එෆ්.අස්ලම්
ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකර පාර්ලිමේන්තුව විසින් සම්මත යෝජනා පිළිනොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන මෛත්‍රී මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් පාඩමක් උගන්වනු ඇති බවත් ඒ සදහා කාලයද පැමිණ තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළ කර සිටියේය.
අල්ලස් දූෂණයෙන් ඒකාධිපතීත්වයෙන් රටක පාලනයක් තීරණය කරන්න බැහැ.මේ කාරණා තුනටම නම් දරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එකතු වෙලා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරනවා.බල තන්හාවෙන් මොවුන් රට අගාදයට අරගෙන යනවා.රටේ ආර්ථිකය වැටී ප්‍රශ්න සහගත තත්වයකට පත්වෙලා තියෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දීත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීත් අන්ත පරාජයකට ලක්වුණු විපක්ෂයේ අසුන් ගෙන සිටි මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමුවේද කියල අපිට තවමත් තේරුම් ගන්න බැහැ.
ඒකාධිපති ආණ්ඩුවට තිත තබන බවට සහතික වෙලා රටේ ජනතාවගේ ඡන්ද වරමෙන් ජනාධිපතිධූරයට පත්වුණු මෛත්‍රීපාල සිරිසේන ඒ ජනතාවගේ වරමට ද්‍රෝහී වුණා.පසුගිය ඔක්තෝබර් 26 සිට අද පටන් තමන් කරපු සහ කරන්නට යන ක්‍රියාවන් සාධාරණයි කියල පෙන්වන්නට ජනාධිපතිවරයා උත්සහා දරනවා.මෙයට කාලය විසින් පිළිතුරු බදිනු ඇති.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට ගරු නොකරමින් උත්තරීතර පාර්ලිමේන්තුවේ යෝජනාවන් පිළිනොගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ලැජ්ජා සහගත ලෙස පාලනය ගෙන යන මෛත්‍රී මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් පාඩමක් උගන්වනු ඇත. ඒ සඳහා කාලය ද මේ වනවිට පැමිණ තිබෙනවා. ඒ වගේම ගරු අධිකරණය ද මේ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති යැයි ද සම්බන්ධන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකාගේ වැඩක් නේ, ජාත්‍යන්තරය ද මේ රට පාලනය කරන්නේ? උන්ට ඇති අයිතිය මොකක් ද?
ජාත්‍යන්තරයට යන්න ඕනේ නෑ . රටේ මිනිස්සු ගාවට යන්න. රට වැසියෝ පාඩම් උගන්වන්න ඕන අයට නියමෙටම පාඩම කියා දෙයි.
මෙයා තාම දන්නේ නැහැ. ජාත්‍යන්තරය මෙරට පාලනය කරපු කාලය දැනට දවස් 25ක් පමණ කලින් අවසන් වූ බව. හලෝ සම්බන්ධන් ඒ කාලේ ගියා... දැන් නැවත රට පාලනය කරන්නේ සිංහල මිනිස්සු...
පනස් පස් දෙනෙක් විපක්ෂයේ ඉද්දි, දහසය දෙනෙක් ඉන්න ඔහේට විපක්ෂනායකකම ලැබුනේ කොහොමද කියල දන්නවද ඔයා?
මේ අය තමයි අපේ රට නැති කරන්නේ. රටේ ජනතාවගේ මතය විමසන්නෙ නැතුව ජාත්‍යන්තරය මාර්ගයෙන් රටට බලපෑම් ඇති කරන්නේ ඒ අයගේ බූදලයක් නෙමෙයි කියන එක මතක තියාගත්තොත් හොඳයි. රටේ ප්‍රශ්න විසඳගන්න රටේ ජනතාවගේ මතය විමසන්න ඕනි. රටේ ජනතාව දන්නවා තමුන්නාන්සේලාට බලය රැකගන්න පුලුවන් වෙන්නේ රනිල් හිටියොත් විතරයි කියලා.
ප්‍රභාකරනුත් ඔහොම කරයි කියලා බලා හිටියා. හැබැයි තමුන්නාන්සේලාට ඡන්දෙ දුන්නේ අපේ රටේ මන්ද බුද්ධිකයෝ, තමුන්නාන්සේලාට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලාංකිකයෝ, තමුන්නාන්සේලාගේ මිනියට කරගහන්නෙත් ශ්‍රී ලාංකිකයෝ!!! අන්න එ්ක අමතක කරන්න එපා.
ලෝකෙන් ණයට කනකොට ඔහොම තමයි, කඩප්පුලි කතා අහන්න වෙනවා..
නුඹලාගේ යටි අරමුණ මොකද්ද කියලා සමස්ත සිංහල ජාතියම දන්නවා. පිටරටවලට ගතු කේලාම් කියලා කොටවල නැවතත් ත්රස්තවාදයක් වපුරන්න නුඹලාට වුවමනා වුනාට ජනතාවට ඒක එපාවෙලා. රටට විනකරන හැමෝටම සාපවේවා...!!!