මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ පසු පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කියයි. එමගින් රටේජනතාවට සහන රැසක් හිමිවන බව ද රණවක මහතා පවසයි.
‘ශ්‍රී ලංකාව වර්තමානයේ පාලනය කරන්නේ පංච පාප බලවේගයි. ඒවා පරාජය කිරීම කාලීන අවශ්‍යතාවක්. කැසිනෝ ඉන් එක් පාප බලවේගයක්. මුලින් කැසිනෝ කොළඹින් පිට කල්පිටියේ දූපතකට ගෙනියන්න ඕනෑ කිව්වා. අපිත් කිව්වා එය හොඳ වැඩක් කියලා. සක්විතිගේ ව්‍යාපාර විනාශ වුණේ මේ කැසිනෝ සෙල්ලම නිසා. ඒ අනුව පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නා. නමුත් එය කළේ නෑ. දැන් අවුරුදු දෙකක් අද වෙනකම් ඉවත් කළේ නෑ. අපට වඩා කැසිනෝ ජාවාරම්කාරයන් බලවත් බව අපට තේරුණා.
අද තෙල් මිල පහළ වැටිලා තිබුණත් සහන නෑ. අපි කෑ ගහද්දි රුපියල් දෙකක් තුනක් අඩු කරනවා. අපි ගොඩනගන සමගි ආණ්ඩුවෙන් මේ පෙට්‍රල් ඩීසල් බදු අයින් කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නත්තල් කාලේ ඔයක් හරියට නත්තල් සීයා වෙලා වගේනේ කෑ ගහන්නේ (නි)
නත්තල සීයලා මේ කාලයේ වැහිවැහැලා. (නි)
බදු ගැන කතාකරන අයට කියන්නේ, රේණු ඔයා ඉන්දියාවේ ගිහින් තියෙනවද බදු ගහනවද කියලා බලන්න. ඉන්දියාවේ පැට්‍රල් ලීටරයක් රු 60 යි. ලංකාවේ මුදලින් ගත්තොත් රු 125යි. මතක නැද්ද අයි.ඕ.සී. එක ඔය ගානටත් අඩුවෙන් අධිකරණ තීන්දුවකට අනුව දුන්නා (නි)
ඒක නේන්නම් රේණු. ඒ වෙනුවට ගෙදරට බඩු, පාපැදි , පත්වීම් වගේ දේවල් දුන්නා නම් ඔන්න කමක් නැහැ නේද? (නි)
අතීතයේ කීයක් නම් ආණ්ඩු ඔය වගේ දේවල් කිව්වද? ඕක ඇත්තටම අඩු කරන්න පුලුවන්ද කියලා අහන්න ඕනෑ තෙල් සංස්ථාවෙන්.මේ ඉන්න මැති ඇමතිවරු ඕවා දන්නවද ? ඒ අය හැමදාම කියන්නේ ඕකනේ. විපක්ෂයේ ඉන්නකොට වැඩියි. ආණ්ඩුවේ ඉන්නකොට හොඳයි (නි)
බන්දුල පෙරේරා , හැටට හැටේ වෙනත් නම් වලින් ලියනවා වගේ. (නි)
ඔබගේ දැන ගැනීම සඳහා. ඕස්ට්‍රේලියාවේ වතුර බෝතලයක් ඩොලර් 3 යි. පෙට්‍රල් ලීටරයක් ඩොලර් 1.3. වතුරට වඩා ලාබයි තමයි. නිකන් කඩේ යන්න එපා. (නදී)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ කරන්න පුලුවන්ද බැරිද කියලා නෙමෙයි. තමන්ගේ පක්ෂේ පරදිනවට කවුරුත් අකමැතියි. ඡන්ද ප්‍රතිඵලය අහලා අපි දිනුම් කියලා බඩගින්නේ ඉඳලාහරි දුක්විඳගෙන පහුවදා ඉඳලා ජීවත්වෙන පක්ෂ ගැති පිරිසක් තමා අපේ රටේ ජීවත්වෙන්නේ. (නි)
