IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘මිතුරු රටකට එරෙහිව අපේ භූමිය භාවිතා කරන්න දෙන්නේ නෑ‘‘

(විමුක්ති එස්. රුද්‍රිගු)

ශ‍්‍රී ලංකා භූමිය කිසිම විටකත් අපට මිතුරු රටකට විශේෂයෙන් ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා කරන්න කිසිවිටකත් ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා  ඉන්දීය මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවැසීය.

ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සහ ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා අතර  පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යහමුවේ ජී.එල් පීරිස් මහතා එසේ පැවැසීය.

”මට සහතික වෙන්න පුළුවන් ශ‍්‍රී ලංකාව කිසිම විටකත් චීනයේ ණය උගුලක වැටෙන්නේ නැහැ. ඒ වගේම චීනයෙන් ලබා ගත් ණය ගෙවන්න බැරි වෙන්නෙත් නැහැ, ශ‍්‍රී ලංකාව චීනයත් එක්ක තියෙන ආර්ථික සම්බන්ධකම් ඉන්දියාවට හෝ කිසිම මිතුරු රටකට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒ වගේම ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්තිය කිසිම රටකට විශේෂයක් කරන්නෙ නැහැ.

හම්බන්තොට වාරයේ පාලනය හෝ අයිතිය චීනයට දෙන්න වෙන්නේ නැහැ මොකද හම්බන්තොට වාරය පාලනය වෙන්නෙ ශ‍්‍රී ලංකා වාරය අධිකාරියෙන්.කිසිම දිනකත් මුස්ලිම් අන්තවාදීන්ට ශ‍්‍රී ලංකා භූමිය යොදා ගනිමින් ඉන්දියාවට හෝ කිසිම රටකට තර්ජනයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම අපේ රට තුල මුස්ලිම් අන්තවාදීන්ට ඉඩ නෑ. ඒක අපිටත් තර්ජනයක් ”යනුවෙන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවේය .

 



අදහස් (5)

‘‘මිතුරු රටකට එරෙහිව අපේ භූමිය භාවිතා කරන්න දෙන්නේ නෑ‘‘

kamal Tuesday, 08 February 2022 01:43 PM

ඕන එකක් කියලා අත්මාරුව ඉල්ලාගෙන මිසක් ආපහු එන්න එපා

:       0       0

sena Tuesday, 08 February 2022 01:44 PM

ඒ ඉතින් අපේ භුමිය නේ.අපි රට රටවලට විකුනපු ඒවා ඒ රටවලට අයිති විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේ?

:       3       8

Ruhunu Tuesday, 08 February 2022 01:48 PM

රටට තෙල් ටික දීගන්න බැරුව ලෝකෙන් ණය ගන්න ආණ්ඩුව ,කොහොම ද දන්නේ නෑ චීනයේ ණය බෙරන්නේ

:       4       8

Gamini Tuesday, 08 February 2022 01:50 PM

කොච්චර උගත් උනත් දේශපාලනයට වැටුනොත් බලු වෙනවාමයි

:       4       8

ganegoda Wednesday, 09 February 2022 06:39 PM

අපේ රටේ ඉන්න හැම විදේශිකයෙක්ම ඇමෙරිකාවට ඔත්තු බලන අය කිව්වොත් වැරැදි නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site