මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයේ අගමැති අපේක්ෂකකම හෝ කණ්ඩායමක් නායකත්වය නොදීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේ දී අවධාරණය කළ බව දේශපාලන ආරංචි කියයි.
ඒ අනුව වෙනම පක්ෂයකින් හිටපු ජනපති ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් වීම ස්ථිර බව ද එම ආරංචි සඳහන් කරයි.
වෙන ලැයිස්තුවකින් ඉදිරිපත් වීම සඳහා පක්ෂ තුනක නම් සාකච්ඡා වන බවත්, එහි අවසන් තීරණය හිටපු ජනපති ගනු ඇති බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනුකි රටේ වර්තමාන තත්වය බොහොම අපුරුවට කෙටියෙන් ලියා තිබෙනවා (නි)
ඔබතුමා ගන්න ඕනෑම තීරණයකට අපි එකඟයි (නි)
මහින්ද කළේම රට අරාජික කරපු එක 8 වෙනිදෙන් පස්සේ. හිතං ඇති ලංකාවේ හැමෝම ඔහුගේ නඩේ වගේ ලිදේ ඉන්න ගෙම්බෝ කියල. අපේ රටට ඕනේ සංවර්ධනය. පාට පක්ෂ වලට බෙදිලා කුලල් කාපු යුගේ වාසිය ගියේ ලොක්කොන්ට මිසක් සාමාන්‍ය ජනතාවට නෙවෙයි. මොන පක්ෂෙට ඡන්දෙ දුන්නත් යමක් කරන්න පුළුවන් කෙනෙක්ව පාර්ලිමේන්තුවට යවන්න. රට අරාජික කරන වෛරී දේශපාලුවෝ මේ පාර ඡන්දෙන් ගෙදර යවන්න (බ)
හරියටම හරි. ඔබතුමා කිසිවෙකුට කොන්ද නවන්න ඕනෑ නැහැ (නි)
සමහරු කියනවා ගියපාර ඡන්දෙ දුන්නේ වෙනසකට මේ පාර ආපහු මහින්දට කියලා. ඔයාලා ගිය පාර දුන්නෙත් මහින්දට කියලා අපි දන්නවා (නි)
අනේ සනුකි, 5% ක් මහින්ද ඡන්දය ගන්නවා කියන්නේ ලක්ෂ 6 ක්වත් ගන්න ඕනෑ. (නි)
මෙයාට තේරෙන්න එක්ක වෙනම ඉල්ලන්න පසුවට මේව එයාට තේරෙයි එයා මේ කරන්නෙ රනිල්ගෙ කොන්ත්‍රාත්තුවක් බව අපට පේනව අපි ඔබ සමගයි (බ)
ශ්‍රීමා, සත්‍යයා පැරදීම ගැන කියනවා නම් ඒ ගැන කතාකරන්න කට්ටිය කොච්චර ඉන්නවද? (නි)
මෝඩ තකතීරු තීරණයක්. දැන් ඉතින් රනිල් ගොඩ. ශ්‍රී ලංකා එක ඉවරයි (බ)
අපේ ජනපතිතුමාට ජයවේවා! (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඔබතුමා හැමදාම ගත්තේ නිවැරදි තීරණ බව අපි දන්නවා (නි)
දේසපාලන බල පෙරේත බව නොමැතිව,තමන් සතුවූ විධායක බලතල අඩුකළ එකම දේශපාලකයා වර්තමාන ජනපතිතුමාය.නමුත් ඉතිරි වැඩිම දෙනෙකුගේ දේශපාලන බල පෙරේතබව නිසා විධායක ව්‍යවස්ථාවේ ඉතිරි හරිය වෙනස්කර ගැනීමට බැරිවිය. එබැවින් අද රටට අවශ්‍ය ඉතිරි දේශපාලන වෙනස්කම් සිදුකිරීමටත්,කාටත් සාමයෙන් විසිය හැකි සිංහල රටක් බිහිකිරීමේ හැකියාවත් එතුමාට ලැබේවා! (නි)
