මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය මඟේහි තමන් නොයන බව පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන නියෝජිතයෝ සෝමාවති පුද බිමේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ජනපතිට කීහ.
නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතාගේ ධනයෙන් සෝමාවතීයේ අලුතින් ඉදි කළ දෙමහල් ධර්මශාලාව විවෘත කිරීමේ උත්වයකට සහභාගී වු අවස්ථාවේ ජනපතිට ඔවුහු මේ බව කීහ.
හිටපු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා කිසිම වරදක් නොකළ බවද ජනපති එහිදී කීවේය.
නියෝජ ඇමැති ගම්ලත් ,චන්ද්‍රසිරි සුරියආරච්චි,පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පළාත් ඇමැති ආර් එම් පී බී රත්නායක මහත්වරු මේ අවස්ථාවට එක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම මෛත්‍රී මෙන් එතුමාගේ සිතත් මෛත්‍රීසහගතද? (නි)
දේශපාලන කරලියේ උණුසුම් තතු (දී)
කොපමණ ගුණ කළත් - දුදනෝ නොවෙති යහපත් (නදී)
ශ්රී ලාංකික බුද්දිමත් ජනතාව තේරම් ගන්න ඕනෑ දෙයක් තමයි සිරිසේන මහතා ගිය හේතුව? මහින්ද මහතාටම ඔබේ ඡන්දය දී රටත් දේශයත් රැකගන්න. (නදී)
එතුමා ගියේ ඇයි දන්නෙ නැහැ (නි)
ජනපතිතුමනි, අපි ඔබ සමඟයි. ඔබට ජය! (නි)
වරදක් නොකළා නම් ඔබතුමාට බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)
වරදක් කරන්නම ඕනෑ නැහැ මහත්තයෝ. එක එක්කෙනා හිතන පතන හැටිත් මෙවන් වෙනස්වීම් වලට බලපානවා. මොන දේ වුණත් අපි ඔබතුමා සමඟයි (නි)
ඔබතුමා කිසිවෙකුටවත් වරදක් නොකළ කෙනෙක් කියලා මුළු රටම දන්නවා (නි)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිගු කල් දිනේවා (නදී)
ඔබ ඔහුට වරදක් නොකරපු බව මහජනතාව දන්නවා නමුත් ඔබතුමා දැන් වැරදි පාරක යන නිසා තමා ඔහු ගියේ.(හේ)
අනේ මන්දා (නදී)
අනේ මන්දා හිතාගන්නවත් බැහැ මේවා. කොහොම උනත් මුල නම් අමතක කරන්න එපා (නදී)
ඔබතුමා කියන්නේ ඇත්ත කියලා අපි දන්නවා (නි)
වරදක් කළත් සිතකින් නොවේ.. (නි)
කූඹියෙකුටවත් වරදක් කළේ නැහැ (නදී)
ඔබ තුමාගේ නිර්භිතතාවය හා අවංක දේශපාලනය අගයමි. නමුත් ඔබ පිරිවරා සිටින ඔය දස මහා යෝධ බල ඇණිය ගැන නම් කිසිම පැහැදීමක් නැති තරම්!(දිල්)
අපේ අයට අතීතය ඉක්මණින් අමතකවෙන එකයි හිතට දුක (නි)
එත කොට විපක්ෂයෙන් එන අයට ඇමතිකම් දීල එදා ඉදන් නිදහස් පක්ෂේ ඉන්න අයට මුල් තැන දෙන්නේ නැති එක වරදක් නොවේද ? (නදී)
කාටද දැන් වරඳක් වුණේ (දිල්)
ජනාදිපති කිසි වරදක් කලේ නැහැ මෛත්‍රී මහතාට ඒවගේම මෛත්‍රී මහතාත් කිසි වරදක් කලේ නෙහැ. ඔහු ඔහුගේ ගමන වෙනස් කළා පමණි. (ර)
