විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ පෞද්ගලික ඉඩමක සෙනසුරාදා පැවැත්වීය.
අක්කර බාගයක් පමණවූ ඉඩම මහජනයාගෙන් පිරී ගිය අතර එහි ඇතුළුවීමට නොහැකිවූ සෙනග පාරේ සිටියහ. මේ නිසා පැය 5 ක් පමණ එම මාර්ගය වසා දැමීමට පොලිසියට සිදුවිය.
මහජන ක්‍රීඩාංගණය හිස්ව තිබූ බවද පෙනිණි. එම පාරේ බස් ඇතුළු වාහන වෙනත් මාර්ගවලට හරවා යැවීමටද සිදුවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදීපු කෙනා වැරදියි. (නදී)
ඇත්තටම අවසර ඉල්ලලා නොදුන්නද නැත්නම් අදාල ආයතනය ගාවට ගිහින් ඇවිල්ල දුන්නේ නෑ කියනවද? මොකද එහෙම අයියලා ඉන්නේ. ඔය සමහර ආයතනවලත් නරුමයෝ ඉන්නවා. එ්කත් අමතක කරන්න බැහැ. (නදී)
මේ බලහත්කාරයට තිත තැබීමට තිබෙන අන්තිම අවස්තාව මේකයි (නදී)
බන්දුල පෙරේරා තාම මේ පුවත සාධාරණ කරණීය කරේ නැත්තේ මක් නිසාද ? (නදී)
මේ පිට්ටනිය ඉස්කෝලේට පේන දුර. විභාගය තියෙන වෙලාවේ දෙන්ඩ පුළුවන්ද. (නදී)
මාත් ඡන්දය දෙන්නේ මෛත්‍රී මහතාට, ඒ අපේ කෙනෙක් නිසා. (ර)
මෙයින් පෙනී යන්නේ මෛත්‍රී මැතිතුමාගේ ජය නියත බවයි. (ර)
කෝ අනේ ඒකෙ පින්තුර.? ඒවත් පල කලානම් නේද හොඳ.? මෙහෙම අකුරුවලින් විතරක් වාර්තා කලාම එක ගැන සැකයක් ඇතිවෙනවා. (ර)
මෛත්‍රීට මහතාට හදවතින්ම "ජනතා ගඟක්" එකතු වෙනවා. ඒ "ජනතා ගඟ" කාටවත් නවත්වන්න බැහැ. (ර)
මම නම් කාටවත් ඡන්දේ දෙන්නේ නෑ. (ර)
මටම ලැජ්ජයි මේ කරන වැඩ වලට මෛත්‍රී මහතාට ගොඩ යාමට ඇති අවස්ථා මෙයින් රජය බලෙන්ම ඇති කරනවා. (බ)
බන්දුල පෙරේරා ගොයිය මොකද කියන්නේ මේ වගේ වැඩ වලට තාමත් කඩේ යනවද නැත්නම් සත්‍යය තේරුම් බේරුම් කරගන්නවද ? (බ)
මේවා නම් අනුමත කරන්න අමාරු වැඩ. (නි)
යුක්තිය, සාධාරණය.....කියල දෙයක් තියෙනවා. කවද හරි සොබාදහමින් හෝ ඵල දෙනවා දෙනවාමයි. (බ)
මමත් මෙවැනි වැඩට අකමැතියි. ඒ නිසයි මම මෛත්‍රීට ඡන්දය දෙන්නේ (නි)
බන්දුල පෙරේරාගේ කඩේ යාමේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා. පවු අනේ! මේ වගේ කට්ටියත් ඉන්න ඕනෑනේ සමාජයකට. (නි)
මිනිපිට්ටනි ලගදි සින්දුවක් කියාගෙන යන්නේ බයට. අද ඒ වගේ තමයි. කට්ටිය හොදටම බය වෙලා. (බ)
මීළඟ වෛරක්කාරී දේශපාලනයක් නැහැ අපේ හාමුදුරුවනේ (බ)
ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා .ලැජ්ජයි මහත්තයෝ. (බ)
රටට, රටේ ජනතාවට ආදරේ කරන ඉතිරි ඇමතිලා,මන්ත්‍රීලත් එන්න මෛත්‍රී සමග එකතු වෙලා රට නිදහස් කර දෙන්න. (බ)
මම අද තීරණය කළා මගේ ඡන්දයත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කියලා. (ර)
තවත් අවරුදු 6 කට දුන්නොත් කොහොම තියේවිද?හිතපල්ලා මිනිසුනේ! (නදී)
කෝ අර පඩිත් අරන් මේවට ලියන බලකාය සද්දයක් නැහැ (නදී)