වෙනත් ප්‍රජතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්ෂ නායකයන් ඡන්දයකින් පැරදුනාම මහජනතාවගේ තීරණයට හිස නමා තනතුරින් ඉල්ලා අස්වීම හෝ විශ්‍රාම යාම සාමාන්‍ය සිරිතක්. මොකද මෙහේ මෙතරම් බල තණ්හාවක්? (නි)
2010 ජනදිපතිවරණයට වඩා 20 ලක්ෂයකින් ප්‍රතික්ෂේප වුන එකෙක්ට, තව මොන ඡන්දද ???? මරාගේ ඔලුව හොඳ නැහැ පව් (බ)
ජයන්ත, ශ්‍රී ලංකා එකනම් ඉවරවෙන්නේ නැහැ. නමුත් මහින්ද නම් මොකෙන් ආවත් අනාතයි.(බ)
අපිත් ඔබතුමා සමඟයි (නි)
ඔබතුමා ගත් තීරණය ඉතා හොඳයි. ඔබතුමාට ජය! (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
ඔබ ගත් තීරණය නිවැරදියි (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුම හිතෙනවා.කවදාද මේ මිනිස්සු පක්ෂ පාට අතහරින්නෙ? (නි)
පැහැදිලි ස්ථාවරයක් ඇති ඔබ රටට වාසනාවන්! (නි)
ජය වේවා ජනාධිපති තුමනි.! ඔබ තුමා නියම එඩිතර නායකයෙක්. (ර)
ඔබට ජය හා සතුට! (නි)
හොඳ තීරණයක්, ගියපාර අපි මහින්දට , එත් මේ පාර ඔබතුමාට. (ර)
අපි මුලා නොවෙමු. කළගුණ සළකමු. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා, පොලිටික්ස් ජිල්මර්ට් එකක් කියමුද? (ර)
අපි ජනවාරි 8 වෙනිදා ගත්ත තීරණය ඉතා නිවැරදි බව ඔබතුමා යළිත් පෙන්නුම් කලා. අපෙන් සුබ පැතුම්.ඔබ අපේ රටට බිහිවූ කාලයකට පස්සේ බිහි වුණු ඉතාමත්ම හොද ජනධිපතිවරයෙක්. (ම)
මහින්ද මැතිදුනි ඔබ මොන පක්ෂයකින් ආවත් 58% ඔබ සමගමයි. අපිට පක්ෂය නෙවෙයි වැදගත්.(ම)
ඔබ ගත්තේ රටට වැඩදායක තීරණයක්. (ර)
අතිගරු ජනතිපතිතුමනි කියා ඇමතීමට ඔබතුමා වඩාත් සුදුස්සා. ඔබට තෙරුවන් සරණයි. (ම)
ඔබතුමා හරි ජනාධිපතිතුමනි,ඔබතුමා නිවැරදියි. (නි)
අපිත් මේ බලාගෙන ඉන්නේ උන්නැහේ කරලා තියෙන ඒවාට කළගුණ සලකන්න තමයි.(ම)
මේ තීරණය ගැන අපට ගොඩක් සතුටුයි.(හේ)
අන්න වැදගත් තීරණයක්.(හේ)
ඔබට එඩිතර නායකයෙක් (නි)
ඔබ අපේ රටට බිහිවූ ඉතාමත්ම හොද ජනදිපතිවරයෙක්. (ර)
ඔබතුමා ගත්තේ නිවැරදි එඩිතර තීරණයක් (ම)
ප්‍රතිපල බලමු 17 වෙනිදට. (ර)
දූෂණ වංචා හොරකම් චෝදනා නොමැති උගත් බුද්ධිමත් අය යොදවා පැරදුනත් මහා නම්බුවක්. ඔබ වැදගක් තීරණ නොබියව ගන්නෙක් බව තවදුරටත් තහවුරු විය.ඔබ අති විශිෂ්ටයෙක්! ශ්‍රේෂ්ඨයෙක්! ඔබට ජයවේවා! ජයවේවා! (නි)
