පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැලිය පොළොන්නරුවේ දී ආරම්භ වීමට නියමිතය.
ඊට සහභාගීවීම සඳහා පොළොන්නරුවට ගිය සිරිසේන මහතා ප්‍රදේශවාසීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
‘එක් අහසක් යට - එක යායට රට‘ යනුවෙන් භාෂා තුනෙන්ම ලියා ඇති පිටීකාවක් මත සිරිසේන මහතා ජනතාව අමතන ස්ථානය සකසා ඇති අතර එහි ඉහළින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සහ ඩී එස් සේනානායක මහතාගේ ඡායාරූප දෙකක් ඇත.
සිරිසේන මහතා රැලියට පැමිණෙන තුරු මහා පිරිසක් එහි වූහ.
ජනවාරියෙන් පසු ඇමැතිවරුන්ට රට සූරාකෑමට ඉඩ නොදැන බව හේමකුමාර නානායක්කාර මහතා මෙහිදී කීවේය.
වැඩි කල් යන්නට පෙර මත්තල ගුවන්තොට හා වරාට චීනය පලනයට යටත් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.






































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඊළඟට ඡන්දෙකුත් නැතිව තාත්තාගෙන් පුතාට ගියාම ඔය බත් බැලයන්ට තේරේවි. (ම)
හරිම සතුටක් අපි සැම එක්වෙමු (ත)
අපිට ආරංචි වුනා සරසවි ළමයින්ට ලියුමක් යවලා රැස්වීම් වලට එන්නේ නැති නම් මහපොළ කපනවා කියලා. (හේ)
එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! (ත)
ජය ජය වේවා (ත)
අනිවාර්‍යයයෙන් දිනනවා. (ස)
සිල්වා රටේ ආර්ථිකය ශක්තිමත් වන්නේ මිනිසුන් වැඩ කරන ආකාරයෙන්. ආණ්ඩු වලට පමණක් බැහැ. ත්‍රී වීල් ධාවනය, ස්වීප් ටිකට් විකිණීම, මනි බඩු විකිණීම, කුඩු ව්‍යාපාර, බාර්, අරක්කු, සිංහලයන්ට පවරා විශාල වගා බිම් ඇතිකර කම්කරුවන් දකුණු ඉන්දියාවෙන් ගෙන ........රට ගොඩ ගත හැකිය. (ස)
අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට රට කොටින්ට දෙන්ට හදපු අය එක්ක හිටගන්ට සුදානම් නැහැ. මේක තමයි රටේ පොදු ජනතාවගේ අදහස. කවදාවත් මැතිවරණයකට මුහුණ දීලා ජයගන්ට බැරි අය බළල්ලු ලවා කොස් අැට බාවනවා වගේ මෛත්‍රීපාල මහත්තයා ලවා ආණ්ඩුබලය ලබාගෙන ඒ බලය මෛත්‍රීගෙන් ලබාගන්ට උත්සාහ කරනවා. මේවා දකින මහජනයා ඡන්දෙ දෙනවද.? (නදී)
අනිවර්යයෙන් දිනනවා. (ත)
හිතට කියන්න බැරි ප්‍රබෝධමත් ගතියක් වගේ එනවා...(ත)
ජන රැල්ල හරියට මුහුදු රැල්ල වගේ ප්‍රතිපලය සුනාමියක් වෙන්න ඉඩ තියනවා. ෆොන්සේකා මතයට උනා වගේ.(නදී)
පිටරට රැකියා වලට ගිය උදවිය සමෘදිලාභීන් වගේ කන්නේ නැහැ ඉතුරු කරනවා. මේ දින වල ඡන්ද කතා ගැන වාද කරනවා. අනිකුත් රට වල අයට නින්දක් නැහැ එකිනෙකාගේ මතය ඉස්මතු කරන්න බෙරිහන් දෙනවා. යු එන් පි ඔක්කොම මෙහෙ රනිල් දින වන්නේ කොහොමද ? ප්‍රබා හරිලු සටන් කරන්න අයිතියක් තිබුනලු. හිටියා නම් බලාගන්න තිබුනා.(නදී)
හොද ආරම්භයක්. ජය නියතයි. (ස)
ශ්‍යාමා කුමාරි කියන්නේ බන්දුල පෙරේරාගේ අල්ලපු ගෙදර එක්කෙනා කියලමයි මටත් හිතෙන්නේ. එයා මෙතන විශේෂ වැඩක් භාර ගෙන තියනවා. මෛත්‍රීපාල මහතාට වැඩ කල අයවත් එයාට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන එක. අනේ ශ්‍යාමෝ බොරු කියන එකෙත් සීමාවක් තියාගන්න. (නදී)
