මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට මෛත්‍රීපාල සිරිසේන ජනපති අත්සන් තබා නැතැයි ඇමැති අර්ජුන රණතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් සටහන් කරමින් කියයි.
මාධ්‍යවෙත යැවුණේ ලිපියේ පිටපතක් බවත්, එහි මුල්පිටපත ජනපති සිරිසේනට එවා ඇතිමුත් එය අත්සන් කිරීම ජනපති ප්‍රතික්ෂේප කර ඇති බවත් රණතුංග මහතා සඳහන් කරයි.
එවැනි තීරණයකට ශ්‍රීලනිපයේ ප්‍රභලයන් එකඟ වී නැති බව කියන රණතුංග මහතා ඉදිරියේ සත්‍ය හෙළිවනු ඇතැයි ද සඳහන් කරයි.
මේ අතර අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් සමීර මංජු මහතා එසැණට කතා කර කීවේ ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කර නැති බවයි. එය වෙනත් පුද්ගලයකු දැමූ අදහසක් බවත්, පිටුවේ ‘ඇඩ්මින්‘ දැමූ එකක් නොවන බවත් ඔහු කීවේය.
මේ ගැන විමසීමට ඇමැති රණතුංග මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් නොහැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම කඳානට ඩයස්පෝරාව ඇරෙන්න වෙන වචන නැති හැඩයි. (නි)
හොර කරනවට, බොරු කරනවට, තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමයි, අපි හයපාලනයෙන් බලාපොරොත්තු වෙන්නෙත් එයයි , (අ)
‘බස් වලින් හැම තැනටම ගෙන ගිය එකම සෙනග නිසා වරක් රැවටුණු මහින්ද යලිත් රැවටිලා (අ)
යහපාල දන්නා තරම තමයි (නි)
බොරුවෙන් ඇර වෙන කොහොමද යහපලානේ ගෙනියන්නේ? යහපලානේ අඩිතාලම බොරුව! (අ)
මහින්ද බේරා ගත් රට විනාස කිරීමේ උත්සාහය තවමත් අත් හැර නමැති බවක් පෙනේ. අර්ජුන, ඔබට ක්‍රීඩකයෙක් හැටියට මම ගරු කරනවා. එත් අපේ රට කන්න හදන්න එපා. (අ)
මහින්දව තම්බන්න කට්ටියගේ ලුණු අබුල් මදි මහත්තුරුනේ..අනෙක අර්ජුන කවුද ශ්‍රී ලංකා එකේ හෝ සන්ධානේ පාක්ෂිකයින්ගේ කැමැත්තට පිටින් යන්න..ලක්ෂ 58 ක් සිය මතය ප්‍රකාශ කලේ අර්ජුනලට රාජිතලට නැත්නම් අර ගුණවර්ධනලට ඕන විදියට ඒක හසුරුවන්න නෙමෙයි..අර්ජුන ගිහින් ඒ ලක්ෂ 62 ජන මතය තමන් පෙනී සිටපු තමන් නියෝජනය කල ජනමතය තමන්ට ඕන විදියට හසුරුව ගන්න...නිදහස් පක්ෂේ ඉන්නවනම් ඒ මතයට හිස නමන්න..බැරිනම් එදා හිටපු තැනට ආයෙත් යන්න. රෙජි මහත්තය හිටියනම් හොද දෙකේ දෙකේ පොල්ලකින් මෙයාට නෙලන්නේ හතර වටේ ගිහින් මෛත්‍රී මහත්තයත් එක්ක පක්ෂෙට රිංගල යු අන් පි එක දිනවන්න කරන මේ රග පෑමට. (අ)
වැඩක් නැහැ කතාකරලා.ජනාධිපති තුමා කියනවා දුෂිතයන්ට අපේක්ෂකත්වය දෙන්නේ නැහැයි කියලා..එහෙ නම් කොහොමද නොම්බර එකේ දුශිතයා නොහොත් අලිබබා'ට අපේක්ෂකත්වය දුන්නේ.මහත්වරුනේ මේ පක්ෂ 2ක 1948 සිට අපේ රට පලනයකලා.එදා සිටම රට කෑවා හොරකම් කළා..රටේ මිනිස්සු එකිනෙක ට වෛරකරන තත්වයකට පත්කලා.එහෙම කරලා උන්ගේ පවුල් තරකර ගත්තා.අදත් එකම තමා සිදුවන්නේ.අපි එකිනෙකා මේ පිටුවේ බැනගන්නවා...අර හොර රැල රට කනවා.මට මතකයි අපේ ගායක සුනිල් පෙරේරා මහත්තයා කලකට පෙර කීවා ' ලංකාවට සුදුසු දේශපාලනය - විප්ලවයක් කියලා. (අ)
