තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
තමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ මීළඟ රජය පිහිටුවීමේ අපේක්ෂාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් නිතින් ගෝක්ලේ මෙහෙයවු එම සම්මුඛ සාකච්ඡාවෙදී ඔහු සඳහන් කළේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් තරග කරන ලෙස ඉල්ලා සිටි බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට සියලූ පාර්ශව දැන් එකඟත්වය පළ කර තිබෙන බවත් මේ නිසා වෙනම සන්ධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එම පවසා ඇත.
තවද නාමයෝජනා ලබාදීමට පෙර තමා එවැනි නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා වෙත නැවතත් ජනප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බවත් තමා වෙනුවෙන් පැවැත්වූ ජන රැලිවලට අතිවිශාල ජනකායක් සහභාගි වීමෙන් ඒ බව පෙනී ගිය බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම සහය ඇතැම්විට 2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී තමා පැවති සහය අභිබවා යන බවයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ.
තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එදිරිවාදියෙකු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනයේදී එකිනෙකාට එරෙහිව තරග වැදීම එවැනි එදිරිවාදිකමකට මුල් නොවන බවයි.
2005 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තරගකර තමා ජයගත් නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ කිසිවිටෙකත් තමාගේ සතුරෙකු ලෙස නොසළකන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇත.
තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකිදැයි රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවාව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය දැන් වෙනස් වී ඇති බවයි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.
ජනපති සිරිසේන ගැන ඇසූ ප්‍රශ්නයට ඔහු කීවේ ජනපතිවරණ සමයේත්, ඉන් පසුවත් ඔහු සමඟ හොඳ සබඳතාවයක් ඇති කරගෙන සිටි බවයි.
‘ජනපති සිරිසේනත් මාත් දශක ගණනාවක් ශ්‍රීලනිපයේ එකට වැඩ කළා. අප දෙදෙනාගේම අරමුණ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පවතිනු දැකීමයි. ‘
රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සෘජු සටනකට එළඹීමේ අභියෝගය බාර ගන්නා බව ද, ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යා යුතු බව ද ශ්‍රී ලංකාව කිසි කලෙකත් ඉන්දියාවට තර්ජනයක් නොවන බව ද, නැගී එන මේ සුපිරි බලවතුන් දෙදෙනා අතර පාලමක් වීමට කැමති බව ද ඔහු කියා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහින හෙට සත්‍යවේ (ම)
සත්‍ය කතාවක්, ජය සිකුරුයි. (නි)
බලය වෙනුවෙන් මිනිසුන් දීන බවට පත් වෙන එක පුදුමයක් නොවේ. බලයේ තියන වටිනා කම දන්නේ එ්ක මෙහයපු අයනේ.(නදී)
එතකොට ඔබතුමා අවොත් හොරු එළවනවාද? මැරකම් පවුල් බලය වෙනුවට නීතිය හා ජනබලයට මුල්තැන දෙනවාද? මේවා කරන්න බැරිනම් අනේ එන්න එපෝ! ගමේ ගිහින් විවේක ගන්න. (නි)
පලකරලා තිබෙන අදහස් දැක්කම දුකයි. මේ අය ප්‍රබාකරන්ගේ නෑයෝ වෙන්නැති (නදී).
