බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික ඇමති මාතර මහේසුත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීනට එහි ඇතුළු වීමට ඉඩ නුදුන්නේ ඇයිද යන්න ගැන වාර්ථාවක් සපයන ලෙස අගමාති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යංශයට දැනුම් දී ඇත.
මෙම මාධ්‍යවේදීන්ට උසාවියට ඇතුළු වීමට ඉඩ නුදුන් බව කියනුයේ අකුරැස්ස පොලිස් අධිකාරී සුදත් මාසිංහයි.
මහේස්ත්‍රාත් නියෝගයක් නොමැතිව මාසිංහ, මාධ්‍යවේදීනට අධිකරණයට ඇතුළු වීමට ඉඩ නොදීම ගැන කරුණු සොයා බැලීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දැනටම තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතාව පත් කර ඇත.
අගමැති වරයා සඳහන් කරනුයේ විශේෂ කාරණයක් සම්බන්ධයෙන් උසාවිය තීරණයක් දී නැත්නම් මාධ්‍යවේදීනයට අවහිර කිරීමට පොලිසියට කිසිම අයිතියක් නැති බවයි.
මෙවැනි සිද්ධියක් මීට පෙර ඇඹිලිපිටිය අධිකරණයේ දී ද සිදු විය. එම ක්‍රියාවට සම්බන්ධ උසාවි පොලිස් නිලධරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වාර්තා ටිකක් හදලා වාර්තා පුස්තකාලෙට දෙමුද? නිකම් බොරු වැඩ වලට මහජන මුදල් නාස්ති කරනවා. වකුගඩු රෝගීන් අකාලේ මියයනවා පෙන්නේ නැද්ද? මේ විදියට මැරෙන්නේ රටේ ගොවියෝ. ළඟදීම අපි කාටත් බඩගින්නේ මැරෙන්න වේවි. (නි)
විරුද්ධ පක්ෂයේ කාටහරි දෙයක් වුණාම වාර්තා ඉල්ලනවා. අපි දැක්කනේ පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට කතා කළ හැටි. ඒවාට වාර්තා කෝ..?? (නි)
මිට කලින් උන සිදුවීම් වලටත් වාර්තා ගත්තා ඒවාට උන දෙයක් නෑ. (ර)
ඔක්කොටම කලින් ඔබතුමා අර සමහර මාධ්‍යවල නමම සඳහන් කරලා සද්දක් දැම්මා. ඒකට වාර්තාවක් ඔබතුමාම ඉල්ලාගත්තා නම් වඩා හොඳයි (බ)
සොයා බලා ඔහු වරදක් කලානම් දඬුවම් කරන්න. (ර)
වැඩක් නැහැ. වාර්තා නම් ගමකට. බොරු වැඩ (නි)
ශානක, ඔබ හරියට හරි. ගොඩක් මාද්‍ය ප්‍රසිධිය ලබපු සිද්ධීන් වලට ඉල්ලපු වාර්තා වලට කොරපු හරියක් නෑ. (ර)
අපි මාධ්‍ය ගැන හරි සැලකිලිමත් කියන්නනේ ඔය වාර්තා ඉල්ලන්නේ. අනිත් එක අර පොලිස් නිලධාරියා එහා පැත්තේ එක්කෙනෙක් වෙන්න ඇති.(හේ)
විශේෂ කතාවක් නැද්ද? වාර්තා විතරද? (නි)
අනේ මෙහෙමත් රටක්. (හේ)
වාර්තා නම් මොනතරම් තියෙනවද ඉතින්? (නි)
එස්.එස්.පී මාරසිංහ මහත්තයා මාධ්‍ය එක්ක තරහා ඇයි කියලා අපි දන්නවා. (නි)
පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා මාධ්‍ය සංදර්ශනයක්වත් දියත් කරනවාද? අනේ මෙහෙමත් රටක්! (නි)
තව කී කාලයක් මේ ආණ්ඩුව සංදර්ශන දදා ඉඳීවිද? (නි)
අගමැතිතුමා වාර්තා එකතුකරලා පුස්තකාලයක් දන්නා හිතාගෙන වගෙයි ඉන්නේ. අපේ තිබුණු හැම ආණ්ඩුවකින්ම කමිටු කොමිසන් පත්කරලා දීපු වාර්තාත් ඒවායේ හිටපු වගකිවයුතු අයගෙනුත් ඉල්ලා ගත්තා නම් ඔය එකතුවට තවත් හොදයි. එහෙම නැත්නම් අලුතෙන් වාර්තා කටුගෙයක්වත් හදන්නයි අපෙත් යෝජනාව (නි)
මේ ආණ්ඩුව හැමවෙලේම කෙකර ගානවා විතරයිනේ. ඒ වුණාට බිත්තරය දාන්නේ නැහැ (නි)
වාර්තා ඉල්ල ඉල්ලා ඉතුරු අවුරුදු ටිකත් හිටියහම හරි. අනේ මෙයාලට ඡන්දෙ දුන්න අපිටයි ගහන්න ඕනෑ. (නි)
ඔය වාර්තා ඉල්ලන එකත් මාද්‍ය සංදර්ශනයක් පමණයි. (ර)