රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට විරෝධය දක්වමින් එම පිරිස පෙරමුණක් ලෙස තරග කිරීමට අපේක්ෂා කරන බව ද පැවසේ.
ඔවුහු අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වූහ.
ඔවුන් තවමත් සන්ධානයේ නාමයෝජනා අත්සන් නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රභලයෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන තරමට හොඳයි මට නම් (නි)
අපි යවන්නම්කෝ නියම තැනට (නි)
පිරිසිදු යූඑන්පි පක්ෂය සමඟ රටට සේවය කරන්න රනිල් මහත්මයා සමඟ එකතු වෙන්න. ඔබ සැමට සුබ අනාගතයක්! (නි)
කොච්චර ප්‍රභලයෝ වුණත් අපේ ඡන්දෙ නම් දෙන්නෙ නැහැ (නි)
තවම සෙල්ලම් පටන්ගත්තේ නැහැ (නි)
බොහොම බුද්ධිමත් තීරණයක් (නි)
මෙවන් මිනිසුන් සිටින බව දැනගැනීමත් සතුටක් (නි)
මහින්ද මහත්තය අගමැති වුණාට පස්සේ නිකන් සවුත්තු වෙලා යනවට වඩා දැන්මම ඔය ගුණවර්ධනල රාජිතල හිරුනිකාල වගේ පක්ෂයට ද්‍රෝහී වෙච්ච නඩය නම්බු පිටින් නාවින්න ගියා වගේ ගියානම් ජාමේ පොඩ්ඩක් හරි බෙර ගන්න තිබුණ.ගිහින් 62න්ම ගොඩ එන්න ..මේ 58න් නම් ඔයාලට ලැබෙන්නේ පස්සට පයින් පාරක් විතරයි. (අ)
අපෝ ගිහින් යහ පාලන නඩය දිනවන්න. හිටියොත් ඔයාලට ඇපත් නෑ. (අ)
හිටියත් අපි නම් ඡන්දෙ දෙන්නෙ නැහැ (නි)
ප්‍රතිපත්තියක් තියන මිනිස්සුද? තමුන් (මාස 06 කලින් ) වැරදියි කියපු එක්කනා එක්ක කෙසේද එකට තරඟ කරන්නේ ? දිනුම හෝ පැරදුම ඔබතුමන්ලා ගත්තේ හරි තීරණ. (නදී)
අනේ හොඳයි. තව නැද්ද? (නි)
අබේරත්න ,ටෝකියෝ වල ඉන්න විදිහටම ඉන්න මහත්තයො ලොකු කතා කියන්නේ නැතුව.තමුන්ගෙ ඡන්දෙවත් දාගන්න බැරි අයනේ මේ පාර සද්දේ දාන්නෙ.මේ රටට කරලා තිබුන විනාශය බලන්න මුලින් ලංකා පොළවෙ පස් පාගලා හිටියා නම් හොඳයි. (නි)
අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයට පැමිණියොත් මහින්ද සමග තරංග කරන්න කුරුණෑගලට දැම්මනම් හොඳයි. හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි. (අ)
මේ අය යන එක ලොකු දෙයක්, ඉන්නකල් කලේ කොටින්ට කඩේ ගිය එකයි, කකුලෙන් ඇදපු එකයි .(අ)
ඔබගේ තීරණය හරි (නි)
රට දිනවන්න ගත්තු නිවැරදි තීරණයක් (නදී)
මෙයාලද ඒ කියන ප්‍රභලයෝ? (නි)
අනේ ලොකු උදව්වක්. ඔයාලට හිටියත් අපේ ඡන්ද හම්බ වෙන්නේ නැහැ. (නි)
ජනවාරි 8 බලවේගය නැවත ප්‍රතිසංවිධාන විය යුතුයි (අ)
යන්න ගියාට ස්තූතියි! ටටා බායි! (නි)
මෙහෙම බුරුතු පිටින් යන්න ගියොත් සන්ධානෙට ලංකාවෙන්ම ඡන්ද ලක්ෂයක්වත් එකතුකර ගන්න බැරිවෙයි. (නි)
අපොයි මෙහෙමත් දේශපාලකයෝ.මම මෛත්‍රී ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නා.හැබැයි මේ ප්‍රතිපත්ති නැති අයට ඡන්දෙ දෙනවට වඩා හොඳයි එදාට වැඩට යනවා. (නි)
අපිට තිබුන ලොකුම ප්‍රශ්නයක් ඉවරයි එහෙනම්. අනේ සාදු කිවුවලු (නි)
ලොකු දෙයක්. ඉක්මනටම යන්න. දැනටත් ප්‍රමාද වුණා වැඩියි (නි)
අනේ දෙවි හාමුදුරුවනේ, යනවා නම් ලොකු දෙයක්. එක්කෝ අනේ යන්න එපා, ඔයාලා ඔහොම ඉන්න. 17 පහුවෙලාම යන්න ඉන්න (නි)
