තමා එක්සත් ජාතික පාක්ෂිකයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 10 ක් 15 ක් බලයේ සිටීමට හැකියාව ලැබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාවූ සුමනදාස අබේගුණවර්ධන මහතා යැයි සුමනදාස අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනේදී ප්‍රකාශ කළේය. ඔහු එසේ කීවේ තමන් මින් පසු ජ්‍යෙතිෂ අනාවැකි නොකියන බවද ප්‍රකාශ කරමිනි.
මෛත්‍රිපාල සිරිසේන මහතාට රාජ යෝගයක් තිබූ බව තමා පසුගිය නොවැම්බර් මැද වන තුරු දැන සිටියත් වසර 32ක්ම මහින්ද රාජපක්ෂ මහතා ඉතා සමීපයෙන් ඇසුරු කළ නිසා ඔහුට ඒ බව නොකී බවද ඔහු කීවේය.
එසේ දැනගත් නමුත් සුමනදාස අබේගුණවර්ධන කීවේ මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් ස්ථිර ලෙසම ජනපති පදවියට පත්වන බවයි.
රාජකීය දෛවඥයාවූ තමා කෑලි පහේ විදුලි පන්දමකට සමාන කරගත් සුමනදාස අබේගුණවර්ධන මහතා බැටරි බැස ගිය ටෝච් කෑලි පාවිච්චි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගැනීම නිසා හොද්දට ලුණු ඇඹුල් වැඩිවීමෙන් ඔහුගේ පරාජය සිදුවූ බවද එහිදී කීවේය.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා වැඩසටහන මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙස් පැලෙන තර්ක වලින් වැඩක් නැහැ. සන්නස්ගල මහත්තයෝ ඔයා හැමදේම දන්නවද? ජෝතිෂ්‍ය දැනගත්තට මේ මනුස්සයා භෞතික විද්‍යාව දන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා හැමදේම දන්නෙත් නැහැනේ. මිනිස්සුන්ට අපහාස කරන විදියට කතා කරන්න එපා. (නදී)
ඕක මමත් දැනගෙන හිටියා හැබැයි කාටවත් කිව්වේ නැහැ ඡන්ද ප්‍රතිපල ඉවරවෙනකම්! (දිල්)
දැන් මොනවා කිව්වත් වැඩක් නෑ (දිල්)
තමුන්ගේ සාස්තරේ බොරුකළ කෙනෙක්ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද ?(දිල්)
සුමනදාස මහත්තයා කිව්ව දෙයක් හරියටම හරි (දිල්)
මේවගේ අය අපේ රටේ අනාගතයට බාධාවක් (දිල්)
මමත් දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන බව. මම කාටත් කිව්වේ නැහැ.(දිල්)
අපිට මේවා දැක්කම ලැජ්ජාවේ බැහැ මහත්තයෝ ! සිංහලයෙක් වුණාම ඔහොම වෙන්න එපා (දිල්)
මේක ශාස්ත්‍රයක්. විද්‍යාවක් වන්නේ නෑ. විද්‍යාවක් තමයි පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ ආදිය ඔස්සේ විද්‍යාත්මක නිගමණයන්ට එළඹෙන්නේ. ඒ අනුව එදා සෘෂිවරු දේශනා කරපු දේ එතනින් එහාට දියුණු වී නැත. නූතන ලෝකය ඔය ජෝතිෂයෙන් විග්‍රහ කළ නොහැකිය. කළ හැක්කේ අසරණයන්ගේ තුට්ටු දෙක හූරාගෙන තමන්ගේ බඩ වඩා ගැනීමයි. එය සාවද්‍ය පරිගණක මෘදුකාංග කිහිපයක් උපයෝගී කරගෙන අපූරුවට කෙරේ. සර්වඥයන් වහන්සේලාටත් කළ නොහැකි දේ මොවුන් කරති. මොහුගේ මීට පෙර අනාවැකිත් අසත්‍ය වී තිබේ. (දිල්)
