පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අච්චාරුවක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
‘මෛත්‍රීපාල සිරිසේන අපේ පක්ෂයේ මහ ලේකම් නොවෙයි. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලයි තිබෙන්නේ. ඔහු වෙනුවට මා පක්ෂයේ ප්‍රධාන ලේකම් කළා.
ඔහුගේ මැතිවරණ ප්‍රකාශය පුරාම තිබෙන්නේ ඉටු කළ නොහැකි දේ. මේ පොරොන්දු ප්‍රකාශය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගෙයි.
චන්ද්‍රිකා සහ රනිල් යුගයේ රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණය කළා. අපි ඉන් තුනක් රජයට පවරාගෙන දැන් ලාභ ලබනවා.
මේ පිරිස කියනවා පෙට්‍රල් ඩීසල් බදු අඩු කරනවා කියා. ලෝකයේ හැම රටකටම වගේ තෙල්වලට බදු අය කරනවා. ඒවා තමයි රජයට තිබෙන ආදායම්. මොවුන් බදු අඩු කරනවා නම් රජයට ආදායම් ගන්නේ කොහොමද?
දුම්වැටි පැකට්ටුවේ සියයට අසූවවක් රූපමය අවවාද සම්බන්ධ නඩුවේදි උසාවියේ බංකුව උඩ කඳුළු සලමින් හිටියලු. ඇමැතිවරු උසාවිවල බංකු උඩ වාඩිවෙලා ඉන්නවද? මං නම් දැකලා නෑ. ඒක ගැන කඳුළු සලන්න ඕනද? එය අපේ පුද්ගලකි දෙයක් නොවෙයිනේ. මෙච්චර කල් කළේ ලියවිලි වලට අත්සන් කරලා ඉන්නවා නීතීඥවරු උසාවි ගිහින් නඩුව කතා කරනවා. ඇමැතිවරු මොකටද යන්නේ. ‘
මාධ්‍යවේදියෙක් - රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කියා තිබුණු පරිගණක ජිල්මාට් දැමූ බව?
ඇමැතිවරයා - කම්පියුටර් ජිල්මාට් ගැන අපි දන්නේ නෑ. මැතිවරණයෙදි ජිල්මාට් දාන්න බැහැ.
මාධ්‍යවේදියෙක් - නියෝජ්‍ය ඇමැති ඒ බව කියා තිබුණා.?
ඇමැතිවරයා - එහෙම කියා තිබුණා නම් වැරදි.
මාධ්‍යවේදියෙක් - ඔබ කිව්වා පෞද්ගලීකරණය කළ සමාගම් තුනක් රජයට පවරාගෙන දැන් ලාබ ලබන බව. ගුවන් සේවා සමාගම අධික පාඩු ලබනවනේ?
ඇමැතිවරයා - ගුවන්සේවා සමාගමට දිගටම ආයෝජන කරනවා. ඉදිරියේ ලාභ ලබන තත්ත්වයට පත් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඳහැලියෙ බැහැල ඉන්නෙ ඔබ. ඒ බව පේනවා දෙන උත්තර වලින්. පාඩු ලබන ආයතන තාම ලාබ ගන්ඩ බැරි උනේ අසමත් කම නිසා. දැන් කාලේ හරි යන්ඩ. (නදී)
ජිල්මාර්ට් නැති නිසාද ඔහොම කියන්නේ (නදී)
කරපුව කියපුව වෙච්ච දේවල් අපි දන්නවා ජනතාව හැටියට. බංකුවක් උඩ ඇමති කෙනෙක්ට ඉඳගන්න පුළුවන් යුගයක් තමා ඇති කරන්න ඕනා. එ්කෙන්ම පේනවා මේගොල්ලන්ගේ තත්වය. මිනිස්සු ගැන හිතන හැටි. (නදී)
යාපා මහත්තයෝ අපිත් නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් තමයි. ඒත් හොඳට ඇස් ඇරලා බලන්න අද පක්ෂෙට වෙලා තියෙන දේ. දහස් ගණන් මිනිස්සු මරපු ත්‍රස්තවාදියෝ අද පක්ෂෙ උප සභාපතිලා. ඔබතුමා කිව්වා එයාර් ලංකා එක පුද්ගලීකරණය කලේ රනිල් මැතිතුමා ලු. ඒ ගිවිසුම අත්සන් කලේ ඔබතුමාත් ඇමතිකම් දරපු චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවෙන් නෙමෙයිද ? ඇයි ඕවා එදා කිව්වෙ නැත්තේ ? වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා මහත්තයෝ. 2005 දීයි 2010 දී අපි කලගුණ සැලකුවා. දැන් වෙනසකට කාලය ඇවිත්. වෛරී දේශපාලනයෙන් ඉවත්වෙලා මෛත්‍රී කරන්න. (නදී)
