විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වීඩියෝ සනත් ඩෙස්මන්
මුදිතා දයානන්ද
ඡායාරූපය ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්රී, අපි ඔබ සමඟයි (නි)
කෝ එතකොට අලුතින් එනවා කිව්වා නව පෙරමුණ හා නව ඡන්ද ලකුණ ..අනේ අපොයි පටන් ගත්ත තැනම ඉවරයි වගේ. (ස)
ජනාදිපතිතුමා නියත පරාජය අබියස තැති ගනී . මෛත්‍රිපාල මහතා ජය කණුව අබියස රාව ප්‍රතිරාව නංවා ජය දද නන්ව්යි. (නදී)
බන්දුල ට අනාගතයේදී කඩේ යන්න නිමිත්තක් නොමැතිවීම ගැන අපටද ඇතිවන්නේ කනගාටුවක්. මෙදාපාර ජිල් මාර්ට් බැහැ. ඡන්ද පෙට්ටි මාරු කරන්නත් බැහැ. මෙයාලගේ වීරයා පුදුම විධියට අසරණ වෙලා. නුඹලා ට ඉතිරිවන්නේ ඇඬු කඳුළු පමණයි. (ස)
මෛත්රී ජනාධිපති තුමනි, ඔබ දිනු වහාම දින කීපයකට ලංකාවේ ගුවන සහ මුහුද තහනම් කලාපයක් කරන්න. විගණකාධිපති ඔබ ප්‍රතිඥා දී ඇති පරිදි ස්වාධීන කර හොරුන් අල්ලන්න පටන්ගන්න. යුද්ධයකාලේ පැනලා ගිය නැති ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම් කරන්න. (ස)
හංසයා ලකුණ ලැබීම සුභ ලකුණක්. හංසයා කිරියෙන් දියර වෙන් කර ගන්නවා වගේ දේශපාලනයේ ඉවත දැමිය යුතු අපවිත්‍ර දේවල් බැහැර කර ශිෂ්ට සම්පන්න දේශයක් ගොඩ නංවන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දරන උත්සාහයේ මල් පල ගැන්වේවා! (ස)
මම බන්දුල සමග සීයට සීයක් එකග වෙනවා. ඔය චන්ද්‍රිකා හරි යු න් පී හරි බලයේ හිටියනම් 2005 ඉඳල මේ රටේ යුද්දය තාමත් තියෙනවා. සමහර වෙලාවට ඔබ සැමත් සහ මමත් මේ වෙනකොට මිය ගිහින්. ඒ ඇත්ත ඔබට තිත්ත උනාට අමතක කරන්න එපා. අතීතයේ සියලුම රාජ්‍ය නායකයන් අවසන් කරන්න බැහැ කියපු යුද්දය අවසන් කර අප සැමට දෙමාපියන් සහ ළමයින්ට ජීවිතය එඉතිරි කරලා දුන්න වත්මන් රාජ්‍ය නායකයා අමතක කිරීම සිංහල අපි කරන හොඳ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න. (ස)
බන්දුල මහතානෙනි ඔබ හරියටම හරි.කලබල නැතුව ඉන්න අපි ඔය සෙල්ලම 2010 ත් දැක්ක නේ. අන්තිමට මොකද උනේ? කොම්පියුටර් ජිල්මාර්ට් කියයි. ඕන කෙනෙකු කෑ ගහපු දෙන්. මහින්ද මහතා නිහඬව රටට කරන සේවය අඛණ්ඩව කරනවා. අදත් එහෙමයි හෙටත් එහෙමයි. ඔහු මා දන්නා ජීවිතයේ පහලවූ එඩිතර සැබෑම නායකයෙක්. (නදී)
ඡන්දෙ දුන්නාට සුබ පැතුවාට දිනන්නේ කවුද කියලා අපිට ඉදිරියේදී බලාගන්න පුලුවන් (නි)
උමේෂ්,මායිම් ගමක උපන් මම කිසිම රණවිරුවෙකුව කිසිදා අපහාස කරන්නේ නැහැ. මගේ සිත තුළ යුද්ධයේ අවසන් සමයේ හිටපු හමුදාපතිතුමා කෙරෙහි විශාල ගෞරවයක් තියෙනවා. එහෙත් මා ඉහත මගේ ප්‍රකාශයෙන් කිවුවේ නොදන්නා දේශපාලනයකට අත ගසා තමන්ට උරුම වූ පෞරුෂත්වය දියාරුකර ගනිමින් දේශපාලන වේදිකාවේ ටිකෙන් ටික තනිවන කෙනෙක් ගැනයි. හංසයා එතුමාට හිමි වූ සලකුණ වුවත් එය ගිනිසිළුව වෙමින් අත්හැරුණේ එම සලකුණ සටනකට හෙවත් තරඟයකට නුසුදුසු නිසා බව තේරුම්ගත් නිසා වියයුතුය. හංසයා සුන්දරය. අහිංසකය. සොබාදමේ අනගි නිර්මාණයක් වන ඒ හංසයා කුහක දේශපාලනයට අමුණා ගැනීමට උත්සාහ කිරීම ස්වභාව ධර්මයේ උදහසට ලක්වෙනවා. (නි)
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යෙන්ම දිනනවා එ්ක ඉර හද වගේ විශ්වාසයි (නදී)
හංසයා ලකුණ යොදාගෙන තියෙන්නේ ඇයි කියන එක බුද්ධිමතුන්ගේ තේරුම් ගැනීම පිණිසයි. (නි)
ඇපත් නැති වේවිද දන්නේ නෑ. ගිය සැරේ වගේ. ඇයි ඔබ තුමාම නේද මේ ලඟදි කීවේ ජනරාල් පරදින බව දැනන් හිටිය කියල. ඒ වගේම මේ ගැන දෙගිඩියාවෙන් යන්න ඇති. (ස)
මෛත්රී අස්වුණ විදිය හරිම කුහකයි මට නම්. එයින්ම ඔහුගේ ගතිය පෙන්නුවා. ඔවැනි අයට කවදාවත් හොඳ තැනකට එන්න බැහැ.අවංකව වැඩ කරන්නත් බැහැ. (නි)
එතුමා ප්‍රවේශම් වෙන්න ඕන. දැන් ඔක්කොම මර උගුල් ඇටවිලා ඇති. (නදී)
මම අන්තර්ජාලයෙ පත්තර කියවනවා අදහසක් ලියල එක පලවෙනවා දකින්න පුලුවන ලංකාදීප පත්තර ය තුලින් පමණි එ නිසා ලංකාදීප පත්තරයට මගේ ප්‍රණාමය පලකරමි . අද තවත් පත්තරයක ලස්සන කවියක් තිබුන මම එ කවිය පටක ඔබගේ අවදානයට ලියන්න හිතුන පලකරඊ ද කියන්න බෑ එත් අර්ථයක් තියන නිසා ලියමි .. සුළු පිරිසක් පොලු අරගේන සිගිරියට අනි .. ගල පෙරලන්නට බැරිබව මුළු ලෝකය දනී .. රතු කල්ලිය හීන් සරෙ අංග ගැලව ගනී .. පළගැටියෝ රොත්ත පිටින් ගිනිමලයට පනි..(දිල්)
ගිය පාරත් දිනුවේ "හංසයා" . ජය! (නදී)
මේ සැරෙත් හංසයාගේ ඡන්ද පත්‍රිකා ඉගිලෙයිද දන්නේ නැහැ. හංසයාගේ සලකුණ හොඳයි (නදී)
කව්රු හරි ඉන්නවද ඔය බන්දුල පෙරේරා කියපු දේවල් වල පොඩ්ඩක් හරි වැරදි තියෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් අය (නදී)
උමේෂ් අයියා. මම මගේ උපන් රටට ආදරෙයි. රට වෙනුවෙන් මම ඕනෙම පරිත්‍යාගයක් කරනවා. එහෙත් ඒ සැබෑ වීරයෙකු වෙනුවෙනුයි. රට ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ වාසිය ලබාගන්ට තනන කිසිම කෙනෙකුට මම ගරු කරන්නේ නම් නැහැ. ඒ මගේ අප්පච්චි මියගියදා ඉදන් මට ඇතිවූ හැඟීමයි අයියා. මෙතනදීත් මම කියන්නේ මගේ උත්තමාචාරය අපේ රට බේරාගත් අතිගරු ජනාධිපතිතුමාටයි. රණවිරුවන්ටයි. එ්ක කාටවත් බොරු කරන්ට බැරි අැත්තක් නේද.? සජිත් මහත්මයා මහත්මා ගුණයෙන් පපුවට සුරත තබාම කියන දෙයම අවංකව කියනවා. වෙන කවුද ඒ ගෞරවය මේ රජයට දෙන්නේ.? මට දුක ඒකයි. (නදී)
ජය ජය වේවා! මෛත්‍රී යුගයක ආරම්භය වේවා! (බ)
මංජුල, මගෙන් මුකුත් අහ ගන්න එපා හොඳද? බේරේ ගඟෙන් තෙල් මතු වෙන්නත් පටන් ගන්නවා හෙට අනිද්දා වෙනකොට.කැළණි ගගෙන් මැණික් මතු වෙන්නත් පටන් ගන්නවා හෙට අනිද්දා වෙනකොට.....තව මැණික් වැසි,රත්තරන් වැසි,රුපියල් 10,000 යේ වාසනා සම්පත් එකී නොකී හැම දෙයක්ම පහල වෙනවා බලන්නකෝ..(නදී)
බන්දුල පෙරේරා වගේ එකෙක් දෙන්නෙක් "උඩු බිරුවට" අද රටම "හංසයාට". (නදී)
නලින් මේ සියලුම මර උගුල් අපේ රටට විරුද්ධව කියල මම ඉන්දියාවෙ මාධ්‍ය සාකච්ඡාවෙන් වටහා ගත්ත. ඒනිසා ප්‍රවේශම් කරගත යුත්තේ අපේ රටයි.(බ)
මට දුක අවරුදු දෙකකට කලින්ම ගෙදර යන්න වෙන එක ගැනයි දුක (නදී)
බන්දුල පෙරේරා කියන කෙනා ගණිකා මඩමක්වත්, කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්වත් කරගෙන යන මනුස්සයෙක්ද කියල මට පොඩි සැකයක් මතු වෙලයි තියෙන්නේ. (නදී)
ඉස්සර වුනේ විපක්ෂයේ පක්ෂ බේද බින්න කරලා නන්නත්තාරම කරලා දාන එක. අද මොනවද වෙලා තිබෙන්නේ? එ්කනේ ආගම දහම බොරු නෙමෙයි කියල කියන්නේ. (නදී)
චන්ද්‍රිකා මහත්මියගේ 11 අවුරුදු පාලනයක් ගැන විවේචනය කිරීම යු.එන්.පී. කාරයෝ කලානම් සාධාරණයි. එදා එම වැරදි දැක්කේ නැතුව වගේ ඉඳල තමන්ගේ මතයට වෙනත් කෙනෙකුට සහයෝගය දෙනකොට එදා විහාරමහා දේවි කියල චන්ද්‍රිකාව උඩ තියාගෙන නටපු මිනිස්සු දැන් කතාකරන්නේ කටින් නම් වෙන්න බැහැ. (නදී)
රටේ වාසනාවට එතුමාට අවරුදු දෙකකට කලින් ලංකාවේ ඡන්දයක් තියන්න ඕනේ කියල හිතක් පහල වුනේ. නැතිනම් රටක් ඉතිරි වෙන්නේ නැහැ. (නදී)
පොදු පෙරමුණේ ඡන්ද ටික කඩා ගත්තු එකම රට ලබපු ජයග්‍රහණයක් . (නදී)
රට බේරා ගත් සරත් ෆොන්සේකා මහත්තයා ආරක්ෂක ලේකම් වෙයි කියා මම හිතනවා.(නදී)
ලකුණ මොකක් වුනත් කමක් අපිට වටින්නේ ඔබතුමා..ජය නියති .....!!!(දිල්)
දෙවියන්ගේ බුදුන්ගේ සරණින් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිනේවා.මැතිවරණයේ ජය එතුමාට බව දැන් නිසැකවම පෙනෙනවා.ජයවේවා.(දිල්)
කතා දෙකක් නැහැ. දෙවැනි ෆොන්සේකා. (අ)
බන්දුල පෙරේරා, තමන් කතාකරන්නේ මොනවාද, කාගැනද කොහෙද ඉන්නේ කියලා ටිකක් හිතලා බලලා යමක් කියන්න (නි)
මෛත්රී මහත්තයා, හංසයා ලකුණින් ඇවිල්ලා ඡන්දය දිනනකොට අනිත් කට්ටියට මොකද වෙන්නේ? (නි)
ජිල්මාර්ට් වලින් ප්‍රවෙසම්වෙන්න! දුශිතයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිවේවා! (අ)
අපිට අල්ලුත් බලපොරෝතුවක් මෛත්‍රී පාලනයක් (අ)
එතුමාට තෙරුවන් සරණ පතමි .නලින් සදහන් කර පරිදි ප්‍රවේසමෙන් .ඔබ තුමාට ජය (අ)
එතූමා හංසයාගෙන් නොවෙයි කුමන ලකුණින් පැමිණියත් ජයග්‍රහණය කිරීම ස්ථිරයි. අපගේ උණුසුම් සුභපැතුම් මෙසේ එක්කරමු. (ර)
ගිය වර හංසයා ලකුණට ප්‍රකාශ වූ ඡන්ද වලට ජාතික හෙළ උරුමය, සැබෑ නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද,සහ අනෙකුත් පක්ෂ වල චන්ද එක්වූ විට ජය නියතයි!.(අ)
කුණු, මඩ නොතැවරුණු, හංසයෙක් මෙන් පිරිසිදු මෛත‍්‍රී මහතාව දිනවමු. (ර)
ඔබතුමා මේ වනකොටත් දිනලා ඉවරයි.ඒ නිසා ලකුණ මොකක් උනත් ඔබතුමා ජයගන්නවා.(ම)
පරණ ආණ්ඩුව ආවට කිසිම සෙතක් නැහැ, නිකන් අපි අසරණ වෙනවා, ඒ නිසා මෛත්‍රී පාලනයක් ඇතිකරමු, ඔබට තෙරුවන් සරණයි.ජය නියතයි, සාධාරණ ඡන්දයක් තියන්න. (අ)
ශ්‍යාමා කුමාරි රත්නමලල ඔයා මායිම් ගම්මානයේ කොටි කටේ හිඳිමින් මේ තරම් ලංකාවේ දේශපාලනය ගැන විමසිල්ලෙන් සිටිය කියල කියන එක තමයි ආශ්චර්යය කියන්නේ . (අ)
හංසයාට ජයවේවා! (නි)
ශ්‍යාමා කුමාරි, ඔබතුමි තාමත් අර මායිම් ගම්මානයේ පරිගණකයෙන් ද මේ එසැනට අදහස් ලියන්නේ ? (අ)
ජය වේවා (අ)
මිනි කන්නගේ දේශයන් විසාල නුවරවල් බවට පත් වෙලා තිබුණු මේ රට ගොඩ අරන් අද කට්ටියට මෙහෙම දේශපාලනය කරන්න රටක් ඉතුරු කරලා දීල තියෙන්නේ මහින්ද මහත්තය..ඔය පිවිතුරු හෙටක් යහපත සමාජයක් හදන්න හදන අය මේ වෙනකම් බලේ හිටියනම් අද ලංකාවක් නැහැ..අපි කිරි පැණි රන් හැදී වලින් කාල කිරි පැණි වලින් නාපු ඒ 17 අවුරුදු යු ඇන් පි පාලන සමය චන්ද්‍රිකා මැඩම්ගේ 11 අවුරුදු පාලන සමය අමතක වෙන්න අපි ඕපපාතික නැහැ.කට්ටිය උඩ පනිනවා..අපි 2010 කට්ටිය ස්ප්රිීන් මෙට්ට දාල උඩ පැනපු හැටි දැක්කනේ.. මොකවුණේ..එදා තරගෙට ආපු චරිතේ අහලකින් තියන්න බැරි මේ මේ රුකඩ චරිතයටත් ඒක මෙහෙයවන්නන්ටත් මේ පාර වෙන්නේ ඊට වඩා අන්තව අකුලා ගන්න 9 වෙනිදායින් පස්සේ.. එතකම් ඔය කට්ටියට උඩ පැන පැන පාලු ගෙවල් වල වලන් බිදින්න.. අපේ අදහස් මේ අදහස් තෝරන අයවත් බලනවා ඇතිනේ... (අ)
මහින්ද මහත්තය වෙලාවට කලින් චඡන්දයක් තියල කෑ ගහනවා අනේ මාව අල්ලන්න විදේශ වලින් එනෝ කියල, අනේ මහත්තයෝ ඇයි එයාල ඡන්දෙ කාලෙටම ඔබතුමාව අල්ලන්න හදන්නේ, අපේ රටේ අහිංසක මිනිස්සුත් දැන් බුද්ධිමත් , (අ)
ශ්‍යාමා ඔයා ඇත්තටම මායිම් ගම්මානයේ ඉඳලා යන්තම් හරි පණ බේරා ගත් කෙනෙක් නම් ඔය කියපු කෙනා රට වෙනුවෙන් කල මෙහෙවර අගය කරනවා. ඒක එහෙම නෙවෙයි කියල දැන් ඔප්පු වුණා. (අ)
උපේක්ෂා,පවතින රජය පෙරළන මැතිවරණයක් නැහැ. ඇත්තේ නායකයෙක් තෝරාගැනීමට මැතිවරණයක් පමණයි. පත්වෙන කෙනා ගැන අනාවැකි කියන්නට දෙයක් නැහැ. පරදින කෙනා ගැන අනාවැකි කොතෙකුත් කීවාට කමක් නැහැ. අපේ ජනාධිපතිතුමා තවමත් ජනතාවගේ හදවත් තුළ ජීවමානව සිටිනවා. එතුමා එපා වී ඇත්තේ එක කණ්ඩායමකට පමණයි. පොදු ජනයා පත්කර ගන්නේ අපේ ජනාධිපතිතුමාමයි. (නි)
මෙතුමාට අවශ්‍ය කරලා තිබුන ජන්ද ලකුණ පරවිය හෝ නෙලුම් මල. ඒකවත් ගන්න ක්‍රමයක් නැහැ .මේ රටේ නීතිය ගෙන මොන කතාද? ජනතාවට මේක හොද පණිවිඩයක් රටේ තත්වය ගෙන (අ)
මහින්ද මහත්තයා බලයේ ඉන්නවාට වැඩියෙම කැමති සරණාගතයෝ වෙලා ඉන්න දෙමල ඩයස්පෝරාව, නැතිනම් ඒ අයට ලංකාවට එන්න වෙනවා,(අ)
මිනිසුන් ජනපති තුමාට කාලගුණ සලකපු නිසා තමි දෙවන වරටත් ඡන්දය දීල ජනාදිපති කලේ. ඇයි දෙවියනේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ තව අවුරුදු 2ක් ඉන්න පුළුවන්කම තියෙද්දිත් බල ලොබි කමට අලුත් ඡන්දෙකට යන්න හදන්නේ කියල? (අ)
77 - 93 කාලයේ අපි හිටියෙත් මේ ලංකාවෙම තමයි. (නි)
මටනම් මෙදා පාර ඡන්ද පොලට ගියාම පෙන්නේ හංසයා විතරමයි ! ලක්වැසි සියලු දෙනාටත් එසේ වේවා යයි ප්‍රාර්ථනා කරමි. (අ)
බන්දුල, උඩ පැනපැන වලන් බිඳින වෙබ් අඩවි ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ රට්ටු දන්නවා. බොරු පච නිවුස් කියල දානවා මදිවට සන්ස්කාරකවරුම කොමන්ට්ස් දානවා. (අ)
කතා දෙකක් නැහැ මේ පාර මෛත්‍රී මහත්තයා දිනනවා.(හේ)
මේ පාර නම් ජය නියතයි.(හේ)
කලින් හංසයාට වුන දේ මේ හංසයාට වෙන එක වලක්වන්න කිසිම ජගතෙකුට පුලුවන්ද ?(හේ)
මම හිතුවා මේ ළකුණ තෝරාගනීවි කියලා (නි)
බන්දුල මහත්තයෝ මදිද පරම්පරා ගණනකට හම්බකර ගත්ත..අදටත් මේක මිනී කන්නන්ගේ දේශය තමා. (අ)
මංජුල, විදේශ බලවේග වලට අවශ්‍ය එතුමාව දිනවීම වෙන්න ඇති. අල්ලන් යන්න එනවා කිව්වාම අපි එතුමාව දිනවනවා නේ අල්ල යන්න බැරිවෙන්න (නදී)
ලබන සැරේ හංසයාගෙන් ඉල්ලන්නේ කවුද?(හේ)
අතීත අත්දැකීම් අනුව පවතින රජය පෙරලා පත්කරන නව රජය ගැන අනාවැකි කිව නොහැකිය. නමුත් තීරණයක් ගැනීමේදී අවිනිශ්චිතතාවයට මුහුන දිය යුතුය. පොකුණක. වැවක වතුර පිරිසිදු නැත. නමුත් ගලා යන දිය දහරකින් සියලුෙදනාට ලැබිය හැකි ඵලය වැඩිෙව්. ඵමනිසා වසර 10 කින් පසුව නැවත වෙනසක් සිදුවිය යුතුව අැත. (ස)
