සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ඉන්ධන ලබා ගැනීම සඳහා රජයෙන් දී තිබූ රුපියල් දස ලක්ෂ තිස් දහසක ඉන්ධන කූපන්පත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන නිලධාරයකුට බාර දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමැති රාජිත සේනාරත්න, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආදර්ශයක්. (ර)
බලයට, තන්හාවට, ආසා නැතී මිනිසෙක්, ජය පතනවා.! (ර)
අදර්ශමත් නායකයෙක්. (ර)
ඇයි පසුගිය අවුරුදු වල ඒවා බාරනොදුන්නේ? (නි)
කුනු නැති නායකයෙක් (නදී)
ඔබ තුමා අනිවාර්යෙන්ම ජනාධිපති වෙනවා. ජය වේවා (නදී)
නැති නම් කියාවි දිනුවෙත් මගේ පෙට්‍රල් වලින් වාහනේ ගිහිල්ල කියලා. (නදී)
බලාගෙන ගියාම සිරිසේන හොද නළුවෙක්නේ.(නදී)
ඔබ තුමාගේ ඉදිරි වැඩත් මේ ආකාරයෙන් සිදුවිය යුතුයි කියා මම සිතනවා. (නදී)
මාධය සංදර්ශන නැතිව ඔය ටික තියල ගියා නම් ඉවරයිනේ (නදී)
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියා දැන් ගස් යනවා. මෙය මොකටද විපක්ෂ කාර්යාලයකට ගියේ? මෛත්‍රී හරි නම් සෞඛ්‍ය අමාත්‍යංශයට ගිහිල්ල ඔව්වා භාර දෙන්න ඕනේ. රාජකාරි කරන නිලධාරියෙක් මොන එකකට දේශපාලන කාර්යාල වල රස්තියාදු කරනවනවද? (නදී)
බලය ලබාගන්න, මිනිස්සුන්ට පේන්න මේවා බාරදෙයි. බලය ලැබුනට පස්සේ කොහොමද බලමුකෝ (නදී)
ඇයි ඉතින් වාහන 78ක් පාවිච්චි කළා නම් සුමානෙක තෙල් කූපන් විතරයි මේ. මොකද්ද මේකේ අරුමය ? (නදී)
ඔබතුමාට වින කටින්නේ ඔය පස්සෙන් වැටිලා ඉන්න දොස්තර මහත්තයා (නදී)
සමහරු මෙතෙන කිසිම තේරුමක් නෙති දේවල් ලියනවා. මේ මනුස්සය කරපු දේ පක්ෂ බේදයකින් තොරව පිළිගන්න ඕනේ. මොකද අද හෙමෝම බලන්නේ ගසා කන්නේ කොහෙන්ද කියලා. මෙතුමා හොඳ පුද්ගලයෙක් අපේ රටට වටිනවා. (නදී)
මෙවන් උතුම් මිනිසුන් අපට, රටට වාසනාවන්. (ර)
කෝ බන්දුල පෙරේරා.? (ර)
අන්න හොඳ වැඩක්.(හේ)
ජන හඳ ගැස්ම හඳුනන ජනතා නායකයෙක්.(හේ)
රටට අාදරය කරන හෙළ රජ දරුවන් ගෙන් පැවැතෙන රජරට ගොවි මහතෙකුගේ පුත්‍ර රත්නයක්.(හේ)
නිමල් හොඳ වැඩක් කළාම කැත කතා කියන්ට එපා. උන්නේහෙට ඕක පාවිච්චි කරන්ඩ තිබුන ඕන නම්. රටට ආදරේ හෙළ උරුමැති මිනිස්සු අවශ්‍ය කර තිබේ. (බ)
අපේ රටේ මෙහෙම දේශපාලඥයන් අද කාලෙත් ඉන්නවද.? (ර)
මේකේ අදහස් දල තියෙන අයගේ මොලේ කොහෙද දන්නේ නැ, කුපන් තියාගෙන මොනවා කරන්නද ඕව කැන්සල් කරලා ඇත්තේ , චන්දෙට ලකුණු දාගන්න හදන්නේ (දී)
ඔබතුමන්ගේ දිනුම ස්ථිරයි (දී)
දිනුම ස්ථිර නිසා ඔය ටික තියාගන්න තිබුනේ . 8 ඉදන් පාවිච්චි කරන්න . (දී)
ඔබ නම් මගේ රත්‍රන් රටට මහත් අභිමානයක්. මා ලබාගත් සියලු අත්දැකීම් සහ නව අදහස් සමඟ මගේ අහිංසක ජනතාව තුළින් ඔබගේ ජය සහතික කරමි ! (නි)