තෙල් වලින් විතරද රජය ආදායම් හොයන්නේ. අනිත් දඩවලට ගහන බදු ආණ්ඩුවට නෙමෙයිද ? (නදී)
මෙයා පක්ෂයේ මහ ලේකම් කියනවා. ජනවාරි 8 වෙනකම් ඔහොම කියාගෙන හිටපුවාවේ. (නදී)
කටනම් තියෙනවා. වැඩ තමයි නැත්තේ ? (නදී)
අනුන්ගේ ප්‍රතිපත්ති නෙවෙයි කෝ ඔයාලගේ ඒවා. එයාලා බලාගනියි ඒවා ඉටුකරන විදිහ (නදී)
අනේද කියන්නේ? (නි)
අපිට නම් පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබෙනවා (නි)
මෛත්‍රී ජනාධිපති වුණොත් කාගේ කාගේත් නැටුම් ඉවරයි (නි)
තමන්ගේ බැරිකම වසාගැනීමට අනුන්ගේ ප්‍රතිපත්තිය හෑල්ලුවට ලක්කිරීම මහත්මා දේශපාලනය නොවේ. එම ප්‍රකාශනයේ තිබෙන දේවල් ක්‍රියාවට නැංවීම අපහසු නොවේ. උවමනා කරන්නේ අවංකබව සහ එකමුතුකම පමණයි. (නි)
අනුර එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා (නි)
ඔය කියන ප්‍රතිපත්ති මාලාව අපිට ලබාගන්න ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණාකර කියන්න. (නි)
අනුන්ගේ ප්‍රතිපත්ති නෙමෙයි, ඔබතුමාලගේ ප්‍රතිපත්තිය ගැන කියන්නකෝ. (නි)
විපක්ෂය කාටවත් ඕනෑ විදියට නටන්න අවශ්‍ය නැහැ (නි)
ඇමතිතුමනි, ඉටුකළ නොහැකි දේ තිබියදී පොරොන්දු කීයක් ඉටුකළාද? දැන් ලාභ ලබනවා නම් ඒවායේ නම් කියන්න. ලෝකයේ හැම රටකටම වගේ තෙල්වලට බදු අය කරනවා. ඒවා තමයි රජයට තිබෙන ආදායම්. මොවුන් බදු අඩු කරනවා නම් රජයට ආදායම් ගන්නේ කොහොමද? (නි)
තෙල්වලින් විශාල බදු අයකරන ලෝකයේ එකම රට මේ රට. (නි)
පහුගිය අවුරුදු කිහිපයේ ලෝකයේ බොහෝ ගුවන් සමාගම් පාඩු ලැබීම සුලභ දෙයක්. සමහර සමාගම් සේවක ගණන පවා අඩුකළා. නමුත් පාඩු ලබන සමාගම් දෙකක් තබාගැනීම නම් අනුවණකමක්. (නි)
අනුන්ගේ කැඳහැලි ගැන අපිට මොකටද? මිනිස්සු ඕනෑ නම් කැඳ බොයි. (නි)
කවදාවත් එන්නේ නැති කෙනාගේ මොන ප්‍රතිපත්ති ප්‍රකාශද ඇමතිතුමෝ.ඉර හද ගෙනත් දෙනවා කියන්න බැරි යැයි..ඕව ගැන කියවන්නේ නැතුව මේ කට්ටියට පාලු ගෙවල්වල වළං බිදින්න දෙන්න 9 වෙනකම්..එදාට කට්ටිය ඔය ප්‍රකාශනය වලන් කටු එක්ක අනුභව කරන හැටි බලන්න...(බ)
කටුගම්පොළ ඡන්ද කොට්ඨාශයට මොනවද කර තිබෙන වැඩ කියලත් අපිට පොඩ්ඩක් කියනවද? (නි)
කොළ කැඳද?ඒවා නම් බොහොම ගුණයිනේ! එතනෝල් , කුඩු වගේ ශරීරයට නරක නැහැ (නි)
අපි කවුරු කවුරු ගැනත් දන්නවා මහත්තයෝ (නි)
ඔහොම කඩේ යන්න එපා මහත්තයා. ලැජ්ජාවේ බැහැ. (නදී)
එ්ක හරිම පැහැදිලියි මට නම්. එ්කේ කැඳ ගතියක් පේන්නේ නැහැ. නැවත වරක් කියවල බලන්න (මට පේන්නේ බය වෙලා වගේ ) (නදී)
ඇමතිවරුන්ට උසාවියේ බංකුවල වැඩිවෙන්න තහනම්ද ? (නදී)
