ශ්රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් තේරිපත්වූ පළාත් පාලන නියෝජිතයන් වු තමන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් නොවන අයගේ ඡන්දයෙන් තේරිපත්වූ වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස පිළිනොගන්නා බව රත්නපුර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිත එකමුතුව අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් නීතීඥ ප‍්‍රියන්ත කරුණාතිලක, රත්නපුර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිත එකමුතුවේ සභාපති ලක්‍ෂමන් පේ‍්‍රමරත්න, ලේකම් ජානක පුෂ්ප කුමාර, සාමාජිකයන්වන ටී.අත්තනායක, කේ.එම්.ගුණවර්ධන, එම්.එම්. රත්නතිලක, ආර්.සෝමරත්න යන මහත්වරු ඇතුලූ නියෝජිතයෝ පිරිසක් ඊට එක්ව සිටියහ.
ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව පක්‍ෂයේ යම් පුද්ගලයෙක් රටේ ජනාධිපති වුවහොත් ඔහු පක්‍ෂයේ නායකයා විය යුතු බව සඳහන්ව ඇතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ බව ඔවුහු කීහ.
ජනතාවට විවිධ බොරු පොරොන්දු දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව අද ජනතාවගේ න්ද අයිතියද, ජනසම්මතවාදය ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද ඉවත දමා ජනතා විරෝධී ගමනක් යන බව පැවසූහ.
ඒ නිසා සැබෑ ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයන්වූ තමන්ට එරෙහිව කුමන විනය ක‍්‍රියා මාර්ගයක් ගත්තද, යහපාලන හයිබී‍්‍රඞ් ආණ්ඩුවට එරෙහි මේ ජනතා රැල්ල ඉදිරියටම ගෙනයන බව ඔවුහු අවධාරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නසිරි, කෝ ඔය කියන හොරකම් කියලා අහන එකෙන්ම පේනවා, ඔබ පසුගිය රජයේ සිදුවූ වංචා දුෂණ වෙනුවෙන් පෙනී සිටිනවද කියලා (බ)
දේශද්‍රෝහීන්ට ආයෙත් බලයට ඒමට ඉඩ නොතැබිය යුතුයි. වැඩ කළ හැකි එකම නායකයා ජනපතිදුන් පමණයි. එතුමා රැක ගත යුතුයි. (බ)
රත්නසිරි උන්නැහේ, ටිකක් ඉවසලා ඉන්න. වැඩ හම්බු වෙයි කාට කාට හරි. අනිත් කරුණ, යමක් ඇත්ත වෙන්න ඔප්පු කරන්නම ඕනද? තාත්තාව තාත්තා හැටියට පිළිගන්නේ ඩීඑන්ඒ පරීක්ෂණ කරලද? සිද්ධාර්ථ කුමාරයා බුදු වුණ බවත් ඔප්පු කරන්න ඕනද? ඔප්පු කිරීමක් නැතුව පිළිගන්න මොන තරම් දේවල් තියනවද? හොරු විශේෂයෙන්ම රාජකීය හොරු පිල්ලි ගහන්නේ අල්ලන්න අමාරු වෙන විදිහට. ආන්න ඒ හින්දයි පරක්කු වෙන්නේ.. (බ)