ශ්රී ලංකාවේ ඉන්දන වලට ඇති බදු නිසා අපනයනය සදහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අදික වියදමක් වැය වෙනවා. මේ නිසා ලෝක වෙළද පොලත් එක්ක තරග කරන්න බැරි වෙනවා. කර්මාන්තශාලා නගා සිටුවීමට තෙල් මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය දෙයක් (නදී)
ධනංජය, අධික පොලියට ණය ගැනීම නවතලා, දුෂණය නවතලා, ඇමතිවරු ගණන අඩු කරලා ඇයි බැරි සහන දෙන්න. අයවැය බලන්න, රටකට ගන්න පුළුවන් නය ප්‍රමාණයක් තියෙනවා, අඩු පඩියක් ලබන කෙනෙක් ලොකු කාරෙකක් ලීසිං කරලා ගත්ත වගේ තමා අපේ ආර්ථිකය. (නදී)
ගොඩක් පහලට වැටෙන්න එපා (නදී)
බදු නැතිව රටක් ගෙනියන්න බැහැ වගේම ජනතාව අසාධාරණ බදු වලට යට කිරීමද අපි නම් අනුමත කරන්නේ නැහැ. (නදී)
ජනාධිපති මැතිවරණයකදී මහජනයාට දැන ගැනීමට අවශ්‍ය වන්නේ අපේක්ෂකයාගේ සමාජ සහ ආර්ථික ප්‍රතිපත්තියයි. ආර්ථිකය ගැන කිසිවක් නොදන්නා පක්ෂ නායකයෝ කීපදෙනෙක් එකතුවෙලා හදාගත්තු සන්ධානයෙන් කිසිම ආර්ථික පිළිවෙතක් තවමත් ඉදිරිපත් වී නැහැ. නමුත් හිටිගමන්ම චම්පික මහත්මයා ගැලරිය පිනවන කතා කියනවා. මේවට බුද්ධිමත් ජනතාව කට කොනකින් හිනා වෙනවා පමණයි. (නදී)
මෙතන සමහරුන්ට ඕන දුක් විඳ විඳ මේ රජය යටතේ ඉන්න. අපේ සමහරු තවම වහල් මානසික තත්වයෙන් මිදිලා නැහැ. ආයෙත් දීල බලන්න, ලෝක වෙළඳපොලේ අද තෙල් මිල කීයද? ඇයි මේ දෙපිලකට බෙදිලා, අවංකව හිතුවොත් පක්ෂ විපක්ෂ සැවොම දුක් විඳිනවා. (නදී)
අසීමිත ඇමති මණ්ඩලයක් ඉන්නකොට බදු ගහන්නේ නැතිව කොහොමද ඒගොල්ල නඩත්තු කරන්නේ ? (නදී)
හෙජින් නිසා අපිට සිදුවුණ පාඩුව ගැනත් සොයාබලා එයට වගකිවයුතු අයට දඬුවම් දිය යුතුයි. කෙසේ නමුත් මේ සියලු බදු ඉවත් කරනවා කියන කතාව නම් යථාර්ථවාදී නැහැ. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. රටක් දියුණු කරන්න බදු මුදල් අවශ්‍යයි. (නි)
පෙට්රල්,ඩීසල් විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදුත් අඞුකරන්න පුලුවන්. වර්තමානයේ භාණ්ඩවල බදු වැඩිකරලා තියෙන්නේ,රටේ සංවර්ධනයට වඩා සීමිත කොටසකගේ සංවර්ධනය සඳහා බවයි මම නම් කියන්නේ (නි)
ලංකා තිලක් මහත්තයාගේ මොලේ පැදිලා වගේ. තේරුමක් ඇති යමක් කිව්වමද කොහෙද? හැමදාම කට ඇරියොත් කියන්නේ මෙලෝ තේරුමක් නැති දේවල්නේ (නදී)
අලුත් සන්ධානයෙන් රජයක් බිහිවෙනවා නම් ඒ බිහිවෙන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ රජයක්. ඒ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නේ එයාලා. ඔබලාට කල හැකි දෙයක් නැහැ. ප්‍රදාන පක්ෂ දෙකෙන් එකකට හේත්තු නොවී ඔබට පාර්ලිමේන්තු නියෝජනයක් ලබන්න බැහැ. ඔබට යු අන් පි කාරයෙක් වෙන්න වෙනවා. (නදී)