රටේ මින්ස්සු දැන් "හු" කියන්නේ ඒක තමයි. (නදී)
අවුලක් නැහැ යුද්දේ දිනුවනේ (නදී)
ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මන්ද? (නදී)
මෙවර මෛත්‍රී ට 65-70% ක ඡන්ද වැටෙනවා. ඒක "ඉර හද" වගේ විශ්වාසයි. (නදී)
මීට කලින් බලයේ සිටි කිසිම පාර්ශවයකින් මෙහෙම කසි කබල් වැඩ සිද්ධ වුනේ නැති බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි. (නදී)
බන්දුල ඔයා දැන් මොකද කියන්නේ ? (නදී)
තලාව විතරක් නෙමෙයි, මම ජීවත්වන ප්‍රදේශයේ රැස්වීමටත් කලේ ඕකමයි. පුද්ගලික ඉඩමක අන්තිමට රැස්වීම තිබ්බා. හරිම අසික්කිතයි. (නදී)
නෝනාවරුනි, මහත්වරුනි, මේ නිව්ස් එකට මේ වෙනකොට දාල තියන අදහස් දිහා බලල ඡන්ද ප්‍රතිපලය හිතා ගන්න පුළුවන් නේද.? (ර)
බන්දුල, මෙතාක් කල් බොහෝ දෙනා දැක්කේ ඔබ වැරැදී කියා. ඔබ වැරැද්ද නිවැරදි කලා. (ර)
ඒ වගේ වැඩ කරන්න හොද නෑ.ඒකෙන් වෙන්නේ ලැබෙන ඡන්ද ටිකත් අඩු වෙන එක විතරයි.(හේ)
ඔන්න අද පවතින ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ , විරුද්ධ පක්ෂයට රැස්විමක් පවත්වන්නට ඉඩක් නොදීම , ඒකාධිපති වාදයේ ලක්ෂණ මේවා තමයි.(හේ)
මේකද මහත්මා දේශපාලනය? මොකද මෙච්චර බය? (නදී)
ගියපාර මහින්දට. මේ පාර මෛත්‍රීට (නදී)
ඇයි ඔහුගේ රැස්වීමක් පවත්වන්න මේ පිට්ටනී නොදෙන්නේ.(හේ)
බාල දේශපාලනයේ මග සලකුණු ගෙන හැර දක්වන්නේ මෛත්‍රිගේ දිනුමයි (නදී)
මමත් අද තීරණය කළා මගේ ඡන්දයත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙනවා කියලා (නදී)
මේ වැඩ හොඳ නෑ,සාධාරණයක් තියෙන්න ඕනේ (නදී)
මොන දේ කිව්වත් ඕනෑම රජෙකේ බයයි පරදී කියලා එ් හින්දා අනිත් අයට එලියට එන්න තියෙන ඉඩ පුළුවන් තරම් නැති කරනවා වැඩේ කැතයි.(හේ)
දැන් එතකොට ඉදිරි අවුරුදු 6 දී අපිට ගෙවල් වලින් එලියට බහින්න බැරි වෙන්න නිවාස අඩස්සි ගත වෙන්න සිද්ධ වේවිද මෙහෙම ගියොත් ? මොන ඉලව්වකටද මේක දැන් ප්‍රජාතාන්ත්‍රික රටක් කියල නම ගහගෙන ඉන්නේ ? (නදී)
කවුරු මොනවා කිව්වත් ලබන 9 වැනිදා උදේට මහින්ද මහත්තයා ඉන්න තැනම කිසිම වෙනසක් නැතුව ඉඳීවි.මේක වලක්වන්ට බැහැ (නදී)
දිසානායක, ඔය කියන දෙය අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයට අදාල වුනේ නැති එක ගැන අපිට කනගාටුයි. (නදී)
අපේ ජනාධිපතිතුමා දිනනවානම් ඇයි මෛත්‍රිපාල තුමාට තමාගේ දේශපාලනය කරගන යන්න දෙන්නේ නැත්තේ. එ් කියන්නේ මහින්ද ජනාධිපතිතුමා පරදියි කියා බයේ ඉන්න නිසාද. (හේ)
ආරේ ගුණ නෑරේ කියන්නේ මේවට තමයි (නදී)
අනේ පව් මෛත්‍රී (නදී)
ජයවේවා ජනපති! (නදී)
දිසානායක, ගිය සදුදා සාමාන්‍ය පෙළ විභාගෙ හෙට කියල දෙමටගොඩ මියුසිකල් ෂෝ එකක් තිබුණා ගුණ ගායනා කරන්ඩ. ඒ හරියෙ තියෙන ෆ්ලැට් වල ඉන්න ළමයින්ට පාඩම් කරන්ඩ බැරි වෙනව කියල කව්රුත් හිතුවේ නැහැ (නදී)