කොහොමත් දැන් ඕව තියාගෙන පාවිච්චි කරන්න බැහැ නේ.දැන් සෞඛ්‍ය ඇමති නොවේ නේ .(දී)
කල දේ ගැන ආඩම්බර වෙමු. (ර)
ඔය ගමන් අැයි වාහන 78 භාර නොදෙන්නේ (නදී)
ඔය කූපන් දැන් අවලංගු කරල ඇති. ඒකයි ලෝබ නැතිව බාරදෙන්නේ (ස)
ඔබ තුමන් ඒ කල දේ මිනිසුන්ගේ හිතට වැදුනා (දී)
ගෑස් අඩු කිරීම නම් ඡන්ද ගුන්ඩුවක් නෙමේ නේද? (නදී)
මේ වගේද දින්නම ඩබල් ඩබල් (ස)
දැන් ඉතින් බර දෙයි, එත් ජනාධිපති උනහම ගන්නෙත් ඔය විදියටමයි කියල මතක තියාගන්න, එතකොට මාධ්‍ය ඉස්සරහ කියන එකක් නෙහැ මට මෙච්චර කූපන් ලැබුණෝ කියලා. (ස)
බොරු වැඩ එපා ඕවා මාධ්‍ය සංදර්ශන. කටින් බතල කොළ හිටවන එක්කෙනෙක් අනේ අපේ රට. ජපතිතුමනි නැවතත් රට බේරාගන්න (බ)
හොඳ ආදර්ශයක් (දී)
තවත් එක්තරා ආකාරයක සංදර්ශනයක් (දී)
මේ නිලධාරියාට අනාගත ජනාධිපතිගේ මුහුණ දිහා කෙළින් බලන්න අද බැරි නම් හෙට කොහොම බලයිද? කොහොම වෙතත් ඉදිරි දින කිහිපය තුළ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ තවත් ආදර්ශමත් ගුණාංග ගණනාවක් ජනතාවට දැනගන්න ලැබේවි. (නි)
මේක කට්ටිය පිරිවරාගෙන බාරදෙන්න ඕනෑ නැහැනේ. තනිවම ගිහින් බාරදෙන්න තිබුනනේ. (නි)
අමාත්‍ය නිල නිවසිනුත් ගියොත් නේද හොඳ? යහපාලනය ගැන කතා කර කර තවම ඒකේ ඉඳගෙන ආණ්ඩුවට වැරදි කියන එක හොඳ මදි වගේ. ඔබතුමාට ජය වේවා! (නි)
බොරු ඕනෑ නැහැනේ! තනතුරු වලින් ඉවත්වෙනකොටම ඕවා බාරදීලා ගියෙ නැත්තේ ඇයි? ඔය වැඩ වලින් අපි ඔබ ගැනත් කළකිරෙනවා. තනතුරු වල ඉන්න කාලෙ ඕවා බාරනොගෙන, ඕවාට එරෙහිවෙන්න තිබුණනේ. (නි)
මේ ඉදිරියට පාවිච්චි කරන්න තිබුණු ඒවා වෙන්න ඇති. ඇමතිකම නැතිවුණාට පස්සේ ඒවා පාවිච්චි කරන්න බැහැ. පාවිච්චි කළා නම් වැරදිකාරයා වෙන්නේ රියැදුරා. ඇයි ඉතින් මේ බොරු වැඩ. (නි)
මේ ඉදිරියට පාවිච්චි කරන්න තිබුණු ඒවා. ඇමතිකම නැති වුනාට පස්සේ ඒවා පාවිච්චි කරන්න බැහැ. පාවිච්චි කළා නම් වැරදි කාරය වෙන්නේ රියැදුරා. තාම නිල නිවසේ නේද ඉන්නේ.? (ර)
රජයේ දෙයක් රජයට බාර දුන්නහම මොකද්ද තියෙන පුදුමය ? ඒක අස් උනාට පස්සේ පාවිච්චි කලා නම් රජයේ දේපළ අයතා ලෙස පරිහරණය ලෙස නීතිය ඉදිරියේ වැරදිකරුවෙක්. (ර)
අවුරුද්දකටද, මාසයකටද, සතියකටද, දවසකටද මේ ඉන්දන කුපන් පත් දීලා තිබුනේ. එකත් කිව්වානම් අපිට හිතා ගන්න තිබුනා මැති ඇමතිවරුන්ට ලැබෙන සැලකිලි කොහොමද කියලා. (ර)
අන්න වැදගත් වැඩක්.(හේ)
අවුරුද්දකටද,මාසයකටද,සතියකටද,දවසකටද මේ ඉන්ධන කූපන්පත් දී තිබුනේ? ඒකත් කිව්වා නම් අපිට හිතාගන්න තිබුනා මැති ඇමතිවරුන්ට ලැබෙන සැළකිළි කොහොමද කියලා. (නි)