ඇත්ත කියන්න. මේ ජ්‍යොතිෂයෙන් මොකක්වත් කරන්න බෑ. විද්‍යාව හා තාක්ෂණය නැත්නම් ලෝකය මෙච්චර ඉස්සරහට යන්නේ නෑ. (දිල්)
අනිත් පැත්තට හේත්තු වෙන්න හදන්නේ. (හේ)
සා.පෙළ වැඩ 5 යි සම්මාන 3 යිලු. රටේ වැදගත්ම ආයතන 5 ක පමණ අධ්‍යක්ෂක මණ්ඩලේ ඉදලා ලක්ෂ ගණන් පඩි ඉන්ධන දිමනා හා අනෙකුත් වරප්‍රසාද අරගෙන අවුරුදු ගානක් තිස්සේ. මෙහෙම අය තමන්ට දරන්න බැරි තනතුරු ගත්ත එකත් වැරදියි. උගතුන් රස්සා නැතුව වහ බොද්දි මෙවැනි අයව එවැනි තනතුරු වලට පත් කරපු රාජ්‍ය නායකයොත් ඊට වඩා වැරදියි. රටට හෙන ගහලා තිබුනේ ඕක තමයි. (බ)
මමත් දැනන් හිටියා හැබැයි ටීවී එකේ කියන්න අවස්ථාව ලැබුණේ නෑ. (දිල්)
මිනිහෙක් මේ තරම් අසරණ වෙනවා දැක්කමයි. මිත්‍යාව වපුරන්න නොදි සත්‍ය අවබෝධ කරවන්න සන්නස්ගල මහතා ගත් ව්‍යායාමය අගය කරනවා.(ම)
රටට වෙලා තිබුනු නස්පැත්තිය දැන්නේ අපිට හරියටම තේරෙන්නේ. (ම)
මහත්තයෙක් කියන්නේ මහත්මා ගති ඇති අයට. සුමනදාසම කියන විධියට එයා දැනගෙන ඉඳලා මෛත්‍රිපාල මහතා දිනන බව. ඒත් පත්තර වලට කිව්වේ මහින්ද මහතා දිනන බව. එය මුළු රටම හා තම සේවාදායකයා වු මහින්ද මහතාවත් රැවටිමක්. ඉතිං කෙහොමද මහත්තයෙක් වෙන්නේ? (ම)
මොනවා වුණත්, සුමනදාස මහත්තයා ජාතික වීරයෙක්!(හේ)
නවග්‍රහයොවත් දන්නැති මේ වගේ අයගෙන් උපදෙස් ගන්න අය ගැන කවර කතාද ඇත්තට.(හේ)
හැමදේම කෙසේ වෙතත් සා/පෙලවත් හරියට නැහැ නේද ? (නදී)
අපි නිකමට හිතමුකෝ මෙයා මහා ජ්‍යෙතිෂවේදියෙක් කියලා. වෘත්තිය ආචාර ධර්ම රැක්කාද? එහෙනම් දැන දැනම රටම මුලාකළේ ඇයි? මෙයාලා වගේ අයට රැවටුණ අය ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට නම් වචන දෙකක් කියනකොට තේරෙනවා දැනුමේ තරම හා මොනවගේ කෙනෙක්ද කියන එක. (නි)
අවරුදු 23 තුනක් එතුමාව රවැට්ටුව . එතුමාගෙන් කරගන්න පුළුවන් ඔක්කොම කර ගත්ත. ඔබ වගේ කොන්දක් නැති කෙනකේ ඔය රැකියාවෙන් ඉවත් වෙන එකම තමයි හොඳ. එන්න එපා ලජ්ජා නැතිව TV වැඩ සටහන් වලට එන්න එපා. ඔබ තුමා සිංහලයක් හැටියට ලජ්ජා වෙන්න. එතුමා රවටපු පාප කර්මය කව්ද හරි ගෙවන්න වේවි. (බ)
සුමනදාස මහතා ජාතික වීරයෙක් වෙනවා මේ ව්‍යසනයෙන් යහපාලනය දක්වා මෙහයවන්න උදව් කරපු (බ)
පහුගිය ටිකේ රට කරවලා තියෙන්නේ කොහොම කට්ටියක්ද කියලා අපි දැන් හොඳට දන්නවා (නි)