අර්ජුන මගේ ක්‍රිකට් ලොවේ වීරයා. දේශපාලනයේදි නම් මට එයා වටින්නේ නැහැ (නි)
මහින්දට නැවත වතාවක් පාර්ලිමේන්තු එන්න දෙන්න එපා. (නදී)
අච්චාරු හැලියක් නියම වැඩක් සිරිසේන උන්නැහේ කලේ. රනිල්ට මේපාර කරදයක් නැතුව පැන්ෂන් යන්න පුළුවන්. දැන් ඒ ජා ප - ශ්‍රී ල නි ප දෙකටම අමු කැවිලා වගේ බලා ගෙන ඉන්න වෙලා තියෙන්නේ. ආඩම්බරයි රනිල්. චන්ද්‍රිකා මයිත්‍රී ජ. වී. පෙ. දෙමල පක්ෂ. මුස්ලිම් පක්ෂ සේරම විරුද්ධ උනත් මහින්ද මේ පාර වාර්තා ගත ජයක් ලබනවා ජනතාව ඒ බව තේරුන් අරගෙන ඉවරයි. (නදී)
මහින්දට තියෙන්නේ බලතන්හාවක් විතරයි. මොකද කරපු මගඩි වැඩ වසාගන්න වෙන්නේ යලි බලය ගතහොත් විතරයි. මෙයා වටේ ඉන්නේ ඔක්කොම තක්කඩියෝ ටික රටේ ප්‍රජතරන්තවාදය ස්ථාපිත කරන්න පුලුවන්ද මෙවැනි පිරිසක් එක්ක. ජනතාව බුද්දීමත්වෙනු (නදී)
මහින්දව තම්බන්න කට්ටියගේ ලුණු අබුල් මදි මහත්තුරුනේ..අනෙක අර්ජුන කවුද ශ්‍රී ලංකා එකේ හෝ සන්ධානේ පාක්ෂිකයින්ගේ කැමැත්තට පිටින් යන්න..(නදී)
අනේ යන්න ඇසළ යන්න. මහින්ද දිනන්නේ නැහැ (නදී)
මහින්ද ආයෙත් අවොත්නම් පවුලයි වටේ ඉන්න උනුයි රටම සුප්පු කරලම දානවා. වෙලේ සුදයි, නිළියෝ දෙන්නයි ආපහු නියමෙට රජ කරයි. කමක් නෑ මිනිස්සුන්ටත් මොලයක් කියලා එකක් තියෙන්නේ පාවිච්චි කරන්නනේ.(නදී)
මහින්දට බැන වැදුනට ඔය ඔක්කොම එයාට තමයි ඡන්දය දෙන්නේ. (නි)
දැන් අලුත් ආණ්ඩුවේ දේශපාලන තීරණ රටට හෙළිකරන්නේ ෆේස්බුක් පිටුවෙන්ද? එහෙනම් ගැසට් නිවේදනත් අර ඉස්සර වගේම ළඟදීම නැවතී. (නදී)
මොනාවද මේ අර්ජුන කියන්නේ. අර්ජුනට මහින්ද සමග ඇත්තේ පුද්ගලික තරහක්. ක්‍රීඩා ඇමතිකම නොලැබීම හේතුව බව දන්නෝ දනිති. රට බේරා ගත් මහින්ද මහතාට අපේ ආචාරය.(නදී)
ඇසළ වහල් ගති පෙන්නුම් කරන්න එපා (නදී)
අනේ ඇත්තට, මහින්ද මහත්මයා වෙහෙසෙන තරමක්? (නි)
අපි දැන් දකින්නේ මඩේ හිටවපු එහාට මෙහාට වැනෙන ඉනිද? (නදී)
ඒ කෙටිකාලීන ඇමතිවරයා හෙළිකළ කරුණු සත්‍ය බව අද සිද්ධවෙන කරුණු වලින් සනාථ වෙනවා නේද?යුද්ධ කර රට බේරාගත් නායකයින් දුෂ්ඨයින් කිරීමේ සැළසුම් ජනතාව තේරුම්ගත යුතුයි. (නි)
එසේ නම් මේ වනවිට ජනාධිපති සිරිසේන ට ඒ ගැන ජනතාවට ප්‍රකාශයක් කල යුතුවේ. හැමෝටම තියෙන්නේ මහින්ද භීතිය පරාජය කල මෙම දැවැන්ත චරිතය නවත්වන්න බැරි බව දැන් කුමන්ත්‍රණ කරුවන්ට තේරී ඇත. (නදී)
ඇසල, කුණු මෝලේ වැඩ කරන එකාට කුණු ගඳත් ගඳ නැහැ. ඇසල වගේ අයත් හොඳට කුණු හෝදන්ඩ හරි දක්ෂ බව අපිට තේරෙනවා. හැබෑවට තේරුම් ගන්න ඔබලාගේ සොදුරු සිහිනය බොඳවෙන දිනය වැඩි ඈතක නැහැ (නදී)
දෙවියන් කෝප වී දඬුවම් දෙනවා වගේ. (නදී)