යකෝ මේ පිවිතුරු යහපාලයත් හරියටම හිටපු ලොක්ක වගේම තමා. එක එක වෙලාවට එක එක දේවල් කියනවා. මොලේ කචල් වගේ. (නදී)
ඔයා ඔය විදියට හීන දකින්නකෝ. අපිනේ ඔයාට කරන්න ඕන දේ දන්නේ. (නදී)
පොඩි බබෙක් වගේ කතාව. හිට්ලරුත් මෙහෙම තමයි බබා වගේ කතා කරලා බලය අතට අරන් ලොවම වනසා දැම්මා. මිතුරනි මේ බබා කතා වලට රැවටෙන්න එපා. ඔබට මතකද ජනපති වරණයේදී මොහු කීවා මෛත්‍රීපාලට ඉතින් දෙවියන්ගේම පිහිට තමයි කියලා. මේ බලන්න මෙතන මොනවද මෛත්‍රී දැන් කියල තියෙන්නේ කියලා. (නදී)
චම්පි ඔයා හිතන්නේ මහින්දට විරුද්ධ දේශපාලන අදහස් තියන ඔක්කොම ප්‍රභාකරන්ගේ නෑදෑයන් කියලද ? එහෙම නම් අපිට ඔයා ගැන හිතෙන්නේ ජුලම් පිටියේ අමරේගේ නැතිනම් සාරුවා සුනිල්ගේ ඥාතියෙක් වද්ද කියලා. (නදී)
මෛත්‍රී ලක්ෂ 62 ජනතාව පාවා දුන්නාද ? (නදී)
එතකොට චම්පි එහෙනම් මහින්දගේ නෑදෑයෙක් වද්ද ?(නදී)
චම්පිල වගේ උදවිය හිතන්නේ මැද මුලන කඹුරන උදවිය දේශප්‍රේමියෝ අනෙකුත් අදහස් දරන ඔක්කොම කට්ටිය කොටි කියලා. එහෙමද චම්පි ඔයාලට ලොකු මහත්තයා උගන්වලා තියෙන්නේ ?(නදී)
ඉස්සා කියන්නේ නිසිපරිදි පිසගත් විට රසවත් කෑමකි. එහෙත් ඊටපෙර ඉස්සා ශුද්ධ කිරීම කළ යුතුවේ. අනෙක් හැම මත්ස්‍යයන්ටම වඩා ඉස්සා වෙනස්ය. මේ නිසා ව්‍යංජනයට නොගන්නා අවස්ථාවල ඉස්සා ගැන මතක්වෙන්නේ මං සුදනා කියන උදවිය සිහිපත් වූ විටය.මහින්ද රාජපක්‍ෂ යනු දේශපාලනඥයෙකි. එහෙත් අනෙක් සියළු දේශපාලනඥයන්ට වඩා මහින්ද රාජපක්‍ෂ වෙනස්ය (නි)
තදබල හිසරදයක් වැලඳී ඇති බව ඡායාරුපයෙන් පේන්නේ.(ම)
ආපොයි මෙහෙමත් බල තන්හාව ඇති කෙනෙක්. හොරු ටික රැකගන්න දරන වෑයමක තරම අපිට හොඳට තේරෙනවා. (නදී)
මේ රටේ මිනිස්සු ඔහු ගෙදර ඇරලා ඉවරයි. (නි)
ලැජ්ජා නැතිකම, විධායක ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියලා අපි කියන්නේ මේකට තමයි. (නි)
ජනපති මහින්ද හැමදාම ජනතා හදවත් වලයි.හැමදාම ජනපති ඔබයි අපිට! (නි)
මහින්ද එන නිසා දැන් ඔක්කොම රත් වෙලා ඉන්නේ. කමක් නැ ටික දවසනේ... (ර)
හොඳ තීරණයක්, සංගට පුලුවන්නම් මැතිව්ස් යටතේ සෙල්ලම් කරන්න, අැයි මහින්දට බැරි මයිත්‍රී යටතේ රටට නායකත්වය දෙන්න.(නදී)
ඔළු ගෙඩි ගණන ගැනලා වැඩක් නෑ හිත් ගැනලා බලන්න (ම)
අයියෝ! හරිම ලැජ්ජයි (නි)
මෙයා දිනලා ජනාධිපති තුමා ලගටනේ යන්නේ.. (ර)
සාමා ගණන් ගන්න එපා. පිවිතුරු යහපාලලා පැටලවා ගහනවා. තීරුවේ දිගටම ඉන්න කෙනෙක් නම් එයා ඔරජිනල් එක අදුනනව හොදට. (ර)
