ජනපතිවරණ සටන අරඹමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ඇමැති චම්පික රණවක මහත්වරුන් සමඟ අද (09) දළඳා වහන්සේ වැඳ පුදා ගත්තේය.
නියෝජිත පිරිස මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමටද නියමිතව සිටියහ.
ජනපතිවරණ සටන අරඹමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ඇමැති චම්පික රණවක මහත්වරුන් සමඟ අද (09) දළඳා වහන්සේ වැඳ පුදා ගත්තේය.
නියෝජිත පිරිස මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමටද නියමිතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් දළදා හිමිගේ පිහිට ආරක්ෂාව ඔබ තුමාට ලැබේවා.! (ර)
බොහොම හොඳ ආරම්භයක්. (ර)
ජය නියතයි ! මගේ උපහාරය.!!(දිල්)
අනේ චම්පික ඔයාටත් ගිය කළ (නදී)
කිසියම් දිනක ඔබතුමන්ගේ නම් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. (ර)
බන්දුල, හෙළ උරුමය ගත්තෙ රටේ පැත්ත. (ර)
ජයවේවා ! (ර)
රණවක මහත්තයෝ..දැන් අපි කාටද දොන් ජුවන් ධර්මපාල කියන්නේ. (නදී)
මෙන්න මිනිස්සු.(දිල්)
රාජිත මැතිතුමනි, ඔබතුමන් ගැන දැඩි මතබේදාත්මක කරුණු තිබුනා.නමුත් ඔබ දායකවුණ මේ කුසලකර්මය නිසා අපට ඔබ ගැන ඇත්තේ අභිමානයක්.ජයවේවා! (නි)
ඔබට දළදා සමිඳු පිහිටයි! (නි)
ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි. මෙය අප රටේ ඉතා තීරණාත්මක මැතිවරණයකි. මොනයම් හෝ හේතුවකින් මෙම අවස්ථාව වැරදී ගියහොත් යළි කිසිදා ගොඩ නො එනා දරුණු අගාධයකට අප සැම ඇද වැටෙනු ඇත. සියළු ජනතාව තම ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරත්වා.(හේ)
ඔබලාට දළදා සමිඳු පිහිට ලැබෙවා!( දිල්)
දළදා හමුරුවන්ගේම පිහිටයි !!(දිල්)
ආරම්භය හොඳයි. ඇයි කතරගම යන්නේ නැද්ද.? අවසානය කොතනින් වේදැයි දන්නේ දෙයියෝ තමා. (ස)
ඇත්තටම බල ලෝබය නිසා මෙහෙම වෙනවා චම්පික මහත්තයෝ. කෝ ඔය රට පාවාදෙන දෝහීන්. දැන් ඔයාලත් එයාලගේ ගොඩේ. වෙනස් කරන්න ඕන. එත් වෙනසට අාපු ප්‍රවේශය හොඳ නෑ. චන්ද්‍රිකා රනිල් මේ කට්ටියත් එක්ක මොන අාන්ඩුද .............ඔබ තුමාලා කල්පනා කරන්න මේ රට අස්ථාවර කරනවද නැද්ද කියල. (ස)
පොළොන්නරුවේ ගොවි පුතෙක්. ආගම ධර්මය අමතක කරන්න විදිහක් නැහැනේ. (ස)