මේ අයට ඡන්දය දෙන්නේ කවුද? (නි)
ජනතාවට කොකා පෙන්නුවා හොඳටම ඇති.දැන් ඒ අය ගෙදර යන්න සුදානම් වෙන්න (නි)
ඉහත අදහස් දැමූ සජිත්,ඔයත් මේ කට්ටිය එක්කම එක්සත් ජාතික පක්ෂයට යන්න. ඔයාට හරියන්නේ ඒ පැත්ත තමා (නි)
නියම තීරණයක් සුබපැතුම්.. මැද මුලනට කඩේ යන අය තම ඉන්නවා වගේ (අ)
මෙහෙම දිගටම යන්න ගියොත් මොනවා වෙයිද සන්ධානෙට? (නි)
ලොකු දෙයක් (නි)
ජය වේවා! (නි)
මොනතරම් ධාර්මිකව ජීවත් වුවත් සමහරු කළ පව් මේ කල්පයෙදි ගෙවලා ඉවර කරන්න බැරිවෙයි. (නි)
කියලවත් කරගන්න බැරි වැඩක් (නි)
ඔය ගියාට කමක් නැහැ. ආයේ එන්න එපා හොඳේ (නි)
නුවණක්කාර තීන්දුවක් (නි)
ඔබ සැමට සුබ අනාගතයක්! (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඕකනේ. මම වසරකට හතර පස් වතාවක් මගේ මව් බිමට එනවා.දැන් මසකට පෙර ලංකාවට අාවා. රටේ සංවර්දන කටයුතු නැවතී තිබෙන අන්දම ඇස් දෙකින් දුටුවමි. ඡන්දයටත් ලංකාවට එනවා. (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ! (නි)
මහින්දට නාම යෝජනා දෙන්න නම් එපා. දුන්නොත් දිනන මන්ත්‍රීවරු සල්ලිවලට අරගෙන පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා. වත්මන් ජනාදිපතිතුමාට ගහන්නේ එලව එලවා. අනාගතෙයේ සිදුවන්නේ මෙයයි. (නදී)
මෙදාපාර නම් හොඳ පාඩමක් ඉගෙනගන්නවා (නි)
එතන තමයි ඔවුන්ට ඔවුන්ගේ උරුමය තියෙන තැන..ලක්ෂ 62 ජනමතය තියෙන තැන. නැතුව සන්ධානයවත් ශ්‍රී ලංකා එකවත් නෙමෙයි. එතන තියෙන්නේ ලක්ෂ 58 ක මහින්ද මහත්තය වෙනුවෙන් වෙන් උනු යහපාලන හොර නඩයට විරුද්ධ ජන මතය. අනුන්ගේ මත මංකොල්ල කන්න හදන්නේ නැතුව උරුමය තියෙන තැනට ගිහින් ඕන දෙයක් කරගන්න අපිට තවත් පවු නොදී.. (නදී)
ඔය යන අයට නෙමෙයි අපිටත් කල කිරීම තියෙනවා (නදී)
ඔයාල කොන්ද කෙලින් තියාගෙන යු.එන්. පී එකට ගිහින් හොරු රැල පරද්දන්න. (නදී)
ගොඩක් හොඳයි (නි)
ලොකු උදව්වක්.. රාජිතට එහෙම මේ පාර කලුතරින් ඇපත් නැති වෙනවා කොහොමත් සංධානෙන් ඉල්ලුවොත්.. (නදී)
ලොකු උදව්වක්. රාජිතට එහෙම මේ පාර කලුතරින් ඇපත් නැති වෙනවා කොහොමත් සංධානෙන් ඉල්ලුවොත්. (නදී)
අනේ සාධු! ඔයාලා හරියන්නේ එතනට තමයි (නි)
ලොකු උදව්වක් ඔයාල ගැලපෙන්නෙම එතනට තමා.(නදී)
එහෙනම් මෙවර එජාපයට ජය නියතයි.(හේ)
දේශපාලනයේ සුද්ධවන්ත්යෝ කව්රුවත් නැහැ. නමුත් මේ වෙලාවේ යුඑන්පිය සාපේක්ෂව හොඳයි. එම නිසා මෙය අවශ්‍ය දෙයකි. ඒකාධිපතිවාදයට නැවත හිස එසවීමට ඉඩ නොතබමු ! (නදී)
නව නයකයා හිටපු නායකයාට වඩා කලින් ඒකාධිපති වියරුවකට තල්ලු වේ කියා අනතුරු ඇඟවීමක් කරමි ..(හේ)
අවස්ථාවාදීන්ගේ ඇත්ත රටට හෙළිවීම රටවැසියන්ගේ වාසනාවකි . පසුගිය කාලයේ යූඑන්පි පක්ෂයට බැනපු විදිය මතක නම් එදෙස බලන්නේ වත් නැත. (නදී)
ඔයාලා යන එක තමයි හොඳ. නැවත එන්න එපා හරිද? (නදී)
1940 ගණන් වල ඉඳලා අන්තිමට හැමෝම එන්නේ මගේ ගම් පළාතට. කුරුණෑගලට. (නි)
අනේ මෙයාලා ටික යන එකම තමයි හොඳ (නි)