උතුරට ගිය ප්‍රථම ගමනේදී මෛත්‍රිපාල සිරිසේන ජනපති උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
හින්දු සිරිතට ජනපති නළලේ තිලකද තැබිණි. විග්නේෂ්වරන් මහතා මල්දමකින් ජනපති ගෙල සැරසීය.
යාපන දිසාපති කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමකට ජනපති මුලින්ම සහභාගී විය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද එජාප හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුද එහි වූහ. උතුරේ ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පළිහක්කාර හා ත්‍රිවිධ හමුදාපතිවරුද පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ජාතින් අතර එකමුතුකම රටක දිනුමට අත්‍යවශ්‍යයි. (ර)