පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.
මේ වන තුරුත් පොලීසිය කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.
සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු කොළඹට රැගෙන ඒමටද නියමිත බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙතන කොමෙන්ට් කරන උපාසකයෝ ඔක්කොමල්ල ගෙවල් හදල තියෙන්නේ වැලි නැතිව සිමෙන්ති වලින් වෙන්න ඇති. (ම)
මෙතුමා දුප්පත් ජනතාවට නිවාස තනා ගැනීමට නොමිලයේ වැලි සපයා දුන්න. ඒ නිසා මෙතුමාට ජනතාව ආදරයට කතා කරන්නේ වැලි රාජු නමින්. (නදී)
මිනිසුන්ගේ ඉවසීමේත් සිමාවක් තිබෙනවා (නි)
අනතුරට හේතුවුණ සිද්ධිය මොකක්ද දන්නෙ නැහැ (නි)
සමහරු යන්නේ කඩේ නෙමේයි සුපර් මාර්කට්! (ත)
හැබයි වැලි රාජු අර ගොල්ලන්ගේ හොරා කාපු මල්ලිලට වැඩිය හොඳයි (නදී)
සමහරු මෙතන වැලි රජුව හෝදනවා. (නදී)
පිවිතුරු යහපාල, ඔයාගේ මාර රෙදි අැපිල්ලිල්ලක්නේ!!!. වැලි රාජු කියන්නේ මෙයා තමයි මනම්පිටිය පාලම, සෝමාවතිය පැත්තේ සියලුම ස්වබාවික ගංගා වල වැලි ටික උළා කෑවේ. අපි දන්න විදියට නම් මෙයා නිකම් වැලි දුන්න කෙනෙක් නැහැ. ඔය දන්නා කාටහරි මෙයා නිකම් වැලි දීල තියනවද? (ස)
අපිට කියනවද මොකක්ද අනතුර කියලත් (නි)
අැයි පොරෝපාර මල්ලිට විතරක්, අය්යටත් දෙන්නකෝ! (ස)
කොහොම උනත් ගහපු එක වැරදියි (නදී)
පිවිතුරු යහපාල රාජුව හෝදන්න ඔබ වෙන මොනවද නානවා (නදී)
හැබැයි අරගොල්ලෝ හිටියා නම් ජනතාවට කන්න වෙන්නේ පොරෝ පාර (නදී)
හැබැයි ගහපු එකත් වැරදියි ඒ වගේම ගුටිකන විදියේ වැඩ කරපු එකත් වැරදියි (නදී)
අපේ වෛද්‍යවරු දක්ෂයි. මට ඔවුන් ගැන විශ්වාසයි (නි)
හොඳ පාඩම් මේවා (නදී)
ඔහුගේ කර්මඵල විපාක අනුව සියල්ල තීරණය වේවි (නි)
වෛද්‍යවරුන්ගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
මොනවා වුණත් මේත් මනුස්ස ජීවිතයක් (නි)
කසුන් මල්ලි, ඔහේ දන්නේ නැතුවයි කතා කරන්නේ මෙයාල ගැන, තව ටික දවසක් යද්දී ඔයා ඔය කටින්ම කියයි අනේ අර ගොල්ලන්ගේ මල්ලිලා මෙයාලට වඩා කොච්චර හොඳයිද කියල! (ස)
තව අවුරුදු අටත් පෙර අයම හිටියා නම් හැමෝටම තේරෙයි ලොකු කට්ටිය අශ්වයෝ පදිද්දි අපි මොකද කරන්නේ කියලා. (ත)
ඔය කොයි කාගේ මල්ලිලාගේත් කෙරුවාව මේ රටේ ජනතාව හොඳින් දන්නවා. (ත)
ආදරය කොරන්න ගියාම ඔහොම වෙනවලු (බ)
වගකීම් ගත්තහම බොහෝදේ නැතිකරගන්න වෙනවා අද මල්ලි හෙට පුතා වෙන්න පුළුවන් (බ)
මහා තිරිසන් ගති ගුණ තියන මිනිස්සු ඉන්න රටක් මේක. පොරවෙන් විතරක් නෙමේ ලියන පෑනෙන් උනත්, මිනිසෙකුව මරන්න පුළුවන් නම් පසුබට වෙන්නේ නැහැ මේ මිලේච්ජයින්.....(බ)
මේ සිද්දිය පෞද්ගලික එකක්. ජනාදිපති තුමා හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරය මේකෙට සම්බන්ද කරන්න එපා. (ස)
මෙහි සමහරු අදහස් පළ කරන්නේ අද ඊයේ උපන් අය වගේනේ. (ත)
හැම වරදකටම නීතියක් තියනවා වනචාරී විදියට දඬුවම් කිරීම නීතියක් නොවේ. . (ත)
සියළු දෙනාටම කර්මය පොදුය (නි)
මොකක්ද මේ සිද්ධියට හේතුව.(හේ)
කවුරු වුනත් ජිවිතයක්නේ.වෛද්‍යවරුන්ගේ උත්සහයට ගොඩක් ණය ගැතියි.(හේ)
වරදක් නිසා මේ ප්‍රහාරය එල්ල වෙන්න ඇති.(හේ)
සොභා දහමට එරෙහි වන කළ ප්‍රථිපල දරුණු වෙයි (නදී)
ගුවන් මගින් කොළඹට ගේනවා කියල නම් ආරංචියි. වරද මොකක්ද නම් දන්නේ නෑ හැබැයි අන්වර්ථ නාමය නම් වැලි (නදී)