2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින්ද දිසානායක මහතා පානදුර ශ්‍රිලනිප කාර්යාලයේ දී අද (13) පැවසුවේය.
'2021 දී මහින්ද රාජපක්ෂට හෝ චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නැහැ.' දිසානායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේට ජන්දේ දීපු අය අද හොයා ගන්නවත් නැහැ. ආය නම් ඔය වගේ තකතීරු වැඩ කරන්නේ නැහැ. (බ)
ඔබතුමානම් 2021 ගෙදර යන්න ලෑස්ති වුණොත් හොඳයි (බ)
ප්‍රාදේශීය සභා ඡන්දයක් දිනුවොත් පුදුමයක් (බ)
පක්ෂ පාට වලින් අපිට වැඩක් නැහැ. අපිට තියෙන අමාරුව ඡන්දෙ දුන් අපි අපා දුක් විඳිද්දී පාර්ලිමේන්තු ගිය අය හිතාගන්නත් බැරි තරම් සැප විඳින එකයි. (නි)
මේ ටික කාලේ ඉන්න එක හොදටම ඇති නැවත ඕනේ නැහැ (බ)
මෙතුමා ජාත්‍යන්තරය දින්නා. එංගලන්තයේ රැජින කැමතියි. ඔබාමා සහ ඩේවිඩ් කැමරුන් යාළුවො වගේ. සුළු ජාතින් හරි ආදරෙයි. අද කුඩු සහ අරක්කු රටේ නැහැ. නීතිය අකුරට. පොලිසිය නිදහස්ව අපක්ෂපාති ලෙස වැඩ. විද්‍යාත්මක ලෙස කුෂිකර්මය වගේ දේවල් කෙරනවා. බඩු මිල ඉතා අඩුයි. එම නිසා වැඩි කල Tax වල බලපෑම අඩුයි. මෙතුමාගේ දර්ශනය සෙමින් ගමනක් යෑම. ජනවාරි 8 අපි ගත්තු බුද්ධිමත් තීරණය ගැන තවමත් සතුටුයි. (ර)
හොඳා එවන්නකො මල්ලි එයා දන්නවා ඔයාට වඩා එතකන් හීන ලෝකෙට වෙලා ඉන්න (බ)
අපිට දැනෙන විදියට මේ අවුරුදු 5 කළොත් රට ඉවර වෙලා තව ඡන්ද ඕනෑවෙන එකකුත් නැහැ (නි)
මට සැක ඔබතුමාට ඒ කාලය වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න ලැබේවිද කියල (බ)
කොයි පැත්තෙන් හිනා වෙන්නද මන්දා (බ)
අනේ පවු. දීලම දාන්න. අපමණ අගයකින් රටට වැඩ කරනවනේ (නි)
ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දෙ නම් නෑ පුතේ....(බ)
මට පවු කියලත් හිතෙනවා ....(බ)
මහින්දට උගන්ඩා යන්න අපේ සල්ලි වියදම් කරන ඇමතිවරු ළඟ තියාගෙන නම් ඔය කියන ගමන යන්න බැරිවෙයි. (බ)
මමනම් කාටවත් දෙන්නේ නෑ. (ර)
ඇමතිතුමා, ඔය කතාව කියන්න ඉක්මන්වුණා වැඩි නැද්ද? (නි)
අපෙත් ආශාව ඒකම තමයි. ජය වේවා! (නි)
එහෙනම් අපි එහෙම කරමු නේද? (නි)
සමහරුන්ගේ හීන වෙනස් කරන්න පුළුවන් කවුරුත් නොහිතන දේවල් වලින් (නි)
තවත් ලංකාවේ මිනිස්සු ඉන්නවද ඔය වගේ වැඩ කරන්න? මේ අවුරුදු හතර අපි බලමුකෝ (නි)
දේශපාලකයන්ට ඕනෑ හැමදාම අැමතිකමක් අරගෙන වැජඹෙන්න (නි)
දැන්නම් අපි හොඳටම මට්ටුවෙලා ඉන්නේ (නි)
ඔයාලට එහෙම වුණාට අපිට නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ (නි)
ළඟට ගත් හොරු ටික අර ඒකාබද්ධ කට්ටිය වෙතම යවන්න. ඒ වගේම වර්තමාන හොරු ගැන අවදියෙන් ඉන්න. නීතිගරුක සහ අවස්ථාවාදී නොවන ජනතාවක් රටේ සිටී නම් බලාපොරොත්තුව ඉටුවිය හැකිය. (නි)