පිස්සෝ ටිකක්. (බ)
රට හදන්න කියලා ඇවිත් තමන්ගේ නායකයා පිළිනොගෙන පැති දෙකක ඉඳලා රණ්ඩු වෙන මේ වගේ පාලකයෝ ඉන්නකන් රට දියුණු වෙන්නේ නෑ. තමන්ගේ වාසිය විතරයි මෙයාල බලන්නේ. (බ)
මෙයාල පවු. දැන් ජීවත් වෙන්න සල්ලි නෑ එ්කයි (බ)
රත්නසිරි එක එක්කෙනාගෙන් ප්‍රශ්න අහන්න එපා. හොරෙක් හොරකම් කරන්නේ ජීවත් වෙන්න. හැබයි එයා බලන්නේ එක අහු නොවෙන විදියට කරන්නයි. ඉතින් හොරු අහුවෙවිද? (බ)
රත්නසිරි උසාවිවල තියෙන නඩුවල තීන්දු දෙනතුරු රටම බලාගෙන ඉන්නේ (බ)
නමුත් මහජනතාව වන අපේ මතයයි බලවත් (නි)
මේක තමා යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ජනදිපතිට පවා අබියෝග කරනවා. ඉස්සරනම් මහින්ද කියන නමවත් කියන්න ජනමාධ්‍ය පවා බය වුණා. නම වෙනුවට පීප් ගානවා (බ)
පිටබැද්දර ජයා, මනම්පිටියේ මහවැලි ගඟේ වැලි හුරගෙන කාල පරිසරය විනාශ කරලා මිනිසු යටකරමින් පාරවල් විනාශ කරමින් ටිපර් වලින් කොළඹට වැලි ඇද්දේ කවුද කියල දන්නවද ? (බ)
ඒක ඇත්තනේ එතුමා ඡන්දේ ලබාගත්තේ එජාපයෙන්. එතුමාට සදාචාරාත්මක අයිතියක් නෑ පක්ෂ නායකයා වෙන්න. ඒත් එජාප පක්ෂ නායක වෙන්න සුදුසුයි (බ)
අනේ ඉතින් අපි කියලා මොනවා කියන්නද? (නි)
රට ආදරය කරමු . බොරු දේශපාලනය අපේ රටට පිළිලයක්. මත්වරුනි අන්තවාදයෙන් බැහැරව හරි දී අගය කරමු.(ම)
මේ අය කියන කතා කවුද ගනන් ගන්නේ.(හේ)
පක්ෂ නායකකම නොවේ රටේ නායක කමත් අපි පිළිගන්නේ නැහැ (බ)
මුකුත් කියන්න අවැසි නෑ. මෙවැනි ප්‍රකාශ මහින්දට විරුද්ධව කරන්න මේ අයට නිදහසක් තිබුණද කියන්න (බ)
සමහරුන්ට ඕනෑ රට නොවේ පක්ෂය. රටට මොනවා වුණත් කමක් නැහැ. (නි)
දෙපිට කාට්ටු ගේම් එක දැන්වත් ඉවර වෙනවා නම් අපිට ලේසියි කවුද හරි කියල තෝර ගන්න. මේ තියෙන්නේ එළිපිටම අභියෝගයක්. (බ)
සරල යථාර්ථය නම් යුඑන්පී යට අවශ්‍ය මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා එකේ සභාපතිකමේ සිටීම නේද? (නි)
මේ වගේ අයනේ අපි පත්කරගෙන ඉන්නේ. (නි)
දේශද්‍රෝහීන් කොහොමත් නායකයා පිළිගන්නේ නැහැ (බ)
රට විනාශවෙලා ඉවරයි දැන් (නි)
සමහර කට්ටිය හැමදාම වගේ දාන අදහස් මොනවද කියලා පොඩ්ඩක් බලන්නකො. එතකොට තේරෙනවා ඇත්ත (නි)
හරියටම හරී මහත්වරුනි. අපිත් ඔබ සමඟයි (නි)
හොරකමින් වංචාවෙන් තොරව ජීවත්වන නීතිගරුක අපේ පිළිගැනීම මෛත්‍රීපාල මැතිතුමාය. (නි)