ජයවේවා....ජයවේවා ....ජයවේවා ...සමන් (ස)
සහල් විකුණන අය ඔක්කොම ඇවිල්ල වගේ (නදී)
මේ ගමනවත් විධායකය නමැති මර උගුල ඉවත් කරමු. (නදී)
මේ පාරත් ජනපති මහින්ද. ඊලඟ පාර ලොකු බේබි (නදී)
රටට ඕනේ මේක තමා ජයවේවා ! (ස)
පුදුම සෙනඟක්නේ! (නි)
මෙෙත්‍රී හොඳයි. එ්ත් තවත් ප්‍රශ්න තිබෙනවා අපිට. එ්ක නිසා අපිට මහින්දම හොඳයි (නි)
හැම විදෙස් බලවේගයක්ම පරාජය කරලා රට බේරාගත්තේ අපේ ජනාධිපතිතුමා. ඒක අමතක කරන්න එපා. (නි)
සිල්වා, ඔයා මොන පළාතේද ඉන්නේ? දවසේ කුලිය අපි නම් දෙන්නේ රු. 1500ක්. ආදායමේ හැටියට වියදම් කරන්න තමන් දැනගන්න ඕනෑ. අපේ අයට තීරු බදු රහිත වාහනත් ඕනෑ. සහන මිලට තෙලුත් ඕනෑ. බෝග වලට වැඩි මිලක් ඕනෑ. තෙල් පෝර සහන මිලටත් ඕනෑ. ඕකට ආණ්ඩු වලට වැරදි පටවලා හරියන්නේ නම් නැහැ (නි)
ජය වේවා..... අපි ඔබෙන් යහ පාලනයක් බලාපොරොත්තු වෙනවා.(හේ)
කුලී වැඩ කරලා එදා වේල හම්බ කරන දුප්පත් මනුස්සයාගේ ආදායම දවසක ආදායම--රු250 සතියක ආදායම--රු1750 මාසයක ආදායම---රු7500 අවුරුද්දක ආදායම--රු91250 (සැ.යු. ඉහත ආදායම ලබා ගැනීම සදහා දින365 ම වැඩ කළ යුතුය) මේකද ආශ්චර්යය. දුප්පත් මිනිහා කුලී වැඩ කරලා හම්බ කරන රු250නුත් රු175ක් විතර බදු ගහල හූරගෙන කනවා. ඡන්දෙ ඉල්ලන්න ආවේ සුර ලෝකයක් මවනවා කියල.ඒත් ඡන්දෙන් පස්සෙ ඒ මිනිස්සුන්ට අපායෙත් නැති දුක් දෙනවා. අපි ජාති ආගම්,කුල මල පැත්තකින් තියලා එකා වගේ එකතු වෙලා මේ වෙලාවේ තීරණයක් ගත යුතුයි. රට ආපස්සට අරන් යන මේ අයට පෙන්නලා දෙන්න ඕන දුප්පත් මිනිස්සුන්ගේ හයිය. යුද්ධෙ ඉවර කරේ හමුදාව එක කියලා මුලු රටම දන්නවා.යුද්ධ කරපු සරත් ෆොන්සේකාගේ විශ්‍රාම වැටුප අහිමි කරලා. ඡන්ද අයිතිය අහිමි කලේ ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් උනා කියලා රටම දන්නවා. රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුට රට බාර දෙනවද. තීරනය ඔබ අතේ... (ස)
ගමන සුභයි, ජය නියතයි, දැන් ජනතාව රොද බදින්නේ මෛත්‍රී වටාය, සාධාරණ ඡන්දයක් තියන්න, රට දිනේවා, අපේ දරුවන්ගේ අනාගතය යහපත් වේවා. (ස)
ඔබතුමා දිනුවොත් හොඳයි. (නි)
මෛත්‍රීපාල දිනුවොත් ඊළඟට මොනවා වෙයිද (නි)
පිස්සු පොරක් (ස)
මට නම් ඔය කවුරුත් එකයි (නි)
ජයවේවා මැතිතුමනි . ඔබට ජය . රටට සෙත (ත)
අපේ පොදු අපේක්ෂාව වෙන්න ඕනෑ කුමක්ද කියලා අපි හිතන්න ඕනෑ. ඒ පොදු අපේක්ෂාව විධායකය අහෝසි කිරීමද? රටේ මහජතාවගේ පොදු අපේක්ෂාව වන්නේ දිනාගත් රටේ සාමය පවත්වාගෙන යමින් රුදුරු බලවේග පරාජය කරමින් රට සංවර්ධනය කරගෙන සතුටින් සිටීමයි. ඒ නිසා අපි කිසිම අසුද්ධ සංවිධානයක් සමඟ එක්විය යුතු නැහැ. වසර 30 ක ත්‍රස්තවාදය මර්දනය කළ අපේ සේනාධිනායක ජනාධිපතිතුමා ජයග්‍රහණය කළ යුතුයි. (නි)
සහෝදර සමාගම් නැතුව හිටියොත් හුගක් හොඳයි. (ත)
කොහොමද වැඩේ! (නි)
සුබ පැතුම් (ත)
කවුරු දිනුවත් කමක් නැහැ ප්‍රශ්න විසඳගන්න පුළුවන් නම් (නි)