තාමත් බල ලෝභය තිබෙන බව මින් හොඳින් පැහැදිලි වෙනවා. ජනාධිපතිතුමා කිහිපවිටක්ම කිවුවා මතකයි, අගමැති අපේක්ෂකයෙක් හැටියට කිසිම අයෙකුට නාම යෝජනා නොදෙන බව (නි)
රටට සේවයක් කරන්න තනතුරු උවමන නැහැ මහින්ද මහත්තයා මන්ත්‍රී කෙනෙක් වෙලා හරි රට ඒකීය රාජ්ජයක් කරනවා නම් එ්කයි වටින්නේ. කව්රු මොනා කිව්වත් මහින්දගේ කාලේ සිදු උනු සංවර්දනය මීට පෙර කිසිම නායකුගෙන් කෙරිලා නැහැ. කාටවත් කියන්න බැහැ එ්ක බොරුවක් කියලා (නදී)
මෙහෙමත් බල තණ්හාවක්! (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මේ ලක් දෙරණ බේරාගත් ඔබ ඇතුළු සියල්ල මොන බලවේගයකටවත් වෙනස් කරන්න බැහැ. එහෙම වුණොක් ඒක ජාතියේ අවාසනාව (නි)
ඕවා සිතුවිලි පමණයි. මෛත්‍රී යටතේ අගමැති වෙනවා කියන්නේ දවස් කිහිපයෙන් වෙඩි උන්ඩේ එනවා (නදී)
අනේ ආයුබෝවන්ඩ මොකටද මේ මූණ බෙරිකරගෙන ඉන්නේ ? ගෙදරට වෙලා මොකුත් කාල බිල සතුටින් ඉන්ඩ පුළුවන් එකේ (නදී)
සුබ අනාගතයක් මහරජාණෙනි! (නි)
මට නම් හිනාත් යනවා (නි)
අපිට කියන බොරු වගේම තමයි ලෝකයටත් බොරු කියන්නේ.එක හොඳ වැඩක් කළා කියලා අනෙක් හැමදේම විනාශ කරන්න දෙන්න බැහැ (නි)
අයියෝ! අපි තැබූ විශ්වාසයට මොකද වෙන්නේ? (නි)
අනුන්ට පාලම් වෙන්න තමයි හැමදාම කල්පනාව. (ර)
මුළු ලොවටම ඔබ දෙන පණිවුඩය ඔබට හා ඔබේ ගෝලබාලයින්ට පැහැදිලි නැතිවුණත් ශ්‍රී ලංකාවේ කුඩා ළමයෙකුට වුණත් පැහැදිලියි. අහෝ මහින්ද මහතාණෙනි! (නි)
ඒ කියන්නේ බලය ලැබෙනවා නම් ඕනෑ දෙයක්ද? අපි අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාට තමා. (නි)
ඔබ වැනි නම්‍යශීලී පුද්ගලයෙකුට එය කළ හැකි බව අපිත් දන්නවා (නි)
සන්ධානයට ජයවේවා! (නි)
මොකද එකට වැඩකරන්න බැරි? මයිත්‍රී මහතාට කුහකකම ගෑවිලාවත් නැති බව අපි හැමෝම දන්නවානේ. සමහරු වගේ ගෝලයන්ගේ කකුලෙන් අදින සිරිතක් එතුමාට නැහැනේ . (නි)
ඒ වුණාට ඔබ යටතේ නම් යහතින් ඔලුව බේරාගෙන වැඩකරන්න පුළුවන් කාටද කියලා ලංකාවේ හැමෝම දන්නවා. (නි)
අන්තිමේදී කපන්න බැරි අත සිඹින්න වුණා (නි)
බලය අතට ලැබුනාම ඒක තමන්ගේ පරවේණි බුදලයක් කියලා කිසිම දේශපාලකයෙක් හිතන්න නරකයි. (නි)
හරි එතකොට, කලින් ඔබතුමාගේ යටතේ මෛත්‍රී මැතිතුමාට වැඩකරන්න බැරි වුණේ මොකද? (නි)
මේ වගේ කෙනෙක් ලංකාවේ නායකයෙක් වෙලා හිටියා කියන්නත් පුදුමයි මට නම් (නි)
මෙතුමා මෛත්‍රී මැතිතුමා යටතේ වැඩ කරන්න කැමති වුනාට ලොකු පුතා කැමති වේවිද ? ඒ මොකද එයාට පසුගිය කාලේ ඉහ නිකට පැහුණ ජ්‍යෙෂ්ඨන්ටත් සර් කියන්න වුනානේ. (නදී)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියනවනේ. (නි)
