පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටියේ මාධ්‍ය උද්ඝෝෂණයෙන් පසු මාතර පොලීසියේ බුද්ධි අංශ මාතර මාධ්‍යවේදී සංවිධානයේ සභාපති එම්.කේ.මහින්ද මහතා පසුපස පන්නතියි මාතර මාධ්‍යවේදීහු කියති.
ඔහු පිළිබඳවද ඔහුගේ ගෙදර පිළිබඳවද ඔහු යන එන තැන් පිළිබඳවද ඔවුන් සොයා බලන බව වාර්තාවේ. පොලිසියට ඔහු ගැන තොරතුරු අවශ්‍යනම් කළ යුත්තේ හොරෙන් හොරෙන් ඔත්තු බැලීම නොව නීත්‍යනුකූල ක්‍රම මගින් ඒ ගැන සොයා බැලීම බව මාතර මාධ්‍යවේදී සංවිධානය කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති නන් වැදෑරුම් මූලික නිදහසට හානි වන අයුරින් පොලිසිය දිගටම ක්‍රියා කළහොත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද ජනමාධ්‍යවේදීහු බලාපොරොත්තු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රට පාලනය කරන්නේ පොලිසිය වගේ පෙන්නේ (ම)
මේ ගැන පරීක්ෂණයක් සිදු කරන්න.(හේ)
මාධ්‍ය නිදහස තමයි ?(හේ)
මාධ්‍ය නිදහස තාම ? (බ)
යහපාලන පොලීසිය සමිත්. (බ)
බය වෙන්න එපා, තාම පටන් ගත්ත විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. (බ)