දිනන්න අවුරුදු 20 ක් බලාසිටි සමහර අයගේ විඩාබර මුහුණු දැක්කම දුකත් හිතෙනවා. (නි)
ජය වේවා...!!!! (ස)
සිල්වා, මහබැංකු වාර්තා අනුව වාර්ෂික ඒකපුද්ගල අදායම ඇමරිකානු ඩොලර් 3280 (2013). ඒ කියන්නේ රුපියල් 4,26,400ක්. (නි)
ඇත්තටම මේ රැස්වීම බලන්න මමත් ගියා . මම රැස්වීම තියන තැනට යනකොට හවස 1.00 ට විතර ඇති ඒ වෙලාවෙත් විශාල ජනකායක් හිටියා. සිංහල මුස්ලිම් ජාතිබේදයකින් තොරව සහබාගි වෙමින් සිටියා. අ කියන්නේ මෙතුමා හොද නායකයෙක් . එදා 1994 චන්ද්‍රිකා මැඩම්ට එකතු වෙච්ච රැල්ල තමා මේ හැදෙමින් තියෙන්නේ . තරුණ අයගේ තිබුනේ මහා උද්යෝගයක් .ඒ අය තමාගේ ව්‍යාපාර පවා එදා වහල ඇවිත් තිබුනේ මෙතුමාට ගරු කරන්න. නිහතමානී නායකයෙක් . අපි මෙතුමා අපේ මේ සුන්දර රටේ නායකයා කරමු . ජයවේව (අ)
මමත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙක්. ශාමා කුමාරි රත්නමල්ල , රට කොටින්ට දෙන්න හදපු අය සමග හිටගන්න එපා කරුණා අම්මාන් ඉන්නවනේ හිටගන්නේ නැතිව ....... ....... නේද? (අ)
මෛත්‍රී මහත්තයට ජය වේවා.. ජය වේවා...! (ස)
ඔබතුමාට ජය (අ)
මෛත්‍රීගේ ගමන වළක්වන්න පුළුවන් ජගතෙක් අද රටේ නොමැත. (නි)
ජයවේවා!(අ)
ජය වේවා ගමන සුබයි.(හේ)
දැන් ඉන්න ජනතාව බුද්ධිමත් (නි)
දුෂණයට, පවුල්වාදයට, මැර බලයට තිත; යහ පාලනය ඔස්සේ රටට ජය . (අ)
මුළු රටම එක යායට ඔබ සමග, උණුසුම් සුබපැතුම්, ගමන ඩදිරියටම..(අ)
හරි සතුටුයි.රනිල්, ප්‍රේමදාස, කරු,තිස්ස,රවී,එක්ක මෛත්‍රී එක වේදිකාවක ඉන්නවා කියන්නේ ගොඩ තමා. නිවාඩුවක් දාගෙන ඡන්දෙ දාන්න එනවා.(හේ)
මහත්තයෝ, ආරක්ෂාව ගැනනම් මෙයිට වැඩිය ගොඩක් හිතන්ඩ වෙයි.(අ)
එක යායට රට කියලා කියනවා නම් භාෂා තුනෙන්ම හරි විදියට ප්‍රධාන පාඨ ලියන්න ඕනෑ.බලන්න මේ දෙමළ භාෂාව. මම නම් කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදියි. (නි)
ජය සිකුරුයි ජයශ්‍රී (අ)
මහින්දර බඩුමතමයි (අ)
අහිංසක ජනතාවගේ අහිංසක ඉල්ලීම් ඉටුකරන ඕනෑම කෙනෙක් වෙනුවෙන් අපි සුබ පතනවා!! මගේ රටට යහපතක්ම වේවා! (නි)
සිල්වා කෙනෙක් අංගොඩ රෝහලෙන් අතුරුදහන්වෙලා කියලා ආරංචියක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි (නි)
මැඩම් බොයිලර් කුකුලෙක් හදනවා රනිල් මහත්තයත් එක්ක දින 100න් බෙල්ල කපන්න.හැබැයි ඉතින් මහින්ද මහත්තය හින්ද කුකුළා බේරෙනවා..(අ)
දැන් වෙනසක් වුණොත් හොඳයි. (නි)
මොන බොරුද දිනුවට පස්සේ ඔය ඔක්කොම එකම බෝට්ටුවේ. අපි ඉතිං කියපුව දෙනකම් බලාගෙන ඉන්නවා. අනෙ පවු අපි. (ර)
ලංකාවට ලස්සන හෙටක්පතමි (අ)
දිල්රුක්ෂිට පෑගිලා වගේ. (නදී)
ජයවේවා (අ)
හරිම හොදියි මෙහෙම වෙනසක්.(හේ)
ඉස්සරහටද පස්සටද අපි යන්නේ? (නි)
මේ ජනතාවගේ වරයි තරගයක් නැත ජය සිකුරියි (අ)
ජනාධිපතිතුමාට හොඳ තරගයක් දී හොඳම පරාජිතයා වේවි ....(අ)
" එක අහසක් යට එක යායට රට " ජය වේවා! (නි)
මෛත්‍රීට ජය නියතයි (නි)
මේ රැල්ලට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් ජනවාරි 8න් පසු. (නි)