මෙතුමාට ලැජ්ජාවක් නැද්ද මන්දා දැන් මෙහෙම කියන්න? මැතිවරණයේදී මෛත්‍රී මැතිතුමාට සැළකුවේ කොහොමද? ඒ අතින් රනිල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. ඡන්ද 28 කින් පැරදිලා අගමැතිකමේ ඉඳලාත් දේශපාලක විරුද්ධවාදින්ට මඩගහලා නැහැ. (නි)
මෙයාට නම් ආයේ අගමෙති වෙන්න බැහැ. මහින්ද වෙනුවෙන් කතා කරන අයටත් ඒකම තමා. (ර)
නායකත්වය යනු ඉවසිලිවන්තව කටයුතු කිරීමයි. මහින්දට ඉවසීමේ හැකියාව තිබෙනවා. ගොාඩක් වැඩ කළාම ගොඩක් බැනුම් අහන්නත් වෙනවා (නි)
මෛත්‍රී මහතා කොච්චර හොඳ කෙනෙක්ද? (නි)
මෙතුමා බලයේ ඉන්න කාලයේ වෙන කිසිම දක්ෂ කෙනෙකුට පක්ෂයේ හිස ඔසවන්න ඉඩ ලැබුනේ නැහැ. (නි)
අලුත් අයට ඉඩදෙන්න ඕනෑ.නුඹගේ සිත ලෝබකමින් පිරිලා. (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
තරහ වෙන්න එපා. ඔබතුමා ආයෙත් බලයට එන එක නෙමෙයි අපේ විමතියට තියෙන්නේ. කාගේහරි, අර කිසිම වගකීමක් නැති විදියට හැසිරෙන පුතෙකුට මේ රටේ අනාගතය යයිද කියලා. මොකද පසුගිය පාලන සමයේ මේ රට තමන්ගේ නින්දගමක් ලෙස සළකාගෙන තමයි සමහර දේශපාලක පුතුන් හැසිරුනේ. (නි)
දැනුයි හිතිලා තිබෙන්නේ මෛත්‍රී මහතා සමඟ එකට වැඩ කරන්න අවශ්‍යයි කියලා. (නි)
තිලකසිරි, මොන ඉවසීමක්ද? (නි)
එක එක්කෙනාට සිහින දැකීමට අයිතියක් ඇත. (නි)
අන්න නියමයි. ජයවේවා! (නි)
සියළු සහයෝගය තමන් බලයට පැමිණෙනතුරු පමණද? අපිට හොඳට ඔය දේවල් තේරෙනවා. (නි)
මෙතුමාට තවමත් තේරුම් ගන්න බැරි උන දෙය තමයි ඇයි මෛත්‍රී මැතිතුමා රනිල්ට එකතු උනේ කියලා. බලවත් දේශපාලන පක්ෂයක නායකයා වෙලත් රනිල් තමන් යටතේ වැඩ කරන්න කැමති බව එතුමාට තේරුණ නිසා. මහින්ද මහතා දැන් ඔය ටික කියන්නේ හොඳටම පරක්කු වෙලා. බලය නිසා උදම් වුන එකේ ප්‍රතිපල දැන් හොඳට භුක්ති විඳිනවා. (නදී)
මෙහෙමත් දේවල් වෙනවනේ! (නි)
ගෝලයාගේ වටිනාකම පෙනුනේ නැහැ බොහෝකල් යනතුරු. දැන් කියනවා යටතේ වුණත් වැඩ කරන්න පුළුවන් කියලා. (නි)
කැනඩා දිසා, ඔබ ඔය අයුරින් රටට සේවයක් කළ නායකයෙක්ව පහත දමන්න එපා. (නි)
අපේ සිංහලයන් මහින්ද එලවා කරගත් විපාකයට පරිසන් දීමයි සිදුවෙමින් පවතින්නේ (ම)
එක්තරා ලෝකපුජිත ක්‍රීඩකයෙක් ලංකාවේ කීර්ති නාමය අහස උසට ගෙනගිහින් දේශපාලන ගොහොරු වළට තමන් ඇද වැටෙනතුරු දැනගෙන හිටියේ නැහැ. දැන් මොනවද ඔහුට ඉතිරිවෙලා තිබෙන්නේ ? දේශපාලනය නිසා තමන්ගේ ජිවිතයේ ඉතාම වටිනා දේවල් සමඟ ජන ප්‍රසාදයත් නැතිවුණා. මම ප්‍රාර්ථනා කරන්නේ මෙතුමාට එසේ නොවේවා කියලා. (නි)