අර මායිම් ගම්මානයෙන් ආව කියන බොරු කියන කෙනා දැන් සභාවේ පේන්නවත් නැහැ. බොරු අතේ පත්තු වුනාම අතුරුදහන්. (නදී)
දිනෙන් දින පිරිහෙනවා. අවපක්ෂයේ හඳ වගේ. කනගාටුයි (නදී)
අන්තිමට ඒ වැඩෙනුත් පාරවහලා කරදරයට පත්වෙන්න සිදුවුණේ පොදු මහජනතාවට (නි)
මගේ ඡන්දයත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙනවා (නි)
රටේ නිදහස දිනුවත් වැඩක් නැහැ බයක් සැකක් නැතුව ජීවත්වෙන්න බැරි නම් (නි)
අනේ නිකම් යන්න බන්දුල. (නි)
කෝ එතකොට සමානාත්මතාවය? (නි)
ඇත්තටම මේවා නම් අනුමත කරන්න අමාරුයි (නි)
බොරු මවා පෑම් තියෙනවා. අපිත් මෛත්‍රීට (නදී)
ඔය සෙනඟ හදවතින්ම පැමිණි අයයි (නි)
දුන්නේ නැත්නම් එ්ක වැරදියි (නදී)
මෙවැනි ක්‍රියා නිසා ජනපති පිරිහෙනවා. (නදී)
හරි වැඩක්නේ දැන් එතකොට බන්දුල. මම හිතුවේ පරිහරණය කරන්න අදාළ වෙලාවේ වෙනත් කෙනෙකු නැත්නම් පොදු පහසුකම් පාවිච්චි කරන්න රාහු කාලයවත් බලන්න වෙලාද කියලා. (නි)
ඇයි මෙච්චර බය මෛත්‍රීට. ආණ්ඩු පක්ෂයෙන් එයාල දිනලා කියනවා නම් විපෂයට මොකද ඡන්දෙ කරන යන්න දෙන්නේ නැත්තේ. ඕකට තමා කියන්නේ වෛරී දේශපාලනය කියා. (නදී)
ලැජ්ජාවේ බෑ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. (නදී)
දිනන පරදින එක වෙනම දෙයක්. හැමෝටම අාදර්ශයක් වෙලා වැඩ කරන්න ඕන වෙලාවේ මේ වගේ නින්දිත දේශපාලනය රටේ කව්රුවත් පිලි ගන්නවා කියල මම නම් හිතන්නේ නැහැ. මේ වගේ දේවල් වලට වැඩි ආයුෂ තියෙනවා නම් හිට්ලර් තාම ජීවත් වෙන්න ඕනේ.(නදී)
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය දැනිල දැන් බය වෙලා ද මේ වගේ වැඩ කරන්නේ ? (නදී)
ආයුබෝවන් අලුත් ජනාධිපතිතුමනි (බ)
නිදහසත් නැද්ද ? (නදී)
ආණ්ඩුව ලක්ෂ 22න් දිනනවලු. විපක්ෂයට රැස්වීමක් තියන්න පිට්ටනියක් ගන්න දෙන්නේ නැහැ. මර්ධනය හැම තැනම. අමතක කරන්න එපා අදත් ලක්ෂ 50ක් විතර මිනිස්සු ඉන්නේ බයෙන් කියලා. රජයෙන් හෝ වේවා බෙදුම්වාදීන්ගෙන් හෝ වේවා ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. (නදී)
රටේ නිදහස දිනුවනේ ඒ ඇතිනේ (බ)
මෛත්‍රී පාලනයකට අපේ ඡන්දය ? (නදී)
පිට්ටනිය දෙන්නනේ තිබුනේ.මේවා ගැන තවදුරටත් හිතා බලන්න. (නි)
මොනවා උනත් මේවා නම් අනුමත කරන්න බැහැ (නදී)
අද පිට්ටනි නොදී බලය ව්‍යාප්ත කරනවා නේද ? (නදී)
වෛරී දේශපාලනය කාගේද ? (නදී)
මම ජනපතිට එකඟ උනා. ඒත් මේ වගේ වැඩ නිසා පිරිහෙනවා. අපිටම ලැජ්ජයි. මේවා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි නේද ? (නදී)
මේ වැඩ කැතයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයද? (නි)
ලොකු පිට්ටනියක් දුන්නොත් තමයි සෙනඟ ගාන හොයන්න පුළුවන් (නදී)