මොකද බුලත්කොලේ තවමත් අතේ මහින්ද මහත්තයගෙත් ෆොටෝඑක ගහන්නේ නැද්ද ඔබතුමා එතුමාගේ නම යෝජනා කරනේද ජනපති අපේක්ෂක හැටියට (අ)
විදෙස් කුමන්ත්‍රණයේ තරම කොළඹ හැදෙන හෝටල් සහ කැසිනෝ වලින් පෙනෙනවා අපිට (නි)
ජය වේවා ...!!! (අ)
දුෂණයෙන් තොර හෙට දවසක සුබ අරනලු පිබිදේවා. මෛත්‍රී දීනේවා. වීදේශගත අප සියලු දෙනාගේ සුබ පැතුම් ඔබට. ජයවේවා .(හේ)
බුදු සරණින් ,සියලු දෙවි රැකවරනින් ලක් මව රැක ගනීමට් ඔබට ජයම වේවා...(අ)
මෛත්‍රීට ජයවේවා (අ)
ඔබතුමාට ජයම වේවා. (හේ)
මේ පාර ලොකු වෙනසක්.(හේ)
නියමයි! (නි)
ආයේ ඉතින් දිනනවා දිනනවාමයි,(හේ)
මම පිටරට ජීවත් වෙන්නේ ඒ වුනාට මම මේසැරේ 8 වෙනිදා උදෙන්ම ලංකාවට එනවා ඒ මොකද මම ඡන්දේ දාන පැත්ත දිනනවා ඔබට ජයෙන් ජයම වේවා .(හේ)
2010 දී අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තුවේ කළ කතාවක් මම ඊයේ ෆේස්බුක් එකෙන් බැලුවා. 2014 වෙන දේ එතුමා හරියටම කියනවා. එම කතාව අනුව මෙහෙම ජනතාව රොද බඳින එක එතුමා එදාම කිව්වා. ඔබට ජය නියතයි! (නි)
සිල්වා, රුපියල් 250 කට දවසම වැඩකරන කට්ටිය ඉන්න පළාත කරුණාකර කියන්න. (නි)
ඔය මෙතන ආණ්ඩුවට කඩේ යන කට්ටිය දැන ගත්තොත් හොඳයි. තාමත් මේ රටේ හොද සිංහල බෝද්ධයෝ 74% ක් ඉන්න බව. හොඳ සිංහල හාලේ බත් කන මිනිස්සු මේක චීනයේ යටත් රාජ්‍යයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ පැරණිම සිංහල ජනතාවගේ පක්ෂය විනාශ කිරීමට ඔය කොමියුනිස්ට් රටවල්වලට ඉඩ දෙන්න බැහැ. සිංහල ජනතාවට,එජාපයට ජයවේවා ! (නදී)
ඔබට ජය නියතයි. (අ)
අපි ඔබතුමාට මුළු හදවතින්ම සුබ පතනවා. ජනවාරි 8 වෙනිදට තවත් බණ්ඩාරනායක කෙනෙක් බිහිවේවි කියල විශ්වාස කරනවා. (නදී)
සිල්වාට පිස්සුද? (නි)
එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජයවේවා! (නි)
කොච්චර සෙනඟ ආවත් ජය ලැබෙන්නේ අපේ වත්මන් ජනපතිටයි (නි)
විදෙස් ඩයස්පෝරා වංශකතාවක ආරම්භයක් ගැන මට බියක් දැනෙනවා (නි)
දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවණේ.... එකම දැයක් වී මහා බලයක් වී පෙරටම යමු ලංකා ... (නි)
ඡායාරූපවලින් සනාථ වෙනවා. (ස)
ජය වේවා!!! (ස)
ආඬි 7 කැඳ හැලිය.. (අ)
කාට දේශපාලනය කරන්නත් රටක් ඉතිරි වෙන්න ඕනනේ.මේ යන ක්‍රමයට රටක්නම් ඉතිරි වෙන්නේ නැහැ.අනිවාර්යෙන්ම වෙනසක් අවශ්‍යයි.(අ)
අම්මපා! මේ බන්දුල පෙරේරා කොහෙද ඇත්තටම? (නි)
ඔබට ජය.යුක්තිය වෙනුවෙන් ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ රැකවරණය දළදා සමිදුගේ පිහිට ලැබේවා......(ස)
අජිත් කරුණාරත්න, බලන දෙයක් දැන්මම බලලා සත්‍ය අවබෝධ කරගන්න. (නි)
බලමුකෝ ඉදිරියට.(හේ)
රටේ සැමට එකම නීතියක්. අනාගත පැහැදිලි දැක්මක් සඳහා ඔබ ඇතුළු කණ්ඩායමට කළහැකි බව අපේ හැගීමයි ඔබසැමට ජයවෙවා(අ)
පුදුම සෙනඟක්නේ අප්පා! හරිම සතුටුයි. (නි)
අද අපිට අපේ දරුවන් සමඟ බඩගින්නේ මියයන්නයි සිද්ධවෙලා තිබෙන්නේ. (නි)
රටට නියම නිදහස ලබාදෙන්න මෛත්‍රී ඔබට ජය. බුදු සරණයි. (ස)
