සෙසු පක්ෂද එකතු කරගෙන ඉදිරි මැතිවරණයේ දි එකසත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල් පිටියේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවේදී ගෙන ආ යෝජනාව සම්මත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට දහස් ගණනක් එජාප ඊටට සහභාගී වූහ.
සෙසු පක්ෂ සමග එක්ව තරග කීරීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම හෙට (11) පෙරවරුවේ අරලියගහ මැදුරෙදී පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිත බව ද පක්ෂ ආරංචි මාර්ග කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජිත්,ඔබ හරි. රටේ ධනස්කන්දය ඩොලර් මිලියන් බිලියන් ගණනින් ගසාකාපු අයට තරාතිරම නොබලා අනිවාර්යෙන්ම දැඩි දඩුවම් දෙනවා.ඒ විතරක් නෙමෙයි, කෙළින් නායකයෙකුට මෙවර සම්පුර්ණ සහයෝගය දෙනවා. (නි)
පිවිතුරු යහපාලට හීන දකින්න එපා කියන්න අපිට පුළුවන්කමක් නැහැ.හැබැයි කට්ටියටම මේ සැරේ පැරදුනහම යන්න වෙන්නේ "ගෙදර" නම් නෙමෙයි (නි)
එකමුතුකම තමයි ජයග්‍රහණයේ මඟ (නි)
එහෙම තමයි.හැමදේම වෙනස් වෙද්දී දේශපාලන අදහසුත් එහෙමයි (නි)
රනිල් මහතාට ජයවේවා! (නදී)
මෙයාල දිනුවත් වැඩක් නැහැ. මෙයාල කවද්ද වැඩක් කලේ (නදී)
මොකද දන්නෑ ටී.එන්.ඒ එක එකතූනේ නැත්තේ. එහෙම උනානම් බේදුම්වාදී කල්ලිය සම්පුර්ණයි (නදී)
මොන සෙල්ලම් දැම්මත් මේ සැරේ සුපුරුදු විපක්ෂේ තමා වැඩිවෙන්නේ (නදී)
මොනදේ කරත් මෙවර මහින්ද ප්‍රමුක සන්දානය දිනනවා! .(නදී)
රනිල් දිනනවා, ආණ්ඩුවත් පිහිටනවා, ඒකාන්තයි .(නදී)
කොහොමටත් ඔය අයට සන්දානෙන් ඉල්ලුවට දිනන්න බැහැ. එයාලගේ ප්‍රතිපත්තිය බලයට තියෙන කෑදරකම. (නදී)
එන එන අයට යු.එන්.පි ඡන්ද ටික බෙදා ගන්න පුළුවන්.(අ)
ගිය ජනාධිපතිවරණය කණ්ඩායම් සියල්ලම නැවත එකතුකරගත්තාම නැවත ජයග්‍රහණය ස්ථීරයි (අ)
අද 11 , හෙට 12 (අ)
තරග බිමේ කොහොම හිටියත් කවුරු හිටියක් මහින්ද මැතිදුගේ ජය සහතිකය (අ)
මේ අය විශාල ජයග්‍රහණයක් ලබනවා. ඡන්දයට ආසන්න දිනකදී හිටපු හොර රැල කරපු විශාල වංචා කිහිපයක් සාක්ෂි සමග එලි දක්වයි...හිටපු ලොක්කා ඇතුළු පිරිස මේපාර ඉල්ලන් කෑවා.එයා මේ පාර ' ගල්පල්ලියේ ' නතරවුනොත් පුදුම වෙන්නේ නැහැ.මේක තමයි මෛත්‍රී මහත්මයා , රනිල් මහත්මයා සහ චන්ද්‍රිකා මහත්මිය එකතුවෙලා ගහපු ගැටය.අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා..(බ)
දැන් නම් එපායට හොඳටම බයවෙලවගෙයි . කලින් බලහිටියේ පොදු පෙරමුණ දෙකඩ වෙනකම් . ලොකුවට කයිවාරු ගැහුවා.දැන් තනියම දිනන්න බැරි බව දන්නවා. මොන හව්ල හැදුවත් පොදු පෙරමුණ උඩින් දිනනවා. (අ)
විජිත් මහතාට මහින්ද භීතිකාව දරුණුවට වැලදී ඇති බව පෙනේ. නින්දෙන් ඇඳ තෙමා ගැනීම නිතර බඩ බුරුල් වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයි. සියල්ලන්ට ප්‍රතිකාර සදහා සායනයක් 17 වනදා ජයග්‍රහණයෙන් පසු ලබා දීමට අදහස් කරන අතර එතෙක් පැම්පස් එකක් නිතර භාවිතා කිරීමෙන් මෙම රෝගයෙන් ඇතිවන අපහසු තාවයන් අවම කරගත හැකි වනු ඇත. (නදී)
ඇයි පොදු පෙරමුණට විතරද සංධාන ගත වෙන්ඩ පුලුවන් ඒක්සත් ජතික පක්ෂය සමග අනේකුන් සුලු පක්ෂ එකතූ වුණොත් වැරදිද ජය වෙවා ඒක්සන් ජතික පක්ෂයට ජයා නියතයි (අ)
