යහ පාලනය හා පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන රැස්වීමක් දෙසැම්බර 14 වැනි ඉරුදින සවස හතරට පැරිස් කලාප අංක 10 රූ ඩෙ චබ්රෝල් පාරේ අංක 27හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදී පැවැත්වීමට යයි.
එදිනට පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා එක්සත් ජාතික පක්ෂ ශාඛාව, එක්සත් ජාතික පක්ෂ යුරෝපා සංවිධානය, පැරිසියේ ජාතික හෙළ උරුමය පැරිස් ශාඛාව හා පැරීසියේ තවත් ශ්‍රී ලාංකික සංවිධාන ගණනාවක් ඊට සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රාජ්‍ය වල හිටියට පවුලේ කට්ටිය ලංකාවේ මේ මිනිස්සුන්ගේ, ඒ මිනිස්සුන්ට ඡන්දෙ තියෙනවා (දී)
ඔය කියන කවුරුවත් ජනවාරි 8 ලංකාවට ඇවිත් ඡන්දෙ දෙන්නේ නෑ නේද.? ඔන්න මමනම් යනවා 7 උදේම ලංකාවට. (ර)
1940 ගණන් වල ලෝක යුද්ධය නිසා යුරෝපේ නගර නටබුන් වෙලා තිබුනේ නමුත් එම රටවල හිටපු දේශපාලකයන් සහ හමුදා නායකයන් එකතුවෙලා යුද්දේ දිනුව ඊටපස්සේ හැමෝම එකතුවෙලා හොරකම් කරන්නේ නැතුව තම රටවල දියුණුවට කටයුතු කළා. යුද්දේ කළේ හිටපු රාජ්‍ය නායකයෝ කිවුවේ නැහැ යුද්දේ දිනපු නිසා මම හැමදාම ජනාධිපති කරන්න ඕනේ කියලා , පක්ෂේ ඊළඟට ඉන්න සුදුස්සාට එම ස්ථානය දීලා කාලය අවම ඉවත් වුණා , ඔවුන්ගේ පවුල් සහ හිතවතුන් එම රටවල් සුර කෑවේ නැහැ , ඔවුන් ඡන්දෙට කලින් ජනතාවට දීපු පොරොන්දු ඡන්දෙන් පස්සේ ඉෂ්ට කරන්න කටුයුතු කර එමනිසා තමයි අද එම රටවල් සමාජමය සහ ආර්ථික වශයෙන් දියුණු වෙලා තිබෙන්නේ ,(හේ)
කොහොම කලත් රට හරි මගට ගන්න යහ පාලනයක් උදාකරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා දිනන්න ඕනි. (ර)
ටිකිරි බණ්ඩාට දොස්තර මහත්තයාට කියලා අලුත් දත් සෙට් එකක් දාගන්න වෙනවා ඊළඟ අවුරුදු පහ දත්මිටි කන්න.දැන් තියෙන ඒවා කාලා කාලා ගෙවිලා කන්න දෙයක් ඉතුරුවෙලා නැතුව ඇති. (නි)
ආනේ මන්දා. ඔය කියන හමුදාව කොටි කලු කොඩි දාන කොට කොහෙද දන්නේ හිටියේ? පැරිස් අපිට හිනා ! (දී)
පුරවැසිකම පමණක් විදේශික වූ ... අපේකම අපේ ජාතිය ...අපේ භාෂාව අද අපේ අය බොහෝ දෙනෙකුට අමතකය...ඒ අයගේ නම් සිංහලය..ඒත් පුරවැසිකම විදේශික යැයි මේ අය ලංකාවට එන්තරවාසි යවති..ඒත් සිංහලෙනි..රටක ජීවත්වූ පළියට මේ අයට රටක උපන් අයිතිය ගත නොහේ.. කෙසේ වෙතුදු අපේ ඇතැම් අයට අපේ රට, භාෂාව ,ජාතිය අගේ නොමැති වූවාට ...වෙනත් රටවල අයට අපගේ අනන්‍යතාවය සහ භාෂාව කෙතරම් අගය දැයි මේ අඩවියෙන් ඔබටම තේරුම් යාවී....(දී)