ඔබ තුමා දිනන එක දිනනවාමයි (නදී)
අපේ විමල් ඇමතිතුමාට කඩේ යන ඔහුගේ මුදලින් යැපෙන වෙබ් අඩවි ඇවිස්සිලා මේවා දැකලා. හෝ ගාල මඩ ගහනවා මෛත්‍රීපාල මැතිතුමාට. ලැජ්ජාවේ බැරුවා. (නදී)
ෆොන්සේකාගේ රැලි වලටත් ඔහොම තමා සෙනඟ හිටියේ. හැබැයි චන්ද ගණන් කලාම පරාදයි. ජිල්මාට් වලට බලය වැඩී. (ස)
රට නිදහස් වෙන දවස වෙනතුරු ඉවසිල්ලක් නැතුව ඉන්නේ.ඒ හෙට උපදින දරුවන් වෙනුවෙන් අපි රටක් ඉතිරිකර දෙන්න ඕනෑ නිසයි. (නි)
ශිරන්ති, නන්දෙ, තව ටිකක් හිතුවොත් නේද හොඳ? (නි)
මට පුළුවන් හැම ආකාරයෙන්ම මගේ යාලු මිත්‍රයන්,නෑදෑයන් දැනුවත් කරනවා. හත්මුතු පරම්පරාවම දැනුවත් කරනවා.ඒ හෙට උපදින දරුවන්ට රටක් ඉතිරි කරන්න ඕනෑ නිසයි. (නි)
ඔබට ජය (ස)
සතිඅන්ත පුවත්පතක ඇමති කෙනෙකුගේ "වැඩ සහ කිඩ" ගැන ලියවුණ ලිපියක් මම කියෙවුවා. ඔයාලත් පුලුවන් නම් බලන්න. (නි)
මේ තරම් ජනතාවක් ඒකරාශි වෙලා තිබෙන්නේ වෙන මොකටවත් නෙමෙයි.තමන්ගේ දරුවන්ට රටක් ඉතිරිකර දෙන්න ඕනෑ කියලා හිතන නිසයි (නි)
මෙතැන ඉන්න සේරෝම 1500 කට වඩා නෑ නේ? යුඇන්පිය විතරය් වගේ සපෝර්ට් කරන්නේ? (ස)
දැන් දැන් විශාල උනන්දුවකින් කටයුතු කරන බව නම් ඉතාම පැහැදිලියි.හොඳ ප්‍රවණතාවයක්. (නි)
මම නම් හිතන්නේ මෛත්‍රීපාල මහත්තයා රටට හොඳක් කරාවී කියලා. (නදී)
මෙහි සිටින්නේ මවාපාන සෙනඟක් නොවන බව පැහැදිලියි.හදවතින්ම පැමිණෙන සෙනඟ ආශිර්වාදයක්. (නි)
රට බේරා ගන්න ඉදිරිපත් වුන ඔබ තුමාට පින් සිදු වේවා! (ස)
මට නම් ටිකක් බයත් හිතෙනවා (නි)
ඔබ තුමාට ජයෙන් ජයම වේවා.(හේ)
මෛත්‍රී මහත්තය වැටිලා ඉන්න මර උගුල ගැන ඉතාමත් හොද දේශපාලනික විග්‍රහයක් තියෙනවා වෛරී දේශපාලනය කර පින්නාගෙන චන්ද්‍රිකා නෝනා නටනකොට අද උද ගෙඩි දෙන අයට එලි වෙන ජාමෙට ඇස් ඇරේවි. (ස)
මේ වගේ පිරිසක් එයි කියලා හිතුවෙත් නෑ.(හේ)
ඔබට ජයෙන් ජය ! (ස)
මගෙන් උණුසුම් සුභ පැතුම් ඔබ තුමාට (නදී)
තිලක් ඩුබායි, ඔබතුමා ලොකු හීනයක් බලනවා වගේ මට නම් පෙනෙන්නේ. ඔයා කාව දැනුවත් කරත් පලක් වෙන්නේ නම් නැහැ. නැවතත් අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාම තමයි නැවතත් ජය ගන්නේ. (නදී)
මෛත්‍රී ඔබට ජය නියතයි. (ස)
මගෙන් උණුසුම් සුභ පැතුම් (නදී)
ඉරිදා පත්තර කියන කතා බැලුවම මටනම් පෙන්නේ කුමන්ත්‍රණ කතාව ඇත්තාක් වගේ. කවුරුත් කියන්නේ නෑ එක එහෙම නෙමේ කියල. බලනකොට රට හදන්න කුමන්ත්‍රණත් කෙරෙනවා. පුදුම උනන්දුවක්. (ස)
2010 දීත් අපි දැක්ක කට්ටිය දගලපු දැගලිල්ල. අන්තිමට කන්දක් විලිලා මි පැටියෙක් වැදුවා. (නදී)
අපේ රජරට ජනතාවට ජයවේවා ඔබවෙනුවෙන් පෙනීසිටින රට වෙනුවෙන් පෙනීසිටින පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැලිය පොළොන්නරුව සහ අනුරපුර ජනතාවගේ පැමිණීම හර්දයගම ස්තුතිය පිරිනමනවා ශ්‍රී ලංකාවේ නව පිබිදීමකට මෛත්‍රීගේ පැමිණීම විසේස අවස්ථාවක් ජනවාරි 9 වෙනිදා රජරටට කිරි ඉතිරෙන දවසක් වේවි එය මහත් සතුටක් අපි ලැබූ ලොකු ජයග්‍රහණයක් (ස) සැමට ජය !!