අචිර, ඔහොම යනකොට නියම දේශද්‍රෝහියා පෙනේවි. අපි නම් දැනටමත් දන්නවා. එ්ත් සමහර අයට යමක් තේරෙන්න කාලයක් යනවා. (නි)
ඇත්ත...ඇත්ත..; මෙතුමා ළඟ රැස් විහිදෙන ගතියක් නැහැ. නිකම්ම නිකං ගැමියෙක් වගේනේ පෙන්නේ. ඇතුලතින් කොහොම වුනත්, පිටට පෙනෙන සෝභන චෛතසික නැත්නම් නායකකමට ගැලපෙන්නේ නැහැ. (බ)
මේගොල්ලෝ ජනතා වීරයෝ වෙයි කවදාහරි (නි)
ඔබගේ ඉල්ලීම හරි. මුළු රටේම ඉල්ලීම එකයි (නි)
ඔබලා විතරද ශ්‍රී ලංකා අපි තමයි ඡන්දය දුන්නේ (බ)
මෙවැනි පුද්ගලියන් ඉන්න තාක්කල් මේ රට දියුණු කරන්න බැහැ. අපිට අවශ්‍ය අවංකවම රටට ආදරේ ඒකාධිපති පාලනයක්. (නි)
අපිත් හොඳ ශ්‍රී ලංකා කාරයෝ තමයි අපේ මෛත්‍රීට චිරං ජයතු (බ)
පක්ෂයේ නායකයාට විරුද්ධව කතාකරන මේ අයට අපි කුමක්ද කියන්නේ? (නි)
කරුණාකර මුදල් ගසාකන ක්‍රමයක් හදාදෙන්න. එවිට ඔබවද මුරුංගා ගහේ ඉහළම අත්තේ තබා තව අවුරුදු 50 කට ජනපති කරන්න කියා ජනතාවට කියයි (නි)
මෛත්‍රී කැමති නැතුව ඇති හොර නායකයකු වෙන්න! (බ)
වැලි ටික බලෙන් ගොඩදාගෙන, රක්ෂිත වල වටිනා දැව ටික හොරට කපාගෙන, හැමදේටම පගාව ගහමින් යෙහෙන් වැජඹුන, ගම සහ පළාතම කමින් ගුරුවරුන් දණ ගස්සවමින්, විදේශික සංචාරකයන්ගේ පෙම්වතියන් පෙම්වතා ඉදිරියේ කෙළෙසමින්, මිනීමරමින්, රාජ්‍ය දේපොළ හොරාකමින් සිටි අයට අද ඒ දේශපාලනය අහිමි වෙනකොට, වත්මන් නායකත්වය අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යනකොට හිතට හරි අමාරුයි (නි)
එක වල්ලේ පොල්! දැන්නම් එලොව පොල් පෙනිලා වගෙයි. ඔය ලෙඩේ හැදුනහම තමයි පොල් ගහන්නේ! (නි)
දේශද්‍රෝහී දේශපාලනය ගෙදර යවා නියම ශ්‍රී ලාංකිකත්වයට ගරුකරන පාලනයක් පිහිටුවමු. වැඩ බැරි දාසලා ටික පන්නා දාන්න ඔක්කොම එකතුවන්න. නිදහස් පක්ෂය සහ ලක් දෙරණ සුරකිමු. (නි)
මෙහෙමත් අන්ධ මිනිසුන්! (නි)
අපි නම් කොහොමත් පිළිගන්නේ නැහැ. අපි ඉන්නේ හොඳටම කළකිරිලා (නි)
දැන් මේක අලුත් සෙල්ලමක්. කීපදෙනෙක් එකතුවෙලා මාධ්‍යයට අදහස් දක්වනවා. (නි)
කොහොමත් ඉතින් හැමදේකම වැරදිම දකින කොටසක් ඉන්නවනේ (නි)
පසුගිය රැස්වීමටත් විනය ක්‍රියා නොගත්තු නිසා මෙයාලත් පටන් අරන්. රටට සේවය කිරීමට ඔය කියන දේවල් අවශ්‍ය නැහැ. (බ)
පසුගිය රජයේ හොරකම් එළිපිටම පෙනෙන්න තියෙද්දී තවත් මොනවද මේ කියවන්නේ? (නි)
රටේ ජනතාවට දැන් හොරු ටික පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්, (බ)
සමහරු මහින්දගේ පැත්තට කතාකරන හැම කෙනෙක්ම පිළිගන්නේ දේශද්‍රෝහීන් විදියට (නි)