මටනම් තවත් ජනපතිවර්ණ එපා.. ජනපති ක්‍රමයේ වෙනසකුයි අපි ජනපති කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ. (ර)
මගේ ඡන්දය නම් නැවත කිසිදා දෙන්නේ නැහැ (නි)
2021 වෙනවිට රජ කරන්න රටක් ඉතුරුවෙලා තියේවිද කියලා සැකයි (නි)
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
යහපාලනයට ඡන්දෙ දුන්නේ මොළය තියෙන මිනිස්සු. නැතුව දේශපාලකයන් පස්සේ කඩේ යන මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු හැමදාම දේශපාලනය කරේ තියාගෙන දඟලන්නේ නැහැ. (නි)
එතුමා නැවත වරක් ජනපති වෙන්නේ නෑ.(හේ)
මේ රටේ බුද්ධිමත් ජනතාව ලක්ෂ 62ක්ම එතුමාට කැමතියි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා ළඟ. එතුමා නිහතමානියි. හැම අතින්ම එතුමා සුදුසුයි. එතුමා ඊළඟ සැරේට ඉදිරිපත් වෙන්න කැමති නම් මුළු රටම එතුමා ළඟ. (නි)
ඒක මහජනතාව තීරණය කරයි (නි)
මම නම් හිතාගෙන හිටියේ වෙනස් විදිහකට (නි)
ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ (නි)
එහෙනම් ඉතින් අපිට අබ සරණයි තමයි (නි)
එහෙම නොවුණොත් කොහොමද අපි රැකෙන්නෙ? (හේ)
චන්දන, මොළේ තියනවා කියන්නේ කොහොම තියන අයටද දන්නේ නැහැ (නි)
විධායක ජනාදිපති ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද එතකොට? (නි)
මොකෝ ඇමතිතුමෝ අවුරුද්දකට කලින් කියපුවා මේ ටිකට අමතක වුණාද? (නි)
මොළේ ඇති සමහරක් අතරේ මොළේ නැති අයත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න බව පේනවා. ඒ කියන්නේ සේරම හරි කියන එක තමයි. අපේ වටිනා ඡන්දෙන් අපිම පත්කර ගන්නවා. අපේ සල්ලි වලින් සැප විඳිනවා. අපි දුක් විඳිනවා (නි)
අනේ එන්නකෝ ආපහු! (නි)
එහෙම වුණොත් ලබන පාරත් රටට හොඳක්ම වෙයි (නි)
හොඳයි හොඳයි එහෙම කරන්නකෝ එහෙනම් (නි)
අවුරුදු පහෙන් යනවා කියලනේ එතුමා කිව්වේ. (නි)
වෙන රටවල එක්ක බලනකොට අපි ඉන්න තැන මොකක්ද? (නි)
මොනවට මේවට උත්තර දෙනවද? (නි)
අනේ තවත් මොකටද කතා? (නි)
චන්දන, ඔබ ප්‍රතිචාර දමනවිට වගකීමේ එය කරනවා නම් හොඳයි කියලා හිතනවා. මොකද ඔය කියන විදියට යහපාලනයට ඡන්දය නොදීපු මිනිස්සු නුගත් විදියටයි එයින් කියවෙන්නේ. තමන්ට කැමති කෙනක්ට ඡන්දය දීමටත් නොදීමත් මහජනතාව වශයෙන් අපගේ පරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත (නි)
නැතුව නැතුව... වෙන කාවහරි පත්කරගෙන හරියනවද? (නි)
එය රටේ ජනතාව තීරණය කරාවී..(බ)
කරන්න වෙන්නේ නැහැ ලොක්ක එනකොටම කියල ආවේ අවුරුදු 5 ඉන්නේ ඊට පස්සේ ගෙදර යනවා කියල (බ)
ලංකාවේ මිනිස්සු එච්චර මෝඩ නැහැ අද රට පාලනය කරන්නේ කවුද හිතල බලන්න (බ)
හුඟාක් මහන්සි වෙන්න වෙනවා. (බ)
