උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ආනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 18 දෙනෙක් අද (24) තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුහු මාධ්‍ය සාකච්ඡාවකට ද එක්වූහ.
ඒ අතර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයේ මාධ්‍ය හමුවකට ආ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රී නාගරික මන්ත්‍රී සාවිත්‍ර රමාල්ද සිල්වා මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී මාධ්‍යවේදීන්ට, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හා පක්ෂ සාමාජිකයින්ට බැන වැදුණු ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ කියමින් එතැන තිබු පුටුවලටද පහරදී පිට වී ගිය බව පොදු අපේක්ෂක කාර්යාල ආරංචි කියයි.
සිද්ධිය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිරිසක් බම්බලපිටිය පොලීසියට පැමිණිලක්ද කැර ඇත.
සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ බුද්ධිමත් තීරනයක්. මගේ රටට ජය වේවා! (නදී)
පනින අයට පුලුවන්ද මහජන මතය වෙනස් කරන්න (නදී)
සමන්ජය ලස්සන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. (නදී)
මේ අයට ලැජ්ජාව කියල දෙයක් තියෙනවද කියල දන්නේ නැහැ. (නදී)
මොලේ තිබුන එක් කෙනෙක් ඉදල තියෙනවා (නදී)
අවන්කව තේරුන් ගත්තු කොල්ලෙක් ඔබටත් ජය වේවා. ජයෙන් ජයම වේවා අති ගරු මහින්ද ජනාධිපති තුමනි. (නදී)
මේ වැඩ වලින් වෙන්නේ මෛත්‍රි මහත්තයට තව ඡන්ද වැඩිවෙන එක. බොලඳ වැඩක්. කාට වුනත් තරම් නැහැ මේ වගේ අඳබාල වැඩ කිරීම. (නදී)
ඉම්රාන්, මේ ගොල්ලන්ට බටහිර රටවලින් නම් දේශපාලන රැකවරණය ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. ඉන්දියාවට,චීනෙට,අප්‍රිකානු රටකට තමයි ඉතින් පනින්න වෙන්නේ. (නදී)
ඒ තරුණයා කියන විධියට එයාට මෙතනට ආවම නම් තේරුනේ මෙත්‍රීපාල සිරිසේන එක්ක එකතු වෙන එක හොඳ නැහැ කියලා ඒ මනුස්සයා අත දරුවෙක් වෙන්න ඕනේ. ඒ තීරනේ ගන්න කලින්නේ හොඳට කල්පනා කරලා බලලා, තොරතුරු හොයලා බලළා ඔය වගේ තිරණයක් ගන්න ඕනේ. කොහොම දේශපාලනය කරනවද දන්නේ නැහැ. (නදී)
කාට කාටත් තේරිගෙන එන්නේ. (නදී)
පැරදුනු ගමන් රට පැනල දේශපාලන රැකවරණ ඉල්ලන්ඩ හදන ගේමක් වෙන්න ඇති (නදී)
තිස් තුන් කෝටියක් දෙවියනේ ඔබලාට පින් අයිතිවෙයි අපේ රට බේරල දෙන්න මේකයි අන්තිම අවස්ථාව. (නදී)
මේ නාය යාමට හේතුව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වත් විමසුවොත් නරකද ? (නදී)