මේ සිල්වා, ඔහේ මැරිලා ඉපදිලාද කතා කරන්නේ? ඕවා කියන්න කොණ්ඩය බැදපු චීන්නුන්ට. (නි)
මිනිස්සු බුද්ධිමත්ව හිතන්න අරන් වගේ. හැමදාම අන්දන්න බැහැනේ. (නදී)
ජය වේවා ජනපතිතුමනි !!!! (අ)
යුද්දය දිනුවේ ත්‍රිවිද හමුදාවයි. ඔබත් එදා හමුදාවට දහිර්ය දුන්නා. අපි දන්නවා , ඔබට ජයවේවා. (නදී)
යුද්දය දිනුවේ ත්‍රිවිද හමුදාවයි වෙන කව්රුවත් නොවේ. ඔබත් එදා හමුදාවට දහිරිය දුන්නා. ඔබට ජයවේවා ! (නදී)
රජ රට ජනතාවට අලුතෙන් සිතන්න කාලය එලබ ඇත ඔබල තුලින් ජනපතිකෙනෙක් රට රකින්න එකතුවෙන්න. (අ)
ශ්රී ලංකාවේ ලොකු වෙනසක් ඔබ අපේ කෙනෙක් ජයවේවා මෛත්‍රීට අපි ඔබ සමගයි !! (අ)
තිලක් ඩුබායි, ඩුබායි වල ඉඳන් ගොන් කතා නොකියා, ලංකාවට ඇවිල්ල බලල කතාකරන්න.(නදී)
අපේ මිනිසුන් මොලය කල්පනා නොකර කටයුතු කලොත් අපට රටක් නැති වෙන එක නම් තවත් අහන්න දෙයක් නැහැ. ඒවගේම අපිව රටක් ජාතියක් විදිහට ලෝකෙට දැනෙන්න කටයුතු කලේ ජනාධිපති තුමා බවත් අපි අමතක කරන්න හොද නැහැ. (ස)
මේ ජනතාව ඇවිල්ල තියෙන්නේ තමන්ගේ කැමැතෙන් එහෙම නැතිව ලංගම බස් දාල කට්ටිට ඇදල නැහැ රජයෙන් වගේ මේක තමයි අලුත්ම රැල්ල යලි පුබුදුමු ශ්‍රී ලංකා !!!!!!!!!!! (ස)
බත බුලතින් සරු කෙරෙන මහසෙන් යුුගයක්. (නදී)
මරු...මරු ... ඔහොම යමු ..(ස)
මෛත්‍රී අපි ඔබ සමගයි !! මේ දුෂිත පාලනයෙන් රට බේරගන්න මෞබිම හරිමගට ගන්න ශක්තිය දහිරිය ලැබේවා. (ස)
හරිම දුකයි. ජනාදිපති නිදහස් කළ රට කාටවත් දෙන්න ඉඩ තියන්න එපා (නදී)
පෙනෙන හැටියට මහින්ද මහත්තයට ඈපත් නැ වගේ. (ස)
පොන්සේකාගේ රැස්වීම් වලටත් සෙනග ගියා බලන්න (ස)
ආරම්භය හොඳයි (නි)
2853 බලල තියනවා නමුත් අදහස් නෑ කමක් නෑ කොහොමත් මේ පාර රෙජිමය කපෝති වෙනවා කෝ බන්දුල පෙරේරා (ස)
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණා. නගරය අපිරිසිදු කරන සැරසීම් පෝස්ටර් කටවුට් මොකුත් නැහැ. ප්‍රතිවිරුද්ධ අයගේ මැතිවරණ කටයුතු වලට බාධාකිරීම් නැහැ. මහජනයාගේ එදිනෙදා රාජකාරි වැඩ බාධාකරන වැඩ නැහැ. අනෙක් අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර නැහැ. කාගේවත් , රජයේ දේපල ඇතුළුව සම්පත් දේපල නාස්ති හානිකිරීම් නැහැ. ජයගත් කෙනා බලයේ සිට නම්බුකාර ලෙස ගෙදර යන කෙනාට මෙතෙක් කළ සේවයට ස්තුති කළා. පරාජය වූ මෙතෙක් බලයේ සිටි ලිබරල් පක්ෂ නායකයා ජයගත් කෙනාට සුභ පැතුවා. ඡන්දෙ පැරදුනා කියලා ගෙවල් දොරවල් දේපල වලට කවුරුත් අත තැබුවේ නැහැ. මහජනතාව එදිනෙදා වැඩ වල සාමාන්‍ය අයුරින් නිරතවුණා. ලංකාවේ කවදා මෙහෙම තත්වයක් දකින්න ලැබේද? (නි)
සහල් විකුණන අය ඔක්කොම ඇවිල්ල වගේ. ඔව් බත් කන අයත් ඇවිල්ලා (නදී)
මේ පාර ඡන්දෙනම් ලේසි වෙන එකක් නෑ.(හේ)
මේක නිකම් බොයිලර් කුකුල් පැටියෙක් වගේ (නදී)
පොලිතින් තොරව කිව්වේ ඔය සරසලා තියෙන්නේ ,බොරුම තමා (අ)
ජයවේවා.(හේ)
මේ පාර කන්ද විලිලා එන්නේ ලෝදිය. එම නිසා දුවන්න පර හදාගෙන ඉන්න (නදී)
රට හදමු. පවුල් වාදයට ඉඩ දුන්නා ඇති. (අ)
අම්මපා! මේ බන්දුල පෙරේරා කොහෙද ඇත්තටම? කඩුල්ලේ වාඩිවෙලා දුවන්න පිටපට ගහනවා (අ)
පිස්සු හැදෙනවා .(අ)
