ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්නැයි දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දසංගරී මහතා අද(22) යාපනයේ පුවත්පත් සාකච්ඡාවකදී අද (22) ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීයෙක් - ඇයි මෛත්‍රීපාලට සහයෝගය දෙන්නැයි කියන්නේ ?
ආනන්දසංගරී - ‘මෛත්‍රීට සහාය දෙන්නේ ඇයි දැයි අහන්න එපා.මහින්දට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි අහන්න.ඒකාධිපතිවාදය මුලින්ම නැති කළ යුතුයි.එවිටයි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන්.මහින්ද තවමත් කොටි සංවිධානය දඩමීමා කරගෙන ඡන්දය දිනන්න හදනවා. කොටියා අද නැති බව යථාර්තයක් .කොටියාගේ කොන්ද කඩලා.පසුගිය අවුරුදු පහේදී උතුරු නැගෙනහිර වෙඩි හඬ ඇහුණේ නෑ.කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි.ඒත් මහින්ද කොටියා අල්ලාගෙන සිටිනවා.දෙමළ ජනයාට ඔහු අසාධාරණකම් කරනවා.අද අපිට වෙනසක් ඕනෑ.‘
තමාගේ මෙම ප්‍රකාශ නිසා හෙට සිට තමාට රජයෙන් දී ඇති ආරක්ෂාව ඉවත් කරනු ඇතැයිද සංගරී මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම උවමනා කරලා තියෙන්නේ මහිනදව ඉවත් කර ගන්න. තීරණය කරන්න බුද්ධිමත්ව. හොදින් හෝ නරකින් ඉන්න අපට රටක් තියෙන්න ඕනේ. මෛත්‍රී ආවොත් රට ඉවරයි. හැමෝම මතක තියා ගන්න හොදින්. (නදී)
සේනාදීර, මෙතුමා ඉස්සර ඉදන් කොටින්ට විරුද්දව කතා කල කෙනෙක්. ඒ නිසා මෙතුමා කියන්නේ ඔබ හිතන වෙනස නොවෙයි. (නදී)
අන්න බලලා මල්ලෙන් මල්ලෙන් පැන්න (අ)
අශාන්, මේවා තේරුම් ගන්න ඔයා තාම පොඩි වැඩියි. (නදී)
නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි. මෙතුමා එදත් එල් ටී ටී ඊ සංවිධානයට විරුද්දව කතා කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. (ස)
බලාගෙන ඉන්නකෝ, ඉදිරියේදී බඩ පිරෙන්න ලැබෙයි (නි)
ජනතා කැමැත්ත 8 වෙනිදා බලා ගනිමු (දී)
හරි හරි අපි දෙන්නම්. එයා අපේ ජාතික නයකයනේ. අනේ මගේ කට. (නදී)
කොටිය සියදිවි නසා ගන්න ඇති නේ..(බ)
අපි දන්නවා ඔබතුමාලට ඕන වෙනස කුමක්ද කියලා.(හේ)
ඇයි මෙහෙම වෙන්නේ (බ)
සංගරී, අපි හිතුවෙ ඔබතුමා දූරදර්ශීව හැම කෝණයකින්ම ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් කෙනෙක් කියා. ඒත් අද ඔබතුමා ඉතා බොළඳ බස් දොඩනවා. ඔබතුමා දන්නැද්ද අවස්ථාවක් ලැබුනොත් සංවිධානය වෙන්න හැකි කල්ලි උතුරේ තවමත් හොල්මන් කරන බව? ඔබතුමා අහල නැද්ද කොටින්ට පණ දෙන්න දිවි උනත් දෙන ඩයසිපෝරාවක් මුලු ලෝකය පුරා ඉන්න බව? විශේෂයෙන් ඒංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගෙ රටවල්? ඔබතුමා මේව නොදන්නව වෙන්න බෑ!! එහෙනම් නොදන්නව වගෙ කතා කරන්න ඔබතුමා කාගේ හරි හොඳ කුණු ගොඩක් ගිලල තියනවා. (නදී)
බළලා මල්ලෙන් එලියට පනී (බ)
පුංචි අපට දැන් තේරෙයි .(හේ)
මෙන්න බළලා මල්ලෙන් පැන්නෝ. චන්ද්‍රිකා රනිල් කියන්නේ ෆෙඩරල් එක බදාගෙන ජීවත් වෙච්ච කට්ටිය. ඔහොම යන් ඔහොම යන් . ඇතිවෙන්න යන වෙනස ඉල්ලන් කෑමක් තමා (නදී)
බළල්ලු විතරක් නෙවෙයි හෙට අනිද්දා වෙන කොට ඔය ආණ්ඩුව නමැති මල්ලේ ඉන්න ගොඩක් අය එළියට පනිනවා. තාම පනින්න හිතුව විතරයි කට්ටිය! (බ)
කාගේ කාගේත් මුලික පරමාර්ථය මහින්දව ඉවත් කර ගැනීම. ඒ ඉවත් කිරීමත් සමග බිහිවෙන රජයන්ගේ අස්තාවරතාව මොවුන් සියල්ලන්ටම වැදගත්. මහින්ද සිටින තුරා මේ රටේ බිහිවෙන්නේ ස්ථාවර රජයක් කියල ඔවුන් දන්නවා. (නදී)
උතුමාණන්ට සහයෝගය දෙන හැමෝම දේශප්‍රේමීන් එරෙහි වන අය දේශද්‍රෝහීන් (බ)
මහින්දගේ සිංහල ඡන්ද ප්‍රමාණය තවත් තර උනා (නදී)
සේනාධීර හරි. මේ "වෙනස" ඇති කර ගන්න තමයි අද ඔය ආපු අයගේ ඉලක්කය. අට වෙනිදාට පිළිතුරු දෙමු. (බ)
කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි. ඒත් තවමත් කොටි හුරතල් වෙනවා. ඕක තමයි ඇත්ත. මන්තරේ වගේ උදේ දවල් රෑ මතුරන්නේ. ආනන්ද සංගරී මහාතාට ජයවේවා! (නදී)
බළලා මල්ලෙන් එලියට. (නදී)
එල්.ටී.ටී.ඊ කාලේ නොතිබුණු දැන් තිබෙන අසාධාරනකම් මොනවද දන්නේ නෑ. (නදී)
සුළුජාතික පක්ෂවලට අවශ්‍ය තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව නැටවිය හැකි දුර්වල නායකත්වයක්. ඒ සඳහා ඔවුන් කටයුතු කරාවි. මහ ජාතිය බෙදී ගහගන්නා විට වාසිය ඔවුන්ටයි. අපේ ගොඩ පුංචි වෙනවා. ඔවුන් තම ජාතිකත්වයට වැඩි පංගුවක් කේවල් කර ගන්නවා. අද වෙන්නෙත් ඒක. ජනතාවනි බුද්ධිමත් වන්න. (නදී)
එල් ටී ටී ඊ කාලේ නොතිබුන දැන් තිබෙන අසාධාරණේ මොකක්ද කියන්න නම් අපි දන්නේ නෑ (නදී)