කතාවක් තියෙනවනේ යකාගේ හැටියට විමානේ කියලා. අපේ රටේ ඉන්නේ කකුලෙන් අදින , කපටි කෛරාටික මිනිස්සු. එහෙව් රටකට ගැළපෙන්නේ මේ දැන් තිබෙන විදියේ පාලන ක්‍රමයක් තමයි. නැත්තම් ආණ්ඩුව අවුරුදු තුනෙන් තුනට මාරුවෙයි.මෛත්‍රී පාලන අපේ වගේ රටවල් වලට හරියන්නේ නැහැ (නි)
මේ ආදර්ශය පිල්මාරු කළ අනෙක් මැති ඇමතිවරුත් පිළිපැද්දොත් තෙල් මිල තවත් පහළ දැමිය හැකිවනු ඇත . (නි)
සතුටුයි ඔබ ගැන ඔබට ජයවේවා (බ)
ඔබතුමන්ගේ ජයග්‍රහණය පිණිස තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! (බ)
මෛත්‍රී මහත්තයෝ ඕක කළ යුතුව තිබුනේ ඔහොම නොවෙයි. (බ)
බුදු අම්මේ... එක ඇමති කෙනෙකුට ඔහොම නං .... ඇමති වරු 107 ක් නඩත්තු කරන්ඩ කොච්චර අපි ටැක්ස් ගෙවනවා ඇතිද? (බ)
මේ වගේ මිනිස්සු අපටත් රටටත් ආඩම්බරයක්. ඔහොම යමු ඉස්සරහටම. (ර)
මෙන්න නියම හොර බෝරු නැති මිනිස්සු. රනිල් සහ ඔබ වැනි දුර්ලබ දේශපාලඥයන් අද අපේ රටට අවශ්‍යයයි. ඔබතුමා ඒකාන්තයෙන්ම ජය ලබනවා. (ර)
ජය වේවා.! මෙන්න මිනිස්සු. (ර)
එතකොට අනෙක් මහත්වරුත් ඔබ තුමාව අනුගමනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (ර)
චේතනාව පිවිතුරු වුණත් නැතත් මේවා කොහොමත් දෙන්න ඕනෑනේ. (නි)
නාලක, වාහන 78ක් එතුමා පාවිච්චි කරපුවා නෙමෙයි. අමාත්‍යංශයේ වැඩ වලට ගත් ඒවා. ලංකාව වටේම යන්න වාහනයක් 2ක් ඇද්ද? ඒක නොතේරෙන මෝඩයෙක්ද ඔයා? (නි)
ඔබට ජයවේවා! රටට ආදර්ශයක් (නි)
මේ නිලධාරී මහත්තයා මොකටද එහේ ගියේ? (නි)
මොනතරම් ආදර්ශමත් වැඩක්ද. මෙන්නේ නියම අවංක මිනිස්සු මෙතුමාට ජයවේවා.! (ර)
මෙන්න මිනිස්සු. හොර බොරු නැති ගැමියෙක්. හොඳ ආදර්ශයක්. ඔබට ජයවේවා! (ස)
බලයට, තන්හාවට, ආසා නැතී මිනිසෙක්, ජය .! (ර)
ඔබට ජයවේවා! (නි)
ඇමති කම නැති උනාට පස්සේ ඕවා පාවිච්චි කරන්න බැහැ. ආපහු බාර නුදුන්නා නම් ලොකු වරදක්. නිල නිවසේ ඉන්නත් දැන් අයිතියක් නැති නිසා ඒකත් බාර දුන්නනම් නේද හොඳ. (නදී)
අනේ කොල්ලනේ, උඹලා මරාගන්න එපා. මේ උඹලා අපිට තියෙන ආදරයකට කියලාද හිතන්නේ? තව මාස ගාණකින් දෙගොල්ලෝම දිනලා තියෙයි. අපි රැවටෙයි (නි)
එයා එනකොට ඒවා තියල ආවනම් ඉවරයිනේ. මාධ්‍ය සංදර්ශන තියලා ප්‍රසිද්ධියේ කරන්න ඕනේ දෙයක්ද මේක? (නදී)
කූපන් ටික දැන් දුන්න වගේ නෙමෙයි ඉතින්. බලයට අාවට පස්සේ ඔය වගේ වැඩ නොකර ඉන්නවද කියන එකයි ප්‍රශ්නය. ඔක්කොමල ඔය වගේ කෝලම් කරලා තමා ඡන්දෙ ගන්නේ. මිනිස්සුන් මේවා තේරුම් අරන් ඡන්දෙ දෙනවා නම් හොඳයි. (නදී)
1994 ඉදලා ගන්න පුළුවන් සේරම දේවල් අරගෙන , විදින්න පුළුවන් උපරිමය විඳලා අද හරියට හැසිරෙන්නේ බබාලා වගේ (නදී)
මේවා බලය ලැබෙනතුරු පමණක් නොවේවා! ඔහොම යමු (නි)
