IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාතර මාධ්‍ය අවහිරය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි

බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික ඇමති මාතර මහේසුත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීනට එහි ඇතුළු වීමට ඉඩ නුදුන්නේ ඇයිද යන්න ගැන වාර්ථාවක් සපයන ලෙස අගමාති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මෙම මාධ්‍යවේදීන්ට උසාවියට ඇතුළු වීමට ඉඩ නුදුන් බව කියනුයේ අකුරැස්ස පොලිස් අධිකාරී සුදත් මාසිංහයි.

මහේස්ත්‍රාත් නියෝගයක් නොමැතිව මාසිංහ, මාධ්‍යවේදීනට අධිකරණයට ඇතුළු වීමට ඉඩ නොදීම ගැන කරුණු සොයා බැලීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දැනටම තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතාව පත් කර ඇත.

අගමැති වරයා සඳහන් කරනුයේ විශේෂ කාරණයක් සම්බන්ධයෙන් උසාවිය තීරණයක් දී නැත්නම් මාධ්‍යවේදීනයට අවහිර කිරීමට පොලිසියට කිසිම අයිතියක් නැති බවයි.

මෙවැනි සිද්ධියක් මීට පෙර ඇඹිලිපිටිය අධිකරණයේ දී ද සිදු විය. එම ක්‍රියාවට සම්බන්ධ උසාවි පොලිස් නිලධරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.



අදහස් (0)

මාතර මාධ්‍ය අවහිරය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි

ඩිල්ෂාන් Sunday, 15 May 2016 02:44 AM

අපිත් වාර්තා ටිකක් හදලා වාර්තා පුස්තකාලෙට දෙමුද? නිකම් බොරු වැඩ වලට මහජන මුදල් නාස්ති කරනවා. වකුගඩු රෝගීන් අකාලේ මියයනවා පෙන්නේ නැද්ද? මේ විදියට මැරෙන්නේ රටේ ගොවියෝ. ළඟදීම අපි කාටත් බඩගින්නේ මැරෙන්න වේවි. (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 15 May 2016 03:11 AM

විරුද්ධ පක්ෂයේ කාටහරි දෙයක් වුණාම වාර්තා ඉල්ලනවා. අපි දැක්කනේ පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට කතා කළ හැටි. ඒවාට වාර්තා කෝ..?? (නි)

:       0       0

ශානක Saturday, 14 May 2016 08:10 AM

මිට කලින් උන සිදුවීම් වලටත් වාර්තා ගත්තා ඒවාට උන දෙයක් නෑ. (ර)

:       0       0

වික්‍රම Sunday, 15 May 2016 06:06 AM

ඔක්කොටම කලින් ඔබතුමා අර සමහර මාධ්‍යවල නමම සඳහන් කරලා සද්දක් දැම්මා. ඒකට වාර්තාවක් ඔබතුමාම ඉල්ලාගත්තා නම් වඩා හොඳයි (බ)

:       0       0

රිචි බාලසුරිය Saturday, 14 May 2016 09:59 AM

සොයා බලා ඔහු වරදක් කලානම් දඬුවම් කරන්න. (ර)

:       0       0

සුනිල් Sunday, 15 May 2016 07:47 AM

වැඩක් නැහැ. වාර්තා නම් ගමකට. බොරු වැඩ (නි)

:       0       0

සංක Saturday, 14 May 2016 11:27 AM

ශානක, ඔබ හරියට හරි. ගොඩක් මාද්‍ය ප්‍රසිධිය ලබපු සිද්ධීන් වලට ඉල්ලපු වාර්තා වලට කොරපු හරියක් නෑ. (ර)

:       0       0

ධම්ම Saturday, 14 May 2016 12:21 PM

අපි මාධ්‍ය ගැන හරි සැලකිලිමත් කියන්නනේ ඔය වාර්තා ඉල්ලන්නේ. අනිත් එක අර පොලිස් නිලධාරියා එහා පැත්තේ එක්කෙනෙක් වෙන්න ඇති.(හේ)

:       0       0

ලක්ෂිත Sunday, 15 May 2016 10:07 AM

විශේෂ කතාවක් නැද්ද? වාර්තා විතරද? (නි)

:       0       0

තිලක් Saturday, 14 May 2016 01:13 PM

අනේ මෙහෙමත් රටක්. (හේ)

:       0       0

ඉම්රාන් Sunday, 15 May 2016 11:47 AM

වාර්තා නම් මොනතරම් තියෙනවද ඉතින්? (නි)

:       0       0

සංජීව සම්පත් Saturday, 14 May 2016 03:41 PM

එස්.එස්.පී මාරසිංහ මහත්තයා මාධ්‍ය එක්ක තරහා ඇයි කියලා අපි දන්නවා. (නි)

:       0       0

චමින්ද Saturday, 14 May 2016 06:21 PM

පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා මාධ්‍ය සංදර්ශනයක්වත් දියත් කරනවාද? අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

සුමන Saturday, 14 May 2016 10:21 PM

තව කී කාලයක් මේ ආණ්ඩුව සංදර්ශන දදා ඉඳීවිද? (නි)

:       0       0

අමිරා Saturday, 14 May 2016 10:40 PM

අගමැතිතුමා වාර්තා එකතුකරලා පුස්තකාලයක් දන්නා හිතාගෙන වගෙයි ඉන්නේ. අපේ තිබුණු හැම ආණ්ඩුවකින්ම කමිටු කොමිසන් පත්කරලා දීපු වාර්තාත් ඒවායේ හිටපු වගකිවයුතු අයගෙනුත් ඉල්ලා ගත්තා නම් ඔය එකතුවට තවත් හොදයි. එහෙම නැත්නම් අලුතෙන් වාර්තා කටුගෙයක්වත් හදන්නයි අපෙත් යෝජනාව (නි)

:       0       0

අබය Saturday, 14 May 2016 10:45 PM

මේ ආණ්ඩුව හැමවෙලේම කෙකර ගානවා විතරයිනේ. ඒ වුණාට බිත්තරය දාන්නේ නැහැ (නි)

:       0       0

පේදුරු Saturday, 14 May 2016 10:50 PM

වාර්තා ඉල්ල ඉල්ලා ඉතුරු අවුරුදු ටිකත් හිටියහම හරි. අනේ මෙයාලට ඡන්දෙ දුන්න අපිටයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

නිහාල් Saturday, 14 May 2016 07:15 AM

ඔය වාර්තා ඉල්ලන එකත් මාද්‍ය සංදර්ශනයක් පමණයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site