ඔය සේරම කට්ටිය එකතු වෙලා ලක්ෂ 62ක් ගත්ත තමා.එක ජනාධිතිවරණයක්..අසන මට්ටමින් ගත්තම මහින්ද මහත්තය අසන 90ක් දිනුම්.. මෛත්‍රී මහත්තය අසන 70ක් තමයිදිනුම්..දැන් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්.. මුළු ඡන්ද එකතුවට වඩා වැදගත් දිනන අසන ප්‍රමාණය..එහෙම බැලුවොත් මහින්ද මහත්තයාගේ ලක්ෂ 58 තමයි විශාල.කව්රු දිනිද කියල තේරෙනවනේ. (අ)
මහින්ද මහත්තය අගමැති වුනාට යනවට වඩා දැන්මම ගිහින් 62න්ම ගොඩ එන්න .හිටියොත් මේ 58න් නම් එයාලට ලැබෙන්නේ පස්සට පයින් පාරක් විතරයි. ප්‍රතිවාදිය තරගෙන් ඉවත් කරලා ජය ගන්න හදන්නේ නැතුව ඔහොම එන්නකෝ 62 ත් එක්කාසු කරන් 58 එක්ක සටනට නපුන්සක වැඩ නොකර නියම පිරිමි වගේ. (අ)
පවුල් බලයට වඩා ජන බලය වැදගත් (නදී)
බලය තියනකොට දිනන්න බැරි වුණකට්ටිය මස 6 කට පස්සේ දිනන්නේ කොහොමද දැන් සහන දෙන්නේ මහින්ද නෙමේ රනිල් බව මතක තියාගන්න (අ)
රට බේරාගත් ජන නායකයා ගේ ජය සහතිකයි. (නදී)
කෝ මේ සුමනදාස? මේ පාර මහින්දගෙ කේන්දරේ බලන්නෙ නැද්ද? (නි)
සෞදි සරත් ඔයාගේ මැරතුමාගේ නියත පරාජය තමා මේ පේන්නේ. රටේ ජනතාවගේ ජය හමුවේ වියරු වැටිලා (නදී)
පෙරේරා උන්නැහේ, යු.ඇන් පියත් එක්ක අනිත් පක්ෂ එකතුවෙන්නේ රට ගොඩගන්න. එහෙම නැතුව රට කන්න මන්ත්‍රීකම් ගන්න නොවේ (නදී)
මහින්දට හම්බන්තොටින් එන්න කියල සජිත් අභියෝග කරන්නේ සජිත් ට ගණන් බැරි නිසාද. (නදී)
මේ පවතින ක්‍රමය අනුව කාටවත් බහුතරය ගන්න බැ. ඡන්දෙන් පස්සේ වැඩි දෙනෙකුගේ සහය ගන්න පුළුවන් කෙනාට අගමැති කම ලැබෙන්නේ. එහෙම බලනකොට එ්ක කල හැක්කේ රනිල් මහතාට පමණි. (නදී)
කවුරු මොනවා කියුවත් ඔය සේරමලා එකම කාසියේ දෙපැත්ත. අපි හැමවිටම එකම තැන. අද රස්සාව කලොත් හෙට අපේ දරුවන් ගේ බඩ කට පිරේවි. අපේ දුක ඔය කාටත් තේරෙන්නේ නැහැ. අපි පමණයි එ්ක දන්නේ (නදී)
රට ගොඩ ගන්න හැම විටම එජාපය ඕනා. ජයවේවා (නදී)
දවස් කීපයක් සතුටින් හිටිය එජාපයට වෙන දේ අපි බලමුකෝ (නි)
කව්රු දිනුවත් කමක් නැහැ අපේ පුංචි රට දියුණු කරනවානම් එහෙම නොවන එක තමා වරද .(නදී)
මේ ඔක්කොම නායකයෝ පත්කරගන්න දඟලනවා ,එයාල පත් වෙලා අපිට බඩපහර ගහනවා . බලන් යනකොට වැරදි කාරයෝ අපිමයි (අ)
මට තේරෙන්නේ නැහැ ඇයි ඔච්චර දිනනවා නම් ගිය සැරේ සිරිසේනව දැම්මේ. රනිල්ටම ඉල්ලන්නනේ තිබුනේ. (නදී)
කොහොම ෙවතත් ජවිෙප් ඡන්ද කැඩී ගිය පසු ඒජාප යට ජය ගත හැක්කේ නුවරඑළිය, කොළඹ, නුවර සහ තිරිකුනාමලේ පමණි. මේ මගින් බෝනස් මන්ත්‍රිධර 18 ක් ඒජාපයට අහිමි වනු ඇත. (අ)
සහන් ඔබට වැරදුනා. රට බටලන්දක් කරනවලු (නදී)
මහින්දගේ ජය සහතික කලා නේද සහන් (නදී)
පිවිතුරු යහපාල දවාලේ හීන දකිනවා (නදී)
මහින්ද මහත්තයාගේ 58 ජනාධිපතිවරණයේදී මිනිස්සු නම්මා ගත්තේ කොහොමද කියලා අපි දන්නවා. එහෙම කරලත් පැරදුන මහින්ද මෙවර නිකන්ම අපේක්ෂකයෙක් විතරයි.කොහොම වුණත් යුඑන්පි ය දිනනවාමයි (නි)
කවුරු මොනවා කිවුවත් රනිල් මහත්තයා තරම් දුරදර්ශි වැඩපිළිවෙළක් ඇති වෙන කෙනෙක් නැහැ අපිට (නි)
කොහොම වුණත් රනිල් මහතා දිනනවා. ජයෙන් ජයම වේවා! (නි)