මේකට අපි කියන්නේ විලිලැජ්ජා නැතිකම (නි)
ගිය දෙසැම්බර් මාසයේ ඡන්ද වේදිකා වලට නැගලා මෛත්‍රී මහත්තයට දාපු සද්ද දැන් බැහැලා වගේනේ. (නි)
ලජ්ජා නැද්ද මහින්ද මහත්තයෝ? (නදී)
පිවිතුරු යහපාල, මම නම් නෙමෙයි.මහත්වරුන්ට ලැජ්ජා හිතිලානේ මහින්ද මහත්තයටත් එතුමාට ඡන්දය දීපු ලක්ෂ 58 ත් වඩා. අපි නම් ලැජ්ජාවක් නින්දාවක් විදියට දකින්නේ පරාජයේදී සැඟවිලා පලායාම මිසක් පරාජයෙන් යම් දෙයක් ඉගෙනගෙන නැවතත් බලමුළු තර කරගෙන සතුරාට මුහුණදීම නෙමෙයි.කුමන්ත්‍රණකරුවන්ව ඒ කුමන්ත්‍රණ මතම දණ ගැස්සවීම නෙමෙයි.මහින්ද මහත්තයා ආවේ තමන්ට හිමි තැනට.තමන්ගේ උරුමයට.ආවා නෙමෙයි ගෙන්වන්න සිද්ධවුණා.මෛත්‍රී මහත්තයා දැන් තමන් යායුතු පාර වටහාගෙන ඉන්නේ. (නි)
අපි ඔබ තුමාව මන්ත්‍රීවරයෙකු කරනවා. ඔබ තුමාට ජයවේවා. (නදී)
මේ ටික කරගන්නද අපි ඡන්දෙ දුන්නේ? (නි)
මදැයි අපේ බලාපොරොත්තු! (නි)
"කබාය ඉරිලා ඊට කමක් නැත - කවුරු දකින්නද කවුරු බලන්නද- මා දැන් මහලු වියේ ...මා දැන් ? (නදී)
අහෝ මහින්ද මහත්තයෝ! (නි)
බලයට තිබෙන ආසාව කොච්චරද කිවොත් හෙට අනිද්දාට කියාවිද දන්නේ නැහැ රනිල් යටතේ හරි වැඩ කරන්න ලෑස්තියි කියලා. (නදී)
ජයවේවා! (නි)
කොතරම් අවංක නිහතමානී නායකයෙක්ද....... ඔබට ජය මැතිඳුනි..... චිරං ජයතු...... (නදී)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
"බේරාගන්න පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න සුදානම් මහතුනි" (නි)
හීනෙන් වෙන්න ඇති. (නි)
මේ සිංහලයෙක් ද ? (නදී)
බල තන්හාවක මහත. මෙච්චර කල් පන්සල් ගියාට බුදු බන අහල නැහැ වගෙයි. (නදී)
අගමැති වීම සිහිනයක් මහින්ද මහත්තයෝ. ඔය කියන ලක්ෂ 58 දැන් නැහැ. ඔබතුමාලගේ බල තණ්හාව නිසා සහ කළා කියන කෙරුවාව අහලා දැකලා ජනතාවට ඔබතුමාලව එපාවෙලා. ඒක නිසා උත්සාහ කරලා මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට එන්න බලන්න. (නි)
ඔය පෙන්වන නිහතමානිකම බලය අතට ලැබුනහම තියේවිද බලමුකෝ (නි)
බලය ලැබේ නම් කබරගොයි මසුත් තලගොයි මස් වන අපුරුව. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නදී)
ඔබතුමා කොහොම ආවත් කමක් නැහැ අර නුගත් කට වාචාලයන් ටිකයි විලි ලැජ්ජාව ගෑවිලා නැති නිලියන් ටිකයි නම් නාම යෝජනා දෙන්න කියල එක්ක ගෙන එන්න එපා. (නදී)