අපේ රටේ මැතිවරණයක් පවත්වනකොට හරිම දේවල් සිදුවෙනවා.බලයට එනතෙක් කවුරුත් හරිම සුධවන්තයෝ.ඇවිත් කලෙකින්ම අර සියල්ලම අමතක කරලා බලයෙන් උද්දාම වෙලා හරියට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකලා වැඩකරනවා. පවුලේ බලය තරකර ගන්නවා.යාලුවෝ තනතුරුවලට පත්කර ගන්නවා. ඡන්දය දීපු, වැඩකරපු බලයට පත්කරපු අය දැක්ම ලිස්සල යනවා.පවුල හදන්නයි.මුදල මඩිගහ වැඩි කාලයක් ගතකරන්නේ.රටට හෙන ගැහිලා ගියත් බලයේ රැදිලා ඉන්න විතරක් වැඩි දෙනෙක් කටයුතු කරලා තියෙනවා.(හේ)
මළාම තමා..ෆොන්සේකාගේ පක්සෙන් සිරිසේන එන්නේ.එහෙනම් විධායක බලය නැතිකරන්නද ෆොන්සේකාගේ අවසරය ඕනේ.රනිල්ට බැහැ ෆොන්සේකාගේ පක්ෂේ මිනීහෙකුට බලකරන්න.ෆොන්සේකාට පුළුවන් ඡන්දෙ දිනුවට පස්සේ විධායක බලය ගන්න. නමක් නැතිවද මේ නමට හැමෝම කැමති උනේ. (ස)
මොකක් උනත් බන්දුලගේ කතව රත්තරන් වටිනා කතාව. (ස)
ඔන්න අද ඉඳලා සමහරුන්ට රෑට රෑට හීනෙන් පෙනෙයි හංසයෝ රෑනක් වටකරගෙන කොටනවා (නි)
බන්දුල මහත්මයා, ඔබට කියන්න තියෙන්නේ යුද්ධයෙන් රට බේරාගැනීමට දේශපාලන නායකත්වය දීම ගැන එතුමාට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පරිච්ඡේදයක් වෙන්වෙලා තිබුනත්, රටේ අනාගතය නැවත අඳුරට යමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්න තිබෙන නිසා එතුමාට ඇති ආදරය නිසාම මේ වර පොදු අපේක්ෂකයා දිනවා එතුමාගේ ඇස් අරවමු. මෛත්‍රී එතුමාට කිසිදු කරදරයක් වීමට ඉඩදෙන එකක් නැහැ. (නි)
මං හිතන්නෙ මේ අයට වරදක් වෙලා වගෙයි (දිල්)
මේ සැරේ නම් හංසයා බේරාගන්න ඕනෑ (නි)
ජනපතිතුමනි, මේ රට ඉදිරියටත් අදත් හෙටත් රටවැසියා වෙනුවෙන් සාමයෙන් සහ දියුණුවෙන් පිරි රටක් කිරීම ඔබට බාරයි (නි)
ෆොන්සේකා මහත්තයාගේ හංසයා ගත්තේ අපරාදේ.පරවියා ගන්නත් බයවෙන්න ඇති පළමු රැළියේ සිරිපාල මහත්තයා නිදහස් කරපු පරවියා ආයෙම ඇවිත් කුඩුවෙම වහපු නිසා.(දිල්)
ලොකු අරබුධකාරි දේශපාලනයක් වෙනවා මේ චන්දය (දී)
හංසයා ලකුණ ලැබීම සුභ ලකුණක්. හංසයා කිරෙන් දියර වෙන්කර ගන්නවා වගේ දේශපාලනයේ ඉවත දැමිය යුතු අපවිත්‍ර දේවල් බැහැරකර ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩ නංවන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දරන උත්සාහය මල්ඵල ගැන්වේවා! (නි)