අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයට ගියේය.
අවතැන් වූ ජනතාව රඳවා සිටින අරණායක දික්පිටිය රාජගිරිය විද්‍යාලය වෙත සහ හත්ගම්පළ විද්‍යාලයට ද ගිය ජනපති ඔවුන්ගේ අඩු පාඩු විමසා බැලීය.
විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතු සහ අවතැන්වූ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනපති එහිදී කීවේය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සංවේදී අවස්ථා වලත් දේශපාලන ඇසින් බලන මෝඩ අයත් ඉන්නවා කියලා තේරුණා සමහරුන්ගේ අදහස් වලින්. වෙන්න ඕනෑ අසරණ වුණ අයට පුළුවන් විදිහට උදව් කරන එකයි (නි)
රාජ්‍ය නායකයෙක් මෙහෙම මිනිස්සු බලන්න එන එකත් මානසිකව වැටිලා ඉන්න ඒ අයට ලොකු අස්වැසිල්ලක්. සුජීව, ගයාන්, ඔය දෙන්නා මේ වගේ රටක් අමාරුවේ වැටිලා ඉඳිද්දිත් මෙහෙම කැත විදිහට කඩේ යන්න එපා. පුළුවන්කමක් තියනවා නම් විතරක් ඒ අයට උදව්වක් වෙන දෙයක් කරන්න බලන්න. (නි)
ජනාධිපතිතුමන් පැමිණීමෙන් අසරණ වූ ජනතාවට විශ්වාසයක් සහ මානසික ශක්තියක් ලැබෙනවා. ඒකයි වැදගත්. නැතුව ඔය ගමනින් දේශපාලන විසඳුම් දෙන්න යනවා නෙමෙයි. සමහරු අදහස් දාන්නේ මේ ගමනින් ස්වාභාවික විපත් පවා විසඳන්න එතුමා ගියා වගෙයි. (නි)
වැට් 15% කින් වැඩිකරනකොට මම කිව්වා මේ වගේ විනාශයක් වෙයි කියලා. බඩු මිල වැඩි කරලා දුප්පත් ජනතාවට පහර ගහනවා කියන්නේ අහස පොළොව නුහුලන මහා අපරාධයක්. (නි)
කොපි කළහැකිය. නමුත් ආදේශ කිරීමට නොහැකිය. (නි)
ගස්කොළන් කපන එක නම් තාමත් වෙනවා. (නි)
විවේචන වගේම ඔබ තුමාගේ මෙවැනි දේවලුත් අපි අගය කරමු. (ර)
ඔබ තුමා කවදත් ජනතාවට හිතවත්. (ර)
ආදර්ශමත් !. අම්මේ ඔබට කොහොමද ? (ර)
දුකෙන් ඉන්න ජනතාවට හරි සතුටුයි. (ර)
සතුටුයි රාජ්‍ය නායකයෙක් මේ විදියට වෙන එක ගැන. (ර)
අසරණ ජනතාවගේ දුක කදුළ හදුනන්නේ ගමේ උපන් ගමේ හැදී වැඩුණු ගම්වැසියෙක් පමණයි එයට මෙය හොද උදාහරණයකි (බ)
දුකෙන් ඉන්න ජනතාවට පුදුම සතුටක් (බ)
ගිහින් බලල අාවටනම් වැඩක් නෑ. රටේ නායකයා හැටියට ජිවත් වෙලා ඉන්න මිනිස්සුන්ටවත් ආයේ මේවගේ කරදරයක් නොවෙන විදිහට වැඩ සලසන්න. (බ)