රටේ සුභ සිද්ධිය උදෙසා මහින්ද වටා එක්රැස් වීම යුතුකමය. (ර)
අතිගරු ජනාධිපතිතුමනි,ඔබ ගත් තීරණය නිවැරදියි,ඔබතුමාට ජය! (ම)
චන්ද්‍රිකාට ඕනෑම වෙලාවක නිදහස් පක්ෂයෙන් ඡන්දේ ඉල්ලන්න පුළුවන් නම්, මහින්දට බැරි මොකද ?? (ම)
අපි ශ්‍රී ලංකා පුරවැසියෝ අපේ ඡන්දය ඔබටයි ජයවේවා.! (ර)
බහුතර උගත් ජන විඥානය ඔබ හදුනා ගැනීම ගැන සතුටුයි.(ම)
‘බස් වලින් හැම තැනටම ගෙන ගිය එකම සෙනග නිසා වරක් රැවටුණු මහින්ද යළිත් රැවටිලා: ජනමතය කුමක්දැයි මං දන්නවා: මහින්දට එජනිසයෙන් හෝ ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නෑ‘ -මෛත්‍රී එජනිස පක්ෂ නායකයන්ට නිල වශයෙන් දැනුම් දෙයි.(ම)
ඔව්, කොහොමත් ඔබට අයිතියක් නෑ එතුමට අවස්ථාවක් දෙන්න. (ර)
මුලින්ම පක්ෂය දෙකට කැඩුවා.දෙවනුව රනිල්ට වික්කා.ඔන්න පොදු අපේක්ෂක කෙරුවාව. (අ)
ගිය පාර අපි රනිල්ට ... මේ පාර අපි මහින්දට. (ර)
ඔබේ අමිල ගුණයට නොසැලෙන විර්යට අපි සුබ පතනවා ජනපතිදුනි! (ර)
ඔබේ වැදගත් තීරණයට අපේ ප්‍රණාමය (ම)
අපි කොහේ හිටියත් මහින්දට (බ)
ඔබට සදා ජය ජනපතිතුමනි! (නි)
ජයවේවා මැතිඳුනි , ලක්ෂ හැට දෙකක ජනතාව ලද ජයක් , (බ)
ජයවේවා අපේ ජනාධිපතිතුමාට! (නි)
අපි බලමුකෝ ජනතාවගේ තීරණයත් මොකක්ද කියලා (නි)
ඇත්තටම හොඳයි (නි)
ඔබගේ නම්බුකාර තීරණයට අපි හිසනමා ආචාර කරමු! (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
අනේ අම්මෝ! හොරු නම් අපිට එපා.ජනාධිපතිතුමනි, රට රකින්න. (නි)
අපි ඉවසලා බලමුකෝ සිද්ධවෙන දේ... (නි)
ජනතාව සියල්ල තීරණය කරනු ඇත! (නි)
මෛත්‍රිපාල ශ්‍රී ලංකා එක නැති කරන රනිල්ගේ කොන්ත්‍රාත් එක කරන්නේ. ගිය පාර අපි මෛත්‍රී ට දුන්නේ ඇත්තටම මේ පාර මහින්දට දෙනවා (බ)
ඔබ ඔවැනි තීරණ දිගටම ගන්න මැතිඳුනි. අපි ඔබ සමඟ ඉන්නවා (නි)
මම දාන්න හිටපු අදහස මෙතන අය කියලා.... (නි)
මම නම් කියන්නේ මෙවර මහින්ද දිනනවා කියලයි (නි)
ඔබ සමඟ අපි එකඟයි.ජයවේවා! (නි)
ඔබ සැබවින්ම නිර්භීත තීරණයක් ගත්තේ මැතිඳුනි (නි)
අපි ශ්‍රී ලංකා පුරවැසියෝ.අපේ ඡන්දය ඔබටයි. ජයවේවා! (නි)