අර්ජුන, විහිලු කරනවද? මීර්වින් සිල්වාගේ ජොබ් එක නැති කරන්න එපා. (නදී)
අර්ජුන ඔබ ඔබට හිමි ක්‍රීඩාව කරගෙන ඉන්න (නදී)
මදැයි වෙච්ච දේ ? (නදී)
මහින්දට ජයවේවා! (නදී)
අනේ මන්දා! එක එක්කෙනා එක එක දේවල් කියනවා. හරියටම එකක් කියනවා නම් ඉවරනේ... (නි)
මහින්ද මහත්තයට නම යෝජනා දීපු එක හරි. එහෙම නොදී ඉන්න බැහැ. දේශපාලන ජීවිතයේ 42 වසරක් පක්ෂය මාරු නොකර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් යු.ඇන්.පී එක හාන්සි කිරීම වෙනුවෙන් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ගෙන ගිය නායකයෙක්. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතුකර නොමැත. මිනිසෙක් උනාම මැදහත් ප්‍රතිපදාව දැන ගත යුතුයි. මේකේ අදහස් ප්‍රකාශ කරන වැඩි දෙනෙකුගේ එය නැහැ. ජනතා වගේ ඡන්ද නොලැබීම වෙනම කාරණයක්. (නදී)
ඇත්ත කතාව, අපි අකමැති උනත්, මහින්ද නියම ශ්‍රීලංකා කාරයෙක්. යු.එන්.පී, ජේ.වී.පී සහ හෙළ උරුම කුජීත කලේ මහින්ද. කට්ටියගේ මහින්ද විරෝධය ඒනිසාම වෙන්න ඕන. (නදී)
මහින්දව තම්බන්න කට්ටියගේ ලුණු අබුල් මදි මහත්තුරුනේ. (නදී)
මහින්ද මහත්තයා දිනුවේ නැත්නම් අපි ගහපු ගැහිලි අහුවෙලා අපියි අපේ හත්මුතු පරම්පාරවලුයි ඔක්කොම කම්බස් (නදී)
ජනාධිපති මැතිවරණයට පෙරත් "මහින්ද" පාලනයේ හිටපු "කෙටි කාලීනම" ඇමතිවරයා, ප්‍රභූවරුන්ගේ අත්සන් යයි කියන නිවේදනයක් මාධ්‍ය වලට නිකුත් කර තිබුන වග අපට තාම මතකයි නේ. හිටපු සන්ධානයේ ලෝක පුජිත හොරු, වංචාකාරයන්, තක්කඩියන් රකින්න ඕනෑම බලු, පාදඩ වැඩ කරන්න ඉදිරිපත්වන හෙන්චයියල එ්කේ ඉන්න බව යලිත් වතාවක් නිරුවතින් පෙන්නා තියෙනවා. (නදී)
මොන ක්‍රමයකින් හෝ අගෝස්තු 17 එජාපෙ ජය ග්‍රහණය කලොත්, මේ රට ආර්ථික වශයෙන් හා ආරක්ෂාව අතින් පහලට වැටීම වලක්වන්න බැහැ. දින සියට මොන තරම් ව්‍යාපාර කඩා වැටුනද ? රාජය ආයතන වල වැටුප් ගෙවා ගන්න බැහැ, පුනරාවර්තන වියදම් ගෙවා ගන්න බැහැ. විද්‍යාත්මක පදනමක් නැතිව ඉන්දන මිල අඩු කිරීම නිසා, දැන් තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලබනවා. අයි ඕ සී එක මිල ඉහල දාන්න ඉල්ලනවා. ඡන්දෙ එනකන් මෙයාල පාඩු පිට තෙල් මිල අල්ලන් ඉන්නවා. මේවා නොතේරෙනවාද ? නොතේරුනා වගේ ඉන්නවා ද කියා මට නම් නොතේරේ (නදී)
මගේ පුද්ගලික මතය නම් ජනාධිපති තුමා නිර්පාක්ෂිව සිට ශ්‍රී ලනිපේ හා සන්ධානය තාවකාලිකව හෝ මහින්ද ට හෝ වැඩි දෙනා ඉල්ලන නායකයාට භාර දිය යුතුයි . මොකද මයිත්‍රීව බලයට ගෙනාවේ එජාපෙ, ඩයස්පෝරාව ඇතුළු තව කුඩා පක්ෂ හා සංවිධාන , ඉතින් එයාලට දින 150 කින් ද්‍රෝහී වීම ද සදාචාරාත්මක් නැත. නමුත් එතුමා සබාපති කම දරන පක්ෂය හා සන්ධානය පරාද වීම බලා සිටිය නොහැකිය . දේශපාලනයේ සදාචාරයක් බලාපොරොත්තු විය හැකිද ? (නදී)