මහින්දට උන ගැනිල ඇති (අ)
අතීතයේ ලංකාවේ පිස්සු කරපු ජනදිපතිලට වෙච්ච දේම වෙන්න වගේ යන්නේ. (අ)
ආඬි 7 කැඳ හැලිය වෙයිද? (නදී)
පරිසරයට රටට ආදරේ ඔබට මිනිසුන් අදරෙයි. ජය නියතයි (නදී)
අනේ මන්දා එක්කෙනෙක් හොයා ගන්න නැහැනේ ඔට්ටුවක් දාන්න මෛත්‍රී මහත්තය ජනපති වෙනවා කියලා. දුක් මහන්සියෙන් විදේශගතව උපයපු පිරිසිදු සුදු සල්ලි ලක්ෂ විස්සක් තියෙනවා. ඩුබායි තිලක් මොකද කියන්නේ ? මේ පැත්ත පළාතක නම් එකෙක් නැහැ එහෙම ඔට්ටුවක් දාන්න. හැබැයි කියන්නේ අනිවාර්යයෙන් දිනනවලු. කට්ටිය මෙදා පාර කන්නේ අපේ ටීම් එක ඉන්දියාවෙන් කෑවා වගේ නන්නත්තාර වෙන්නම තමයි. 9න් පස්සේ පස්සේ කට්ටිය අහසින් පොළොවට බහීවි (නදී)
මේ මිනිස්සු බස්වලින් ඇදුපු අය නොවෙයි බත් පැකට් එකට අරක්කු වලට ආපු අය නොවෙයි. ඊයෙ මාතර මහින්දගෙ රැස්වීමට ලංගම බස්වලින් ඈත පලාත්වල මිනිස්සු ඇද්දේ. මෛත්‍රී ඔබට ජය ! (නදී)
මේ හමා එන්නේ නිදහසේ සුළඟයි. දිනාගත් රටේ යුක්තිය සදාරණත්වය වෘතීය දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න ලැබුණු හොඳම අවස්ථාව මෙයයි. සැවොම එක්වෙමු (නදී)
බන්දුල, ඔබ හරි. ඔබ අනිවාර්යෙන්ම බොයිලර් කුකුල් පැටියෙක් දවස් 45 නෙමෙයි අද සිට දවස් 38. (නදී)
ඔබ හොඳයි මැතිතුමනි. ඇත්ත. මහින්ද මහත්තයා තමයි රට පාලනය කරන්න සුදුස්සා. (නි)
සු ගාල සෙනග නේ?දිනයි වගේ මෙයා. මරු මරු (අ)
2010 දීත් අපි දැක්ක කට්ටිය දගලපු දැගලිල්ල..අන්තිමට කන්දක් විලිලා මි පැටියෙක් වැදුවා..(අ)
කෝ අප්පා මංගල සමරවීර මැතිතුමා (අ)
උණුසුම් සුභ පැතුම් (අ)
සුභ පැතුම් මෛත්‍රීපාල මහත්තයෝ! (නි)
ජයවේවා! (අ)
ලොකු පිබිදීමක් තියෙනවා (අ)
පිටරට රැකියා වලට ගිය උදවිය තම තමන්ගේ වටිනා ඡන්දය ගැන අවධානයෙන් සිටිය යුතු බව මතක්කර දෙන්න කැමතියි. (නි)
අපිට ඕන රටට යහපත් වෙනසක් එච්චරයි. (නදී)
ඇත්තටම මේ එන ජනතාව හදවතින්ම එන පිරිසක්.(හේ)
හොඳ සෙනඟක් (නදී)
සිල්වා කව්ද දවසේ කුලිය 250 වැඩකරන්නේ. අද රු 1000-1500 දෙන්න ඕනි. මට පුල්ලුවන් නම් මනුස්සයෙක් හොයල දෙන්න දවසට 500 වැඩකරන. මාසෙට දවස් 10ක් වැඩ කලත් රු 10,000 අවම හොයනවා. (නදී)
ජනතාවට වෙනසක් අවශ්‍ය වී ඇත.(හේ)
ඇත්තමයි. පුදුමාකාර සෙනඟක් (නි)
පොලිස් ආරක්ෂාව ගැන හිතන්න වෙනවා නේද? එක පොලිස් නිලධාරියෙක්වත් නැහැ මට නම් පෙනෙන විදියට (නි)
ඔබට ජය ස්ථිරය (අ)
විදායකය අයින් කරන කෙනෙක්ට අපේ මනාපය (නදී)
ලංකාවේ ඔක්කොම මිනිස්සු මෙතනද මන්ද ? (අ)
බන්දුල ඔබ හරි. අනිවාර්යෙන්ම බොයිලර් කුකුල් පැටියෙක්. දවස් 45 නෙමෙයි අද සිට දවස් 38 යි (නදී)
රජරට ජනතාවට ජනාධිපති කෙනෙක් බිහිකරන්න අවස්ථාව ලැබුණා. (නදී)
අපිට ආරංචියි නොයෙක් දේවල්. ඒවා මෙතන ලියන්න බැහැ. (නි)
කතාවට නම් එක එක්කෙනා වීරයෝ වගේ. නොයෙකුත් දේවල් කරනවා කියාවි. අහන අයත් ජොලියට ඔල්වරසන් දේවි. බලය ලැබුනොත් ඔය කියපුවා කරන්න යනකොට තමා ප්‍රශ්ණය. ඉන්පසුව ලොක්කා හිමින් හිමින් ඒකාධිපති වෙනවා. බලය ඇත්තෝ බෙදාගන්නවා. ජනතාව හුල්ලමින් විඳවමින් දෙන්නම් කිය කියා මීලග මැතිවරණය කවද්ද කියා ලතවෙනවා. මින් එහා වෙන යමක් වේවිද? (නදී)