සමහර දෙනෙක් හිතන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක් නැතහොත් ජාතියේ පිනට පහළවුණ භාග්‍යවන්තයෙක් කියලා. ඔහුගේ පාලන කාලයේ මුළු ලංකාවම වෙලාගත් විෂමාචාර වලට පාදකවුයේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසු වල්මත්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවම රටේ සිටිනවා කියන්නේ සතුටුවිය හැකි කරුණක් නොව අනාගතය පිළිබඳ බිය එළවන කරුණක්. සැවොම මෙය සිත්හි ධාරණය කර ගනිත්වා! (නි)
දැන්නම් මහින්ද මොන පක්ෂයෙන් ආවත් අපි මහින්දට! (නි)
හොඳයි අපි බලමු 17 ට පස්සේ. නිවැරදි තීරණයක් ජනතාව දෙනවා. (නි)
මහින්ද දැන් වෙන කෙනකුට අවස්ථාව දෙන්න ඕනෑ. පරාජය වුණා නම් ඒක බාරගෙන පැත්තකට වෙන්න ඕනෑ (නි)
අභීත තීරණයට සුබ පැතුම්! (නි)
ජනවාරි 8 දාට පස්සේ අපි අහපු හොඳම ප්‍රවෘත්තිය! (නි)
ජනපතිඳුනි,ඔබට ජය ශ්‍රී! (නි)
පිවිතුරු යහපාල, ඔයාට පිස්සුද? මහින්ද මහත්තයා දකුණේ කෙනෙක්. එයා මහ ඇමති වෙනවා නම් දකුණේ මහා ඇමතියි වෙන්න ඕනෑ.නැතුව බස්නාහිර මහ ඇමති නෙමෙයි (නි)
ඔබගේ තීරණයට අපේ ආචාරය! (නි)
අන්තිම තීරණය තිබෙන්නේ මහජනතාව අතේය (නි)
දකුණේ අපි නම් කවදත් මහින්ද මහතා සමඟයි! (නි)
ඔබතුමා ගත්තේ නිවැරදි එඩිතර තීරණයක්.රටේ බිහිවුණ ආදර්ශවත් නායකයෙක්. දීර්ඝායු වේවා!!! (නි)
මෙවැනි වැදගත් අභීත තීරණයක් ගත් අපේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ට අපේ ආචාරය!!! ආපසු බලයට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය තෝතැන්නක් කරගැනීමට වලිකෑ, බලලෝභී හිටපු සමහරුන්ට මුළු රටම, අවශ්‍ය වෙලාවට නිසි පිළිතුර දෙනු ඇත. (නි)
ඔබට ජයශ්‍රී මැතිඳුනි! (නි)
අපි එතුමාට රට හදන්න සහය වෙමු (නි)
ඒ වුණත් මහින්ද නැත්නම් අපිට වැඩක් නැහැ. (නි)
ජයවේවා! රට පිරිසිදු කරමු ජනපතිතුමනි. ඔබට අපේ උත්තමාචාරය! (නි)
17 වෙනිදායින් පස්සේ පිවිතුරු යහපාල වැළපෙනවා අපිට බලන්න නම් බැහැ. (නි)
ඔබතුමා සමඟ අපිත් ඉන්නවා. (නි)
අතිගරු ජනාධිපති තුමනි, ඔබ බලයට පත්වී දින 170 ක කාලයක් තුල ඔබගේ පරිනත බව මනාව පෙන්නුම් කර ඇත. මෙය පක්ෂ පාට වෙනුවෙන් නොව රට වෙනුවෙන් සිතිය යුතු කාලයයි. මහින්ද රාජපක්ෂ ගේ සිත තුල ඇත්තේ වෛරය පමණි. ඔහු බලයට පත් වුවහොත්, පළමුවෙන්ම කරන්නේ ඔබට හැකිතාත් ප්‍රහාර එල්ල කර ඔබව අපහසු තාවයට පත්කිරීමත් ඔබ සහ ඔබ වෙනුවෙන් වැඩ කළ සියලු දෙනාගෙන් පළිගැනීමත් පමණි. එවිට අරාජික වන්නේ රටයි. (බ)
වෙනසකට අපිත් ආසයි. ඒක නිසා තමයි අපි වෙනසකට ඡන්දය දුන්නේ. දැන් අපි වෙනසක් කරමු මහින්ද මැතිතුමනි. (නි)
