියන්නෙ (දිල්)
ඔව් මෙත්සිරි අයියේ, විශේෂයෙන්ම එංගලන්තයේ මහා කොමසාරිස් කාර්යාලය වැනි තැනක සිටිය යුත්තේ පරිනත විදේශ සේවා නිලධාරීන් මිසක් මුණ හංගාගෙන යන වැඩ බැරි, හුදෙක් ඥාති සම්බන්ධකම් මත ළමයින්ට පිට රටක උගන්වන්න පත් වීම් ගත්ත අය නොවේ. (නදී)
මෛත්‍රියෙන් පිරුණු නිවහල් ධර්මිෂ්ට රටක් බිහිකරමු (නි)
ඔව් ලංඩන් වලත් ඉන්නවා ගොඩක් (නදී)
අනේ! මේ විකාර නම් දොඩවන්න එපා බන්දුල. (නි)
අනේ ඇත්ත පුක්කුස, ඉස්සර මහා කොමසාරිස් කාර්යාලයේ ඉඳලා ලංකාවට ගිය කෙනෙක් කීවේ මම ලංකාවේ ලොක්කගේ ඔෆිස් එකේ ඉඳලා මෙතෙන්ට ආවේ මගේ 'මාස්ටර්ස්' එක කර ගන්න කියලා. එ්ක ඉවර නිසා මම අාපහු යනවා මට මෙහෙට වඩා එහෙ හොඳයි කියලා. තවත් කෙනෙක් කීවේ මගේ මෙඩිකල් වැඩ ටික කරගන්න තමයි මෙහාට පත්වීම හදා ගත්තේ කියලා. දැන් ඉන්න කෙනෙක් කියන්නේ මේක මගේ වෘත්තිය නොවුනත් ළමයි ටිකට උගන්න ගන්න ඕන නිසා තමයි අාවේ අනේ කියලා. මේ ඔක්කොම ලාංකිකයාගේ මහජන මුදල් බව අප හිතේ තබා ගත යුතුයි. (නදී)
අැයි මේවා හොරෙන් කරන්නේ ,අපිත් ඉන්නේ ලන්ඩන් මේක කිව්වනම් සෙනග එනවනේ. ඔයා කට්ටිය එනවට බයද ? (ස)
ස්තුතියි මෙත්සිරි, අපේ ලන්ඩනයේ මහා කොමසාරිස් කාර්යාලයේ මෑතකදී විදේශ සේවක වෘතිකයෙක්ට කියල හිටියේ එකම කෙනයි. ඔහුට නිල නිවාස දෙන්න හිතා මතා ප්‍රමාද කළා. එවිට ඔහු නිදා ගත්තේ ඔහුගේ නිල රථයේ රියදුරුගේ මහා කොමසාරිස් ගොඩනැගිල්ලේ නිල කාමරයේ රියදුරත් සමග. ඔහු එය සැලකුවේ මහත් අභිමානයක් ලෙසයි. ඔහු කලක් මෙහි ශ්‍රී ලාංකිකයින්ට සේවය කරමින් ප්‍රජාවේ මහත් ගෞරවයට පාත්‍රවුනා. නමුත් හිටි හැටියේ එතුමාව මෙහෙන් නෙරපා දැමුවා. ලන්ඩන් ලාංකික ප්‍රජාවට 'ගල් ලෙනක්' වූ එතුමාව අප හද බැතියෙන් සිහිපත් කරනවා. මෛත්‍රියෙන් රට නහවමු! (ස)
එජාප ලන්ඩන් ශාඛා මෙහෙමවත් දෙයක් කළාට ආණ්ඩු පක්ෂ කණ්ඩායමට මොකුත් කරගන්න බැහැ. (නි)
ඔය ඇත්තටම රට ගැන හිතලා කරපු දෙයක්ද ?(හේ)
අනේ අපි නම් ඕවාට නැහැ.අපිට අපේ මහින්ද ඉන්නවා. (නි)
මෛත්‍රී පාලනයක් ඇති වේවා..ජයෙන් ජයම වේවා. (නදී)
ජයවේවා! (නි)