වරද ඔහුගේ නොවේ.පෙනෙන ජනතාවට වඩා,නොපෙනෙන ග්‍රහයන්ට සැළකු මිත්‍යාව ඇදහු අයගේ.(හේ)
පච කෙලින්න එපා (ස)
මේ කතාවේ අන්තිම ටික බැලුවොත් සන්නස්ගල අහන ප්‍රශ්න වලට සුමනදාසට කියන්න දෙයක් නැති වෙනවා. එ්කෙන් කියවෙන්නේ ජෝතිෂ්‍ය කියලා කියන්නේ බොරුවක් බව. බුදු හාමුදුරුවොත් නක්කත්ත ජාතකයේ සදහන් කරලා තියනවා ජෝතිෂ්‍ය බොරුවක් කියලා. (නදී)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වලු. එනිසානේ දැන දැනම බොරු කියමින් තමන් ඉගෙනගත් ශාස්ත්‍රයටත් අපහාස කරපු බව එළිපිටම කියන්නේ. මමනම් හිතන්නේ මෙයාට මින්පසු කිසිම ඉගෙනීමක් පිහිටන එකක් නැහැ ඔය හැසිරෙන විදිහට.(ම)
දැන්වත් කට වහගෙන හිටු දන්නා සාස්තරයක් නෑ (බ)
දුමින්ද ඔබ හරියටම හරි. (බ)
වැඩේ කියන්නේ මහින්ද මහත්තයාට අවුරුදු 32 ක්ම මෙයා කවුද කියලා අඳුරගන්න බැරිවුන එකනේ. (හේ)
අන්ධ භක්තිය අති භයානකයි. ප්‍රතිඵල පේනවනේ. තම හිතේ ඇති අධිෂ්ඨානය තරම් තව දෙයක් නැහැ. ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. (හේ)
මොනවා නැතත් එදා වගේ ලිස්සලා යන්න නම් දන්නවා.(හේ)
මොකටද මේ විධියේ අය ගෙන්නන්නේ රූපවාහිනියට? (ස)
රනිල් වික්‍රමසිංහගේ ග්‍රහයෝ නීචවෙලා , හතර කේන්දරය පාළු වෙලා.(ම)
ගෙන්නපු එක හොඳයි. දැන්නේ අපි ඇස් දෙකටම දැක්කේ මොන විකාරයක්ද වෙලා තිබුනේ කියලා. (ස)
මේ මනුස්සයා දන්නා දෙයක් නැහැ නිකන් ජ්‍යොතිශය කනවා. (ස)
රවට්ටපු කෙනාද රැවටුනු කෙනාද වැඩියෙන් මෝඩ? (ස)
මහින්ද රාජපක්ෂ මහත්තයා බේරුනේ අනූනමයෙන්. තව ටිකෙන් හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයට බාබු ගෙන් උනු දේම සිද්ධ වෙන්න ඉඩ තිබුණා. මෙයා නම් මාරම මාර පොරක්. රුපයක් ගෙදර බිත්තියේ ගහගන්න වටිනවා..අම්මපා. (ස)
අහෝ සුමනදාස මහතාණෙනි, ජෝතිෂ්‍ය වැනි බොරු විෂයන් තුලින් ඡන්දයක් දිනන හෝ පරදින බව කිව හැකිද? එවැන්නන් පිළිගැනීමට තරම් අද ජනතාව මෝඩ නැහැ. ඔබ විෂයට අනාවැකි කිවහැකිනම් කුමක් කල නොහැකිද? මිනිසුන් රවටන අනිකුත් ජෝතිෂ්‍ය මීහරක් රංචුවටත් මේක හොද පාඩමක්. දැන්වත් මිනිස්සු රවට්ටන එක නවත්තන්න. නැත්නම් යන්න අපායක් නැති වෙයි. (ස)
ජෝතිෂ්‍ය විද්‍යාත්මකව ඔප්පු කරල නැහැ කියන්නේ නොදන්නා පිරිසයි. නමුත් එය දැනට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ. එ්කයි එ්කට අැස්ට්‍රොලොජි කියන්නේ. නමුත් බොහෝ දෙනා නොදන්නා පලියට එ්ක බොරුවක් වෙන්නේ නැහැ.(නදී)