ජනපතිඳුනි,අපි ඔබ සමඟයි. ඔබට ජයවේවා! (නි)
කොන්ද කෙලින් තියාගෙන ගත් තීරණයක්.(හේ)
හොඳ තීරණයක් මහජනයගේ ලක්ෂ 62ක ඡන්දයට ගරුකළ ඔබතුමා සැබෑ නිර්භීතයෙක් බුදුසරණයි (අ)
ඉත්තෙක් වුණත් කලකට පසු බිහි වූ හොඳ ජනපති කෙනෙක් යු අන් පිය ගොඩ දැම්මට අනෙක වාරයක් පින් ලැබෙනවා (අ)
එයාගේ තීරණය ගැන අපි දන්නවානේ එය දැන් සභාපති කම කරන්නෙත් නොක්කාඩුවට මහින්ද මහත්තයත් මෝඩයෙක් කියල කොහොම වුණත් මට තේරෙන්නේ රට විනාස වුණා කියල මේ මගුල් ආණ්ඩුවක් නිසා (අ)
අපි බේරා දුන් ජනාධිපතිතුමාට ජයවේවා! (අ)
අදහස් දැක්කහම හිතට සතුටුයි (නි)
මහින්ද මහත්තය මේ පාරත් පැරදුනොත් අපි දිවි හිමියෙන් කැපවෙලා කොහොම හරි එතුමාව බස්නාහිර මහා ඇමති කරමු.(අ)
මේ පාර ජන්දේ ගෙන මගේ අනාවැකිය : එජාපය 46% නිදහස් පක්ෂය : 31%; ජනතා විමුක්ති පෙරමුණ :9% ; මහින්ද මහතාගේ පක්ෂය :5%; වෙනත්:9%. මේ පාරත් කිරිගහට ඇන්න වගේ (අ)
ප්‍රදාන පක්ෂයකින් ඉල්ලලා විශාල ජන්ද සංක්‍යාවක් ගත්ත සරත් මහත්තයට තනියෙන් ඉල්ලලා ආසන කීයද හම්බුනේ. අද මහින්ද ඉන්නේ එදා සරත් මහත්තය හිටියට වඩා ගොඩාක් පල්ලෙහායින්.මහින්ද පැරදිච්ච ගමන් ජන්දෙකට යනවා කියන්නේ ලක්ෂ 2 ක් වත් ගනීද දන්නේ නැහැ ලංකාවෙන්ම.(අ)
දුෂණ චෝදනා තියෙන,කුඩු විකුනපු ,මිනීමරු ,එතනෝල් ,මෙගා ඩීල් අයට මෛත්‍රී මහත්තය මේ පාර නාම යෝජනා දෙන්නේ නැහැල්ලුනේ. ඒගොල්ලෝ වෙනම ඉල්ලන එක සාධාරණයි.මොකද මේ හොරුන්ට පාර්ලිමෙන්තුවට්ට රිංගුවේ නැත්තම් හිර ගේ තමයි. (අ)
"මොන පක්ෂෙන් ආවත් මහින්ද දිනනවා", ""මහින්ද ඉන්නේ හදවතේ" කියල තමයි ලොකුවට කියවන්නේ. එහෙමනම් ස්වාධීනව හරි ඔය භූමිපුත්‍ර වගේ එකකින් හරි ඉල්ලලා දිනලා පෙන්වන්න. තවත් එල්ලී එල්ලී ඉන්නේ නැතුව. මේකෙන් වෙන්නේ තණ්හාව නිසා ප්‍රබල විපක්ෂයකුත් නැතිවෙන එක.(අ)
ජයවේවා! (අ)
සමහර මිනිස්සු හිතනවා ඔබ තුමාට කොන්දක් නෑ කියලා... මෙම තීරණය නිසා ඒ අයත් හිතගනී ඔබ තුමා කෙලින් වැඩ කරන කෙනෙක් කියලා...ඔබ තුමාට තෙරුවන් සරණයි!!!! හැමදාමත් මිනිස්සු වෙනුවෙන් මේ වගේ කෙලින් තීරණ අරගෙන කටයුතු කරන්න.. ලක්ෂ 62ක් ඔබ සමග ඉන්නවා.(අ)
මහින්දට දෙන ඡන්දෙ විපක්ෂෙට යන්න දෙන ඡන්දයක් (අ)
මෙන්න බොලේ හැංගිලා හිටිය හංස පැටව් එලියට බැහැලා..මහින්ද නැති ශ්‍රීලංකා එකට අපත් නැහැ මේ සැරේ (අ)