රටක ඡන්දයක් පවතිනකොට මෙහෙම තමා. තමන් කැමති පක්ෂයේ රැස්වීම් වටා එක්රොක් වෙනවා. මේක අරුමයක් නොවෙයි. අනුරාධපුරයේදී පවත්වන සන්ධානයේ රැස්වීමේදී තත්වය බලන්න. මේ වගේම හෝ මීටත් වඩා මහජනතාව රොක්වෙනවා නොඅනුමානයි. මේ ඡන්දය අතිගරු ජනාධිපතිතුමාට සටනක් නොවෙයි. එතුමා ඉහළින්ම ජයගන්නවා. ඒක සහතිකයි. (නි)
මට නැවතත් අපේ අතීතය මතක්වෙනවා මේවා පෙනෙනකොට (නි)
හොඳ දෙයක් ඉදිරියේදී වෙන බවට පෙර සළකුණු දකින්න ලැබෙනවා (නි)
පිටරට ඉන්න අපේ අයියා මේ අවුරුද්ද අගදී ලංකාවට එනවද කියලා ගමේ කෙනෙක් පවුලේ කෙනෙකුගෙන් අහලා තිබුනා. මොනවා වෙන්න යනවද කියලා අපිට හිතාගන්න බැහැ. (නි)
නොයෙක් නොයෙක් ආරංචි, කටකතා තිබෙනවා. මේවා ඇත්තද කියලා අපි දන්නෙ නැහැ (නි)
කොච්චර සෙනඟ ආවත් ජය ලැබෙන්නේ අපේ වත්මන් ජනපතිටයි (නදී)
හර්ෂ, මෙතන ප්‍රශ්නය ආදායමට ඔරොත්තු නොදෙන අත්‍යවශ්‍ය වියදම් නිසා මිනිස්සුන්ට යුද්ධ කාලයටත් වඩා දුක් විඳින්න වෙලා. (නි)
ආඩි හත් දෙනාගේ කැඳ හැලියේ අඩු ගානේ උණු වතුරවත් තිබුනා..මේකෙනම් අන්තිමට ඒකවත් නැහැ ස්ථිරවම. (හේ)
අපේ මහින්ද මහත්තයා කවදත් ජනාධිපතිමයි. (නි)
ෂ්‍යාම කුමාරි කියන මායිම් ගම්මානයේ ඉපදී හැදුන වැඩුන කාන්තාව එක පාරක් මෙතන කිව්වේ ඔයාගේ පියා මයිත්‍රීපාල මහතාට වැඩ කළා කියල . ශ්‍යාමා ඔයාගේ අදහස් කවදාවත් මායිම ගමක අහිංසක කාන්තාවක ගේ අදහස් නෙවෙයි. අනෙක ඔයා වෘත්තීය මට්ටමින් පරිගණකය හසුරුවනවා. මේවා මායිම් ගමක ජීවත් වුන කාන්තාවකට කරන්න පුළුවන් නම් ඉතින් පුදුම තමයි. ඇයි මෙහෙම මෙතන බොරු කරන්නේ. (ස)
ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)
ජේවිපියේ එකතු වීම උඩ තවත් වාසිදායක වේවි.(හේ)
ජයවේවා! (නි)
ජය නියතයි.(හේ)
මේගොල්ලෝ බලයට ආව කියල මොනවා කරන්නද? දැනට එක පුද්ගලයෙක් ලක්ෂ 3.75ක් ණයයි. 4 දෙනෙක් ඉන්න පවුලක් ලක්ෂ 12.5 ක් ණයයි. මේක ගෙවන්න පුළුවන් පවුල් ලංකාවේ 2% ක් වත් නැතුව ඇති. අපි දැනටමත් චීනයේ රූකඩ වෙලා ඉවරයි. මේගොල්ල දිනුව කියල ඔය ණය කන්දරාව ගෙවල දාන්න බැහැ. (ස)
එන්සිනා, හොද එකමුතු සහෝදරයෝ සමග හොඳ දරුවෝ ජනාදීපතිතුමාට ඉන්නේ ජාතියේ වාසනාවට. රනිල්ට චන්ද්‍රිකාට එහෙම නැති උනාට ජනාදිපතිතුමා මොනවා කරන්නද? පින් මදි කම (නදී)
ආඩි හත් දෙනාගේ කැඳ හැලියේ අඩු ගානේ උණු වතුරවත් තිබුන..මේකෙනම් අන්තිමට ඒකවත් නැහැ ස්ථිරවම. (අ)
ශ්‍යාමා තරම් පච අරින කෙනෙක් මම මේ පුවත් තීරයේ තවත් දැකල නැහැ. ඉපදුනේ ඈත එපිට මායම් ගමක . මෛත්‍රීපාල මහතාට වැඩකළ තාත්තා කොටි ගහල නැති වුනාලු. හරිම පුදුමයිනේ, ඔයා එහෙ ඉඳල කොටි කටේ ජීවත් වෙමින් ක්‍රියාකාරී දේශපාලනය කලා කීවාම. අපි දන්නේ මායම් ගම්මාන වල කාන්තාවන්ට තිබුනේ නොමැරී ජීවත් වෙන්නේ කොහොමද කියල ප්‍රශ්නයක් මිසක් ක්‍රියාකාරී දේශපාලන උණක් තිබුන එක හරිම අස්වාභාවිකයි. කවද්ද ඔයා පරිගණකය ඉගෙන ගත්තේ . එහේ ඒ වගේ පහසුකම් තිබුන ද ? ඔයා මෙතන කියන බොරු අතේ අහු වෙනවා ශ්‍යාමා. (ස)
පුතාට තැන ලැබෙන කන් අල්ලන් ඉන්න උදවිය අපිට එපා. (නදී)