සමන්ජය කියපු ඒවා මමත් පිලිගන්නවා. මෙතන තියෙන්නේ තනිකරම වෛරී දේශපාලනයක්. මහජනතාව විදියට අපි හොදින් කල්පනා කරලා මේ මෙහොතේ තීරණයක් ගන්න ඕනි. මොනවා කරන්නත් නිදහස් රටක් තියෙන්න ඕනි. රටේ ප්‍රශ්න තියනවා. අපරාද තියනවා. ප්‍රාදේශීය දේශපාලකයෝ තමයි මේ සේරම කරන්නේ. මහින්ද මීට වැඩිය රටේ විනය ඇති කරන්න ඕනි. යුද්ධය අද වෙනකන් තිබුන නම් රට ගැන හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඡන්දෙ කාටද දෙන්නේ කියල හොදින් හිතල තීරණයක් ගන්න ඕනි. රට අස්ථාවර නොකර ඉන්න ඕනි නම් මහින්ද දිනවමු. (නදී)
කළු බළල්ලු එක්කම මට සුදු වෑන් මතක් වෙන්නේ මොකද මන්දා ! (ස)
නියමයි කොල්ලගේ වැඩේ. හොඳ අනාගතයක් තියන කොල්ලෙක්. (නදී)
පිස්සුද මන්දා (නදී)
සිරිසේන මහත්තයාගේ දින 100 වැඩ හරියට උසස් පෙළ ටියුෂන් යන ළමයෙකුගේ කෙටි සටහනක් වගේ. ඔය පොඩි වුන් ගියාට දිනන්න පුලුවන්ද? (නදී)
ඔහුම කියනවා ඔහුට දේශපාලන අවබෝදයක් නැහැ කියලා. ඔහුට හොද ගානක් ලැබේවි ඉදිරියේදී (නදී)
පාලිත මහින්ද මිලානෝ, ඔයා තමන්ගේ වැඩක් බලා ගන්නවද ඔහේට වෙලා. අපේ රටේ ඒවා අපි බලාගන්නම් (නදී)
ඔය කොහොම කළත් වැඩක් නැහැ. ඡන්ද පෙට්ටිවල ස්ටිකර් අලවන්නේ නැහැනේ. දන්නවනේ ගාල්ලේ වෙලා තියෙන දේ. (නදී)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ බලපෑම අවතක්සේරු කරන්න එපා. ඕනෑම ආණ්ඩුවක බිම් මට්ටමේ ඡන්ද දායකයන් සංවිධානය සහ මෙහෙයවීම සිදුකරන ප්‍රධාන යාන්ත්‍රණයක් තමයි ප්‍රාදේශීය දේශපාලකයන්. ඔවුන් අක්‍රිය වීම හෝ විරුද්ධ පාර්ශවයට යාම පාලක පක්ෂයට අවාසි සහගතයි. (නදී)
ඔය යන්නේ සේරම කුණු ගොඩවල්නේ කිසිම වැදගත් කමක් නැති. (නදී)
මෙතන ඉන්න අයත් සමහරු මෛත්‍රීට කඩේ යනවා (නදී)
සිහින, දවල් සිහින දකියි. (නදී)
මයිත්‍රීපාල මහතාගේ පාර්ශවයේ ඇති අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස පේනවා මේකෙන්. අනිත් පැත්තේ ඕක උනා නම් මොකද වෙන්නේ කියල ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන්. මයිත්‍රීපාල මහතාගේ ජය නියතයි. බුද්ධිමත් ජනතාව ඔහු සමග. අනිත් එක්කෙනා එක්ක ඉන්න අය ගැන ඉතින් කියන්න දෙයක් නෑ. (නදී)
විරුද්ධ පක්ෂයේ කෙනෙක් සන්ධාන මාද්‍ය හමුවකට ගිහින් මෙහෙම කීවා නම් කොහොම හිටීද ? (නදී)
ෂා මරු තරුණයෙක්. පිරිමකම යනු මෙයයි (නදී)
විමුක්ති ඔබ දැන ගන්න බෝම්බ පුපුරපු ඒ යුගය නිමා කලේ කවද. ඔබ හිතන අලියාගේ පැත්තේ අයද. ඇයි ඔයාගේ විතරද ලංකාව. මමත් ඉපදුනේ ලංකාවෙම තමා. අපිත් මේ රටවල සිටියට හැම වෙලේම මගේ මව් බිම ගැන අවධානයෙන් තමා ඉන්නේ. එතෙර සිටින අපටයි වැඩියෙන්ම ඒ අගය දැනෙන්නේ. ඔයා දැන ගන්න මෙන්න මේ ටිකත් මගේ සිටිය එකම සහෝදරයත් රට බේර ගන්න දිවි පිදුවා. ඔබලා දැන් දෙපයෙන් නැගී සිටින්නෙත් අති ගරු මහින්ද ජනාධිපති නිසා බවත් මතක් කර දෙමි. කෙසේ වෙතත් යුද්ධයක් තිබුනද කියලවත් අද හැමෝටම අමතක වෙලා. (නදී)