ඇයි දිවුරුම් දෙනකොට කියපුදේ මතක නැත්ද ..අපි ගාව රෙකෝඩ් කරලා තියනවා දෙන්නම්..(බ)
එ්ක තීරණය කරන්නේ මහජනයා බව ඔබට මේ දින කීපයට අමතක වෙලා වගේ. ඔබේ ඉලක්කය කරා යාමට නම් මුල්‍ය වංචා හොරුන්ට නීතියෙන්ව දඬුවම් ලබාදී රට විශාල ආර්ථික පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැනට නම් ඔබලාට ඇත්තේ අසමත් ලකුණුය. (බ)
ඔය එයාට බැහැ කියන අය නිකමට වගේ කියනවාද බලන්න ඔබ ඊළඟට ජනාධිපති කරන්නෙ කවුද කියලා. නීතිය අනුව මහින්දට බැහැනෙ. (නි)
ලංකාවේ ඡන්ද බලය තියෙන්නේ දුමින්ද දිසානායකට සහ ඔහුගේ පවුලේ කට්ටියට විතරද ? (බ)
චන්දන, ඔබ පවසන පිරිසගේ මොළය වැරදි තැනක පිහිටීම නිසයි ශ්‍රී ලංකාවට මෙලෙස සිදුවී තිබෙන්නේ (නි)
ඇයි මතක නැද්ද මෛත්‍රි මහත්තයා කිව්වේ එක පාරයි කියල. කොහොමත් දැනටමත් එපාවෙලා තියෙනකොට තව කොහේ එන්නද? ලංකාවේ ඉන්නේ මෝඩයෝ නොවේ. (නි)
ප්‍රතාප්, ඔබ සඳහන් කර ඇති සමහර පුද්ගලයන්ගේ ඇත්ත තත්ත්වයත් දැනගන්න (නි)
මහජන ඡන්දෙන්ද ? නැත්නම් පාර්ලිමේන්තුවේ ඡන්දෙන්ද ? නැත්නම් කලගෙඩි සෙල්ලමෙන්ද? (බ)
දවල් හීන පේනවා තමයි. නමුත් වැඩක් නැහැ (නි)
අයියෝ! පොඩ්ඩක් අමාරුවෙයි. ඡන්දේ දීපු අපි ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ (නි)
සුමිත්‍රා, මැයි දිනයේදී ගාල්ලේ සෙනඟ මුළු ලෝකෙම දැක්කා. සාපේක්ෂව කිරුළපනට වැඩිය සංවිධානාත්මකයි. ගාල්ලේ, කැම්බල් පිටියේ, බී ආර් සී පිටියේ හිටියේ මහින්දට විරුද්ධ ජනතාව. තමාට අවංක වෙන්න. ඔයාලගේ පැත්තේ කට්ටිය ඔය වගේම පදනමක් නැති දේවල්නේ කියන්නේ. (නි)
අපේ වත්මන් ජනපතිතුමා කල්පනාවෙන් වැඩ කරන්නේ වළගම්බා රජ්ජුරුවෝ වගේ. හැමතැනින්ම පටන්ගෙන එහෙන් මෙහෙන් කොනිත්තන්න යන්නේ නැහැ. කොනක ඉඳලා පටන්ගන්නේ. බලන්න තව අවුරුද්දකින් ඔය ඒකාබද්ධයටත් වෙන්නේ මොකක්ද කියලා. (නි)
මීළඟ ජනපති අපි තීරණය කරලා ඉවරයි (නි)
මේගොල්ලන්ට ඉතින් මොනවා කියන්න බැරිද? (නි)
අපොයි! තවත් නම් එපා. මේ හොඳටම ඇති. කතාව දෝලාවෙන්, ගමන පයින් (නි)
එන ජනාධිපති මැතිවරණය එනකොට ඔක්කොම බලය පාර්ලිමේන්තුවේ. හිතනවද ත්‍රස්තවාදීන්ට රට බෙදලා රණවිරුවන්ට දඬුවම් කරලා ඉන්න පුළුවන් කියලා. (නි)
2021 දී මෛත්‍රී ගෙන් ආප්ප කාළ කෝපි බිව්ව එක්කෙනාට තමයි ඊළඟට ජනාධිපති වෙන්න වාසනාව තියෙන්නේ. ඔය රුදුරු චක්කරේ දිගටම කරකැවෙනවා. (බ)
මේ ආත්මේදිනම් අමාරුවෙයි මහත්තයො... ඡන්දෙ දීපු එවුන් සමාජෙට මුහුණදෙන්න බැරුව ඉන්නෙ (බ)
මහින්ද මහත්තයට මොකද වෙන්නේ? අනේ පව්! මෛත්‍රී මහත්තය ඔය වැඩේට කැමති වෙන්නේ නැහැ. හැමෝම මතකයට ගන්න ජීවිතය ස්ථිර නොවන බව. කව්රුවත් හැමදාම ඉන්නේ නැහැ. තව අය ඉන්නවා. දුමින්ද මහතාගේ අදහස හොඳයි. කල්පනා කරලා දෙවැනි පෙළ හදන්න (නි)