මුතුරාජවෙල තෙත්බිම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලා එය මාර්තු 09 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කුණු කසළ බැහැර කිරීම අභියෝගයට ලක් කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානේගේ රංජිත් සිසිර කුමාර විසින් ජනවාරි 26 වන දින අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

පෙත්සම්කරුවන් එහි සඳහන් කර ඇත්තේ තෙත් බිම අසල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කිහිපයක් ඒවායේ හානිකර ද්‍රව්‍ය හා අප ජලය මුතුරාජවෙල තෙත් බිම් කලාපවලට බැහැර කරන බවයි.
මුතුරාජවෙල තෙත් බිම පුරවා කුණු කසළ බැහැර කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත ඇතුළු පරිසර යුක්ති කේන්ද්‍රයේ සියලුම " මිනිස් හදවතක් ඇති මිනිසුන්ට" ස්තුතියි. දූෂිත දේශපාලුවන්ගේ ඉඳුල් බුදින නොමිනිසුන්ගෙන් මේ රටේ පරිසරය බේරා ගැනීමට ඔබ සැමකරන සටනට තවතවත් දිරිය ශක්තිය ලැබේවා.
ඔක්සිජන් කන්නාගෙන් වාර්තාවක් අරන් යවන්න..