මම දන්නේ නැහැ මෙ මිනිස්සුන්ට ලාදුරුද කියලා මේ වෙන දේවල් පේන්නෙ නැත්තේ. මෝඩ කතා නැතිව අැත්ත දකින්න රට යන දිසාව බලන්න අනාගතය අදුරුවන හැටි බලන්න. දේශපාලනය නොව වැරද්දට වැරද්ද කියන්න පුරුදු වෙන්න (නදී)
ඉන්දියානු ජෝතිෂ විසේසඥයෙක් කියා තිබුනා මයිත්‍රිපාල සිරිසේන මහතා ලංකාවේ නව පාලකයා වෙනවා කියලා. (නදී)
සඳුනි, ඔය අපේෂක පිටිපස්සේ ඉන්න නෝනලා මහත්තයල කරපුවා මම හිතන්නේ ඔයා දකින්න ඉපදිලා නැතුව ඇති පව්. අට වෙනිදට මෙතනටම ඇවිත් බලමු කාගේ කාගේත් සිහින. (නදී)
අර පොඩි කොලුවට පොඩි ගානක්දීලා එවන්න ඇති.මෛත්‍රීව පරද්දන්න ඔහොමවත් කොරල බලමු. (බ)
කවුරු මොනවා කිව්වත් තම රටට ආදරය කරන ජනතාව ඉන්නකන් මහින්ද පරද්දන්න බැහැ. එ්ක ඉර හද වගේ ෂුවර්. කෘතීම රැලි හදන වෛරී දේශපාලනය මහජන ඡන්දයෙන් පරදිනවා. (නදී)
කට්ටියට තවමත් කියන්ඩ තියෙන්නේ යුද්දේ දිනපු එක විතරයි. රට වැටිලා තියෙන ප්‍රපාතය කොච්චර කිව්වත් තේරුම් නොගන්න නුගතුන් ඉන්නකල් රට ගොඩ ගන්න අමාරු වෙයි. (නදී)
පාලිත යුද්දේ තිබ්බ එක ඇත්ත ඒ වගේම ඇමරිකාවේ ඔබාමා බින් ලාඩන් ඇල්ලුවා කියල හැම දාම කියව කියවා ඉන්නේ නැහැනේ. ඒ වගේම යුද්දේ දිනුවා කියල රට කාටවත් ඕනේ විදිහට පාලනය කරන්න දෙන්න බැහැනේ. අනික ඔය තරම් රටට ආදරේ නම් පිල්ලයාන් කරුණ අම්මාන් එහෙම තමයි ඔයාගේ සහෝදරයාවත් මරන්න ඇත්තේ. ඉතින් ඒ ගොල්ලන් අද කොහෙද ඉන්නේ කියල ඔයා දන්නවා ඇතිනේ. ඒ වගේම කේපී කොහෙද ඉන්නේ කියලත් දන්නවා ඇතිනේ. ඒ නිසා හරියට හොයල බලල කතා කරන්න. ලංකාවේ ඉන්න අපි තමයි දන්නේ ජීවත් වෙන්න කොච්චර අමාරුද කියලා. පිට රට ඉන්න අයට තේරෙන්නේ නැහැ. (නදී)
බොහොම ස්තුති ලංකාදීප පත්තරේට මගේ අදහස දැම්මට (නදී)
පාලිත මහින්ද- ඔබගේ ප්‍රති උත්තරය විශිෂ්ටයි.මමත් ඉන්නේ විදෙස් රටක.ලංකාවේ මිනිසුන් දන්නේ නෑ මෙහෙ ඉන්න කොටිනට සහයෝගය දෙන අය කුල්මත් වෙලා ඉන්නේ ඇයි කියල.කොහොමත් මේ ලපයි සිපයි ගියාට ඡන්ද පදනම් වලට ලොකු වෙනසක් වෙන්නේ නෑ.8 වෙනිදට රටට ආදරේ ජනතාව මොවුන්ට හොඳ උත්තරයක් ලබා දේවී (අ)
පොලිසියට නෙමේ අංගොඩට යවන්න (අ)
මතන අර නවක මන්ත්‍රීවරයා හැසිරුනේ හරිම ලාමක විදියට. වෛරයක් තිබුනෙ එතුමා ගාව. නැත්තන් ඇයි පුටුව පෙරලගෙන ගස්සගෙන ගියේ..? කතාවත් කොලේ බලාගෙන කරන්න ඇවිත්. නාට්‍යය රඟපාල ගියේ පිටපතත් අමතක කරලා..(අ)
ජනාදිපති තුමාගේ ජයග්‍රහනය වලක්වන්ඩ පුළුවන් කෙනෙක් විපක්ෂයේ නෙමෙයි ලොවෙත් නැ....................(අ)
මෙතන අදහස් දාපු අයට නොපෙනුන දෙයක් තමයි ඔහු කාගේ හෝ සැලසුමක ඉත්තෙක් වී මෛත්‍රී ට මඩ ගහන්ට ආපු බව (අ)
කවුරු ආවත් මහින්ද මහත්තයා දිනනවා ජය වේවා! (දිල්)
මම ඒ සිදුවීම නැරබුව.ඒ තරුණය තමන්ගේ අදහස කියල සාමකාමිව එතනින් ගියා. පුටු පොළොවේ ගහල කලහකාරී ලෙස හසුරුනා කියන්නේ පට්ටපල් කෙබර. අනෙක මේක ජනාධිපතිවරණයක්..මේ ගස් ගෙම්බෝ එහෙට මෙහෙට පැන්නට එයාලත් එක්ක ඡන්ද දායකයොත් පනිනවා කියල හිතාගෙන හුරේ දාන කට්ටියට ඔය පැනපු එව්වෝ ටික ගණන් කරලා ගෙනාපු ඡන්ද ගාන ගණන් හදල බලල පොළොවේ පස් කන්න තමයි වෙන්නේ 9 වෙනිදට. (අ)