නදීක, පොඩ්ඩක් වටපිටාවේ රටවල් වල තෙල් ගණන් හොයලා බලන්න, නිකං පණ්ඩිතයෙක් වගේ කියවන්නෙ නැතුව. (නි)
සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම අලුත් ආණ්ඩුවක් හදනවා කියමුකෝ. ඒ තුළ චම්පික යනු කව්ද? රටේ ආර්ථිකයට බලපාන මේ වගේ ප්‍රකාශයක් කරන්නට තරම් ඔබට ඇති බලය කුමක්ද? ඒ ගැන නොදන්නා මහජනයා ඔබගේ ප්‍රකාශ ගැන විශ්වාසයක් තබන්නේ නැහැ. (නි)
මේ වසර මුල බොර තෙල් බැරලයක මිල ඇ.ඩො 100 දැන් මිල ඇ.ඩො 59.මේ වසර මුල පෙට්‍රල් ලීටරය රුපියල් 165 දැන් පෙට්‍රල් ලීටරය රුපියල් මිල රුපියල් 150. බදු අය කළ යුත්තේ සුකෝපභෝගී භාණ්ඩ සඳහාය .අනෙක් රටවලට වඩා ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මිල වැඩිය .ජීවන වියදම වැඩිය. මොහොතක් සිතන්න. වෙනසක් නොවුනහොත් තත්වයද දිගටම මෙලෙසින් පවතිනු නිසැකය.(හේ)
දැන් බලාගෙන ගියාම මෛත්‍රී ආණ්ඩුවක් යටතේ ජනතාවට හැම දේම නිකම් ලැබෙයි වගේනේ. අපිට රක්ෂාවක් කරලා මහන්සියෙන් හොයා ගෙන කන්න ඕන වෙන එකක් නැහැ.බදු අඩු කරනවලු සියලු පහසුකම් දෙනවලු. රටම පිරිසිදු කරනවලු.8 වෙනිදගෙන් පස්සේ බලමුකෝ වෙන්නේ මොනාද කියලා (බ)
එතකොට පෙට්රල් ලීටරයයි වතුර බෝතල් ලීටරයයි එක සමාන වේවි. (නදී)
ආර්ථික විද්‍යාව ගැන විදුලි ඉංජිනේරුවෙක් දන්නේ මොනවද යන්න එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පනවන්නේ නැතිව රජයකට ආදායම් ලැබිය නොහැකි බව අද පුංචි එවුන් පවා දන්නා සත්‍යක් (නදී)
ඇත්තමද ඔය කියන්නේ? (නි)
ලෝක වෙළද පොලේ අද තේල් මිළ දැනට අවුරුදු 8 ට කලින් තිබුණු අඩුම මිළ. ගිය මාසේ 107 ට තිබුණු බැරල් 1ක මිල අද 54 යි. (නදී)
ඉන්දියාවේ බංගලාදේශයේ පෙට්රෝල් ලීටරයක් රුපියල් පනහක් පමණි (නදී)
බන්දුල පෙරේරලා දෙන්නෙක් ඉන්න පුළුවන් උනාට ලංකා තිලක්ල දෙන්නෙක් ඉන්න විදියක් නැහැ සිරිමල් මහත්තයෝ. (නදී)
ලංකාවේ අපනයන භාණ්ඩ නිෂ්පාදනයට අදික නිෂ්පාන පිරිවැය ප්‍රදාන භාදකයක්. ඉන්දන මිල පහත හෙලීමෙන් අඩු වියදමින් භාණ්ඩ නිෂ්පාදනයටත් , ඒවා ලෝක වෙළෙදපොලේ තරගකාරී වීමටත්, ලංකාවේ විදේශ විනිමය ඉපයීම් ඉහලයාමටත් හේතුවෙනවා. මෙතුමාට නම් ඉතා නිවැරදි දැක්මක් තිබෙන පාටයි. ඔබ ලංකාවේ බිහිවෙච්ච සැබෑ බුද්ධිමත් දේශපාලකයන් අතලොස්සෙන් එක්කෙනෙක්. ඔබට ජය. ඔබ මේ මෑතදී ඉදිරිපත් කරන ලද ග්‍රන්ථය මටත් කියවීමේ අවස්තාව ලැබුනා. අපට ඔබ ගැන සැබවින්ම ආඩම්බරයි. ඔබට ජයෙන් ජය (නදී)