09 වෙනිදට සිරිසේන මහත්තයා බස් එක පාරට දාගත්තොත් රියදුරු අසුනේ වාඩි වෙන්නේ චන්ද්‍රිකා නෝනා. සිරිසේන කොන්දොස්තර ,රනිල්,සජිත්, කරු ඔක්කොම මගියෝ වගේ පස්සෙම අසුනේ වාඩිවෙලා චන්ද්‍රිකා නෝනා නවත්තන තැනින් බැහැල යන්න වෙනවා (නදී)
ශ්රී ලංකාවට ජයවේවා .!!!!(හේ)
මනප්පෙරුම ඔයාගේ සුසිලා අපිට දෙනවා ඒ ඇති (අ)
කුමාරන,මොහොමඩ් ඛාන් සිහින දකිනවා. (දී)
දෙපාරක් හිටියා මදැයි. තුන් වෙනි පාරත් ඇයි ඉල්ලන්නේ? (නදී)
රට තුල සිට හෝ නොසිට, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සදහා සියලුදෙනා එක්සත්ව සහයෝගයෙන් වැඩ කල යුතුයි (දී)
මෛත්‍රී,මෛත්‍රී,මෛත්‍රී.අපගේ එකම පැතුම මෛත්‍රීපාල සිරිසේන පාලනයක්.ජයවේවා! (අ)
රට ඉඳගෙන කොහොමද මෙහෙ ඉන්න අපේක්ෂකයන් දිනවන්නේ?තැපැල් ඡන්දයෙන්ද ? දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)
රට පාවාදෙන අයට කඩේ යන අය වෙති යහපාලනය කරන්න යන්නේ රට කොටියට විකුනපු අයයි. ජනාදිපති තුමාට ජයවේවා ! (අ)
යහ පාලනයට අපේ සහය. මෛත්‍රී ඇතුළු සියලු නායකයන්ට ජයෙන් ජය (නදී)
පැරිසියේ සමන් කියන්නේ ශ්‍රී ලංකාව ට බොහෝ සෙයින් උදව් කරපු, නොදියුණු නැගෙනහිර පළාතේ දුප්පත් දරුවන් ට නොමිලයේ ඉංග්‍රීසි භාෂාව හා පරිගණක දැනුමක් ලබා දීමට කටයුතු කල සැබෑ ලංකා පුත්‍රයෙක්. මහින්ද රාජපක්ෂ මහත්මයාව දිගටම රැක ගත්ත කෙනෙක්. එවන් මහත්මයෙකු පොදු අපේක්ෂකයාට උදව් කරනවා කියන්නේ ?
අපරාදේ මෛත්‍රීට මහන්සිවෙන්නේ ,මම මෙහෙම කියන්නේ ඇයි කියල ඔයාලට අටවෙනිදට දැනගන්න ලැබේවි. (අ)
මේ ගොල්ලන්ට ලංකාව අවුරුදු පහකට කලින් තිබුන විදිහ අමතක වෙලා. ඔය කියන යහ පාලනය මහින්දට කලින් හිටිය අය ළඟ තිබුනද? හිතට එකඟව කල්පනා කරන්න. මේක මෛත්‍රී රැල්ලක් පමණි. අට වෙනිදට මහින්ද මහත්තය නැවතත් ජනාදිපති. (නදී)
පැරිස් ඉඳලා මෙහෙට සහාය දෙන්නේ කොහොමද? (නි)
දැන් කට්ටියට සටනට පෙළ ගැහෙනවා වගේ.(හේ)
අන්න අන්තර්ජාලයේ ලිපින සහිතවම ෆොටෝ පෙලක් තිබෙනවා අපේ දේශපාලකයන්ට තියෙන නිවාස කන්දරාව. ඩොලර් මිලියන්/බිලියන් ගණනින් වටිනා දේපල. කාදේ මුදල්ද? (නදී)
අප්පුහාමි/බන්දුල පෙරේරා. හීන දකින්න තහනමක් නැහැ.