සුපිරි බලවතුන් දෙදෙනා අතර පාලමක් වීමට කැමතියි? (නදී)
මහින්දට ජය! (නි)
බල තණ්හාවක මහත. මෙච්චර කල් පන්සල් ගියාට බුදු බණ අහලා නැහැ වගෙයි. (ම)
හොඳ තීරණයක් (නි)
දැන් ව්‍යවස්ථාව වෙනස්කරලා නිසා මේ ගැන ඒ තරම් හිතන්න දෙයක් නැහැ. (නි)
කොහොමහරි එන්න ඉතුරු හරිය පස්සේ බලාගමු . අපි ඉන්නවා ඔබත් සමඟයි (ම)
හානේ අපෝ බලාගෙන!! (නි)
මහින්ද මහත්තයාට බලය ලැබෙනවා නම් එතුමා සතුටින් ඕනෑම දෙයක් කරාවි. (නි)
ජයවේවා! (නි)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් කියලා මටත් දැන් හිතෙනවා.අපි හැමෝටම කවදාහරි හැමදෙයක්ම දාලා යන්න වෙනවා. ඉතින් මේවායේ එල්ලිලා ඉන්නවට වඩා අලුත් කෙනෙකුට අවස්ථාව දුන්නා නම් හොඳයි කියලා මටත් දැන් හිතෙනවා. (නි)
ලැජ්ජා නැතිකමේ හා බලලෝභත්වයට සීමාවක් නොමැති මෙහෙම දේශපාලනයක් තිබෙන්නේ අපේ රටේ පමණි. ජනතාව අවදි වියයුතුයි (නි)
කාල රස දැනුනාම දාලා යන්න හිතෙන්නෙම නැද්ද?(ම)
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියට ගමන් කළයුතු වන්නේ මහින්ද සහ ඔහුගේ දුසිතයන් සමග නොව රටට ආදරය කරන අවංක ජනතාව සමගින්. (නදී)
රට රැකගත් නියම සිංහ නායකයාණෙනි ඔබට ජය.(නදී)
මහින්දට ජයශ්‍රී! (නි)
ජනපති ධුරයේත් නොකඩවා සිටිය හැකි පරිදි ඔබගේ යහපතටම නීති වෙනස් කල ඔබතුමාට නැවතත් අගමැති සිහිනයක් මවා පෑ කල්‍යාන නොවූ මිතුරන් නැවතත් හඳුනා ගැනීමට නොහැකි වීම තුල ජන හිත් තුල ගෞරවාන්විතව රැදී තිබීමට තිබු අනගිතම අවස්තාව මග හැරීම ඛේදජනකයි (නදී)
අනේ මන්දා මේ ගැන මට නම් ලොකු දෙගිඩියාවක් තිබෙනවා (නි)
පින්තුරයේ හැටියෙන් නම් පේන්නේ එතුමාට බලවත් හිසරදයක් වැළඳී ඇති බවයි. රනිල්ව හීනෙන් පෙනුනා වද්ද ?(නදී)
ශ්‍රී ලංකාවාසීන්ගේ ලොකුම වාසනාව! (නි)
මහින්ද රාජපක්ෂ අගමැති වෙන්නට පළමුව 19 ගැන සිතුවොත් නරකද? හිටපු ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවට තරඟකරන පළමු වතාව මෙය නිසා හුඟදෙනෙක් නීතිමය ගැටළු ගැන නොසිතනවා වෙන්න පුලුවන්. නමුත්, මොහු පාර්ලිමේන්තුවට තරඟකරන්නේ සාමාන්‍ය පුරවැසියෙක් වගේ නිසා මොහුට දැනට තිබෙන වරප්‍රසාද නැතිවෙන්න නීතියෙන් ඉඩ ඇති බැව් මගේ විශ්වාසයයි. එසේ වුණොත් මහින්ද මහතා නොසිතු විරූ කරදර ගොඩකට මැදිවෙන්න පුළුවන්. (නි)
සුපිරි බලවතුන් දෙදෙනා අතර පාලමක් (නදී)
ඔබතුමාව අමාරුවේ දැම්මේ විමලේ තමයි (නදී)
මහින්ද මහත්තය ක්‍රිකට් එහෙම සෙල්ලම් කලානම් අවරුදු 80 වෙලත් විශ්‍රාම ගන්න එකක් නැහැ. (ම)