ඔබතුමා වරදක් නොකළත් ඔබතුමා යටතේ ඉන්න අය කරන වැරදි නිසා අද මේ තත්වය ඇතිවෙලා තියෙනවා කියලයි අපි හිතන්නේ. හරිම කණගාටුදායක වගේම භයානක තත්වයක්. (නි)
කුඩු කාපු විත්තිය එලිවෙනවට බයේද? (ස)
අර ආතති හැදුන මහත්තයා කෝ? (නි)
ඉන්දු ඔබේ අදහසට මම 100% එකග වෙනවා. නමුත් ඇවිත් තියෙන්නේ ජනාදිපතිවරනයක්. ඒ නිසා මුල අමතක නොකර ඡන්දය පාවිචිචි කලොත් රටම දිනුම් (නදී)
තව ටික දිනකින් අපට පොලොන්නරුව පැත්තෙන් ඇහේවි " වරදක් කළත් සිතකින් නොවෙයි පළිගන්නේ රිදවන්නේ ඇයි? " කියලා. (ස)
ඔබතුමා මෛත්‍රීපාලට නම් වරදක් කලේ නෑ තමා. වරද කලේ ඔබතුමා ගැන විශ්වාසය තියල ඡන්දෙ දුන්න අපිටනේ. යුද්දේ ඉවරකරලා සාමය ලබාදුන්නට කාලගුණ සැලකීමක් වශයෙන් නැවතත් ඔබතුමාව අපි ජනාධිපති කලා. යුද්ධේ කාලේ අපි බඩගින්නත් ඉවසුවා. යුද්ධෙට සල්ලි ඕනනේ කියල. නමුත් යුද්ධෙට පස්සේ ඔබතුමා කලේ හොරු ටික ලගින් තියාගන පුළුවන් තරම් උන්ට හොරා කන්න ඉඩ හැරියා . විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. ඒ නිසා යුද්ධේ ඉවරවුනාට පස්සේ ඉතුරුවුන සල්ලිවල ප්‍රතිලාභ අපිට ලැබුනේ නෑ අහස උසට බදු ගන්න යවල බදු ගහල දුප්පත් අපිවම නැති කලා. යුද්ධ කාලෙට වඩා අපි දුක් වින්දා (නදී)
කව්ද 2015 ජනාධිපතිවරණය දිනන්නේ ? (නදී)
අපි මහින්ද සමගයි. අපිට මුල අමතක නැහැ (නදී)
මේක පුද්ගලික ප්‍රශ්ණයක් නෙමෙයි. ඔබ ඔහුට වරදක් නොකලත් රටේ ජනතාව කර ඇති වරදක් නිසා තමයි මේ දේ උනේ. (නදී)
යුද්ධය දිනුවා කියලා මේ සිදුවන දේවල් අපිට දරාගන්න බැහැ (නි)
ඔබතුමා නිර්භීතයි අවංකයි.ඒ වගේම මේ මැතිවරණයත් භීෂණයකින් තොරව සාධාරණව පවත්වන්න ඔබතුමාට හැකිවේවා! (නි)
මෛත්‍රීට වැරැද්දක් කරලා නැතුව ඇති. නමුත් 2005, 2010 විධායක ක්‍රමය අහෝසි කරනවා කිව්වා පොරොන්දු ඉටු නොකිරීම සහ 18වෙනි සංශෝධන සම්මත කරපු එකත් නම් වැරැද්දක්. එකේ ප්‍රතිපල තමයි දැන් සිදු වෙන්නේ. (හේ)
දේශපාලකයකු වශයෙන් තමන්ට උනු වැරද්දක් නෙවේ රටට වැරද්දක් වනවා කියා සිතුනා. (නදී)
මොනවා උනත් රටේ නිදහසේ ඇවිදින්න පුළුවන් නිසා අපි ඔබත් එක්ක (නදී)
මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිම වරදක් නොකළා නම් හොරෙන් ෆයිල් හදල අවස්ථාවක් එනකම් බලා හිටියේ මොකද ජනාධිපති තුමෝ? ඒ කත් අර තුන්වෙනි වතාවටත් ඡන්දය ඉල්ලනවා වගේ සදාචාර විරෝධී ක්‍රියාවක් නොවෙයිද? (නදී)
ඇවිත් තියෙන්නේ ජනාධිපතිවරණයක්. ඒ නිසා මුල අමතක කරන්න බැහැ. මොනවා උනත් රටේ නිදහසේ ඇවිදින්න පුළුවන් ඔබ තුමා නිසා. අපි ඔබත් එක්ක. (නදී)
මෙවැනි පිල් මාරු කරන ප්‍රතිපත්තියක් නැති අයෙක් රටේ නායකකමට සුදුසුද කියා ජනතාව තීන්දු කරාවි. (නදී)
ෆොන්සේකා මහත්මයා කරගත්තු ටිකවත් මෙයාට කරගන්න බැහැ (නදී)
ඔය හැමෝටම හිතෙන හිතෙන විදියට බෙදාගන්න නොදි් නායකයා පාලනය කරපු එක නේ වැරැද්ද? සහෝදරකමක වටිනාකම නොදන්න ඊර්ෂ්‍යාව. (නදී)
ජනපතිදුනි අපි ඔබ සමඟයි. (අ)
එහෙමවත් කියමු දැන් (නදී)
ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල් බොහෝමයක් දියුණු වුනේ තනි ශක්තිමත් පාලකයන්ගෙන්. මේ යන ශක්තිමත් ගමන කඩාකප්පල් කර ගන්න එපා කියලා සියලු ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි. (හේ)
ඔබ ඔහුට වරදක් නොකලත් පළමු ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග ගේ බලකිරීම උඩ ඔබට උදව් නොකිරීම ගැන ඔහුගේ හිතේ මුල ඉඳන්ම විචිකිච්චාවක් තිබුනා. ඒක තමයි දැන් මේ එලියට ඇවිත් තියෙන්නේ. කොහොම උනත් එ.ජා.ප යේ කෙනෙක් රටේ නායකයා කරන්න ඡන්දෙ දෙයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ? (නදී)
හැමෝම විරුද්ධ පක්ෂෙට ගිහිල්ලා. ආණ්ඩුවේ මැති ඇමතිලා 45 ක් ඉතුරු උනොත් මම නම් ගොඩාක්ම කැමතියි. එවිට විනාශ වෙන ජාතික සම්පත් ඉතිරි වෙනවා. ආණ්ඩුව මැතිවරණය තව අවුරුදු දෙකකට කල් දැමුවොත් වඩාත්ම හොඳයි. පැනපු අයට වැවම තමයි (නදී)
"තණ්හාය ජායති ශෝකෝ" මෛත්‍රීපාල මහත්තයට නම් මේවා මතක් වෙන එකක් නැහැ. (නදී)
ඔබ තුමා දිනනවා එ්කේ දෙකක් නෑ, නමුත් ඔබ තුමා රටේ හැමෝටම නිතිය හා සාධාරණය ඉටු කොරන්න, දේශපාලන හෙන්චියන්ගෙන් සහ මැරයන්ගෙන් මේ රටේ ඉන්න සැම මනුස්සෙයෙක්ම ආරක්ෂා කොරල ඔය වැරදි කොරන හැම කෙනාටම නිසි දඬුවම් දෙන්න.(ස)
හැමදේම අපිට හොඳට තේරෙනවා. (නි)
හිටපු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා කිසිම වරදක් නොකළ බවද ජනපති එහිදී කීවේය. එයාට වුන වරදට නොවෙයි එයා ගියේ රටට වුන වරදට. (අ)
මට ගැහුවෙත් නැහැ, මම ගැහුවෙත් නැහැ, කාපු පිගාන අනිත් පැත්ත හරවල පහරපු එකයි වැරදි. පොදු අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි විරුද්ධ පක්ෂ ගියපාර පොන්සේකාට කරපු දේම මේ පර මෛත්‍රීපාල ටත් කලා.(ස)
මෛත්‍රී අයියත් හිතකින් නොවේ ගියේ .රට බේරාගන්නනේ ගියේ නැත්නම් ඔක්කොම ඉවරයි(අ)
අැයි හාල් මිල ස්තාවර කරනවට විරුද්ද උනේ? (නදී)
කිසිවක් කිව නොහැක
මේ සම්භන්ධව විවිධ මත තියෙනවා (දී)
මිනිස්සු බලාගෙන ඉන්නේ (දී)
දේශපානය ගැන මම කතා කරන්න කැමති නැහැ (දී)
දිය රෙද්දෙන් බෙල්ල කපන හැටි ඉගැන්නුවා නේද ඔබ තුමා? (නදී)