ඇමතිතුමනි, ඇත්තටම කැඳහැලිය තියෙන්නේ ඔය පැත්තේ. තමන්ගේ පොල්පරාළයට වැඩිය අනුන්ගේ පොල්කීර පෙනිලා වැඩක් නැහැ. කෑගහන්න එපා. පක්ෂයේ වැඩපිළිවෙල ඔයාලගේ ඇමතිලාත් පිළිගෙන නේද තියෙන්නේ? (නි)
අනුන්ගේ දේවල් නොසොයා තමන්ගේ දේ රැකගන්න බලන්න. මෛත්‍රීගෙ ප්‍රතිපත්තිය රටම පිළිගන්නවා. මේ රජයට බැරිදේවල් එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන්. එතුමලාගේ අවංකකම තමයි මුලිකම දේ. මෛත්‍රීගෙ ප්‍රතිපත්තියට ගරුකරනවා. සුබ පතනවා. (නි)
තියෙන දුෂණය නැවැත්තුවාම ආණ්ඩුවට වැඩි මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ ඇමතිතුමෝ. (අ)
අනේ ඔව් ඔබතුමන්ලාගේ ජාඩි කාල අපිට බඩේ අමාරුව හැදිලා තියෙන්නේ! (අ)
ඔබතුමාගේ ඔය කතා වලට අපි නම් රැවටෙන්නේ නැහැ! (නි)
ඡන්දය ළං වෙනකොට තෙල් නිකන් එහෙම දෙන්නේ නැහැ නේද? (නි)
නහය ළඟට වතුර ආවට පස්සේ සුරංගනා කතා කියලා වැඩක් නැහැ (නි)
"එය අපේ පුද්ගලික දෙයක් නෙමෙයිලු" රට ගැන හිතන අය මෙහෙමද කතාකරන්නේ? (නි)
කවුරු මොන කතා කිවුවත් අද යුද්ධය තිබුණා නම් වියදම් කොපමණද? (නි)
අනේ අපි නොදන්න කතා! (නි)
කොහොමත් ගොඩක් අයට ඕක පෙනෙන්නේ ඔහොම තමයි. ඒත් බලමුකෝ ජනවාරි වල (නි)
ඔය කියන කැඳහැලියේ රස බලන්න ඔබතුමා හොඳට දන්න කියන කෙනෙකුත් ගියා නේද? (නි)
කැඳ වලට වඩා දහස් ගුණයක් මේක වටිනවා ජනතාවට. (නි)
ඇමතිවරු උප ඇමතිවරු කියන කතා අහන අපිට කැඳහැලිය කොහෙද කියලා පෙනෙනවා. ඇත්තටම මේ රටේ සැබෑ තත්වය පාලකයන්ට නොතේරෙන හැටි. අද මැතිවරණය නිසා සියළු රාජ්‍ය ආයතන අස්ථාවර වෙලා. විශ්වාස කරලා චන්දය දෙන්න බැරි තරමට දේශපාලකයා චපල වෙලා. අද අපේ ඡන්දය අරගෙන හෙට වෙන පැත්තක වාඩිවෙලා අපි වැරදි කළා වගේ බණින මහත්හොරු නිසා රටේ දේශපාලකයාට තිබූ ගෞරවය නැත්තටම නැතිවෙලා. අපේ පාසල් යන වයසේ දරුවොත් මේවාට හිනාවෙනවා. ලොකු මොළවලට නොතේරෙන එකනේ පුදුමේ. (නි)
හැමෝම මස්සිනාලට කැඳ බෙදනකොට ප්‍රවේශම් වෙන්න ඕන කියල මට හිතෙනවා. (නදී)
ඊට කලින් තමන් හැඳි ගාන කැඳ හැලියේ ලුණු කොහොමද කියල බැලුවොත් හොඳයි නේද ? (නදී)
ඒ වුණාට ගෙදරම තිබුන කැඳහැලිය උතුරලා යනකන් සමහරු දැනගෙන හිටියේ නැහැනේ. (නි)
අනුන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ තමන්ට ප්‍රතිපත්ති නැතුවාද? (නි)
ඒවා නෙවෙයි , කෝ ඔබතුමාලාගේ ප්‍රතිපත්ති? (නි)
පළමුව ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය කියන්න. (නි)
ඔය අච්චාරුව අපිට නෙමෙයි නේද පළමුව පෙන්වන්න ඕනෑ? (නි)
ගුවන් සමාගමට ඔය කියන ඉදිරිය කවදාද එන්නේ ? මෙහෙම ගියොත් තව අවුරුදු 6 ක් අවසානයේ ඕක ඉතුරුවෙන එකක් නැහැ. (නි)
ඒ වුණාට ඔයාලා කියන අයට අහිංසක අපි කොහොමද ඡන්දය දෙන්නෙ? (නි)
අපිට දැන් මැලේ අච්චාරු කාලා එපාවෙලා තියෙන්නේ මහත්තයෝ (නි)