මේ ගණන අපිට ලොකු වුණාට එයාට සුළු දෙයක් වෙන්න ඇති. මේ ගණන ඉතාම සුළු කාලයක ඉතිරිය වෙන්න ඇති (නි)
අසංග මල්ලි, රඟපාන අවසාන ටෙලි නාටකය තමයි මේ පෙන්වන්නේ. (නි)
ඕකට මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕනෙද ? (නදී)
ඔබට ජය නියතයි (නදී)
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියලා අපි දන්නවා (නි)
මේ අදහස් දාන්නේ හරියට තේරුම් අරගෙනද? (නි)
ධම්ම, ඔබට ඔය ලැබිල නම හරිද මන්ද. මෙත්සිත් නැතිද? රනිල් මහත්මා ඇතුළු සහයෝගය දුන් සැමදෙනාම තෝරාගෙන ඇත්තේ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ. ඒ පක්ෂයේ ඉතාමත් සාධාරණය අගයන තැනැත්තෙක්. එම සන්ධානයට ගැලපෙන්නේ හංසයාම තමයි ජයවේවා. (නදී)
කෝ ඉතින් කලින් අවුරුදු නමයේ ඉතුරු උන තෙල් කුපන් ? කොහොමත් සෞඛ්‍ය අමාත්‍යංශයට නම් වැඩක් කෙරුනේ නැහැනේ. අඩුම ගන්නේ රජරට වකුගඩු රෝගීන්ට මොනවද කලේ ? පසුගිය නියගය කාලේ මොනවද කළේ ? අඩුම ගන්නේ අවුරුදු පහකට කලින් අරමුදලක් පිහිටුවල දුප්පත් වකුගඩු රෝගීන්ට යමක් කරන්න තිබුනා. එක අමාත්‍යංශයක් කරන්න බැරි ඔබතුමා කොහොමද ක්ක රටක් කරන්නේ ? මෙය හෙළ උරුමයට අදාල නොවේ. (නදී)
තුන්වන සිල්පදය නොකඩපු ඔබතුමා දිනේවා! (නදී)
මුකුත්ම ලැබුනේ නෑ කිව්වේ. අර හාල් ලොරි දැන් දුවන්නේ ලිඳේ වතුරින් වෙන්න ඇති (නදී)
දරුවන් වඩා ගන්න ගමන් දරුවන් බොන කිරි පිටි ටිකට බදු ගහනවා. රටේ දරුවන් කන මාළු ටික චීනෙට විකුණලා එහෙන් රටේ මන්දපෝෂණය වැඩි කරවනවා. දුප්පත් දරුවට 5 වසරයෙන් යන්න තියෙන මන් මාවත් අසුරලා මිල මුදලට යන අවස්තාවක් උදා කරලා. තව දෙන්නම් ඕනේ තරම් (නදී)
හොඳ ආදර්ශයක්. ඔබට ජයවේවා! රටට ආදර්ශයක් (නි)
මම කල්පනා කරන්නේ 8 වැනිදයින් පස්සේ මෛත්‍රීට බනින අයට මොකද වෙන්නේ කියල.මෛත්‍රී කරමු (බ)
ගාමිණී තමයි ඇත්ත කතාව කිවුවේ (නි)
බලය අතට ගන්නකන් ඔහොම" ෂෝ "කවුරුත් දානවා. (නදී)
ඔබට ජය! ජාති බේදයෙන් තොරව, සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක හා සළකන ඔබට දුෂණය ,භීෂණය ,වංචාව නැතිකර පිරිසිදු පාලනයකට වරම් ලැබේවා! (නි)
ඔබ වැනි දුර්ලභ දේශපාලඥයන් අපේ රටට අවශ්‍යයි (නදී)
මෙපමණ කාලයක් ගමන් ගියේ තමන්ගේ මුදලෙන් තෙල් ගහ ගෙනද? ගහ දන්නා අපට කොළ කඩදාන්න එපා මාමේ (නදී)
අපේ රටේ චන්ද දායකයාගේ මුග්ධ විඥානය මේ දාල තියෙන අදහස් දැක්කහම හොඳට පැහැදිලි වෙනවා,. ඕනෑම චන්ද ගුන්ඩුවක් එක කටට ගිලල දානවා කිසිම විචාරයක් නැතිව.(නදී)
හොඳ මාකටින් ක්‍රමයක් , බලමු ඉතින් (නදී)
මෙන්න මිනිස්සු. හොර බොරු නැති ගැමියෙක් (නදී)
මෝඩ මිනිස්සු මේ වගේ රගපෑම් වලට රැවටෙනවා. හොද නළුවෙක්. (ස)