පක්ෂයට පෙර රට ගැන හිතන්න මහත්තයෝ (නි)
මහින්ද චිනයෙන් ණය අරගෙන උපදින දරුවන් පවා ලෝකයට ණයකරුවන් කර හෝ ජනතාවට කන්න දුන්නා. පවතින රජය ජනතාව බඩගින්නෙ තියා ජනතාව අපහසුවට පත්කිරීම මඟින් ඔවුන්ගේ පාලනයේ දුර්වල බව පැහැදිලියි (නි)
මහින්දගේ පැත්තට කතා කරන හැම කෙනෙක්ම දේශද්‍රෝහීන් කියන එක අසාධාරණයි. හොඳ මිනිස්සු වුණත් මුලාවෙලා ඉන්න පුළුවන්. (නි)
ලෙස්ලි, කෝ ඔය කියන හොරකම්? බලය ගන්න කියපු බොරු මිස කිසිවක් ඔප්පු කරගන්න බැරිවුණා නේද තවමත්? (නි)
කොහොමද ගිය රජය කාලේ මේ වගේ ජනාධිපතිව විවේචනය කළා නම්? යහපාලනය කියලා දිගටම හොරුන්ට සහ වංචාකාරයන්ට පොදු ජනතාව රවටන්න දෙන එක ලොකු විනාශයකට මුලක්. (නි)
සියලු මිනිසුන් එකම තැනකට එකතු කරනවා වෙනුවට තම තමාගේ මඩිය තර කර ගන්න මිනිස්සු පක්ෂ විදිහට බෙදල වෙන් කරන්න දගලන වංචාකාරී තේරුම් අරගෙන අවංක මිනිස්සු එක්ක එකතුවෙන්න. (ර)
අර පක්සේ මේ පක්ෂේ කියල අපිව ගොඩවල් දෙකකට දාල කට්ටිය අපිවම අන්දනවා. අපිට ඔය මොන පක්ෂයක්වත් ඕනේ නැහැ , අපිට ඕනේ හොද ප්‍රතිපත්තියක් තියෙන මිනිසුන් සහිත කණ්ඩායමක්. (ර)
කවුද දේශද්‍රෝහීන් කියලා ජනවාරි 8 ඔක්කොම දැක්කා. තමන්ගේ ජනතාවගෙ ඡන්දෙන් පත්නොවී එම ජනතාවට නායකත්වය දීම සදාචාරාත්මක නැහැ (නි)
හොරකම් කරලා කොටු වෙනකොට සමහරු ගොළුවුණ හැටි රටම බලාගෙන. රටේ නීතිය කැඩූ අය අල්ලද්දී කියන්නේ දේශපාලන පළිගැනීම් කියලා (නි)
දැන් මේකනේ රටේ ඇති ලොකුම ජාතික ගැටලුව (නි)
අාශ්චර්යෙන් වැටුණු මිනිහාට යහපාලනෙන් ඇන්නා වගේ කිව්වලු (නි)
සිංහලය, බොදු අයිතිය රජකරවූ එදා තිබු ශ්‍රීලනිපය අද නැහැ. වර්තමාන පාලනය ගෙනියන්නේ ශ්‍රී ලනිපය පමණක් නොව සිංහල ජාතියද නැති කරන ක්‍රමයක්. සමහරු එදා සිටි හොරුන් රැක්ක යි පවසමින් එදා සිටි ජනපතිට බනිනවා. හොරුන් නැති කරනවා යි කියමින් වර්තමාන ජනපතිට හොඳ කියනවා. නමුත් ඒගොල්ලන්ට පෙනේනේ නැහැ එදා සිටි හොරුන් බොරු කාරයන් මේ පාලනය තුලත්,මෙම පාලනයට කත් අදිමින් යහතින් ඉන්න බව.(බ)
මෛත්‍රිපාල ජනපති තුමා බලයට ආවේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජන්දයෙන්. එකට කොළ නිල බේදයක් නැහැ (ම)
ඇත්තටම පක්ෂේ නායකයා පක්ෂේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ.දැන් තියෙන තත්වේ තමයි තව පක්ෂේ නායකයට ඕන විදිහට වැඩ කරන එක.(ම)