අප්පුහාමි, ඔය කියන්නේ රැස්වීමට පැමිණි ජනතාව දැකල වෙන්න ඇති. ඒ තමයි ලංකාවේ දිස්ත්‍රික්ක 22 න්ම ක්ම ලැබෙන ඡන්ද ටික (නදී)
මහින්දගේ ඡන්ද රැස්වීම් වලට දිස්ත්‍රික්ක 22 කින්ම ආපු බස් නම් 1000 කට වඩා ගාල් කරලා තියෙනවා. අන්න ෆොටෝ තියෙනවා බලන්නකෝ. (නදී)
ආ මෙයා පැරිසියේ ජනාධිපති අපේක්ෂකයද අනේ හොදයි මේ රටින් යන එක (නදී)
පැරිස් සංවිදානයට ජයවේවා. අද අපේ රටේ සම්පුර්ණ දේශපාලන ක්‍රියාදාමයම වෙනස් විය යුතුයි. කරුණා කේපී පිල්ලෙයාන් නමැති කොටින්ට රජසැප දීමත් යුද්දය මෙහෙයවපු සරත් ෆොන්සේකා හිරේ දැමීමත් අනුමත කල හැකිද (නදී)
හේරත් ඔබ හරි, ලංකාවේ නියම දැන් තත්වය පිටරටවල සිටින ගොඩක් අයට තේරෙන්නේ නෑ. රට ලස්සන වෙනවා, අධිවේගී මාර්ග හැදෙනවා, ඒවාද සංවර්ධනය. රජයේ ආයතන, පාසැල් පද්ධතිය,පොලිසිය,අධිකරණය, දේශපාලණීකරණය වෙච්ච රටක කෝ සාමන්‍ය මිනිසෙකුට තිබෙන සමාජ සාධාරණත්වය? ඕනෑම පාලකයෙකුට අසීමිත ජනබලයක් හෝ ධනබලයක් ලැබිය යුතු නොවේ. (නදී)
රට අරාජික කරන තැතක් (නදී)
අපේ නායකයා ඹබයි මෛත්‍රී.යමු යමු ඉදිරියට යමු.ජයග්‍රහණයේ ජය කොඩිය ඔබයි (නි)
අපිත් මේ බලාගෙන ඉන්නේ 8 වෙනිදා වෙනකම් කාගේද හුළං බහින්නේ කියලා. (නි)
කෝ මේ ඉතාලියේ අපේ ජනතාව? මිලානෝ, රෝම, මෝදනා කට්ටිය? (නි)
ලියනගේ, මේක ප්‍රංශය. සියලු ජනයට තම මතය නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. රටට සාමය, මෛත්‍රිය උදාවේවා!! (නි)
දැන් ඔය පතන ජයම අපි මිට ඉස්සරත් ඔය විදියටම පැතුවා ප්‍රර්ථනා කරා මොකද උනේ හැම දාම දුප්පත් ජනතාව පරාදයි. බෙරේ පැත්ත මාරු කලාට හඩ ඒවගේමයි ඔලු කද බඩ මාරු උනාට මොකවත් වෙන්නේ නෑ. අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපි දැන්වත් නිවැරදි තැනට යන්න හිතමු. පෙළ ගැසෙමු සටන් කරමු. (නදී)
අනේ අපි මුකුත් කියන්නේ නැහැ. ටිකිරි බණ්ඩා හැමදාම ඡන්ද වලදී හදපු ජනපතිලා ආණ්ඩු පළාත් සභාවල පාලනය මෙතුවක් ඉදල අපිටත් දැන් එපා වෙලා තියෙන්නේ. 9 වෙනිදට අපි වෙනසක් කරන්නම් ටිකිරි බණ්ඩාට එසැන පුවත් නොබලා ඉන්නම. (නදී)
දේශපාලනයට සම්බන්ද රටේ ඉහලම පුද්ගලයින් දෙදෙනකුගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ. එක් අයෙකුගේ බිරිඳගේ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය. (නදී) එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1
එහෙනම් බලමු ටිකිරි බන්ඩෝ කොන්ද කෙලින් තියෙන ජනපතිද ? මඩේ හිටවපු ඉන්න ද දිනන්නේ කියා (නදී)
මෝඩයෙක් වගේ සුසිලව ඉල්ලන ගෝතය මොකාද? සුසිලා අපේ සහෝදරියක් හැම සමාජ කටයුත්තකටම දෙපාරක් හිතන්නේ නැති මානව හිතවාදියනියෙක්. (නදී)