මහින්ද නැති ශ්‍රී.ල.නි.ප.ය අපිට නම් නිකන් හරියට පරිප්පු නැති හෝටලය වගේ. මේ පාර එහෙනම් ශ්‍රී.ල.නි.ප.ය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න අමාරුයි වගේ. එක්ව සැනසෙනවාද, වෙන්ව වෙන්වෙනවාද? තීරණය ඔබ සතුයි. (නි)
ජනතාවගේ පැහැදිලි ඡන්ද තීරණයකින් පරාජයට පත්වූ මිනිසෙකුට අගමැති අපේක්ෂක කම දෙනවා කියන්නේ වර්තමාන ජනාධිපති තමන්ව බලයට පත්කළ ජනතාවට පයින් ගැසීමක්. හොඳ වෙලාවට මෛත්‍රීපාල මහත්මයට ඒක තේරුණ නිසා තමයි ඔය වැදගත් තීරනය ගත්තේ. දැන් ඉතින් ජනතාව අලුත් ජනාධිපතිව රැක ගන්න ඕනේ. (අ)
හොරු 40 ට අලි බබා නැතුව බැහැ. රට බේර ගන්න ඉදිරියටම එන්න බබෝ...එන්න! (අ)
මෛත්‍රී මහතා රනිල්ව ගොඩ දැම්මා..(අ)
එපමණක් නොවෙයි හොරුන්ට හා හොරු වෙනුවෙන් හොරුන්ටත් රටේ කිසිම ජාලයකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා ඔබ ගත් මේ වීර ක්‍රියාවට අපේ ආචාරය .(අ)
අතිගරු ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි , ප්‍රතිපත්තිමය දේශපාලනය කරන ඔබතුමාට අපේ ආචාරය. හොර තක්කඩි දේශපාලන දේශපාලකයෝ ලංකාවෙන් තුරන් කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවායි අප පාර්ථනා කරනවා (අ)
අපි ඔබ සමඟයි.
පිරිසුදු දෙයක් කරල පැරදුනත් ඒක තාවකාලිකයි. හොරු සමග දිනල මොකටද? මිනිස්සු මහින්දට වශීවෙලා ඉන්නේ ඔළුවෙන් නෙවෙයි හැඟීම් වලට වහල් වෙලා (අ)
ඔබතුමා ඔය ස්ථාවරයේම දිගටම ඉන්න (නි)
අපි මහින්දට! එච්චරයි මම නම් කියන්නේ (නි)
මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල්ට විකුණුවා. බලමු මොකද වෙන්නේ කියල රටට.(ම)
ඔබ ඔය ස්ථාවරයේම සැමදා සිටින්න ජනපතිතුමනි (නි)
ඔබතුමාගේ සියළු කටයුතු සඵල වේවා! (නි)
පැරදිලා ගෙදර ගියා නම් පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව, ආයේ එන්න දඟලන්නේ ඇයි කියලා මොළය තිබෙන ඡන්දදායකයෝ දන්නවා. (නි)
අන්න හරි. නියමයි. ඔබතුමා සමඟ අපි එකඟයි (නි)
ඔබට සදා ජය! (නි)
ඔබතුමා ඉතිහාසයට එකතුවෙන හොඳ නායකයෙක් ජනාධිපතිතුමනි...........(ම).
ඔබේ තීරණය ඉතාම අගය කරමි. ඔබ පක්ෂය කැඩෙන්න දෙන්නේ නැහැ කියා පවසනවාට වඩා මේ රටත්, මේ ඇතිවුණ ජාතික එකමුතුවත් කැඩෙන්න දෙන්නේ නැති බව පවසනවා නම් අපි තවත් කැමතියි (නි)
මහින්දට ජයවේවා! (නි)
ජනාධිපතිතුමාට ජයවේවා! (නි)