බයිලා තමයි (නදී)
අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවිය යුත්තේ ජනතාවට දැරිය හැකි ප්‍රමාණයටය .බදු පනවන්නේ අත්‍යවශය සේවා පවත්වා ගෙන යාමට මිස ඇමතිවරුන් හා පවුල් නඩත්තුවටත් හොරකන් කිරීමටත් නොවේය .(හේ)
දැන් එතකොට පවතින රජයේ සමහර ආර්ථික විද්‍යා දැනුම අත්‍යවශ්‍ය තනතුරු වලට පත් වෙලා ඉන්නේ උසස් පෙළවත් පාස් අයද ? (හේ)
ඔය ඔක්කොම කියන්නේ පෙට්‍රල් 75 දෙන්න බැහැ කියලනේ. රුපියල් 120 ට දුන්නත් මොකද දැන් තියන තත්වය අනුව. අනික දැන් තියෙන්නේ අසීමිත බද්දක් (නදී)
එතකොට කොහොමද ආරක්ෂක අංශවලට පඩි ගෙවන්නේ ? (බ)
මෙහෙනම් පෙට්රෝල් ලීටරයක්, වතුර ලිටරයකටත් වඩා මිල අඩුයි. ලංකාවේ එකසිය ගානට මිල නැගල තියෙන්නේ ගහන බදු මුදල් නිසයි. (නදී)
ඔබගේ දරුවාගේ අනාගතය විනාශ වෙනවා දකින්න කැමතිද?මේ යන ක්‍රමයට අපේ දරුවෝ විනාශයි (නදී)
දැන්මම කට්ටිය යන්න බඩු මුට්ටු එක්රැස් කරනවා කියල ආරංචියි. (නදී)
ඇත්තටම මෛත්‍රී මහත්තයා දිනවන්න. මේ දේවල් අනිවාර්යයෙන්ම වෙනවා.(හේ)
වීරරත්න. ඔබ කියන දේ තේරුම් ගන්න බැරි අය තවමත් ලංකාවේ ඉන්නවා. (නදී)
එතකොට රෝහල් පාසැල් සරසවි වියදම් සහ රජයේ සේවක පඩිනඩි ආදිය කොහොමද දන්නෙ නැහැ ගෙවන්නෙ? චම්පික මහත්තයාම ගෙනාපු දුම් පරීක්‍ෂාවට අය කිරීමේ මුදල නැති කරනවද දන්නෙ නැහැ? (නදී)
එහෙම කරනවා නම් ඉතින් අපිත් ඔයාලටම තමයි (නි)
චම්පික රණවක මහතා මහතාගේ පරිනත දැනුම මෙයින් ප්‍රකට වේ. (නදී)
කරන්න පුළුවන් දේවල් පොරොන්දු වෙන්න. අනික රට කරන්න සල්ලි අවශ්‍ය වෙනවා (නදී)
අපේ අදහස් දාන්නේ නැද්ද? (නදී)
හීනයක් සැබෑ වෙනවදෝ අපිටත් රට වටේ යන්න කාලයක් උදා වේදෝ (නදී)
හරි එතකොට ඕනෑම රටක වෙළඳ ඇමති තනතුරට ආර්ථික විද්‍යා දැනුම කෙසේ වෙතත් අවම අධ්‍යාපන සුදුසු කම මොකද්ද ? දන්නේ නැති නිසා අහන්නේ ? (නදී)
රුපියල් 50 විතර අඩුවෙයි නේද? (නදී)
දුලානි උඩ බලා ගෙන කෙල ගහ ගන්න එපා. වෙළඳ ඇමති ආර්ථික විද්‍යා විශාරදයෙක් නම් ඔහොම කිව්වට කමක් නැහැ. (නදී)
සාමානයෙන් නිකන් කටට එන දේවල් කියවන මිනිස්සු අතරේ මෙතුමා කියන වචන ලොකු පදනමකින් කියන්නේ හැම පැත්තක් ගැනම හිතලා. ඒ නිසා මේ දේ කරන්න පුළුවන්. (නදී)