ටිකිරි බණ්ඩා ...තිලක් ඩුබායි..අන්තර්ජාලයේ තමන්ට කැමතී දේ පල කරන්න පුලුවන්.. අන්තර්ජාලයේ බලල දේශපාලන තීන්දු ගන්නෙ ඹයාල වගේ අයයි. (නදී)
සල්ගාදු හරි. (අ)
වැරදි අඩු පාඩු කොපමණ තිබුණත් අපිට ලංකාවට ගිහින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදාපු එකම ජනාදිපති මහින්ද රාජ්පක්ස්ස පමණයි(අ)
අලි බබා සහා හොරු. ඉස්සර 40 යි. ඔක්කොම එකයි (නදී)
මෙවැනි දේ සදහා අදහස් දාන අය බොහොමයක් පිටරට වල පදිංචි අයයි .මොවුන් ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ,කතා කිරීමේ නිදහස ,ලිවීමේ නිදහස ,විවේචනය කිරීමේ නිදහස හා වෙනත් බොහෝ නිදහසයන් කදරයකින් තොරව භුක්ති විඳති .ඒ රටවල නොමිලේ ලබා දෙන සියලුම දීමනා ලබා ගන්නවා .එසේ කරන අතරම ඒ රටවලට ගරහනවා .අපේ රටත් ඒ වගේ ගොඩ නගමු කියන අය ඉතාම අල්පයි .රටේ ජාතික සම්පත් කොල්ල කන එවුන් හොඳයි කියමින් කට මැත දොඩවනවා .ඉතින් එවැන්නෝ ජිවත් වෙන රටක හොරා කන එවුන් බලයට එන එක අහන්න දෙයක්ද? ඉහත ලෙස නිදහස විදින රටවල අපේ අයගේ සිතුම් පැතුම් ඔහොම නම් ; ඔය ඇබිලිපිටියේ ,වැල්ලවාය ,අනුරාදපුරයේ ,හම්බන්තොට අයගේ සිතුම් පැතුම් කොහොමට ඇද්ද ?වෙන මොනවත් නොවේ ; මොලේ වැරැද්ද ! (අ)
ජයලත් හැමදාම අන්තර් ජාලය බොරු කියමින් ඉන්න. පිටරට නෙවෙයි කලකට පෙර ස්වාභාවික සම්පත් විනාශ කරමින් දෙනියාය පැත්තේ හදපු මාලිගාවක් එහෙමත් අන්තර් ජාලයේ බොරුවක් වෙන්න ඇති එහෙනම්. (අ)
දුෂණය, භිෂණය අල්ලස, වංචාව, නාස්තිය තුරන් වේවා ! යහ පාලනය මේත්තා කරුණා මුදිතා තුලින් ප්‍රජාතන්ත්‍රවාදය රජවේවා. රටවැසියන්ට ජයවේවා !!! (හේ)
පසුගියදා ඉතාලියට ගිය අපිත් එනවා රැස්වීමට මෛත්‍රී දිනවන්න.! (ර)
මෙම සංවිධාන සහ පක්ෂවල සිටිනා සියයට 99 ක් ම ලංකාවේ ඡන්දය නොමැති, කිසිම දිනෙක ඡන්දය දමපුවත් නැති අය. පැරීසියේ සිංහල සංවිධාන සහ දේශපාලන පක්ෂ සංවිධාන බොහොමයක් තිබෙනවා. මොකද ඒවා පවත්වන අයගේ වාණිජ සහ මානසික තෘප්තිය සඳහා වන නිසා. (ර)
බටහිර රටවල ජීවත් වෙන ලාංකික සම්භවයක් ඇති සමහරුනට හැදෙන් ලෙඩක් තමයි ඕක. බටහිරට ගැති පක්ෂ වලට එල්ලෙන එක. සුදු හම ඉදිරියේ නිවට වෙන අපේ එවුන්ට ලැජ්ජාව ගෑවිලාවත් නෑ. (නදී)
පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයවේවා ! (ර)
යහ පාලනයට අපගේ සහයෝගය හා සුබපැතුම්.! (ර)
සමන් - පැරිස්, මගේ එකම පැතුමත් එයමයි. (ර)
රටින් පිට හමුදාව මෛත්‍රීට, රටේ හමුදාව මහින්දට. ඒ නිසා ශ්‍රි ලංකාවේ ජනාධිපති මහින්ද. රටින් පිට ජනාධිපතිලා කියක් ඉන්නවද? (ර)
සල්ගාදු ඔයා ඇත්ත කතාව කියුවේ (දී)