(අංජුල මහික වීරරත්න)
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු අවස්ථාවලදී ෂින්ෂො අබේ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් සහයෝගය දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ඉකුත් ජුලි 8වැනිදා සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ෂින්ෂො අබෙි මහතා අභාවප්‍රාප්ත විය.
ෂින්ෂො අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වැනිදා ජපානයේ දී සිදු සිදුකිරීමට නියමිත ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ප්‍රධාන රටවල සිටි නායකයන් සහ වරතමනයේ සිටිනා නායකයන් කිහිප දෙනෙකු ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙන බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ
මළ ගෙදර යන්නේ මහජනතාවගේ මුදලින් නෙමේ නේද?
තමන්ගේ මිතුරාට අවසන් ගෞරව දැක්වීමට රටේ සල්ලි වලින් නොව තමන්ගේ සල්ලිවලින් යා යුතුයි. ඒ තමයි යුතුකම. එසේ එසේ නොකොලොත් අනුන්ගේ මගුල් ගෙදර දී තමන්ගේ අතින් කෑම බෙදනවා වගේ වැඩක්.
මෙයාගේ ලොකුම අසව තමයි මහජන මුදලින් ලෝකේ වටේ සවාරි යනඑක , යහපාලන සමයේත් මෙයා වැඩිහරියක් හිටියේ පිටරට
මොකක් ? ජුලී 8 මැරන කෙනාගේ අවසන් කටයුතු කරන්නේ අගෝස්තු 27 ද ?
අඩේ ජපානේ අමුවෙන් මාළු කෑවට අගමැති කරවල කරනවා නෙහ්...
රනිල්ට මම පුද්ගලිකව කැමැති නැහැ. හැබැයි මොනවා වුණත් දැන් ලංකාවේ ජනාධිපති රනිල්... 3 වැනි ලෝකයේ රටක් වශයෙන් අපිට ජපානය වගේ රටවල් එක්ක සම්බන්ධතාවය අවශ්‍යයි... රනිල් මළගෙදර යන්නේ ලංකාව නියෝජනය කරන්න මිසක් පුද්ගලික ගමනක් නොවේ.
මෙයා රට සවාරි ගහන්න වගේම දෙණියාය පැත්තේ ඒ කාලේ හෙලිකොප්ටර් සවාරිත් ගැහුවේ එහෙම නේද?
කී දෙනෙක් රනිල් එක්ක යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඉස්සර හිටපු නායකයා දෙතුන් සීය පිරිවරාගෙන හරිම උජාරුවට ගියේ...?