ඔහොම බදු අයින් කරලා රටක් කරන්න පුලුවන්ද? ආසියාවේ තෙල් මිල අඩුම රට ලංකාව කියන්නේ. තවත් තෙල් මිල අඩුකරනවා නම් අපිත් කැමතයි. එ්ත් ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද ? එහෙම උනොත් පෙට්‍රල් ලීටරයක් වතුර ලීටරයකට වඩා ගණන් අඩුවෙයි නේද. හරි පුදුමයි. (නදී)
මෛත්‍රී ජනපති තුමනි, අපි දන්නා පරිදි මේ වෙනකොටත් බලය තිබුන පැති වලට හේත්තු වෙලා දුෂණ කරන්න ඇති යයි අනුමාන කරන සැක කටයුතු පිරිස් ඉතාලිය වෙත එමින් සිටිනවා. ඒ නිසා ලංකාවේ ආගමන/විගමන පාලනයක් 8 වෙනිදායින් පසු වහාම ඇති කරන ලෙස ඉල්ලා සිටිමි. අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා වැඩක් නැත. (නදී)
මැතිතුමනි, ඔබතුමාලගෙන් අපි බලාපොරොත්තු වන සහනය ඉහලින්ම ලැබීමට එයද ප්‍රමාණවත්. මෛත්‍රී මැතිතුමා ඒකාන්තයෙන්ම. ජනාධිපති වරයා ලෙසට පත්කිරීමට ඡන්දදායකයන් පෙළගැසී සිටි (නදී)
ඔබ ඒ ආණ්ඩුවේ කවුද? ඔබට ඒ ආණ්ඩුවේ තියෙන බලය කුමක්ද? ඔබට හෙළ උරුමයෙන් පාර්ලිමේන්තු නියෝජනයක් ලබන වර ගන්න පුලුවන්ද ? (නදී)
ඉන්දියාවේ බංගලාදේශ් වල පෙට්රෝල් ලීටරයක් රුපියල් 50/ .මෙහෙ බදු ගහන්නේ ඇමති පරපුර රකින්න සහ රජ පවුල රකින්න. (අ)
තිබුන දේ බද්දට දීලා ඇස්සට දත නියවමුද? (නි)
කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඒකත් එක්කම අනිත් බඩු වල මිලත් නිකන්ම අඩුවෙනවා (නි)
අනේ මන්දා! කවදා ශ්‍රී ලංකාවට ඇත්ත කියන බොරු පොරොන්දු නැති කෙළින් කතාකරන දේශපාලන පක්ෂයක් පහළවෙයිද කියලා. හැම කෙනාම කරනු නොහැකි බොරු පොරොන්දු වැසිවස්සනවා. කෙළින් කතාකරන හොර බොරු නැති අයෙක් ලංකාවට ලබන ආත්මයේදීවත් ලැබේවා කියා මම පතනවා. (නි)
ඔබ තුමාට පුලුවන්නම් මේ පනින රිලුගේ ඉනිමන් විනාසකරලම දාන්න,නැතිනම් අපේ ඡන්දයට එ්ක ලොකු අවමානයක්, ජයවේවි,,,,,,,,,,,,,,, අලුත් රටක්, යහපාලනයක්,(අ)
අපට උවමනා තෙල් වලින් 60%ක් ගෙනෙන්නේ පිටරට වලින්. ඔබතුමාලගේ ආණ්ඩුවෙන් තෙල් පිරිපහදුවක් හදන්න . එතකොට දැන් සිදුවන ගැහිල්ල අඩුකරගන්න පුළුවන්. තරුණයන්ට රැකියා දෙන්නත් පුළුවන්. අපිට පුළුවන් තාක්ෂණික උදවු නොමිලයේ දෙන්න. (නි)
ඔබට මෙය කළ හැකි බව විශ්වාසයි (නි)
යමක් තේරුම් ගන්න නම් හිතත් මොළයත් පිරිසිදු වියයුතුයි (නි)
ජය වේවා! (නි)
ලංකාවේ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල 50% කින් බස්සන්න පුළුවන් බදු ඉවත් කළවිට. දැන් මේ ජනතාව මත පටවා තිබෙන අධික බදු බර තමයි ජීවත්වෙන්න අමාරු. මහලොකු සංවර්ධනය කියා ජනතාව උගස්කර ණය ගෙන වැල්පොළී ගෙවන්න වෙන්නේත් අපිටම තමයි. කෝටි ප්‍රකෝටි ගණනින් රජයේ ආයතන පාඩු ලබන්නේත් එනිසයි. ඒ ආයතන පවත්වාගෙන යන්නත් බදු ගෙවන්නේ ජනතාවම තමයි!!! (නි)