අප රටේ මිලියන 21 වූ ජනතාව දරුණු ත්‍රස්තවාදයෙන් මුදවා රටේ ආර්ථික වර්ධනය 7% - 8% දක්වා ඉහල නංවා උතුරු ජනතාවට වසර 30 කට පසු ජන්ද ආයෙත් ලබාදී අපට අනාගතය ගැන නැවතත් බලාපොරොත්තුවක් ජනිත කළ ඒ උදාර නායකයා වන මහින්ද රාජපක්ෂ කාලෙදී අපට ස්වභාව ධර්මය පවා අපට ආදරය කළා. දැන් අපි සෑම දෙනාටම ඇත්තේ අබ සරණ පමණි. (බ)
මේ මිනිසුන්ට දැනෙන යමක් කරන්න. අඩුම තරමේ ගෙවල් ටිකවත් හදලා දෙන්න. මේ මිනිසුන්ගේ පවුල්වල සාමාජිකයෝ මැරිලා, සදහටම මැරී මැරී උපදින්නයි වෙලා තියෙන්නේ. ඒ නිසා අඩුම තරමේ ඉතිරි ජීවිත කාලය ආරක්‍ෂිත නිවසක ජීවත් වෙන්න සළසා දෙන්න (නි)
ආදර්ශමත් නායකයෙක්. අසරණ ජනතාවට සහනයක් ලබා දීමට ඉදිරිපත් වීම කෙතරම් පිනක්ද ? ඔබ තුමාට දීර්ඝායුෂ පතමි. (අ)
අප වැනි දිළින්දෝ වර වර ළගට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කෝයින්දා, ජනපතිතුමනි අසරණ සරණ වෙමු (බ)
ඉතා වැදගත් ජනාධිපතිවරයා විදිහට , එහෙත් දැන්වත් පරිසරය රැකෙන පරිදි, ඉදිකිරීම් යම් කිසි ක්‍රම වේදයකට අනුව මේවා කරන්න විධි විධාන දෙන්න ඕනේ. ලංකාවේ අනවසර ඉදිකිරීම් ඉතාමත් වැඩී. මේවට ජාතික ප්‍රතිපත්තියක් ඕනේ, මොන රජයක් ආවත්. (බ)
දෙන පොරොන්දු පරෙස්සමෙන් විශ්වාසකරන්න. අසරණ වුන සැමට ඉක්මන් සුව පතමි. (බ)
කියාගන්න බැරි කනගාටුවක් තියෙන්නේ. (බ)
මහින්දව කොපි කරන්න හරි ගිය එක අගය කරනවා (බ)
ඉතාම හොඳයි ඔබ හොඳම නායකයෙක් (බ)
සුජීවට හැමදේම අමතකවෙලා වගේ. ඒ කාලයේ අනුරාධපුරයේ නියඟයෙන් මිනිසුන් පීඩා විඳිනකොට දකුණේ ගංවතුර ගැලුවා. කන්ද උඩරට නායගියා. වතුකරයේ මේ වාගෙම ගමක්ම නායගියා. මුළු රත්නපුරයම ගංවතුරින් යටවුණා. පරිසර හිතකාමීව පරිසර සාධක සැළකිල්ලට ගෙන ගෙවල් සැදිය යුතුබවට නීති සකස්කොට ක්‍රියාත්මක කළයුතුයි. (නි)
සුජීව, මහින්ද විතරද මෙරටේ ඉන්න හා හිටපු නායකයා? (නි)
දිනාගත් විදෙස් මිතුරන්ගේ උපකාර අවශ්‍යම මොහාතක් (නි)
මුළු රටම විපතට පත් වෙලා ඉන්න මේ වෙලාවෙත් මහින්ද මහින්ද කිය කිය දගලනවා සමහරු. (ර)
ගයාන් හිතනවා ඔබ තුමා මහින්ද කොපි කරනවා කියල. (ර)
සුජීවට නම් හොඳටම පිස්සු (බ)
අනිත් කාරණය තමා මැණික් ගැරීම. ඒවා හරියට, ක්‍රමවේදයකට අනුව වහන්නේ නැති වුණාම පොළව යට දිය පාරවල් හැදෙනවා හැතැප්ම ගණන් දිගට. රටට විදේශ විනිමය ලැබුනට කඳුකරය විනාශ වෙන්න එක හේතුවක් තමයි ඒක. ඒ විදියට ලංකාවේ පොළව යටින් ගංගා බිහිවෙලා ඇති. ඒ ගැන හොයන්න කවුරුවත් නැහැ. අනික ලංකාවේ වන වගාවට වවන්නේ කොහෙන්වත් ගෙනා ගස්. අපට අාවේණික ගස් නොවෙයි. මේවා ගැන කතා කරන්න, වැරදි නිවැරදි කරන්න කාලය හරි. (නි)
මෙච්චර ජනකායක් ඇවිල්ලා ඉන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා සියැසින් දැකබලාගන්න වෙන්න ඇති මයේ හිතේ. (ර)
තවත් මේ වගේ අවස්ථාවකත් මහින්ද මහින්ද.... (ර)
මේ අවතැන්වු අහින්සකයො ඉන්න කදවුරක්. (ර)
මේ වෙලාවේ මෙතුමාගේ කැපවීම අගය කළයුතුයි (නි)
මේ සිදුවීම් වලට වගකියන්න ඕනෑ පහුගිය දශක කීපයේ රට පාලනය කළ අයයි. ඉවක් බවක් නැතුව ගස් කොළන් කප කපා ගම්මාන ඉදිකිරීමේ පළවිපාක තමයි මේ. නගරබද, ගම්බද කියලා බලන්නේ නැතුව ලංකාව වගේ ඉඩම් සීමිත ප්‍රමාණයක් තියෙන රටවල් වලට සිංගප්පූරුව හොංකොං වගේ ඉතා හොඳ තත්වයේ තට්ටු නිවාස ක්‍රම තමා හරියන්නේ. කඳු වල ජීවත්වන ජනතාව ඒවායින් මුදවාගෙන වෙන ප්‍රදේශවල ජීවත් කරවන්න කාලය හරි. (නි)
සුජීව, යන්නේ කොහෙද මල්ලේ පොල්! මහින්ද රාජපක්ෂ උමා ඔය ව්‍යාපෘතියෙන් උඩරටට කළ විනාශය කල්ප ගානක් ගෙවන්න වෙනවා නියතයි (නි)
මේ ප්‍රශ්න වලට දියයුත්තේ තාවකාලික විසඳුම් නොව ස්ථිරසාර විසඳුම්ය (නි)
වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්න ජනාධිපති කෙනෙකුයි, වෙනසක් නොකරම බලයෙන් පහවුණ එක්කෙනයි අතර මේ සම්බන්ධයෙන් නම් කිසිම වෙනසක් නැහැ. ජේ. ආර්. ප්‍රේමදාස, මහින්ද එකී නොකී මෙකී හැමදෙනාම මහලු අය වැළඳගෙන කුඩා දරුවන් වඩාගෙන දුක සැප ඇහුවට අදත් ස්වභාවික ආපදා වලින් ලංකාවේ අසරණ ජනතාව දුක්විඳිනවා. මේ ප්‍රශ්නවල තිබිය යුත්තේ දේශපාලන විසඳුම් නොව තාක්ෂණික විසඳුම්ය. (නි)
තැන තැන ගස් කපලා, වනය විනාශ කරලා, ඒවා විකුණාගෙන, දේශපාලන අනුහසින් පදිංචි කිරීම් කරන එකේ විපාක ගෙවන්න සිද්ධ වෙන්නේ අහිංසක මිනිසුන්ට (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා ජනාධිපතිතුමනි! (නි)
දේශපාලඥයෝ නම් මේ වගේ අසරණවුණ ජනතාව ළඟට යන්නේ ඡන්දය බලාපොරොත්තුවෙනුයි (නි)
මේ ජනාධිපතිතුමා පොඩි දරුවෝ හෙම වඩාගන්නේ නැද්ද (බ)
මේ වෙලාවේ මේ මිනිසුන්ට ජනාධිපතිතුමා ලොකු සවියක් (නි)
මේ අසරණ ජනතාවට දැන් ඔබතුමාගේ පිහිට පමණයි (නි)
මේ වෙලාවේ අපිට කරන්න පුලුවන් උපරිමය අපි කරනවා (නි)
ලොවක් දිනූ ඔබතුමාගේ අගය වැටහෙන අවස්ථාවක් (නි)