දැන් එතකොට මේ මහජන ක්‍රීඩාංගන තියෙන්නේ මහජනයාගේ පරිහරණයට නෙවෙයිද ? මහා ලොකුවට හැමදෙයක්ම මහජනතාව වෙනුවෙන් කියලා තමයි කියන්නේ. (නදී)
තව ටිකකින් කියාවිද දන්නේ නැහැ විරුද්ධ දේශපාලන මත වලට ඇහුන්කම් දෙන අයට පොදු පාරවල් ගමනා ගමන සේවා රෝහල් ආදී පොදු පහසුකම් කිසිම දෙයක් පාවිච්චි කරන්න බැහැ කියලා. (නදී)
එහෙනම් කියන්නේ මා ළඟ ෆයිල් තියෙනවා නමුත් අපි පළිගන්නේ නැහැ හාමුදුරුවනේ කියල? (බ)
අපි බදු ගෙවන්නේ ආණ්ඩුවට පොදු පහසුකම් ලබා දෙන්න මිසක් තිබෙන ඒවා කප්පාදු කරන්න නෙවෙයි. මේ ක්‍රීඩාංගන නඩත්තු වෙන්නේ අපේ බදු මුදලින් බව දැන් මතක නැහැ. ඉස්සරහට අපි වෙනුවෙන් යමක් කරාවිද කියල කොහොමද විශ්වාශ කරන්නේ ? (නදී)
මේ නැති කරන්නේ පොදු අපේක්ෂකයාට පිට්ටනියක් නෙවෙයි තමන්ගේ මහත්මා දේශපාලනය ගැන ජනතාව තබූ විශ්වාසය බව අපි මේක කල පාර්ශවයට කියනවා. (නදී)
මමත් මෙවැනි කැත වැඩට අකමැතියි. ඒ නිසයි මෛත්‍රීට ඡන්දෙ දෙන්නේ (නදී)
එකක් කියමින් තව දෙයක් කරන්න ලැජ්ජා නැද්ද ? මේ නැති කරන්නේ පුරවැසියන්ගේ රැස්වීම් තැබීමේ කතා කිරීමේ ඇහුන්කම් දීමේ මානව අයිතිවාසිකම්. (නදී)
මේවා ඡන්දෙ කාලෙට සුලභ සෙල්ලම්. පිට්ටනිය ඉල්ලනවා දෙන්න බැරි වෙලාවක් බලලා. ඊට පස්සේ කියනවා පිට්ටනිය දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ මහා පාරේ රැස්වීම තියනවා. සු ගාල සෙනග.(නදී)
වෙනස් කරන්න දැන් කාලේ හරි. (නදී)
දැන් හෙට වෙනකොට මේ රැස්වීමට ඉඩම දීපු කෙනාට අච්චුවක් ලැබේවිද දන්නේ නැහැ. ඒ වගේ යහ පාලනයක් දැන් රටේ තියෙන්නේ. (නදී)
අසාධාරණ වැඩ තමයි වෙන්නේ හැම තැනම (නදී)
අමුම අමු දුෂ්ටයෝ තමයි මෙහෙම වැඩ කරන්නේ. (නදී)
පිට්ටනිය නොදී වෛරය දෝරේ ගලනවිට අපි කොහොමද කළගුණ සලකන්නේ. (නදී)
මෙයාලාගේ ප්‍රජාතන්ත්‍රවාදය මේකනම්, අපි මේ අය තවදුරටත් බලයේ තැබිය යුතුද? (නදී)
මේවාද දේශපාලන ප්‍රතිපත්ති ? බොහොම ලැජ්ජයි ! (නදී)
මෛත්‍රී මැතිඳුනි, නොබියව ඉදිරියටම යන්න. (ර)
විරුද්ධ පාර්ශවයටත් රැස්වීම් පවත්වන්නට අවශ්‍යයි නේද? (නි)
හෙට අනිද්දට කියාවිද දන්නේ නැහැ මහජනයා මේ රැස්වීම් වලට ගියොත් පොදු පහසුකම් ඔක්කොම කපනවා කියලා.(නදී)
නින්දිතයි. (නදී)
මහින්ද මහත්තයා තව අවරුදු 100 ක් ලංකාවේ ජනාධිපති උනත් කමක් නැහැ, නමුත් මේ අශීලාචාරත්වයට නැවතුම තැබිය යුතුයි. එ්ක නිසා මමත් අනිත් පැත්තට. (නදී)
මෛත්‍රීපාල මැතිඳුනි, පසු නොබසින්න. ජය නියතයි! (නි)
මේ ඉඩම ලබාදුන් අයත් ප්‍රවේශම් උනොත් හොඳයි. මොකද අද රෑ ජාමෙ අර අංක නැති ඩිපෙන්ඩර් වාහන එහෙම එන්ඩ ඉඩ තියෙනවා (නදී)
මේ පාර නම් ආණ්ඩුව ඡන්දෙ උඩින්ම දිනයි වගේ (නදී)
අපේ හාමුදුරුවනේ අපිනම් කාගෙන්වත් පළි ගන්නේ නැහැ, වෛරී දේශපාලනය කරන්නේ නැහැ. (නදී)