
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධනාගාරයේ තැන තැන ඉතා රහසිගතව සගවා තිබියදී සොයා ගෙන ඇති බව මාතර පොලීසිය අද(05) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
බන්ධනාගරය තුළ පොළොව හාරා සහ බිත්ති හාරා ඒවා සගවා තිබී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශ එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම දේපොල සොයා ගෙන ඇත.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ රැදවියන් දෙදෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.
මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් රැදවියන් 21 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත් ඔවුන් ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලීසිය කිය් සිටියේය. තවද බන්ධනාගාරයේ ගබඩා කාමරය කඩා සොරකම් කළ මුදල් වලින් රුපියල් දස දහසක් ද සොයා ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
මාතර බන්ධනාගාරයේ සිටි රැදවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට විරෝධය පල කරමින් එහි රැදවියන් වාට්ටුවල ඉබි අගුළු කඩා පිටතට පැමිණ පසුගියදා බන්ධනාගාරයේ පාලනය ඔවුන් අතට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී