විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්‍රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළුවාවේ සෝභිත හිමියනට විහාරමාහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසළදී පිළිගැන්වීය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළඋරුමයේ අතුරලියේ රතන හිමි, ලේකම් පාඨලි චම්පික රණවක මහතාද පැමිණ සිටි අතර වූහ.
විධායක ජනාධිපති ක්‍රමය හා 18 වන සංශෝධනය අහෝසි කිරීම, ආදිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත්ය.
ජයමඟුලු ගී ගයා ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වද්දි ප්‍රධාන වේදීකාවේ විදුලිය විසන්ධි විය.
ඡායාරූප - ඩික්සන් වසන්ත
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරණායක පැවති රැලියකදී වඩු කාර්මිකයකු පොදු විපක්ෂයේ ඡන්ද ලකුණ හංසයා සහිත ලී කැටයමක් පිළිගැනවූ අයුරු
ඡායාරූපය- සමන් විජය හෙම්මාතගම



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකාව නවත්වන්න උත්සහ කිරීම, මෙහිදී විදුලිය විසන්ධි වීම, වේදිකා සියල්ල කලින් වෙන්කරවා ගැනීම, මර්දනය එළිපිට. මේ සියල්ල තුලින් සිදු වන්නේ පාවෙන ඡන්ද පවා රජයට අහිමි වීමයි. මෙවැනි උපදෙස් ලබා දෙන්නන් කවුරුන්ද?(හේ)
සියලු දෙනාට මෛත්‍රී කළ බුදුහාමුදුරුවන්ටත් වෛරක්කාරයෝ හිටියලුනේ.මෛත්‍රීපාල මැතිතුමා මේ අයට අනුකම්පාවෙන් මෛත්‍රී සිතින් ඉදිරියටම යන්න.ඒ සඳහා ඔබතුමාට ශක්තිය තිබෙන බව අපිට විශ්වාසයි.ජයවේවා! තෙරුවන් සරණයි! (නි)
මෛත්‍රී කියන්නේ බොරු සෝබන නැති මහත්මයෙක්. ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් සමඟ සාපේක්ෂව බැලූවිට මීට වැඩිය හොඳ කෙනෙක් නැතිතරම්. අවුරුදු 40ක දේශපාලන ඉතිහාසය තුළ හොරකම් මැරකම් කර නැති බව තහවුරු වෙනවා. අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඔබතුමාට ජය පතනවා! (නි)
මේ අසාධාරණකම් දෙවියන්ටත් නොපෙනේද? (නි)
අපිත් පොඩි කාලේ අයියාලට බයේ පැත්තකට වෙලා ඒ අයට හූ කිව්වා ගල් ගැහුවා හැංගිලා. ඔක්කොම හරි බයෙන් කළේ. මේකේ මානසිකත්වය ඒ වගේ තමා. ඔක්කොම බය නිසා. නැත්නම් රටට ආදරය කියන්නේ මුලාවට. පළමුවත් මට දෙවනුවත් මට තුන්වැනියට මගේ පවුලට. (බ)
පෙරුම් පුරලා මෙහෙ විවාහයක් ලියාපදිංචි කරනකොටත් විදුලිය විසන්ධි වුණ සිද්ධියක් මට මතක්වුණා (නි)
තමන් ගේ කාර්යය හරියට ඉටු කළා නම් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ 100ක් මැතිවරණයට ඉදිරිපත් වුනත් බය වෙන්න දෙයක් නැහැ. (හේ)
වේදිකාවේ ලයිට් ගියත් මෛත්‍රී මැතිඳුනි, ලබන 8 දා ඔබගෙ ආළෝකයෙන් මුලු ලංකාවම ආලෝකමත් වේවා !!(හේ)
9 වැනිදා වෙනකම් ඕක ලිය විල්ලක් විතරයි..(හේ)
කව්රු කලත් මේවා පවුකාර වැඩ, මේ අපේම මිනිස්සු එයාලට කැමති විදියට ඡන්දෙ කරනවා, මේවාට අනුබල දෙන්න එපා, රටේ නායකයන් මේවා නැවත නොකරන්න ක්‍රියා කරන්න ඕන! රටේ හොඳ පාලනයක් නෑ වගේ පෙනෙන්නේ!(හේ)
ගියා.. පස්සේ ආවා... අපල දුරුවුණා... මෛත්‍රිය එළිය පැතිරුනා! (නි)
ආස්චර්ය තමයි මේ (නදී)
නොසැලී ඉදිරියට යමු .ජය වේවා ! (නදී)
ඔය කෙනෙහිළිකම් වලින් ජය වළක්වන්න බැහැ. (නි)
ප්‍රධාන වේදිකාවේ විතරද ලයිට් ගියේ. එහෙනම් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි පළාතේම ලයිට් ගියා නම්...? (නි)
මොන දේ කෙසේ සිදුවුණද මෛත්‍රීගේ ජයග්‍රහණය වැළැක්විය නොහැක (නි)
බටහිර කුමන්ත්‍රණයක් වගෙයි. (නි)
වැඩක් නෑ ඒ ගැන කතා කරලා.(හේ)
මේ අය තියෙන හැම රැස්වීමකම ලයිට් යනවනේ.(හේ)
වේදිකාවේ ලයිට් ගියානම්, වේදිකාවේ කරන්ට් වැඩ කරපු අයගෙන් අහන්න ඕන. මේවා තනිකරම නාට්‍ය.(නදී)
ඇයි පිටින් ගේන්නේ? ලංකාවේ කොල්ලෝ, කෙල්ලෝ මෝඩයෝ කියාලද හිතන් ඉන්නේ. (නදී)
බයවෙන්න එපා. මේවායින් මෛත්‍රී ජනාධිපතිතුමාගේ ඡන්ද වැඩි වෙනවා. ඕවා කරන මෝඩයෝ ඒවා දන්නේ නැහැ. (නදී)
මේ දේවල් වලින් ඒ අයගෙම ඡන්ද නැති වෙන එක විතරයි.(හේ)
මේ දේවල් වලින් වෙන්නේ තව ඡන්ද වැඩි වෙන එක ඔහොම යමු .(හේ)
කට්ටියම නැටුමකට ලෑස්තිවෙලා ජනතාවට නැටුම් පෙන්නන්න වගේ හදන්නේ (නදී)