රණවක මහත්තයෝ, ඔබ තුමාල බින්දේ ගල්ලෙනේ දොර නෙමෙයි. අපේ හදවත් තුල ඔබ තුමන්ලා ගැන තිබුණු ගෞරවය හා ආදරයයි. ගම්මන්පිල මහත්තය ඔබ එදා ඉදල මගේ හදවතේ අරක් ගත් දෙදෙනෙක්. සිහල උරුමයේ ඉදල හෙළ උරුමය දක්වා ඔබලත් එක්ක බැදිලා ආපු ගමනට මේ අයුරින් තිත් තියන්න ඉඩකඩ සැලැස්වීම ගැන ඇත්තටම තියෙන්නේ හිතට කනගාටුවක්. පක්ෂ සමාජිකත්ව අරන් පක්ෂයට බැදිලා හිටියේ නැති උනත් එදා ඉදල මේ රටේ සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී හිටපු ඔබ වෙත බැදිලා හිටපු ජනතාවට ඔබලා දුන්නු මේ ත්‍යාගයට පල විපාක 9 වෙනිදට පොලියත් සමග ලැබේවි. (නදී)
සුනෙත්, ඕක කිව්වේ විමල් වීරවංශ කියල අමතක වුනාද? එයාගේ ජාති හිතෛසි කම දැන් මිනිස්සු අඳුරගෙන ඉවරයි. (නදී)
ජයවේවා.ඔබට දළදා සම්බුදු පිහිට ලැබේවා.(හේ)
රනිල් මහත්තයෝ අත් දෙක නළළට යන්නේ නැද්ද? ඔය වඳින්නේ දළඳා හාමුදුරුවෝ (බ)
මේ සිහින ලෝකවල ජීවත් වෙන මෛත්‍රී පාලනයක් ගැන හිතාගෙන ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න අර අමාරුවෙන් හදපු ඖෂද පනත ආරක්ෂා කරගන්න බැරි කෙනෙක් කොහොමද රට ආරක්ෂා කරන්නේ කියල? (අ)
ඒක හරි බටන්ගල අපි ඔය විහිලුවන්ශයේ රුවන් වැකි ගණන් ගන්නේ නැහැ. (බ)
මහින්ද ඉන්දියාවේ තිරුපති කෝවිලට යයි - පුවතක් පේනව නේද වෙනස. සියළු සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබට, රටට, හා ජනතාවට යහපත් කාලයක් උදා වේවා. (නදී)
චම්පික මහත්තයට බනින මහත්තුරුනේ, හෙළ උරුමේ සහය දෙන්නේ මෛත්‍රීපාල ට මිසක් රනිල් වික්‍රමසිංහ ට නෙමෙයි කියල තේරෙන්නේ නැද්ද? ඔවුන් සහය පලකරන අපේක්ෂකයාටම රනිලුත් සපෝට් නම් ඔවුන් මක් කොරන්නද? අනික දෙගොල්ලෝ සම්මුතියකට ආවේ පොදු අරමුණු කීපයක් වෙනුවෙන් පමණයි.. එ්කෙන් අදහස් වෙනවද හෙල උරුමේ යු එන් පී එකේ ප්‍රතිපත්ති පිලි ගත්තයි කියලා. (නදී)
දැන් එතකොට සන්ධානගත වෙන්න පුළුවන් එක පාර්ශවයකට විතරක්ද ? අනෙකුත් උදවියත් ඒ පාර්ශයවය එක්ක සන්ධානගත වුනොත් විතරයි ද නිවැරදි. ? (නදී)
තුන්වන සිල්පදය නොකැඩු මෙතුමා දිනේවා ! (නදී)
මට පරණ දියවඩන නිලමේතුමා දැක්කම හිතුනේ ඒ කාලයේ ,හරිම වැදගත් ගරු ගාම්භීර විදියට , තමන්ගේ ශාසනික රාජකාරියට කිසිම කිළුටක් නැතිව කළ සේවය. (බ)
ඔබට දළදා සමිඳු පිහිටයි (දී)
හෙළ උරුමය සිටින්නේ නියම තැනයි. ඔබලාට ජය ! (ර)
අසංක,බලලෝබය ගැන ඔබ කතා කරන්නේ කෙසේද? (නි)
ඔබතුමන්ලා ඇතුළු පිරිසට දළදා සමිඳු සරණයි. ඔබතුමා පිහිට පතන්නේ ලාංකිකයෙක් විදියට. ඔබ ලාංකික බව ඔප්පුකළා. හදවතින්ම අපි ජයවේවා කියා පතන්නෙමු. (නි)
ධාතු කරඬුවට ඇත තියල බොරුවට දිව්රුව මෛත්‍රී මහත්තය ආණ්ඩුවෙන් යන්නේ නැහැ කියල දැන් ඇත්තට වෙන්න ඇති ඔතනට ගියේ අනේ අම්මපල්ල (අ)