දැන් එතකොට තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති ගැන කතාකරන එක පැත්තකට දාලා ඔබතුමාත් කතා කරන්නේ මෛත්‍රී ප්‍රතිපත්ති ගැනද? ඒකෙන්ම තේරෙනවා මෛත්‍රියේ බල මහිමය! (නි)
කැඳ හොට් ප්ලේට් එකේ තැබුවා විතරයි. විදුලි බලය කප්පාදු කිරීමෙන් පැහැදිලි වෙන්නේ කැඳ හැදෙනවාට කොච්චර බයද කියලා නේද? (නි)
අනුන්ගේ කැඳ නෙමෙයි, තමන්ගේ දේවල් වලට යන කලක් බලාගන්න එක නේද දැන් කෙරෙන්න ඕනෑ? (නි)
ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය නම් බන්දුල පෙරේරා අපිට උදේ සවස මෙතන කිව්වා. ප්‍රතිචාරත් බැලුවා නම් පංකාදුයි. (නි)
ලෙඩ වූ මිනිස්සු කැඳ බීලා සුවපත් වෙයි. (නි)
මෙච්චර කල් කැඳත් නැතිව අපි හිටපු එකේ කැඳ ටිකක් ලැබුනාම මක් වෙනවද ? (නදී)
මෙච්චර කල් කැඳත් නැතිව හිටයා අපි. 8වෙනිදට පස්සේ හොඳ කිතුල් හකුරු කෑල්ලක් සමග කොළ කැඳ කෝප්පයක් පුරවලා බොනවා. එතකොට ඔයා කෙල ගිලින්න එපා. අනුර මහත්තයෝ (නදී)
අදිකාරම් ඔයාට තව අවරුදු 10 වත් ඉන්නවෙවී ඔය හිතන දේවල් කරන්න (නදී)
ඒ කොහොම වුනත් මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන විට එක "එක්තරා විදිහක " කැඳ හැලියක් ලෙසින් පෙනුනත් එය එසේ වීමද ගණන් ගත යුතු නැතැයි කියලත් සිතෙනවා. හේතුව හංසයා නිර්මාණය වී ඇත්තේ පක්ෂ හා පුද්ගලයින් කීප දෙනෙකුගේ සම්මිශ්‍රණයකින් වීම නිසයි. කොහොමටත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ යුඑන්පි එකේ කිසිම වැඩපිළිවෙලක් ඇතුලත් නොවීම නම් කනගාටුදායකයි.(හේ)
ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති වැරැද්දක් නෑ.(හේ)
අධ්‍යාපනයට 6% වෙන් කරපු එක වටිනවා. අපේ දරුවන්ට හොද අනාගතයක්. මෙහෙම ප්‍රතිපත්ති මෙයාලට කැද හැලියක් වෙලා අද. බුද්දිමත් ජනතාවට බාරයි රට (නදී)
එක පවුලක් රැක්කේ නැති වුනාට පොදු ජනයට වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒ පවුලට යට වුනාම මොනවා හරි කියන්න එපැයි. (බ)
මේක ක්‍රියාත්මක නොවන තවත් චින්තනයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා. (හේ)
දැන් ඔබතුමන්ලාගේ මන්ත්‍රීවරු වේදිකාවේ කියනවා. මෛත්‍රිගේ ප්‍රතිපත්තිය ඔබතුමන්ලාගේ අයවැය එහෙන් පිටින්ම උපුටා ගත් කොපි කල එකක් කියල. ඊළඟට දැන් ඔබතුමා කියනව ඒක කැඳ හැලියක්ලු. ඒ කියන්නේ ඔබතුමා කියන මේ කැඳ හැලිය ඔබතුමාලගේම ඔරිජිනල් වැඩක් නේද ? (බ)
කොයි කාගේත් මැතිවරණ ප්‍රකාශය යනු සිහිනෙන් ගෑ සුවඳක් බඳු මනෝමුල රචනාවකි. මා තුල ඒ ගැන කිසිදු විශ්වාසයක් නැත. මැතිවරණය ජයගන්නා විසින් ප්‍රායෝගික සැලසුමක් යටතේ විද්වතුන් ලවා හුදෙක් රට වෙනුවෙන්ම සකස් කළ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම යම්තාක් දුරට හෝ වැදගත් විය හැකිය.මෙතෙක් ඡන්ද වලට මුහුණ දුන් ජනතාව විවිධ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශන වලින් හෙම්බත් වී ඇති බැවිනි. (හේ)