බලමුකෝ කරයිද කියලා (නි)
ඔබතුමාට මේ ආර්ථිකය අාලපාළු වුණේ කවදායින් පස්සේද කියලා අපි දන්නවා (නි)
බැරිද ඕක නිකන්ම දෙන්න? (නි)
09 වැනිදාට ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාම තමයි. (නදී)
චන්ද්‍රිකා නෝනා Rs.3.50 පාන් දුන්න වගේ මාසයක් විතර නම් අමාරුවෙන් දෙයි. පාඨලී මහත්තයෝ ඔය වගේ ලස්සන බොරු වලට ඉස්සර මිනිස්සු නම් අහු උනා. ඔයා කියන්නකෝ ටී.එන්.ඒ එකත් එක්ක ගහපු ගිවිසුම් ගැන. අපිට ඕනි ඒවා දැනගන්න. (නදී)
අපේ ඇමති පරපුර ඒ පැත්තට පැන්න ගමන් පිවිතුරු වෙන හැටි බලනතුරු ඉවසිල්ලක් නැහැනේ අපිට.. (නි)
ඇත්තටම කරන්න පුලුවන්ද ? (නදී)
ඔබ තුමා ඔය දකින්නේ සීතලේ දුරුත්තේ හීන නේ. ඒවා මෙලෝ රහක් නැති බව දන්නවනේ. තමන්ගේ උගත්කමටයි , බුද්ධියටයි සමච්චල් කර ගැනීම ඔබ තුමාට තරම් නොවටී.(අ)
මේ වෙලාවේ හොද හොද දේවල් කියවෙනවා..කොරෝනකොට තමා හොද හොද ඒවා අහගන්න පුළුවන් වෙන්නේ..(අ)
ලෝකේ ඕනෙම රටක් දුවන්නේ බදු වලින්. ඔය බදු සහන අඩු කලොත් කොහොමද රට ගෙනියන්නේ? (නදී)
අරයට මෙයාට චරිත සහතික දෙන්නේ නැතුව ඔබ තුමා ජනාධිපති අපේක්ෂක වුනානම් ටිකක් ඔය කියන දේවල් සලකා බලන්න තිබුණා. (නදී)
දින 100 කට පමණද? (නි)
අරයට මෙයාට චරිත සහතික දෙන්නේ නැතුව ඔබ තුමා ජනාධිපති අපේක්ෂක උනා නම් ටිකක් ඔය කියන දේවල් සලකා බලන්න තිබුණා. (නදී)
එතකොට ඔබ ඔහොම කිව්වට මෛත්‍රී ගේ සොහොයුරෙක් කැසිනෝ පප්පෙක් නේද? (නදී)
මොකද මෙහෙම දේවල් කියන්නේ? මේ ඇත්තමද? (නි)
මේක සුරඟන කතාවක්. හිතන්නකෝ තෙල් වලට රුපියල් 30 බදු ගහනවා කියලා. දැන් තෙල් මිල ලෝක වෙළඳපොළේ 15 කින් වැඩිවුණොත් බද්ද 15කින් අඩු කරලා මිල ස්ථාවරව පවත්වාගන්න පුළුවන්. බද්දක් නැත්නම් මිලෙහි හැමවිටම උච්චාවචන වෙනවා. හැබැයි අසාමාන්‍ය ලෙස බදු ගැසීමත් වැරදියි. (නි)
සැප වාහන ඉස්සරහ අයට සුදු ලයිට් දාගෙන යනකොට අපි හූල්ලනවා. අපි අතේ මරුටියක් ගන්නවත් සල්ලි ඉතිරිවෙන්නේ නැහැ. (නි)
චම්පික මහත්තයෝ, ඔය නිර්මාණය කරන්න හදන්නේ ඔබලාට පාලනය කළ හැකි ආණ්ඩුවක් නෙමෙයි. අපි ඔබට ගොඩාක් ගරුකළා.ඒ ගෞරවය ඔබතුමා විසින් තමන් ගැන අධිතක්සේරුවෙන් විනාශ කරගත්තා.මේ සිංහල බෞද්ධ බලවේගයන් මත රැදුණු රජයේ ඔබලාට කළහැකි දෙයක් නොවුණා කියලා පිළිගන්නවා නම් මේ බිහිකරන්න හදන සන්ධානයේ ඔබ කුමක් කරන්නද මහත්තයෝ? (නි)
