විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර කළැයි කියන පවුල් දෙකකට අයිති කඩ දෙකක් අද (19) අලුයම ලොකු වාහනයක් හප්පවා කඩා දමා ඇතැයි ද උඩුගම බාර් හන්දියේ ඇළ අසල මේ කඩ දෙක පිහිටි බවද උඩුගම පොලිසියට පැමිණිලි කර ඇත.
කඩ කඩා දැමීමෙන් පසුව අහසට වෙඩි තැබූ දේශපාලනඥයකු ඇතුළු මැර පිරිසක් තර්ජනය කළ බවද කඩ හිමියෝ කියති.
මට ඉහළින් මේ පැත්තේ කිසි එකකුට කිසිවක් කරන්න බැරි යැයි එම දේශපාලනඥයා කිවූ බවද අසල්වැසියෝ කියති.
මෙම දේශපාලනඥයාගේ සගයකු වන පළාත් සභා ඇමැතිවරයකු මැදිහත්වී යළි එම කඩ දෙක තනා දීමට යන බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් හරිම කැත වැඩ (නි)
මේක ගැන නම් මට සැකයි (නි)
ඉතා සාධාරණ මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි ඉතා පැහැදිලියි (නි)
ඕක කරපු අයට සාප වේවා (බ)
ආශ්චර්යය පටන් අරන් වගෙයි.(හේ)
වෛරීය දේශපාලනය හෙලා දකිමු.(හේ)
එම කඩ දෙක කළ වැරැද්ද මොකක්ද දන්නෙ නැහැ (නි)
ජනතා සාපය කට්ටිය පසු පස ගමන් කරනවා.හරියට කරත්තය බැදී ගොනා පසු පස ගමන් කරනවා වගේ. (බ)
මැර දේශපාලනය තව දුරටත් රජ කරවමුද? තීරණය ඔබ අතේ. (හේ)
අනේ වැඩි සද්ද බද්ද නැතිව තිබුණු සාමකාමී පළාතක් මේක.(හේ)
මේ වගේ වැඩ වලින් වෙන්නේ ලැබෙන ඡන්දත් නැතිවෙනවා.(හේ)
යහ පාලනය. (නදී)
බන්දුලත් ළඟ හිටියද දන්නේ නැහැ (නි)