‘ඉස්සර කැබිනට් එක වැඩියි කිව්වා. අද විධායක ජනාධිපතිවරු ගොඩක් ඉන්නවා. කවුද දන්නේ නෑ විධායක ජනාධිපති. ඡන්දෙන් ආවේ එක්කෙනයි. දැන් පත්වෙලා ඉන්නවා ගොඩක්. ඔක්කෝටම ඕනේ අපිව අල්ලගන්න‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය ශ්‍රී සම්බෝධි විහාරයේ බෝධි පූජාවකට සහභාගිවී සමන් දේවාශිර්වාදයද ලබා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
‘ගෙවුණු දින 100 පළිගැනීම්වලින් පිරිච්ච දින 100ක්. රාජිත මහතා කිව්වාලු මට ජම්පර් අන්දනවා කියලා. මම මාස 3 ක් ඉඳලා ආපු කෙනෙක්. අපිව හිරගෙවල්වල දැම්මත් කූඩු කළත් ජනතාවගේ හදවත්වල කූඩුවෙලා ඉන්නවා‘ යැයිද හිටපු ජනපතිවරයා කීවේය.
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඔරුවේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් බෝධිපූජාව පැවැත්වුනි අතර රාවණා බලය සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මොරපේ කුසලඥාන යන හිමිවරුද එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ඡන්දෙදී ඡන්දුන්න අපි මෝඩයෝ වෙලා වගේ (දිල්)
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා ඒ අයමයි කිව්වේ (දිල්)
හොරු ඇල්ලුවම කියනවා පළිගන්නවා කියලා ,එකම රට සාමාන්‍ය මිනිස්සුන්ටයි ,මෙයාලටයි නීති දෙකක් තියෙන්න විදියක් නැහැ ,,, එහෙමනම් හිර ගෙවල් ඔක්කොම ඇරලා දාන්නයි තියෙන්නේ ,,(දිල්)
මහින්ද රාජපක්ෂ මැති තුමනි, විධායක ජනාධිපති ලෙස හැකි ඉක්මනට එන්න. (ර)
බලය ඇතත් නැතත් රටට, ජාතියට සහ ආගමට ඔබේ ඇති ලැදි බව සැමදා අගය කරමි. (ර)
කවුරු මොනවා කිව්වත් මහින්ද මහත්තයාට තියෙන්න කැමැත්ත නැති වෙන්නේ නෑ (දිල්)
2005 සිට 2015 වෙනකන් තිබුණු නිතිය හරිම ශෝක් අපි සිටියේ හිරේ දාලා වගේ සුදු වෑන් දකින කොටත් බයයි !(බ)
ඔබ කකුලෙන් අදිද්ද්දීත් මෛත්‍රී මහත්තය දින 100 ක් තුළ කළ වැඩ ඔබට හිතන්නවත් බැරි හිතේ කැකෑරෙන වෛරය හා පළිගැනීම නිසයි. ඔබව පරාජය කළේ මෛත්‍රී මහත්තයවත් ලක්ෂ 62 ජනතාව නොව ඔබට වදදෙන ඔබේම හෘද සාක්ෂියයි. අපාගත නොවී ඉන්න නම් දැන් වත් මෛත්‍රී සිත වන්න. (බ)
සරත් පොන්සේකා ගැනද ඔය කියන්නේ? (නදී)
දැන් ඉතින් තියෙන්නේ රට වටේ යන්න දුක කිය කියා. මහින්දගේ පැරදීමට හේතුව 2009 පසුව ජනතාව අමතක කර හිතුමතේට වැඩකිරීම. එ්කාදිපති වියරුව හිස මත තබාගෙන පවුල් වාදය ගොඩ නැගීමයි. ජනතාවට කිසිම සහනයක් නොදී රටේ මුදල් ගසා කෑම සංවර්දන මුවාවෙන් රටේ දේපල කොල්ල කෑම ජනතාව මත විශාල නය බරක් ගොඩ ගසා එය පියවීම සදහා විශාල ලෙස බදු පැටවීම. අධ්‍යාපනය වෙනුවෙන් 1% වැනි අඩුම ප්‍රතිපාදන වෙන්කර ජනතාව මත ඒ සියලු බර පැන පැටවීම මෙවන් අදුරදර්ශි මාවතක් ඔස්සේ ගමන්කළ අය නැවත අපට කුමටද? (නදී)