සුමනදාස මහත්තයෝ රෙදි ඇදගෙනද වැඩ සටහනට ආවේ.පිරිමි කමටත් ලැජ්ජයි. (අ)
මෙයා නම් අමු හොරෙක් බොරු කියන්න ගත්ත සල්ලි අපහු දියයුතුයි (අ)
පිං අයිති වෙයි ... දැන් වත් කට වහගෙන ඉන්න (අ)
ඔය සාස්තරේ දැන් අපිට එපාවෙලා. දැන්වත් අහිංසකයෝ රවටන එක නවත්වනවා නම් හොඳයි.දැන් හොඳට හම්බකළානේ. වැඩ බැරිවුණත් ගම ගාල්ලේ කියන්නේ නිකන්ද? (නි)
මුළු ජ්‍යෙතිෂ ශාස්ත්‍රයටම නිග්‍රහයක් නේද? ඔය වගේ මිනිස්සු ගෙන්වා වැඩකරද්දී ප්‍රවේශම් වියයුතුයි (නි)
ජ්‍යෙතිෂය කියන්නේ බොරුවක් නෙමෙයි කියලා මමත් කියනවා (නි)
ජ්‍යෙතිෂය බොරු නොවෙයි. ජ්‍යෙතිෂය දන්නේ නැති අයයි බොරු කියන්නේ. (නි)
රාජ්‍ය දේපළ කොහොමවෙතත් අහිංසක මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගත් දේ මුසාවෙන් කොල්ල කෑ පව නම් මේ කපේදී ගෙවන්න බැරිවේවි.ආත්ම ගාණක් ඒ මිනිසුන්ට දාසකම් කරන්න වෙන එකනම් වළක්වා ගන්න පුළුවන් වේවිද කියලා තමන්ගේම කේන්දරෙන් බලාගත්තොත් හොඳයි (නි)
මගේ කේන්දරෙත් බලවාගන්න පුළුවන්වෙයිද දන්නේ නැහැ. (නි)
මමත් මේක බැලුවා, මෙයා කියන විදියට තමන්ගේ දරුවා ශිෂ්‍යත්වයෙන් සමත්වෙනවද බලන්න නම් ඒ සැරේ ශිෂ්‍යත්වෙට ඉඳගන්න ළමයි ලක්ෂ ගණනෙම කේන්දර ටික එයා ළඟට ගෙනියන්න වෙනවා. (නි)
මෙයාට දිව දෙකයි (නදී)
නියම බුද්ධ වචනයට අනුව නම්, ජ්‍යෙතිෂය කියන්නේ තිරශ්චීන දහමක්. ඒ කියන්නේ මිත්‍යාදෘෂ්ටියක්. බුදුන් වහන්සේ අදහන කිසිම පිරිසිදු බෞද්ධයෙක් එය පසුපස නොයායුතුයි. (නි)
බලන්න! පුද්ගලික බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ...? දෙයියෝ සාක්කි!!! (නි)
ඔබතුමා කොහොම කෙනෙක්ද කියලා නම් අප දැනගත්තා. (නි)
මිත්‍යාව රජකරවන යුගය දැන් අවසන් කළයුතුයි. පාලකයන්ගේ බුද්ධිමත්බව විනිවිද පෙනිය යුතුයි. පාලකයන් බොළඳ නොවිය යුතුයි. (නි)
දැන් අපි මෙයා කියන ඒවයින් කොයි ඒවද විස්වාස කොරන්නේ ? (අ)
සුමනදාස ඔබ මහා ජරා මනුස්සයක් තමුසේ හිස් ජෝතිස්‌ස කාරයක් තමුසට මැරෙන්න කලින් විඳවන්න වෙනවා මේ කරපු ජරා වැඩේට (අ)
එක බොරුවක් වහන්න තව බොරු දාහක් කියන්න පුළුවන් පොරක් (අ)
මේක කරපු එක හරිම හොඳ දෙයක්, පැහැදිලි කර ගත්තා මොකක්ද සිදු උනේ කියලා.(නදී)
මෙයා විතරක් නොවෙයි ,ගිනි තියාගන්නවා කිව දෙදෙනාත්, ප්‍රවෘති කියන්නට ගොස් සභාපතිගෙන් බැනුම් ඇසු අයත් ලාබය බෙදාගත්තා . (අ)
එන එන පැත්තට ගහ උළුවස්සා මිනිස්සු මුලාකරන ටොම් පචයෝ (නදී)
හැබැයි එක දෙයක් තේරුම් ගන්න, මේ කවුරුවත් බලෙන් තමන් ලඟට මිනිස්සු ඇදගෙන යන්නේ නැහැ.(හේ)