ඔය දේශපාලනය මොකක් වුණත් මෙතන මගේ හිත ගියේ රනිල් මහත්තයාගේ සූට් එකට. ලස්සනයි අප්පා. (නි)
බලන්නකෝ අපේ අනාගත ජනපතිතුමා වන්දනා කරන විලාශය.බෞද්ධයෙක් විදියට මට හරිම ආඩම්බරයි. මමත් ජයම පතමි (නි)
කතාවෙන් හෝ බාහිර ප්‍රදර්ශනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන්ම සැදැහැවතෙකු වන ඔබතුමාට තෙරුවන් සරණ හා දළදා රැකවරණය ලැබෙනවා. සියළු සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබට, රටට හා ජනතාවට යහපත් කාලයක් උදා වේවා. (නි)
ජය නියතයි ඔබ තුමාට. (ර)
මේ අවනීතිය නැතිකරන්න ඔයගොල්ලෝ ගත්තේ එඩිතර තීරණයක්. රටට දළඳා සමිඳු පිහිට ආරක්ෂාවයි. (නි)
ඔබට ජය නියතයි! (නි)
මෛත්‍රී මැතිතුමනි ,ජය නියතයි.(හේ)
බන්දුල, එතකොට ජනාධිපතිතුමා සිංහල බෞද්ධයින් රැකගන්න වෙන්න ඇති ඉන්දියාවේ කෝවිලකට ගියේ නේද? (බ)
චම්පික මහත්තයෝ කතාව දෝලාවෙන් ගමන පයින් නේද දැන් (නදී)
මොනා උනත් චම්පික රණවක උගතෙක්. ඒ නිසා එයාට මුකුත් කියන්න එපා. උගත් වගේම නිහතමානී හොද කෙනෙක්. (ර)
ඔය හෙළ උරුමයට හා චම්පික මහත්තයාට විවේචන ඉදිරිපත් කරන මහත්වරුන්ගේ දැන ගැනීම උදෙසා, හෙළ උරුමය එදා සිටි ස්ථාවරයේම අදත් ඉන්නවා. හෙළ උරුමයත් එක්ක එදා සිට සිටි උදවිය හොදට ඒ බව දන්නවා. හෙළ උරුමය කවදත් වැඩ කලේ තනි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් කේන්ද්‍ර කරගෙන නොවේ. ඔවුන් සැමදා ක්‍රියා කලේ එක් අරමුණක්, එක් දර්ශනයක්, එක් ප්‍රතිපත්තියක් මුල් කරෙගෙන. අදත් එම අරමුණ වෙනුවෙන් පෙනී සිටීම ගැන ඇත්තෙන්ම මා ආඩම්බර වෙනවා. (ර)
මගේ රට මේ වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා. (දිල්)
බන්දුල පෙරේරාට ඇමතිකමක් දෙන්න වටිනවා.ආණ්ඩුවේ ඉන්න අයවත් මේ මනුස්සයා තරම් කඩේ ගිහිල්ලා නැතුව ඇති. (නි)
සිරිසේන මහත්තයට තනිවම වගේ ඉතුරුටික යන්න වෙන්නේ. අනිත් අයට හොඳටම මහන්සියි වගේ (නි)
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හොඳටම ඇති. ඔබතුමා දිනනවා...දිනනවාමයි...මේ රටේ යහපත් පුරවැසියන් සියලු දෙනා උදේ සවස පතන පැතුම නොපෙනෙන බලයට වඩා ගොඩක් බලවත්. (නි)
ඔබතුමා නියම බුදුදහම අදහන නායකයෙක්. දළදා සමිඳු පිහිටයි! (නි)
තෙරුවන් සරණයි, උතුම් දළදා සමිඳු පිහිටයි, ජයවේවා, මේ රට වැටී ඇති දුෂිත අගාදයෙන් ගොඩ ගැනීමට ඔබට ශක්තිය ලැබේවා. ජය ශ්‍රී.(හේ)
කතාවෙන් හෝ බාහිර ප්‍රදර්ශනයෙන් නොව, ක්‍රියාවෙන්ම සැදැහැවතකු වන ඔබතුමාට තෙරුවන් සරණ හා දළදා රැකවරණය ලැබෙනවා. (නදී)