එයා යුද්දය දිනවූ ෆොන්සේකා මහතාව හිරගත කලේ ආදරේටද ? (නදී)
වෛර කරන්නේ නැහැ කියලා වැරදිකරුවන්ට දඩුවම් ලබා නොදී සිටීම බලවත් වරදක් (නදී)
ගෙවුණු දසකය දුෂනයනේ කුඩුවලින් අල්ලසසින් රජකළ යුගයක් (නදී)
මීට කලින් හමුදාපතිව කුදලාගෙන ගිහින් හිරේ දානකොට සහ අගවිනිසුරු නෝනාව තනතුරෙන් පහ කරනකොට මෛත්‍රියෙන්ම නේද කටයුතු කලේ ? (නදී)
මේවා නම් දෙයියන්ටම ඔප්පු කරන්න කාරණා තමයි (දිල්)
අනේ ඇත්තට මේ විදියට පන්සල් දේවාල වඳින්න කියල ඇවිත් සුනියම් දෙවියන්ට කන්නලව් කරනවා වගේනේ හැසිරෙන්නේ. ආගමික තැන් නැතිව වෙනත් තැනක් තෝරගත්තා නම් මොකද ? (ර)
ආගමික තැන් වල වඳින්න එන මිනිස්සුන්ට සිදු වෙලා තිබෙන්නේ ආගමික වැඩ පැත්තකට දමල මෙතුමාගේ දුක් ගැනවිලි අහන් ඉන්න. (ර)
ඔය පලි ගැනිල්ල කියන වචනය මේ අලුතක බිහි වුන දෙයක්ද.? (ර)
ඔබතුමා සිතන්නේ රටේ මිනිසුන් මැරිලා ඉපදුනා කියලද ? (ර)
වැරැදි හොයනවා හින්දා වෙන්නැති නේද පළි ගන්නවා කියන්නේ (දිල්)
අනේ ඒ කාලේ... මොකට කියනවද.... (ර)
වැරැදි හොයනඑක පළි ගැනීමක් නෙවෙයි (දිල්)
පලි ගන්නවා කියන චෝදනාව අපිට පිලි ගන්න බැරි කවුරුවත් බිම දිගේ ඇදගෙන කුදලාගෙන ගියේ නැති නිසා. (ර)
ඔය උඩින් තිබෙන අදහස මගේ නෙවෙයි. (ර)
මට මතක් වෙනවා ෆොන්සේකව ඇදගෙන ගිය හැටි, එදා දවස නැවත එවිදෝ , (ස)
පළිගැනිල්ල කෙසේ වෙතත් මෙතුමා පළි ගැහිල්ලක් කරනවද කොහෙද ! (බ)
අපොයි මෙහෙමත් අඬ වැඩියාවක්.? මිනිස්සුන්ට මෙතනට ඇවිත් හිත එකලස් කරගෙන වඳින්න පුලුවන්ද ? (ර)
දැන්වත් ඔය ආඩපාලිය නවත්තල තමන්ගේ වැදගත් වැඩක් කර ගත්තොත් නරකද ? ඔය සිද්ධස්ථාන වලටත් ඔහොම නොසන්සුන් හිතෙන් යන්න හොඳ නැහැ. (බ)
ඔබගේ ජය නියතයි, උරු බොකු හෝදන අැම්බැට්ටයන්ගේ කොමෙන්ට්ස් වල වැදගැම්මක් නැහැ (බ)
මහින්ද මහතාගේ ගේ ඇම්බැට්ටයන්ගේ මෙතන ලියන භාෂාව අනුව තේරෙනවා දේශපාලන ආකල්ප මොනවගේද කියලා. දේවාලයේ පැහැරුවාත් කපුවා නිසා අනේ හොඳයි කියන්න ලෑස්ති මිනිස්සු. (බ)
මැද මුලන රෙදි අපුල්ලන ඇමබට්ට්යකුට අර්ශස් අමාරුව උත්සන්න වෙලා. (බ)
යහ පාලනය හින්ද ඔහු අදත් හිතන්නේ තමා විධායක ජනාධිපති කියල. (බ)
අනේ හරි ඉක්මනට අමතක වෙනවා වගේ නේද පහු උණු අවුරුදු 10 ලිස්ට් එක එවන්ඩද මතක් කරගන්ඩ (බ)
මහින්ද ජනවාරි 8 න් පස්සේ මැරිලා ඉපදිලා වගේ කතා කළාට මිනිස්සු එහෙම වෙලා නෑ.....
රාජිතට ඇමතිකම් දුන්නට වෙන්න ඇති . මේ දත් දොස්තර හැමෝටම බනිනවා (බ)
මෙයා පුජා වට්ටිත් ඔලුවේ උඩ තියෙගෙන රට වටේම පන්සල්වලට ගිහින් විෂබීජ වපුරනවා.බලන්න තිබුනා මෛත්‍රී මහත්තයා පැරදුනානම් මෙයා වපුරන වෛරය.මෙයා පැත්තකට වෙලා ඉන්නවා නම් ලොකු දෙයක්.අප්‍රසන්නයි අප්‍රසන්නයි මෙයාගේ කශඩ වැඩ. (බ)