චම්පික, ඒ සිරිසේන ජනාධිපති උනොත් නේ. ඒක හීනයක් විතරයි (නදී)
වාහන තියෙන කට්ටියට ඕව ඇහෙනකොට සතුටු ඇති. එ්කෙන් අනිත් මිනිස්සුන්ට සිද්දවෙන සෙතේ මොකක්ද.? පැට්‍රොල් බදු ඉවත් කරනවා කිවුවට වඩා බඩු මිල 50% කින් අඩු කරනවා කියලා කියන්ට බැරි මොකද.? පඩිය රුපියල් 10000 කින් වැඩි කරනවාද.? එහෙම එකක් කිවුවානම් ගමේ අපිටත් චුන් තමයි. එහෙම එකක් නොකියා ඡන්දෙ ඉල්ලන්ට ආවට ටිකක් අමාරුවෙයි. (නදී)
මේ ආකාරයට සහන දෙන්න ගියොත් කොහොමද රටේ පවතින රාජ්‍ය ණය වලටයි,ජනතාවට සහන සළසන්නයි, රටේ සංවර්ධනයටයි මුදල් හොයන්නේ. මට තේරෙන හැටියට ඔය කොයි කවුරුත් එන්නේ අරවා දෙනවා මේවා දෙනවා කියාගෙන. අන්තිමේදී කියන්නේ වෙන කතාවක්. මේ ටික අපිට තේරෙන්නේ නැද්ද මන්දා. (නි)
මේ ඇත්තටමද කියන්නේ? (නි)
නියමයි චම්පික. ආණ්ඩුවේ ඉන්න කාලේ විදුලි බිල සත පහකින්වත් අඩු කළේ නැත්තේ මොකද? නත්තල් කාලේ කියන මේ කතා වලට අපි නම් අහුවෙයි (නි)
කොහොම වුණත් දිනන්නේ මෛත්‍රී (බ)
කොහොම වුණත් දිනන්නේ මෛත්‍රී (බ)
මැතිවරණයකට පෙර මේ වගේ අඩුකිරීම් නම් ඉතින් අපිට හොඳට අහලා පුරුදුයි (නි)
බන්දුල පෙරේරා ඔබතුමාගේ ගරු කිරිල්ල නම් මට අවශ්‍ය නැහැ.(නදී)
ලංකාව වගේ සංවර්ධනය වන රටක රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ භාණ්ඩ මත පනවන බදුයි. විශේෂයෙන් එයට ඉන්ධන මත පනවන බදු ඉතාම වැදගත්. මෙවැනි බදු ආසියාවේ අපිට වඩා ඉදිරියෙන් සිටින බොහෝ රටවලද ක්‍රියාත්මකයි. උදාහරණයක් ලෙස තායිලන්තය, සිංගප්පුරුව වැනි රටවල පවා ඉන්ධන මිල ලංකාවේ මිලට වඩා විශාල වෙනසක් නැත. (නි)
සමන්ජය මහත්තයෝ,සිංගප්පුරුව ගැන බොරු නම් කියන්න එපා.මම ජීවත්වෙන්නෙත් සිංගප්පුරුවේ. (නි)
මහත්තයෝ, කරන්න පුළුවන් දෙයක් කියනවද? ඇයි ඕවා නොත්රෙන මිනිසුන් රවටන්නේ? කිසිම රටක් නැහැ එහෙම බදු නැති මේ ලෝකෙ! ආදායම් නැතුව රට දුවන්නේ කොහොමද? එහෙනම් ආදායම් ගන්න විදිහත් පැහැදිලි කරන්න. (නි)
භාණ්ඩ මත පටවන බදු අතරින් රජයට ප්‍රධානම ආදයම වන්නේ මෙම තෙල් වලින් ලැබෙන බද්දයි. අසල්වැසි ඉන්දියාවේ පවා අපට වඩා මෙම බද්ද අය කරයි. ඡන්දයට කලින් බොරු පොරොන්දු නොදී සිටියොත් තමයි වටින්නේ. බොරු පොරොන්දු වලින් ජනතාව හෙම්බත් වෙලා හිටි කාලයත් තිබුනා. මේක නිකන් 3.50ට පාන් දුන්නා වගේ දුන්නා කියන්න, නමට පොඩි කාලයක් පමණක් දෙයි (නි)