සංජය එ්ක බලා ගන්ඩ පුළුවන් 08 වෙනිදායින් පස්සේ ඉවසල ඉමු නේද? (අ)
රටේ ජනතාව විපක්ෂයේ අයට ඡන්දෙ දෙන්නේ නෑ. එ්ක ඒ අයම දන්නා නිසා තමයි මහින්ද ගේ කෙනෙක් ව අරන් ඡන්දෙට දැම්මේ. විදේශ වල ඉඳන් කියවන අයට මේ ලියන්නේ. ලංකාවේ වෙබ් එකේ ලියන අය මොනවා ලිව්වත් රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ ජනාධිපති තුමාට. (නදී)
ඔය කව්රු ගියත් 9 වෙනිදට මහින්ද මහත්තයා දිනුවයි කියල දැනගන්න ලැබේවි. ඔය උඩ පැන්න ඇති බමුණු (නදී)
පහත සදහන් ආකාරයට මෛත්‍රීපාල මහතාට ඔය ආකාරයෙන් අදහසක් මම පල කලේ නැත. මෛත්‍රීපාල මහතාගේ පාර්ශවයට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස පේනවා මේකෙන්. අනිත් පැත්තේ ඕක උනා නම් මොකද වෙන්නේ කියල ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන්. මයිත්‍රීපාල මහතාගේ ජය නියතයි. බුද්ධිමත් ජනතාව ඔහු සමග. (නදී)
මේ මැතිවරණයේ දී 2015 ලියාපදිංචි චන්ද සංඛ්‍යාව 15,440,490 කි. පසුගිය ජනාධිපති මැතිවරණවලදී ඡන්දය දීමේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් 75% ක අගයක් විය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමට නම් (15,440,490 x 75% =11,580,367x 1/2 = 5,790,183 ඉක්මවා සහ ) මහින්ද මහතා 2010 දී ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය වන 1,842,749 සම්පුර්ණ යෙන්මද ඇතුළුව ලබා ගත යුතුය. 2015 දී 18 අලුත් ඡන්ද 1351990 කින් වැඩි වී ඇත. (නදී)
ෂාම්, ඔබ ලංකාවේ සිටියා නම් ඔබට මතක නැද්ද කලු බළල්ලුන්ගේ කාලේ කෙල්ලෝ කොල්ලෝ අරන් ගිහින් පාරක් පාරක් ගානේ මරලා පුච්චලා මහා විනාශයක් කලා. එතකොට එදා මේ තරම්වත් මානව හිමිකම් ගැන කවුද කතා කලේ? ඔබට මතකද .? ඒ නිසා ඔබට මටත් කියන්න තියෙන්නේ හරියට හොයල බලල කතා කරන්න කියලයි. (නදී)
සිරිසේන මහත්තයා දිනනවා ඒක ඒකාන්තයි (නදී)
මේ මොන පිස්සෙක්ද. තමන්ගේ පක්ෂ මූලස්තානය ඩාලි පාරේ තියනවා කියල වත් දන්නේ නෑ. පොදු අපේක්ෂක කාර්යාලයට පැමිණ මෛත්‍රීපාල සිරිසේන මහතාට හා පක්ෂ සාමාජිකයින්ට බැන නිරුපද්‍රිතව පිටත්ව යා හැකි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පූර්ව මුලාරම්භයක්. සැබවින්ම '''මෛත්‍රී ''' පාලනයක්. (නදී)
2006 සහ 2010 ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල දෙස මධ්‍යස්තව සහ සියුම්ව විමසා බැලීමේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවේ අඩු බවක් පෙන්නුම් කරන බව කිව යුතුය. (නදී)
මිනිසුන් නොමග යැවීමේ උත්සාහයක් (නදී)
පාලිත මහින්ද [බන්දුල] ඉතාලියේ මිලානෝ නගරයේ සිට නොව ලංකාවේ සිට බොරු බේගල් ඇදබායි. (නදී)
ෂාම් මහත්මයා මොලේ අමාරු, මෙතන ඉන්න අපි කවුරුත් දන්නා කඩේ යන්නාට හොද පිළිතුරක් දීලා තියෙන්නේ. නියමයි. (නදී)
ඉන්දික / බන්දුල මරු කියවයි. (නදී)
මේ සංජය වගේ මන්ද බුද්ධිකයොත් මෙතන අදහස් දානවනේ. (නදී)
කළු දැන් රටේ තියෙන්නේ ස්ථාවර තත්වයක්ද ? කටක් ඇරලා කියන්න පුලුවන්ද ? පොලිසියට ස්වාධීනව තමන්ගේ රාජකාරිය කරන්න බැරි රටක් ස්ථාවරයි කියන එක විහිළුවක්. මේක දැන් ගෝත්‍රික රටක් බවට පත් වෙලා. මැරයන් රජ කරන මැර පාරාදීසයක්. මේ තත්ත්වය හොඳයි කියන්නේ ඒ මැරකම් හොඳයි කියන උදවිය විතරයි. (නදී)
නිමල් දැන් කන්න තියෙන්නේ වටලප්පම විතරයි. අනිත් ඒවා ඔක්කොම කාලා නෙවෙයි ගිලලා. (නදී)
ඉන්දික /බන්දුලට වැරදිච්ච තැන තමයි නම වෙනස් කරලා අදහස ලිව්වට ඔහුගේ ලිවීමේ [ලපයි සිපයි] කලාවෙන් මිදීමට නොහැකි වීම. ඉදිරියටත් ඔහොමම ලියන්න. එවිට අපිට, ඔබතුමාව හදුනා ගැනීමට ඉතාම පහසුයි. (නදී)
දේශපාලකයන් කලගුණ සැලකිය යුත්තේ තමන්ව පත්කරපු ජනතාවට මිස වෙන කාටවත් නොවේ . ජනතාවගේ දේපල හොරාකන අනාගත පරපුර මත්කුඩුවලින් වනසන මිනිස්සු ජනතාවගේ හතුරෝම මිස ජනතා මිතුරෝ නොවෙති (නදී)
කතාවක් යනවා විපක්ෂයේ කෙනෙකුට මුදල් දීල ජන්දේ කිට්ටු කරලා විපක්ෂයට අවාසි සහගත ප්‍රකාශයක් විපක්ෂයේම ඉඳගෙන කරවීමට කටයුතු සිදුකෙරීගෙන යනවා කියල. මේ ගැන දන්නා කෙනෙක් ලියන්න. (නදී)
නියම සිංහලයා මුල මතක ඇති (නදී)
මේ වගේ හැමදෙනාම එක්වෙන්න.(හේ)
අපි 2020 දී ඔබාමා ව ගේනවා මහින්දව පරද්දන්න. (නදී)
ඔය එන්නේ පෙරහැර. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ඇත්ත වීගෙන එනවා වගේ.(හේ)
මහින්ද මහත්තයට තව ටික දවසක් යනකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලනම් නැතිම වෙයි මේ යන හැටියට. මෛත්‍රීට ජයවේවා ! (බ)
ජයවේවා...!! (බ)
ඔය මොන ආටක නාටක තිබුනත්,ජනාදිපති තුමා දිනනවා,මේ රැල්ල අට වෙනිදට ඉවරයි. (අ)
ආණ්ඩුවේ ඡන්ද ප්‍රචාරණය පොඩි ළමයෙක් ගානට වැටිලා. රටේ වැඩි පිරිසක් ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. රටේ දේශපාලනය ගැන හොද දැනුමක් තියනවා. මොනවද වෙන්නේ කියල දන්නවා. ඒ නිසා මේ බොරු දේවල් වලින් කිසිම වැඩක් නැහැ (නදී)
මොලේ තිබුන එක් කෙනෙක් ඉදල තියෙනවා (අ)
ඔය මොකා කොහාට පැන්නත් ලංකාවේ ජනාධිපතිවරණයේ ඡන්ද බෙදෙන්නේ මහින්දගේ ඡන්ද හා මෛත්‍රීගේ ඡන්ද කියල විතරයි . ඔය පනින උන්ගේ ඡන්ද ටික විතරයි විතරයි එහා මෙහා වෙන්නේ ඕවගෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. ජනතාවට පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති තියන ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන් අපේක්ෂකයා දිනයි (අ)